මාතලේ සංවර්ධනයට ලැබුණු මුදල් තෙන්නකෝන් පදනමේ ගිණුමට ආණ්ඩුවේම නියෝජ්‍ය ඇමති වරයකු කරන චෝදනාව ඔප්පු කළොත් දේශපාලනයෙන් ඉවත් වන බව මධ්‍යම පළාත් ක්‍රීඩා ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේය.
රජයේ නියෝජ්‍ය ඇමතිවරයකු තෙන්නකෝන් පවුල ට මඩ ගැසීම නතර කරන ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.
කර්මාන්ත නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගෙන් විමසීමේදී කිවේ තමන් එවැනි ප්‍රකාශ කර නැති බවයි. මුදල් පුද්ගලික ගිණුම් වලට බැරකළ නොහැකි බව පමණක් කියා ඇති බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු ඉදිරියේදී වෙන දේ. ජනතාව උගස් කර බඩ වඩාගන්න දේශපාලනයේ අවසානය ලඟම එනවා (නදී)
ශ්රී -ලංකා කාරයින්ට දැන් අවලාද නගන්නේ අලුතින් බිහි ඌ හෝ පක්ෂයේ ඉන්න අලුත් සල්ලි කාරයොයි. මොනවා කරන්ඩද ඔහොම තව ටිකක් ඉවසලා ඉන්ඩ. ලබන මාසේ විතර හොඳ පාඩමක් උගන්නමු. (නදී)
ජනපතිවරණයෙන් දැන් ඉන්නේ කෙනාට 25% ටත් වඩා අඩුවෙන පාටයි. බොරු ඩයස්පෝරා, අරපෝර, මේ පෝරා ලෝකේ නැති දේවල් මවා පානවා මිනිස්සු ගණන් ගන්නෙවත් නැහැ. රටේ ආරක්ෂාවට හමුදා විරුවෝ හැමදාම. දෙමල ජනයට ඕනේ කෙණ්ඩියක් නැහැ. කවුද ඒවා කෙරුවේ කියල ළඟදීම එළිවෙයි. සම්බන්තන් මහත්මය දිව්රුම් ප්‍රකාශයකුත් කළා මහා උසාවියට ඊයේ තම පක්ෂය වෙනුවෙන්. ජනාධිපති වරනෙන් පස්සේ රු. 25,000 හේ විශ්‍රාම වැටුපත් එක්ක හම්බන්තොට කුඹුරු කොටන්න තමයි වෙන්නේ (නදී)
මෙයානම් ගිලෙන නැවෙන් පනින්න ලැහැස්ති වෙනවා වගේ (අ)
සේනක ද සොයිසා සිරිවර්දන මහතාණනි, ඔබ හරියටම හරි නමුත් මම ඔය අදහස පල කරා නම් පළවෙන්නේ නැහැ (නදී)
තෙන්නකෝන් පවුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයින් නේද? (නි)
මෙන්න නියම අභියෝගයක් (නි)
වරදක් කර අසුවුවහොත් ඉල්ලා අස්වෙලා යන එක හරිද? එතකොට කෝ ඒකට දඬුවම? (නි)
නියමයි මහත්තයෝ, නියමයි! (නි)
සේනක ද සොයිසා සිරිවර්දන මහතාණනි, ඔබ හරියටම හරි. (නදී)
සේනක මහතා සමඟ එකඟ වෙමි (නි)
වැරද්දක් කළා නම් ඉල්ලා අස්වෙලා විතරක් මදි, හිරබත් කන්නත් වෙනවා නේද මහත්තයෝ? ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. බය නැතුව ඕනෑ දෙයක් කියන්න මහත්තයෝ. අපේ බඩපොත්ත පිටපොත්තට ගියත් අපි පුළුවන් තරම් බදු ගෙවලා ඕගොල්ලන්ව ආරක්ෂා කරනවා අපේ මහත්තයෝ (නි)