වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවේ යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ අද (1) පැවසූහ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි ක්‍රියාත්මක කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම බලයට පත්වී මාස හයකින් ඉටු කරන ලෙස ජනාධිපතිවරණ සමයේ යෝජනා කළ විට එය දින සීයකින් කළ හැකි බව කීවේ එතුමාම යැයි කී සෝභිත හිමියෝ දැන් විධායකයේ බලතල භාවිතා කර එම පොරොන්දුව ඉටු කරන ලෙස ඉල්ලති.
ජාතික විධායක සභාවට තමා සහභාගී වන්නේ නැත්දැයි සමහරුන් තමාගෙන් ප්‍රශ්න කරන බවද කී උන්වහන්සේ තමා ඊට පත් කර ඇති බව පුවත්පත්වල පළවී තිබුණද ඒ සඳහා පත්වීම් ලිපියක් හෝ රැස්වීම්වලට සහභාගීවන ලෙස ආරාධනයක් මේ වනතුරු ලැබී නැතැයිද කියා සිටියහ.
මාදුළුවාවේ සෝභිත හිමියෝ මේ බව පැවසුවේ සාධාරණ සමාජයක් සඳහා පුරවැසියෝ සංවිධානය මගින් ‘සාධාරණ සමාජයක් - අපි කතා කරමු‘ තේමාව යටතේ කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සමුළුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවි හිමියෙන් යුදවැද රටත් ජාතියත් බේරාගත් සෙන්පතියාණන් අපි පෙරමුණට කැඳවාගෙන එමු. (නි)
රටේ ධනස්කන්දය ගසා කෑ විදිහට තවත් අවුරුදු 2 ක් ගියානම් අපිට රටක් නම් ඉතුරුවෙන්නේ නැහැ.අපේ අනාගත දරු පරම්පරාවට ඉතුරු වෙන්න තිබුනේ ඉතියෝපියාවක්,සෝමාලියාවක්,උගන්ඩාවක්,කෙන්යාවක්,බන්ගලිදේශයක්... (නි)
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට ඒකාධිපති පවුලෙන් රට නිදහස් කරදුන් පිනම ඇති. (නි)
රට නිදහස් කරගත්තාට මදි. ඒකාධිපති පවුල් විසින් රටේ ගසාකෑ මහජන මුදල් ඩොලර් ත්‍රිලියන ගණන් නැවත ජනතාව සතුකරන්න පුළුවන් වෙන්න ඕනෑ (නි)
විකුම්,මම එදත් කිව්වේ, අදත් කියන්නේ රට නිදහස් කරගැනීමට ඉන්න එකම නායකයා "කියන දේ කරන,කරන දේ කියන" ජෙනරල් සරත් ෆොන්සේකා පමණයි කියලා. (නි)
මිනීමරු ප්‍රභාකරන්ට වඩා බියෙන් සිටි කාලයක් අපි පසුකරගෙනයි ඇවිල්ලා ඉන්නේ. (නි)
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමි කියන්නේ,ඒකාධිපති පවුල් පාලනයෙන් සහ හොර කල්ලියෙන් රටත් රටේ අසරණ ජනතාවත් නිදහස් කරගැනීමට ජිවිත පරිත්‍යාගයෙන් ක්‍රියාකළ හාමුදුරු නමක්. (නි)
හාමුදුරුවනේ,ඔබ වහන්සේලා දුරදිග නොබලා වැඩකළා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 සංශෝධනයට මින් වන විපාකයවත් හිතුවද? අඩුගණනේ පාර්ලිමේන්තුවේ 2/3 බලය නැතුව ඔය කියපු දේවල් කරන්න බැරි බව දැනගෙන හිටියාද? දැන් ඉතින් පරිස්සමින්. (නි)
