IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


තට්ටු තුනේ දිය කොමළී

2016-12-09-ent-15

අද යන්න ලෑස්තිය තට්ටු තුනේ දිය ඇල්ලක් බලන්න. ඇල්ලේ නම කැටඹුල ඇල්ල. නාවලපිටිය තලවාකැලේ මාර්ගයේ කඩියන්ලෙන ගම්මානයේ පිහිටා තියෙනවා. කඩියන්ලෙන ගම්මානයේ පිහිටලා තියෙන නිසා මේකට කඩියන්ලෙන ඇල්ල කියලත් කියනවා. කඩියන්ලෙන කඩමණ්ඩියේ සිට මීටර් 200ක් පමණ කැටඹුලා තේ වත්ත මැදින් ගමන් කළ විට මෙම ස්ථානය කරා ළඟාවීමට පුළුවන්. තේ වත්ත මැදින් යනවා කිව්වාට ඇත්තටම තේ වත්ත මැදින් වැටිලා තියෙන ප්‍රධාන මාර්ගයේ තමයි යන්න තියෙන්නේ. මේ ප්‍රධාන මාර්ගය තමයි නාවලපිටියේ ඉඳලා හැටන් හෝ තලවාකැලේ දෙසට යන්නට තියෙන මාර්ගය. දිය ඇල්ල ප්‍රධාන මාර්ගයේ එක පසෙකින් කඩා වැටීම අරඹලා මහා මාර්ගයටත් යටින් ගලාගෙන ගිහින් මාර්ගයේ අනෙක් පසෙත් තවත් ඇල්ලක් හදලා තවත් ඉදිරියට ගලාගෙන ගොසින් අවසානයේ නාවලපිටියේදී මහවැලියට එක්කාසු වෙනවා.

2016-12-09-ent-08මහල් තුනකින් යුතුව රඟදෙන කැටඹුල සුරෑපිනිය පළමුව පටු විවරයක් ඔස්සේ මීටර් 8ක් පමණ උසකින් යුතුව ඇගේ ගමන අරඹනවා. අනතුරැව සුදෝ සුදු පෙණපිඬු නංවමින් ගල්කුළු අතරින් මඳ දුරක් ගමන් කරන ඇය ලක්දිව පුංචි නයගරාව වූ සාන්ත ක්ලෙයාර් දිය ඇල්ල සිහිපත් කරවමින් පුළුල් ජල තිරයක් ලෙසට පතිත වී දෙවැනි පැනුම හෙවත් ඇල්ල සාදනවා.

බ්‍රිතාන්‍ය සමයේ ඉදිකර ඇතැයි සැළකිය හැකි සුන්දර ආරැක්කු පාලමක් තුළින් ඇවිද යන ඇය අති සුන්දරව තුන්වැනි පැනුමත් සිද්ධ කරනවා. මේ කියන ආරැක්කු තුනේ පාලම උඩින් තමයි නාවලපිටිය - හැටන් හා නාවලපිටිය - තලවාකැලේ මාර්ගය දිව යන්නේ.

ඉතින්, අපි ගිය දවසට කලින් දවසෙ රූ හොඳට වැස්ස නිසා එදා දිය ඇල්ලෙ වතුරත් ගොඩක් තිබුණා. ඇල්ලට වතුර ගෙන එන්නේ ඇල්ලටම කිලෝමීටර් කිහිපයක් ඉහළින් ආරම්භවෙන දිය කඳුරැවලින්. ඒ නිසා පොඩ්ඩක් පෑයුවාම ඇල්ල තරමක් කෘෂ වෙනවා. වැස්ස කාලෙක නම් ඇල්ල සුදට සුදේ ගලා හැලෙනවා. ඇල්ලේ උඩම තට්ටුව ළඟටම යන්න පඩිපෙළක් එහෙමත් තියෙනවා. එතන නාන්නත් පුළුවන්. නාන්නත් පුළුවන් කියලා කියන්නේ තමන්ගේ පරිස්සම තියාගෙන.

කැටඹුල ඇල්ලෙන් කුඩා ජල විදුලි බලාගාර දෙකක් පෝෂණය ලබන අතර එක් කුඩා බලාගාරයකින් කැටබෝල වතුයායට විදුලිය ලබාදෙනවා. එම බලාගාරයට ජලය ඇල්ලේ ඉහළින් ලබාගන්නා අතර අනෙකට ඇල්ලේ පහළින් ජලය ලබාගන්නවා. ගමේ වගේම තට්ටු කිහිපයක් තියෙන, ප්‍රධාන මාර්ගයක් යටින් ගලා බසින ඇල්ලක් තව තියෙනවා ලංකාවේ. මතකද ඒක...?

ඒ තමයි පූඬලු ඔය ඇල්ල. ලබන සතියේ එහේ යමු.

 

ප්‍රසාද්

 

2016-12-09-ent-07
2016-12-09-ent-05
2016-12-09-ent-04
2016-12-09-ent-17
2016-12-09-ent-16
2016-12-09-ent-14
2016-12-09-ent-13
2016-12-09-ent-12
2016-12-09-ent-11
2016-12-09-ent-10
2016-12-09-ent-09



අදහස් (0)

තට්ටු තුනේ දිය කොමළී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 6450 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4940 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 918 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1317 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3174 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 4143 11

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40180 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26008 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 274 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1330 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site