IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


තානාපති කුරේ ක්‍රිකට් ක්‍රීඩකයන් හමුවෙයි

ලබන වසරේ පවත්වන 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සදහා ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන ඉරිදා (10) එක්සත් ආරාබි එමිර් රාජ්‍ය බලා පිටත්වීමට නියමිතය.

 ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම සදහා ශ්‍රි ලාංකික ක්‍රිඩකයින් හත් දෙනකු ක්‍රීඩා කරන   අතර උප නායක  හා උප පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ ද ශ්‍රි ලාංකිකයන් දෙදෙනෙකි.

මේ පිළිබඳව ලංකාදිප එසෑණ වෙබ් අඩවියේ පළ කිරිමත් සමග තමන් පිළිබඳව ලෝකය පුරා ඇති ශ්‍රි ලාංකික වෙබ් මාධ්‍යයන් මගින් කතබහට ලක් වු බව ඉතාලි   ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිඩා කරන ක්‍රිඩකයින් කිහිපදෙනෙකු  පැවසීය.

ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා යෑමට මත්තෙන් ලබන සෙනසුරාදා (09) සවස රෝමයේ නව තානාපති බෙනට් කුරේ මහතා ඔහුගේ නිල නිවසේදී ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම  තේ පැන් සංග්‍රහයකට සහභාගී වීමට නියමිතය.

‘ඇත්තෙන්ම ඉතාලිය තුල ක්‍රිකට් හැකියාවන් ඇති ඉංදීයා හා පකිස්ථාන ක්‍රිඩකයින් සිටිනවා. අපේ රටේ අපේ දරුවෝ හත් දෙනෙක් ඉතාලි කණ්ඩායමට සෙල්ලන් කරනවා කියා දැනගත්තාම මට හරි සතුටක්  ඇති වුණා. ඔවුන්ට ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබන්න හැකිවෙවා කියා මම ප්‍රාර්තනා කරනවා.‘ යැයි  තානාපති බෙනට් කුරේ මහතා එසේ පැවසීය.

ලබන 15 වැනිදා එමිර් රාජ්‍යයේ දී ආරම්භ වන තරගාවලිය සදහා ටෙස්ට් වරම් නොමෑති රටවල් 16ක් ක්‍රිඩා කරති.



අදහස් (0)

තානාපති කුරේ ක්‍රිකට් ක්‍රීඩකයන් හමුවෙයි

රොෂේන් ද සිල්වා, බලපිටිය Wednesday, 06 November 2013 12:09 AM

තානාපතිතුමනි, ඉතාලිය සුදුසුකම් ලබන තරග වලින් දිනුවොත් මම පහතින් ඉල්ලන දේ ලබාදෙන මෙන් කාරුණික වනු මැනවි. ඔබතුමා අතිගරු ජනාධිපතිතුමා සමග කතාකර විස්සයි විස්ස තරග 5ක් ලබා දෙන්න ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග. ඒක ඉතාලි කණ්ඩායමට ලොකු අස්වැසිල්ලක් වේවි ලෝක කුසලානයට මුහුණ දෙන්න. ඔබ දන්නා පරිදි ඉතාලිය කියන්නේ ලංකාවට අවුරුදු ගානක් උදව් කළ රටක්. මමත් ඉතාලිය දැකලා තියෙනවා. ඒක නිසා අපි ඉතාලි ක්‍රිකට් කණ්ඩායමට ඉදිරි තරග ජයගැනීම සදහා සුබ පතමු. (නි)

:       0       0

නුවන් Wednesday, 06 November 2013 12:27 AM

ඉතාලි ක්‍රිකට් කණ්ඩායමට මීට පෙරද ශ්‍රී ලාංකිකයන් ක්‍රීඩා කළා.නමුත් සැමදෙන නොදකින ඉතාමත් අමාරු කාර්යයක් මේ ක්‍රීඩකයන් සිදු කරමින් සිටිති. (නි)

:       0       0

නිහාල් ජෙනෝවා Wednesday, 06 November 2013 11:49 AM

අනේ මන්දා ක්‍රිකට් ...ක්‍රිකට් ....ක්‍රිකට් අපේ අයට ඕන ප්‍රශ්නයක් අමතක කරලා දාන්න පුළුවන් ක්‍රිකට් මැච් එකක් කිවොත් .මිට වැඩ නරකද එම්බසියේ ඇතුලේ තියන ප්‍රශ්න ටික ඉවර කරගත්ත නම් ? (ස)

:       0       0

නුවන් Wednesday, 06 November 2013 01:19 AM

ඉතාලි ක්‍රිකට් කණ්ඩායමට මින් පෙරද ශ්‍රි ලාංකිකයන් ක්‍රීඩා කර ඇත. මෙම පුවත එසැණ පුවත් තුලින් පළ කිරීමට උනන්දු වූ කෙනෙකු ලෙස මා හට මෙය සටහන් කළ යුතුමය. මෙම ක්‍රීඩකයන් ඉතාමත් ලොකු කැපවීමක් කරමින් සිටිති. නමුත් ඉතාලි ක්‍රිකට් සංගමය මේ දක්වා කණ්ඩායමක් ලෙස මොවුන් පුහුණු කර නැත.ක්‍රීඩකයන් තමන්ගේ සහජ හැකියාවෙන් දස්කම් දක්වති.මෙම තරගාවලිය සදහා සහභාගි වන අනෙකුත් කන්ඩායම් වෘත්තීය මට්ටමින් තම ක්‍රීඩකයන්ට සළකන අතර ඔවුන් මුළු වසර පුරාම වැටුප් ලබති.අප ක්‍රීඩකයන් සාමාන්‍ය රැකියාවන් කරමින් ඉහළ දස්කම් දක්වති. (නි)

:       0       0

මානෙල් වෙම්බ්ලි Wednesday, 06 November 2013 01:23 AM

මේ කට්ටිය ලන්ඩන් වල ඉඳලා ආ කෙනාට නම් පෙන්නන්න එපා, (නි)

:       0       0

සමන් පෙරේර Wednesday, 06 November 2013 01:42 AM

මා ඇතළු ශ්‍රී ලාංකිකයන්ගේ උණුසුම් සුභ පැතුම්.(නදී)

:       0       0

නිරෝෂන් Wednesday, 06 November 2013 08:31 PM

ඔබගේ පැතුම ඒ ආකාරයෙන්ම ඉටුවේවා! (නි)

:       0       0

බංඩා Wednesday, 06 November 2013 04:19 AM

අනේ තනාපති තුමෝ ආපු ගමන් ඕවට වඩා කරන්න වැඩ ඕනෑ තරම් තියෙනවා අමතක කරන්න එපා ඔබතුමා මෙහි ක්‍රීඩා ඇමති නෙමේ ,ශ්‍රී ලංකා තානාපති තුමා .(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 06 November 2013 05:54 AM

තානාපති තුමා ආපු ගමන් කලයුතු ඉතාමත් වැදගත් අතපසු නොකළ යුතු දේවල්. (නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 06 November 2013 08:21 AM

ඔවුන්ට සුභ පතනවා. එතුමාත් හොද ක්‍රීඩා ලෝලියෙක් වගේ (නි)

:       0       0

අබ්දුල් Wednesday, 06 November 2013 09:24 AM

ජය වේවා කොල්ලනි,,,,ජයවේවා... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 666 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 306 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 293 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 303 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 349 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 455 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site