විධායකය නැතුව ලංකාව පාලනය කරන්න බැහැ. කොටියට රට දෙන්න බැහැ අපිට (නි)
නීතිය සාමය රජයන ලොවකට දොරටු විවෘත කිරීමට, අපි ජෙනරල් සරත් ෆොන්සේකා දෙසට හැරෙමු. (නි)
කවුරු කවුරුත් බලාගෙන හිටියේ රොටි කන්න. දැන් බැරියෑ කන්න ඉතින් (නි)
දැන් තැටි වලින්වත් රොටි වලින්වත් අපිට වැඩක් නැහැ (නි)
අනේ බණ්ඩාර, එක්කෙනෙක් ඇවිල්ලා මෙහෙම නම් 12ක් ආවොත් කොහොම තියෙයිද? (නි)
යුද්ධය තිබුන කාලයේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා සමහරු කිව්වේ හරියට සිංහල ජාතිය බේරාගැනීමට නම් බඩට නොකා හෝ හරිහම්බ කරන දෙයක් යුද්ධය වෙනුවෙන් කැප කළයුතු බවයි. ඒ කාලේ හොඳ තදට ජාතික කැක්කුමක් තිබුනා. දැන් ඒවා අමතකවෙලා. දැන් බොරුවට රඟපානවා. (නි)
රටට ජාතියට ආදරය ඇති කෙනෙක් කරළියට ගෙනඑමු (නි)
ඔහොම යද්දී අපි කාට කාටත් රොටි පුච්චන්න තමයි වෙන්නේ. (නි)
හාමුදුරුවරු පන්සලට වෙලා බණ භාවනා කරගෙන වැඩ සිටිනවා නම් තමයි අපි කැමති (නි)
අර මොනවද මාලු කෑවා නම් විඳවන්න ඕනෑ කියලා කතාවක් තිබෙනවාලුනේ (නි)
ඕකනේ කියන්නේ... දැන් පේනවා නේද? කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කියලා අපේ මුතුන්මිත්තෝ කිවුවලු නේද අපේ හාමුදුරුවනේ .......? (නි)
වැඩේ වැරදුනා වත්ද? (ර)
අපි බලාගෙන සිටිමු යහපාලනය කොහොමද කියලා (නි)
අනේ හාමුදුරුවනේ, ශාසනයට, දුප්පත් දායකයන්ට යම් සේවයක් කරන්න . (නි)
තිලක් -ඩුබායි ඔයානම් හොදටම බය වෙලා වගේ නේද? දැන් සියලු දෙනාටම වැටහෙනකොට කඩේ ගියපු අයට හොදට දාඩිය දානව නේද ? (නදී)
අපි නම් ඕක පොදු අපේක්ෂකයා එනකොටම දැනගත්තා. මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි(නදී)
ගිය පාර සිරිසේනට දුන්නේ. මහින්ද මීට වඩා හොදයි (නදී)
සාදු, සාදු, සාදු (නදී)
අපි ඕක කිවුවා. ඉඟුරු දීල මිරිස් ගත්ත කියල කියන්නෙ හිටපු අය හොඳයිද ? (ර)
හැමෝම හිතනවා වගේ වැඩ පිළිවෙළකට එහෙම ඉක්මනට එන්න බෑ. සාර්ථකත්වයට ක්‍රමවේදයක් තියෙනවා. (දිල්)
උනුත් එකයි මුනුත් එකයි මෙදා පාර අපි ජවිපෙට (නදී)
සංජය, හිතන්න මොළයක් කියලා දෙයක් නැද්ද? (නි)
තිලක් ඩුබායි මරු කියවනවා..දෙයියනේ කියලා අවශ්‍ය වැඩේ වුණා නම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියනම් මොකද (දිල්)
තිලක් ඩුබාය් , ඔයා කොහේ ඉඳන්ද කෑගහන්නේ. සෝභිත හාමුදුරුවෝ දැන් දොස් කියන්නේ සිරිසේන ජනාධිපතිතුමාට පොරොන්දු ඉෂ්ට කරන්නේ නැහැ කියලා. ඔයා කොහෙද යන්නේ මල්ලේ පොල් කියල කියන්න කලින් ලියලා තියෙනදේ තේරුම් අරන් ඉන්න. (දිල්)
තිලක් -ඩුබායි, අනාගතයෙ අපට දකින්න ලැබෙයි සිරියාවක්, ඉරාකයක්, ලිබියාවක්.(නදී)
