පවුලේ ප්‍රශ්නයකට කොළඹ කොටුවේ මගී පාලමේ එල්ලී දිවි නසා ගන්නට තැත්කළැයි කියන තිදරු මවක ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
එම කතගේ ආරක්ෂාවට සහ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා ඇය රිමාන්ඩ් කරන බව මහේස්ත්‍රාත් පැවසීය.
දූවරුන් තිදෙනා තම සැමියා විසින් අපහරණයට ලක්වීම වැළැක්වීමට බලධරයන් පියවර නොගත්තැයි ඇය පොලිසියට කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් ඔබ හොද උත්ටරයක් දුන්නේ (දී)
මේ අම්ම කලදෙයින් බරපතල සමාජ ප්‍රශ්නයක අංශුවක් විතරයි පෙනෙන්නේ. මැරෙන්න බැරිකමට මැරී මැරී ජීවත්වන අම්මල කොයිතරම් ඉන්නවද, කාලකන්නි බේබදු ස්වාමි පුරුෂයන්ගෙන් ගුටි කකා? ළමයි ඉන්න නිසා උන්ට යන කල ගැන හිතල අපා දුක් විඳිමින් ජීවත්වෙන කාන්තාවෝ කී ලක්ෂයක් ඉන්නවද? 'පුරුෂාධිපත්‍යය' කියන්නේ බිරිඳට තඩි බාන එකයි කියල හිතන බුරුවො කොයි තරම් ඉන්නවද? මේවා ගැන හොයන්න කෙනෙක් නැහැ අපේ අවාසනාවට. (නදී)
බලධාරීන්ගේ ඇස් අරවන්න ඇය මේ විදියේ පියවරක් ගත්තේ. දියණියන් තිදෙනා අපහරණයට ලක්වීම වැලැක්වීමයි අගේ අරමුණ. කාන්තා සංවිධාන වල සහය ලැබිය යුතුයි. ඇයට ජිවත් වීමට ශක්තිය දෙන්න බලධාරියනි! (ස)
මේ නුතන පටාචාරාවට තිබුනේ සියදිවි හානි කර ගන්න නොවෙයි.මෙහෙණින් වහන්සේ කෙනෙක් වී සංසාරයෙන් එතෙර වන්න. (ස)
එතුමිය සියදිවි i නසා ගැනීම මම අනුමත කරන්නේ නැහැ. නමුත් එම අසමත්ජාති පියාට දඩුවම් නොකරන නීති පොත අනුමත කරන්නේ නැහැ. පොලිසිවල ඉන්න අයත් හිටිය අයත් ඇතැම් හමුදාවල ඉන්න අයත් හිටිය අයත් මෙවෙනි දේවල් කරන්නේ අපේ රටේ තිබෙන නීති පද්දතියේ තිබෙන බලවත් අඩු පාඩුකම් හා ප්‍රමාදයන් නිසා. (නදී)
මෙවැනි පිරිමින් ගල් ගසා මරා දැමිය යුතුයි.. සොයුරියේ මෙය නුබ දකිනම් නුබ එල්ලී මැරුණම නුබේ දියණියන් තවත් අසරණ වෙන බව වැටහුනේ නැද්ද...?අනේ මට එක දවසකට පාලනය අතට දෙනවානම්...? මෙවැනි පාපතරයන්ට දඩුවම් දෙන්න ඔන්න විදිය පෙන්නන්න .....!!! (දී)
මේ වගේ මිනිස්සු එල්ලලා මරන්න ඕනේ (දී)
මේ මනුස්සයාට මැරෙන්න තරම් ප්‍රශ්න ඇති (දී)
ඇත්තෙන්ම කල කිරෙනවා මේවා ඇහෙද්දී (දී)
අනේ පවු. සුළු දඩයක් ගහලා නිදහස් කරන්න (නි)
මේ ගැහැනියගේ මිනිහව එපායැ එල්ලලා මරන්න, අම්මා මළහම දරුවෝ තවත් අනාථ වෙනවනේ. ලංකාවේ පිරිමින්ට මොකද වෙලා තියෙන්නේ? දරුවෝවත් අදුරන්න බැරිද? ලංකාවේ නීතිය බල්ලට ගිහින්. (නි)
හුඟක් වෙලාවට පොලිසි වලින් මුලින්ම හොඳ විසදුමක් ලැබෙන්නේ නැති නිසා තමයි හුඟක් අපචාර වෙන්නේ, බුද්ධිමත් නිලධාරීන් ඉන්නේ ටිකයි පොලිස් වල (නි)
ඇය කියන්නේ අැත්තක් නම් ඇයගේ පැමිණිලි සැළකිල්ලට නොගත් බලධාරින්ටද දඩුවම් කළ යුතුයි. අම්මා කෙනෙක්නේ. ඉවසාගෙන ඉන්න බැරිම තැන ඔය දේ කරන්න ඇති. ඈගේ දරුවන් බේරාදෙන්න කිසිම කෙනෙක් නැත්නම් වෙන මොනවා කරන්නද? (නි)
මැරෙන එක නෙමෙයි හපන්කම, ඔය වගේ තිරිසන් මිනිස්සු අල්ලලා හිරේ දාන්න අම්මා එඩිතරව ඉන්න ඕනෑ.මැරුණොත් පස්සේ ඒ දරුවෝ තවත් ඒ නරුමයටම බිලි වෙන එකනේ වෙන්නේ. ඒක මහා මෝඩ ක්‍රියාවක් (නි)
මේ යන ක්‍රමයට ඉදිරියේදී දරුවන්ට කන්න අදින්න දෙන්න විදිහක් නැහැ කියලත් ගගට මුහුදට පැනලා,පාලම් වල එල්ලිලා ජීවිතේ නැති කර ගන්න සිද්ධ වේවි (නි)
ලංකාවේ පියවරු දියණියන් අපහරණය කරනවායැයි මතවාදයක් ගොඩනැගීමට කරන උත්සාහයක්වත්දැයිකියා මට සිතේ (නි)
මේ ලංකාවේ ඉන්න කාන්තාවන් 90%ක් ම මානසික පීඩාවන්ට ගොදුරුවෙලා ආර්ථික සහ ස්වාමියන්ගේ අනන්ත කරදරවල ට පත්වෙලා ඉන්න මිනිසුන්. මේ වගේ අයව මාසයකට වතාවක්වත් සායන වලට යොමු කළ යුතුයි. දිරිගැන්වීම් සහ මානසික පීඩන වලින් එදිනෙදා ජීවිතයට බලපාන ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය ගැන කියාදිය යුතුයි (නි)
ඇගේ සැමියාට උපරිම දඬුවම් දිය යුතුයි. ඒත්, දිවි නසාගන්න ඕනේ නම් ඇයි කොටුව වගේ ජනාකීර්ණ තැනක් තෝරා ගත්තේ? විශේෂයෙන්ම චෝගම් තියෙන දවස් වල මේ වගේ දෙයක් සිදුවීම හොඳ දෙයක් නෙවේ. මේක කාගේ හරි පෙළඹවීමක් විය හැකියි. (ස)