සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් මුල්‍ය සමාගමේ තැන්පතුකරුවෝ පිරිසක් කොළඹ 07,ධර්මපාල මාවතේ පිහිටි එම මුල්‍ය සමාගමෙහි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී අද උද්ඝෝෂණය කළහ.
සී අයි එෆ්එල් තැන්පතුකරුවන්ගේ සංගමය මෙය සංවිධානය කළේය.
විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් මුල්‍ය සමාගම් පරිශ්‍රයෙහි රැස්ව සිටි අතර අද සිට අඛණ්ඩ උපවාසයක් දක්වා මෙය ක්‍රියාත්මක කරන බවත් පසුව මාරාන්තික උපවාසයක් කිරීමට බලාපොත්තු වන බවත් තැන්පත්කරුවන් පැවසුහ.
දුක් මහන්සියෙන් උපයාගත් ධනය නීත්‍යනුකූල මුල්‍ය ආයතනයක ආයෝජනය කිරීමේ වරදට තමන් දැන් දඬුවම් විදින බව ඔවුහු පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් සෙලින්කෝ සමුහයේ තවත් සමාගමක් නේද? ගුරාගේ අඩිපාරේ යන ගෝලයෝ. කෝ මහ බැංකුවේ නිලධාරී බුදිද? තවත් දෙයක් මුල්‍ය සමාගම් බලෙන් කොටස් වෙලඳ පොලේ ලියාපදිංචි කරවා ඒවායේ ප්‍රමුඛ කොටස් කරුවන්ට වෙළඳපල මිලට වඩා වැඩිමිලකට විකුණලා ලාභගන්න සැලැස්සුවෙත් මේ නිලධාරී රැලමයි. ඒ තීන්දුව අද කොටස් වෙළදපොල කඩා වැටෙන්න මේක දරුණුලෙස බලපෑවා.(නදී)
මේ පසුගිය දවස්වල ඉඩම් කොම්පැනියක් කිව්වා කුඩා ළමයින්ට රුපියල් 10000ක් තැන්පත් කරන්න .විශ්වවිද්‍යාලය ඉගෙනගන්නා කාලයේදී මසකට 10000 ගානේ දෙනව කියල විශ්ව විද්‍යාලයට යන්ට බැරි වුනොත් මොකද වෙන්නේ ? එක කිව්වේ නැහැ (අ)
රටේ පාලකයෝ අහිංසක ජනතාවගේ මුදල් දානපති පන්තියට ගසා කන්න ඉඩදීලා කියලා බය නැතුව ප්‍රකාශ කරනවා.(නදී)
මහා බැංකුවේ අවසරයක් නොමෙතිව කිසිම මුල්‍ය ආයතනයක් ආරම්බ කල නොහැක. කිසියම් මුල්‍ය සමාගමක් වස්තු බංගත්වයට පැමිණියහොත් මේ මුදල් වලට සම්පුර්ණ වගකිය කියන්නේ ඕනේ මහා බැංකුව විසින්ය. (නදී)
සී අයි එෆ් එල් වල මුල්‍යමය ගැටලුව අවුරුදු ගණනක් .එසේ තිබෙද්දිත් මෙහි ප්‍රචාරක කටයුතු කරමින් මුදල් තැන්පතු ලබාගත්ත . මහා බැංකුව සද්ද නැතිව හිටිය .(අ)
අර දරුවත් වඩාගෙන ඉන්න ෆොටෝ එක දෙක්කහම පුදුම දුකක් දැනෙන්නේ (අ)
දැන්වත් ඔය වගේ ආයතන වල දාල තියන මුදල් ගන්න අවස්ථාව ඇවිල්ල. සුළු මුදලකට ආස වෙලා ඔක්කොම සල්ලි නැතිකර ගන්න එපා. (දිල්)
අයියෝ සල්ලි (දී)
සී අයි එෆ් එල් යනු මහ බැංකුව අනුමත කළ මූල්‍ය ආයතනයක්. නමුත් මහ බැංකුව කියන්නේ රජයේ බැංකුවල සල්ලි දාන්න කියලානේ (දිල්)
බලන්න ඒ මිනිස්සු දිහා, බොහෝම දෙනෙක් ජීවිතේම හම්බකරපු සල්ලි දාලා ඇති පව් (දිල්)
මීට කලින් එකපාරකුත් මේ මුල්‍ය ආයතනය සම්බන්දව මේ වගේම ප්‍රශ්නයක් මතු උනා. මේව ගැන මහ බැංකුව වග කියන්න ඕනේ. වහන්න ගිය කොම්පැනි එකක් ඕක.(නදී)
තමුන්ට ඕන නිසානේ දැම්මේ .එහෙනම් මොකටද උද්ඝෝෂණ (දිල්)
රාජ්‍ය බැංකු වල මුදල් දැම්මට ප්‍රශ්නය නැහැ නේද ? (දී)
මහා බැංකුව නැද්දෝ ... (දී)
කෝ අනේ සනත් සහ හඩ්සන්, මහා බැංකුව දුෂිතද (දී)
ලංකාවේ පදුරක් පදුරක් ගානේ. සමාජ සංවිධාන කෝ මේවාට මැදිහත් වෙන්නකෝ (දී)
දඬුවම් මුදලාලිලාට, සක්විතිලාට, ගෝල්ඩන් කීලාට, අහුවුන මිනිසුන් විඳින දුක දැක දැක සීඅයිඑෆ්එල් එකටත් අහුවුන මිනිසුන් ගැන ඉතින් මොනවා කියන්නද. පව්. (දී)
මෙවැනි අකටයුතුකම් රට තුල කොපමණ වුනත් මේවා වලක්වාගැනීමට පිළියම් යෙදිය යුතු අයට නම් කිසි ගානක් නැති හැඩයි (දිල්)