මෝදර අලුත් මාවතේ එලිහවුස්හි චීන සමාගම් වැඩබිමක කාණුවේ සිර වී සිටි සිව් දෙනකු රෝහල් ගත කළ බවත්, ඉන් එක් අයකු මිය ගොස් සිටි බවත් පොලිසිය කියයි.
තව සේවකයෙක් පස් කන්දට යටවී සිටින්නේදැයි සොයා බලන බව සහන සේවකයෝ කියති.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
(ඡයාරූප -බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සබැඳි පුවත්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැරගිය අයට නිවන් සුවත් අනෙක් යට ඉක්මන් සුවයත් පතමි. ඉංජිනේරු විද්‍යාවේ "සොරින්" ක්‍රමය තියෙන්නේ ඔවැනි තැන වලදී ප්‍රයෝජනයට ගන්න. වියදම් අධික නිසා මේ ක්‍රමයෙන් අදාල පාර්ශවය බැහැර වෙන්නැති. නමුත් දැන්වත් හිතන්න........ (ස)
මුක්කු නැ නේ චීනා... මමත් ගිහින් තියනවා ඔය තැනට මිනිස්සු දෙන්නෙක්ගේ විතර උසයි... අනිවාර්යෙන්ම අර්ත් වර්ක් සපෝට් t ඕනේ. මම ඒ හිටපු ඉංජිනේරු මහත්තයාගෙන් අහුව්වම එව්වා ඕනේ නැහැ කිව්වා.(නදී)
කෝ අත්තිකාරම් මුක්කු ? මේවට නිසි නීති පනවන්න. (නදී)
අපේ වැඩ බිම් වල නම් "සේෆ්ටි ෆස්ට්" කියල වැඩකරන මිනිසුන්ගේ ආරක්ෂාවට විශාල වැඩ කොටසක් කෙරෙනවා. අනතුරු වර්තාවීම් වෙන්නෙම නැහැ හැබැයි ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ වියදම් දරන්න ඕන වැඩබිම අයිති ආයතනයෙන්. ඒවාට නීති තියෙන්නත් ඕන. අපේ රටේ නීති ගැන කතා කරලා වැඩක් නැහැ..(නදී)
මේ වැඩ කරන්නන නීති තියෙන්න ඕනෑ. මොන ජාතියකටවත් මේ රටට ඇවිල්ලා ඕනෑ විදියට වහල් වැඩ ගන්නත් රට විනාශ කරන්නත් ඉඩ දෙන්න එපා කියලා ආණ්ඩුවට තේරෙන්නේ නැත්නම් මිනිස්සු නැගිටලා කියන්න. මෙතන ළගම තියෙන ගෙදර මිනිස්සු ඉන්නවද? මේ වාර්තා කිරීම් හරි වැදගත්. (නි)
චින්නුන්ගේ බාල වැඩ නිසා අපේ අහිංසක මිනිස්සු නැතිවෙනවා ,පිටරටක මේක වුනා නම් කීදෙනෙක් වගකියන්න ඕනෑද? නමුත් ලංකාවේ මියගිය අය මියගියා, එච්චරයි වෙන්නේ.රස්සා නැති චීන්නු මෙහෙ ඇවිල්ලා වැඩකරනවා ,අමාරු භයානක වැඩ වලට අපේ මිනිස්සුන්ව දානවා,කිසිම වන්දියක් ලංකාවේ මිනිස්සුන්ට ලැබෙන්නේ නැහැ (නි)
චී..චී..චී... චීනාගේ වැඩ ඔහොම්මම තමයි . මේකෙන් කී දෙනෙකුගේ ජීවිත අහිමි වුනාද? චීනාට මොකද? අපට තමයි හැම අතින්ම පාඩු. (නි)
ඉතාමත් අනාරක්ෂිත ආකාරයට මෙම කාර්යය කර් ඇති බව මගේ අදහසයි. මෙවන් ගැඹුරු කැනීම් කරන විට පස් කඩාවැටීම් සිදුවන බව ඉන්ජිනේරු මහත්වරුන්ට අලුතින් කියාදිය යුතු දෙයක් නොවේ. අනෙක කම්කරුවන්ද මෙවැනි අනාරක්ෂිත වැඩ වල නොයෙදීමට වගබලාගත යුතුයි. වැඩිහිටියනි, දරුවනි මෙය මතක තබාගත යුතු පාඩමක්. (නි)