ඔබ වහන්සේ ගොඩක් මහන්සි උනා. දැන් ඉතින් බණක් භාවනාවක් කරගෙන ඉන්න අපේ හාමුදුරුවනේ (නදී)
හොරු, හොර නායකයන්, චන්ඩි, වංචා කායන්, බොරුකාරයෝ, හොර ගිවිසුම් ගහපු අය ඡන්දෙදී ඉවත් කරමු (නදී)
ඔය කාගේ කාගේත් තැටි අපි දන්නවා (නදී)
පරණ තැටි, අමු රොටි සමග මඩ 1000 යි දින 100 දැන් තිර ගතවේ (නදී)
අනේ! අපේ හාමුදුරුවෝ රැවට්ටුවා. කොහොමහරි රණ්ඩුවෙලා හරි පොරොන්දු ටිකක් හරි ඉටුකර ගනිමු. දින 100 කල්දාන්න දෙන්න එපා.කවදාවත් ආයෙත් කරන්නේ නැහැ. (නි)
මම කලපනා කරන්නේ හිනා වෙන්නද නැත්නම් අඩන්නද කියල. (ර)
විධායක ජනාධිපති කෙනෙක් රටට ඕනෑ. (නි)
රටට වෙන්නේ මොකක් ද කියලා කාට කාටත් තේරුනොත් හොදයි. (ර)
විධායක බලයෙන් නෙවෙයි ඔය කියන ඒවා කරන්නේ. ඒකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍යයි. යම් හෙයකින් විධායක බලය අහෝසි වුනොත් ඒක පාර්ලිමේන්තුවට ලැබෙනවා. (ර)
අතීතයේ වැඩ විසු හාමුදුරුවරුන් රට ජාතියේ ආරක්ෂාව ප්‍රදාන කරලයි දිවි හිමියෙන් සේවය කළේ. (නදී)
අපේ හාමුදුරුවනේ, අාපහු මහින්ද මහත්තයව ගෙනල්ලා එයාගේ අඩු පාඩු හදා ගත්තනම් හොඳයි කියල අපට දැන හිතෙනවා. යන්තම් මෙයාල අාව විතරයි අන්න ඊළාම් කාරයෝ උතුරේ නැට්ට උස්සගෙන (නදී)
මේ ගොල්ලොත් හරියට වැඩකරන්නේ නැත්නම් කරන්න තියෙන්නේ ආපහු අනිත් පැත්තට ඡන්දෙ දෙන එක නෙවේ. රටට වැඩකරන උගත් මිනිස්සු පත්කරගන්න එකයි අරක නැත්නම් මේක මානසිකත්වයෙන් වැළකෙමු. (බ)
අනේ මේ...ඔයාල තමයි මෙයාලව නග්ගල තිබ්බේ..නිකන් දැන් රොටි ගැන කියවනවා ! කෝ අර රතන හිමි (බ)
ඊළම ළගදීම අපිට (බ)
නොදන්නා යකාට වඩා දන්නා යකා හොද බව අහලම නැද්ද ? රාජිත මහත්තයත් වහෙන් ඔරෝ දැන් ඔය කියවන්නේ (බ)
1977 ඉඳන් කුරුවල් කරපු ඔළුගෙඩි ඇති මිනිසුන් යහපත් සමාජයක් කරා ගෙනයන්න බෝම අපහසුයි.අනික ඔය අශුද්ද හවුලත් එක්ක ඒ සමාජය ඇති කිරීමට සිතීමත් සිනයක්ම තමා. (බ)
විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට අත්‍යවශයි. (ර)
බෝට්ටුවේ තිබුණු පැත්ත හොදයි, පෙරලුනු පැත්තට වඩා. (ර)
ඊලග පාර අපි කාටද ඡන්දෙ දෙන්න ඕනේ එතකොට. දැන් ඉතින් මේ මහ පක්ෂ දෙකට පොඩ්ඩක් ආයුබෝවන් කියලා වෙන පක්ෂයක අපේක්ෂකයෙක් පත් කරගන්න උත්සහ කරමුද? දුම් පිඹ පිඹ තැටි රත් කලාට වැඩක් නැහැ අන්තිමට ඒ තැටියටම කරවෙන්නේ රටේ අපිවගේ ජනතාවයි. (ර)
මේක සටනක් අපේ හාමුදුරුවනේ. අත හරින්න එපා. තාම අවස්ථාව තියනවා. දැන් මහජනතාව අතරට ප්‍රශ්නය ගෙනියන එක තමා සුදුසුම. මෛත්‍රී මහත්තයා ඕනවට වඩා නිස්ශබ්දයි. අරගලය ජනතාව සතුයි. (ර)
හාමුදුරුවනේ, ඕව හිතපු තරම් පහසු නැහැ. තව අවුරුදු 5 ඉන්න ඉවසගෙන. (ර)
