IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


තාත්තගේ සිංදු කියන දඟරැල්ලේ ‘ගයියා’

2017-01-15-ent-52

”කඳුළින්ම ගැයූ පෙම් ගීතේ” ඇතුළු මතකයේ රැඳි ගීත බොහොමයක් ගයා ඇති ”නුවන් ගුණවර්ධන” ප‍්‍රවීණයා ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවෙයි. මේ හැඩකාර කඩවසම් යෞවනයා ඔහුගේ පුතු වන ගයාන් ගුණවර්ධනය. නෙක්ස්ට් ජෙනරේෂන් හෙවත් ඊළඟ පරපුර සමග වත්මනෙහි ප‍්‍රසංග වේදිකාවේදී හමුවන මේ ”ගයාන්” සමග අපි කතා බහකට එක් වෙමු.

 

ගයාන් කොහොමද ඉතින්?

2017-01-15-ent-53ආයුබෝවන් හැමෝටම.

 

සම්පූර්ණ නම?

ගයාන් එරංග අමරසිරි

 

”ගයියා” කියලත් කියනවා නේද?

තාත්තා තමයි මුලින්ම එහෙම කිව්වේ. දැන් හැමෝම කියන්නේ ගයියා කියලයි.

 

ඔබගේ සහෝදර සහෝදරයින් ගැන කිව්වොත්?

අක්කා විතරයි. එයාටත් ගීත ගයන්න පුළුවනි.

 

ගයාන් ඉගෙන ගත්තේ?

රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනයෙන්

 

අරමුණ වුණේ?

අපේ තාත්තා වගේ ගුවන් යානා ඉංජිනේරු අංශයෙන් ඉගෙන ගන්න ඕනෑ වුණා.

 

තාත්තා එම අංශයෙන් රැුකියාවක් කළාද?

බොහෝම ඉස්සර ඒ කියන්නේ ගායන ක්ෂේත‍්‍රයට එන්නට පෙර ගුවන් යානා අංශයේ ඉංජිනේරුවරයකු ලෙස කටුනායක රැුකියාව කරලා තියෙනවා. මම උසස් පෙළ අධ්‍යාපනයෙන් පසුව ගායන ක්ෂේත‍්‍රයට ආ නිසා ශ‍්‍රව්‍ය අංශ ඉංජිනේරු අංශය ගැන දිලිප් ගබඩාමුදලි මහතා යටතේ හැදෑරුවා. මම ඉගෙන ගත්තේ විද්‍යා විෂයන්ගෙන්. ඒ ගුවන් යානා අංශයේ ඉංජිනේරු විෂයය හදාරන්න ඇමරිකාවේ ටෙක්සාස්හි කොලේජ් එකකට තේරුණා. නමුත් දැන් ඕඩියෝ ඉංජිනේරුවරයකු ලෙස උපාධිය කරන්නයි ලැහැස්ති වෙන්නේ.

 

දැන් මේ දිනවල මොනවද කරන්නේ?

ටී.වී. වන් නාළිකාවේ වැඩ සටහන් නිවේදකයෙකු ලෙස සතියේ දින පහේම කටයුතු කරනවා.

 

දඟරැල්ල” කියන ප්‍රෝග‍්‍රෑම් එක ඉදිරිපත් කරන්නේ මම. ඊට අමතරව තාත්තයි මමයි ස්ටුඩියෝ නුගා නමින් ශබ්දාගාරයක් ගෙදරදීම පවත්වගෙන යනවා. දැනට ඔබට ප‍්‍රසංගවලට නිතරම ආරාධනා ලැබෙනවා නේද?

ඇත්තෙන්ම ප‍්‍රසංග රැුසකට ආරාධනා ලැබනවා. මේ වසරේදී ඕස්ටේ‍්‍රලියාවේ, එංගලන්තයේ සහ ඩුබායි සංචාර සඳහා නෙක්සිටි ජෙනරේෂන් (ඊළඟ පරපුර* සමග යාමට අවස්ථා ලැබිලා තියෙන්නේ.

 

ප‍්‍රසංගවලට ගියාම වැඩිපුර ගයන්නේ තාත්තාගේ ගීතද?

තාත්තා ගැයූ ගීත ගයන්න කියලා තමයි ඉල්ලූම තියෙන්නේ. නමුත් මගේ ජනප‍්‍රිය වෙච්ච ගීතත් ගයනවා. විශේෂයෙන්ම ”ආදරය ගින්දරක්” වෙනුවෙන් ගැයූ සිහින නිදියන තරුකා වැස්සේ කඳුළු ගුලි වෙයි වේදනා අස්සේ උරේෂා රවිහාරි මහත්මිය සමග ගැයූ ඒ ගීතය සෑහෙන ජනප‍්‍රිය වුණා. මගේ අලූත්ම ගීතය වන ”ඉසබෙලා” සංගීතවත් කළේ මහින්ද බණ්ඩාර මහත්මයාගේ පුතු තිසර බණ්ඩාරයි.