ඉංජිනේරු භූ විද්‍යාව, භූ තාක්ෂණ ශිල්පීය ක්‍රමවේද, වැඩබිම් අනතුරු ආරක්ෂන යාන්ත්‍රන ලංකාවේ අයට දවල් හීන විතරයි. මොඩිෆයි කළ කොමියුනිස්ට් චීනයේ වහල් සේවයෙන් නිපදවන වැඩකට නැති බාල නිෂ්පාදන මගින් ලෝකයේම වෙළඳපොල විනාශ කරනවා මදිවට එයින් උපයන මුදල් අතිරික්තය යොදාගෙන චීනුන් ලොව පුරා පැතිරෙනවා. ඔවුන්ගේ ආර්ථික, දේශපාලන හා යුධ ශක්තිය දැන් ලෝකෙටම තර්ජනයක්. චීන කලු සල්ලි වලින් ලංකාවේ සිදුකරන අවිධිමත්, ජනතාව ඉල්ලන්නේ නැති බොරු සංවර්ධනයට අවසන් තිත තියන්න කාලය ඇවිල්ලා. මේවායින් වෙන්නේ අපේ අනාගත පරපුර නිකරුනේ ණයකරුවන් වීම සහ දේශපාලකයින්ගේ හා ඔවුන්ගේ ගෝලයන්ගේ මඩිතරකර ගැනීම පමණයි. (නි)
මේ වගේ දේවල් වෙන්නේ මෙහෙන් පත් කරලා ඉන්න ඔය තැන් වල ඉන්න ලොක්කන්ගෙ වරදින්, ඒගොල්ලෝ ප්රෝෆිට් පෙන්නන්න ගිහින් , වැඩ කරන මිනිස්සුන්ගේ ආරක්ෂාව බල්ලට දාලා වෙන වැඩ මේ. (ස)
මෙවැනි වැඩ බිමක පිලි පැදිය යුතු පුද්ගලික ආරක්ෂාව සහ ආරක්ෂක ක්‍රමවේද කිසිවක් නොමැතිව වැඩ බිම පවත්වාගන යාම නිසා මෙම අනතුර සිදුවී තිබෙන්නේ. පුහුණුවලත් වැඩබිම් ආරක්ෂක නිලධාරීන් අනිවාර්යෙන් මෙවැනි වැඩ බිම් අධීක්ෂණය හා සේවකයන් දැනුවත් කිරීම අත්‍ය අවශ්‍යයි.(නදී)
බලන්න චිනගෙයි, සුද්දගෙයි වෙනස? (ස)
ආයතනය අයත් වන්නේ චීන සමාගමකට උනත් ඒවායේ වැඩ කරන්නේ අපේ රටේ උසස් තාක්ෂණික ආයතන යටතේ අධ්‍යාපනය ලද තාක්ෂණික නිලධාරින්ය. එමනිසා මේවාට එම නිලධාරීන් පළමුව වගකිව යුතුය. තමන් ලද දැනුම ප්‍රයෝගිකව නොකිරීම තමා මුලික වැරැද්ද. තවද ලංකාව වැනි තෙතමනය සහිත පස් කාණු කැපීම ආදී තුනකට වැඩ කපන කොට ගමේ මේසන් බාස් උනත් පැති ලෑලි පාවිච්චි කරන කොට අපේ රටේ තෂණික නිලධාරීන්ගේ දැනුම මොකටද කියා සිතේ. (ස)
පොඩි කාලේ අම්මා කියනවා ඉගෙන ගන්න කියලා.දැන් සමාජෙ ළමයින් හිතන්නේ ගොඩක් පිට පළාත් වල. යන්තම් ඕලෙවල් කර අතට සල්ලි කියක් හරි හොයා ගන්න පුළුවන් නම් ඒක ලොකුම දේ කියලා.ඇත්තටම ගෙදර දෙමාපියන්ට සල්ලි නැති අසරණ කෙනෙක් මිසක්.උවමනාවක් නැතිව ජිවිතේ ඉගෙනීම අඩාල කරගෙන මේ වගේ භයානක්, අනතුරු දායක රැකියාවලට එන එක ලොකුම වරද.පේන හරියට මේ ගොඩක් අඩු වයස් කම්කුරුවන් ටිකක්.අපිට නිදහස් අධ්‍යාපනය ඇති රටක්.ගුරුවරු ලමයින්ව පාසල් වල රඳවා ගන්න උත්සහ කල යුතුයි.. (ස)
සමහර ආයතන වැඩ කරන මිනිසුන්ගේ ආරක්ෂාව ගැන උනන්දු වෙන්නේ නැහැ. මොනව හරි බොරුවක් කියලා බේරෙනවා .කොහොම උනත් ඒ අහිංසක මියගිය මිනිසුන්ට වන්දියක් ගෙවිය යුතුයි. (ස)
රුචිර-ඩුබායි, අපේ රටේ අය ඔය තැන්වල (ඉංජිනේරු කාර්යයන්) රාජකාරි කලාට, ඒ අයට බ්.ඔ .කිව්. එකෙන් පිට කරන්ඩ බැහැ නොගෙවන නිසා. ඒක නිසයි මම කියන්නේ සම්පුර්ණයෙන්ම වගකීම තියෙන්නේ චීන සමගම අතේ කියලා. (ස)
සැමටම බුදු සරණයි!!! ඉක්මන් සුවය ලැබේවා!!! (ස)
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා! (නි)
අසරණ මිනිස්සු ...(නදී)......