විධායකය අහෝසි කිරීම නුවනට හුරු නැහැ. ඒක රට බෙදන්න උඩගෙඩි දීමක්. (ර)
අපි නම් කලින් ම දන්නවා ඔය ටික... (ර)
අපිට නං කියන්න එපා අපි ඕවා කලින්ම කිව්වා..! (ර)
සෝභිත හිමි මේ සියල්ල කළේ මහජනතාව වෙනුවෙන්, පුද්ගලික වාසි බලාගෙන නෙමෙයි. පොඩ්ඩක් බලන්න මේ ඉල්ලීම් කවුරු වෙනුවෙන්ද කියලා. (නි)
ඔන්න තොවිලයේ සමයන්! දැන් සමහරු නම් ගලේ පැහැරූ බළල්ලු වගේ... අපි නම් මඩුවලිග සූදානම් කරගෙන ඉන්නේ (නි)
හාමුදුරුවන්ට නොතේරුන දේ මහින්දට ඡන්දය දුන් හැමකෙනෙකුටම එදා තේරුණා. අපි දන්නවා ඕක ඔහොම වෙනවා කියලා. (නි)
ඔව් ඉතින්, ජනතාව බලාගෙන හිටියට මෙදාපාරත් රොටි නැතුව පරිප්පු විතරද කොහෙද? (නි)
දැන් ඉතින් තේරුණා කියලා මොනවා කරන්නද? (නි)
උන්නාන්සේට දැන් කරන්න තියෙන්නේ එක දෙයයි (නි)
දැන් තියෙන්නේ ඔය රත්වෙච්ච තැටියෙන්වත් ප්‍රයෝජනයක් ගන්න එක තමා. නැත්නම් තව ටික කාලයක් යනකොට ඒ සුවයවත් විඳගන්න බැරිවෙයි (නි)
කට්ටිය හරියට කලබලවෙලා. හාමුදුරුවනේ, කලබල නොවන්න. හැම දෙයක්ම ඔබවහන්සේ සිතපු ආකාරයට,රටේ සුබසිද්ධියට වේවි (නි)
ඉදිරියට වඩින්න හාමුදුරුවනේ. (නි)
හාමුදුරුවොත් ඉඟුරු දීල මිරිස් ගත්තද?(දිල්)
රොටිය නොහැදේ නම්, මීළඟ මැතිවරණයේදී ඔබවහන්සේ මුලිකව අලුත්ම පිරිසක් රටටම ඉදිරිපත්කර තරඟකර රට බේරාගත යුතුය. ජරාජීර්ණ වුණ පරණ දේශපාලන ගොහොරුවේ පල්වෙන විෂබීජ ඉවත්කිරීමට ඇති හොඳම අවස්ථාව තමා මේ (නි)
දැන් ඉතින් තේරෙනවා නේද අපි කිවුව දේවල් හරි කියලා (නි)
රොටි නෙමෙයි කැඳ හැළියක් වෙන බව ඔබවහන්සේට නොපෙනුනාට අපිට කලින් දැනුනා. නිසල ජලය ගැඹුරුයි. රටට යහපතක්ම වේවායි මගේ පැතුමයි. (නි)
අපේ හාමුදුරුවෝ, එක නායකයෙක් පත් කරලා විතරක් වැඩක් නැහැ. අපේ රටට මෛත්‍රී වගේ නායකයෝ දොළොස්දෙනෙක් පත් කරන්න ඕන මේ රට හදන්න නම්. (ර)
කබල රත්කර භාර දෙන්නේ කාටද කියලා අපිනම් මුලදීම දැක්කා. (ර)
විධායක බලතල සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කළ යුතුයි. රටේ පාලකයා වශයෙන් ජාතික ආරක්ෂාව තමන් අතට ගන්න එක හොඳයි. එත් ඒක අනිසි විදියට භාවිතා කරන විධායකයකින් ඵලක් නෑ. ආරක්ෂක තනතුරු දෙන්න ඕන සුදුස්සාට. නුසුදුසු අය තවමත් ඉන්නවා ආරක්ෂක ලොකු පුටුවල. ඒවා ඉවත් කරන්න තමයි විධායකය භාවිතා කළ යුත්තේ. (බ)
බළල්ලු ලවා කොස් ඇට බාවනවා කිව්වේ ඕකට තමා. හැබැයි දැන් කාලේ බළලුන්ටත් ඔයිට වැඩිය මොලේ තියෙනවා. (බ)
අන්න රාජිත ඇමතිතුමා තැටිය මාරු කළා කියල පළවෙලා. ඉතින් දැන් ඔබවහන්සේ අපිට වුනු පොරොන්දුවලට මොකද වෙන්නේ. අපිට තවදුරටත් ඔබලාව විශ්වාස කරන්න පුලුවන්ද? (බ)