 

ගයාන් ගැන ක්ෂේත‍්‍රයේ අය කතා කරන්න පටන් ගත්තේ?

උසස් පෙළට ලියා සිටියදී ජාතික රූපවාහිනිය ඉදිරිපත් කරන ”මා” වැඩසටහනට ගීත ගයන්න අවස්ථාව ලැබුණා. එදා අපේ පවුලේ හතර දෙනාම ඊට පෙනී සිටියා. මුල් වරට ප‍්‍රසිද්ධියේ ගීතයක් ගැයුවේ එදයි.

 

ඉන් පසුව තාත්තා වගේ හිංදි ගීතත් ගැයුවද?

කොහොමටත් එදා තාත්තාගේ ගීත තමයි ගැයුවේ. හිංදි ගීතත් ගැයුවා. එදා රූපවාහිනී වැඩසටහනින් පසුව ප‍්‍රසංගවලට ආරාධනා ලැබුණා. ගීත නිර්මාණය වුණා. අලූත් ගමනකට මුල පිරුවා. ප‍්‍රසංග වේදිකාවේදී වගේම එළිමහන් වේදිකාවේදී තාත්තා සහ පුතා එකට ගී ගයන්න ලැබුණා. තාත්තා සහ මා අතර ඇත්තටම පුදුම බැඳීමක් තියෙන්නේ.

 

ඔබට රඟපාන්න එන්න කියලත් බොහෝ ආරාධනා ලැබෙනවා නේද?

ඇත්තෙන්ම ඕව. ෂර්ලි පී. දෙලංකාවල මහතාගේ අලූත්ම නිර්මාණයටත් ආරාධනා ලැබුණා. ඊට අමතරව තවත් ටෙලි නාට්‍ය කීපයකටත් ගිවිස ගත්තා. ඊටත් අමතරව චිත‍්‍රපට රංගනයටත් ආරාධනා ලැබුණා. මේ දිනවල ටී.වී. වන් නාලිකාවේ කරන වැඩසටහන එක්ක කාර්ය බහුල නිසා තෝරා බේරගෙන තමයි රඟපෑමේ වැඬේ කරන්න වෙලා තියෙන්නේ.

 

ගායකයකු ලෙසද නැතිනම් නළුවකු ලෙසද කාර්යබහුල වෙන්න කැමති?

මම වඩා ආසා කරන්නේ ගායනා ක්ෂේත‍්‍රයටයි. නළුකම හොඳට හදාරමින් හෙමිහිට ගමනක් යාම අරමුණයි. තාත්තාගේ ගීතම ගැයීම මගේ අරමුණ නෙවෙයි. මගේම ගීත සමග ක්ෂේත‍්‍රයේ රැුඳී සිටීම තමයි අරමුණ.

 

තාත්තලාගේ ගීත පුතාලා ගැයීම ඔබ දකින්නේ කොහොමද?

කලා ක්ෂේත‍්‍රයේ තාත්තලා හෝ අම්මලාගෙ ගීත ගැයීමේ උරුමය තියෙන්නේ ඔවුනගෙ දූ පුතුන්ටයි.

නමුත් එහෙමයි කියලා ඒ ගීත මතම සිටිය යුතු නැහැ. ඔවුන් වෙනම ගමනක් යා යුතුමයි. මගෙ සම වයසෙ යාළුවෝ, ඒ කියන්නේ කලා ක්ෂේත‍්‍රයේ තාත්තලාගෙ පුත්තු වඩා කැමති තමුන්ගේම අලූත් නිර්මාණ කරන්නයි.

 

තාත්තා ගැයූ ගී අතරින් ඔබගෙ සිත් ගත් ගීතය?

කඳුළින්ම ගැයූ පෙම් ගීතේ සහ කිරිමුදු වෙරළේ ගීත දෙකට වඩා ආසයි.

 

කඳුළින්ම ගැයූ පෙම් ගීතය අහන්න විශේෂ තරුණියක් එහෙම ඉන්නවද?

යාළු යෙහෙළියන් නම් ඉතින් ගොඩාක් ඉන්නවා.

 

ගයාන් මොනවගේ කෙනෙක්ද?

බොහොම දඟ කරන, නරක වැඩ නොකරන, සතුටින් සැහැල්ලූවෙන් ඉන්න කැමති කෙනෙක්. මගේ හොඳම යාළුවෝ දෙන්නා අම්මා සහ තාත්තයි. අක්කත් එහෙමයි. තව යාළුවෝ ගොඩකුත් ඉන්නවා. දක්ෂතාවය වැඩිකර ගන්න කැමති සහ බොහෝ දේ හදාරන්න කැමති කෙනෙක්.

 

2017-01-15-ent-51



අදහස් (0)

තාත්තගේ සිංදු කියන දඟරැල්ලේ ‘ගයියා’

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 883 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 136 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 325 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 471 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2162 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4207 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site