කාට කියන්නද ? මේ ලංකාවනේ (නි)
මමත් දැන් අවුරුදු 13ක් රට.ඔය චීන ආයතන මිනිස්සු ගැන කිසිම බැලීමක් නැති ජාතියක්. (නි)
බුදුසරනින්,දෙවිපිහිටෙන් අනෙක් දෙදෙනාත් නිරුප්‍රදිතව ගොඩට ගන්න ලැබේවා.!(නදී)
බුදුසරනින්,දෙවිපිහිටෙන් අනෙක් දෙදෙනාත් නිරුප්‍රදිතව ගොඩට ගන්න ලැබේවා.!(නදී)
අනේ ., අනෙක් අයත් ඒ විදියටම කිසිදු කදරයකින් තොරව ගැනීමට හැකි ''වේවා'' යනු මගේ පැතුමයි !!!(නදී)
කෝ "අත්තිවාරම් මුක්කු"? ඒවා නැතුව වැඩ කරන්න එපා (නි)
තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව අකරතැබ්බයට මූහුණ පා සිටින අයට ලැබේවා! (නි)
පේනවද මේ වල ඇතුලේ ඉන්න කට්ටිය? මේ කට්ටිය ඉන්නේ කොපමණ අනතුරකද කියලා මේ මිනිස්සු දන්නේ නැහැ. (නි)
බුදු සරණයි දෙවි පිහිටයි නෙමෙයි.වැඩක් කරනකොට ගතයුතු ආරක්‍ෂිත ක්‍රමවේදයන් ගැනීමට දැන්වත් උනන්දු වෙමු. (නි)
ඉදිකිරීමේදී භාවිතා කළ යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග අරගෙන නැහැ වගේ. (නි)
පැති ආධාරක මොකුත් නැහැ වගෙයි.කෝ ආරක්ෂාව? (නි)
අනේ ., අනෙක් අයත් ඒ විදියටම කිසිදු කදරයකින් තොරව ගැනීමට හැකි ''වේවා'' යනු මගේ පැතුමයි !!!(නදී)
ඔන්න චිනගේ හපන්කම්. පේනවනේ කිසිම සැළකිල්ලක් නැතුව වැඩ කරලා තියෙන විදිය.කිසිම කෙනෙක් මුලික ආරක්ෂාව ගැන හිතලා නැහැනේ. අනෙක් අයත් ඒ විදියටම කිසිදු කරදරයකින් තොරව ගැනීමට හැකි වේවා! (නි)
දෙවියනේ,මේ චීන සමාගමේ වැඩ කරන්න සිංහල අය හැරෙන්න වෙන ජාතිකයෝ නැද්ද? (නි)
මේක හදිසි අනතුරක් නොවෙයි. අනියම් මිනීමැරුමක්.කෝ මේ මිනිසුන්ගේ ආරක්ෂාව?කිසිම දෙයක් නැහැ. එනිසා සියල්ලන්ට මින් ඉදිරියටවත් පාඩමක් ඉගෙනගන්න උපරිම දඩුවම් දියයුතුයි (නි)
ඔබ හරි ටෙනිසන්(නදී)
පුදුම හැරීල්ලක් හාරලා තියෙන්නේ. වැස්ස නැති හින්දම හොඳයි. වැස්සක් එහෙම ආවානම් පෙනෙන්න තියෙන ගෙවල් ටිකත් කාණුවේ.චීනාට මොලයක් නැද්ද මුහුදුබඩ ආශ්‍රිත වැලි පසක් තියෙන බව.ආරක්ෂාව නම් අන්තිමයි. (නදී)
ඉක්මන් සුවය පතමි.(නදී)
චීන සමාගමට විරුද්දව මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කරන්ඩ. කිසිම අන්තර්ජතික ආරකෂක ක්‍රම වේදයක් බාවිතා කරලා නැහැ.(නදී)
අනතුර ගැන මගේ කම්පාව. අපේ රටේ ලොකු රැකියා ප්‍රශ්නයක් තිබෙනවා. බලන්න, මෙතෙන කොපමණ මිනුසුන් කණ්ඩායමක් වටවී බලාගෙන ඉන්නවද කියලා.(නදී)
මේ විදියට කාණු කපනවද ? කම්කරුවන්ගේ ආරක්ෂාව ගැන සත පහකට මායිම් කර නැති බව ඡායාරුප වලින් පේනවා. පළමුවෙන්ම මෙහි ඉන්ජිනේරුවා අත්අඩංගුවට ගන්න ඕන .චිනාගේ වැඩ කොහොමද කියල මෙයින් තේරුම් ගන්න පුළුවන්. මමත් වසර 10 ක් ඉතාලියේ මේ රටවලුත් නැති කරලා තියෙන්නේ ඔය චීනා ....එයාලගේ වැඩත් මල් වෙඩි වගේ තමයි .පත්තු උනාට පස්සේ පුස් .,,.- (නදී)