IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


තානාපති කාර්යාලයය කළ වැඩෙන් පවුලක් අමාරුවේ

රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාල නිළධාරියකූ අතින් සිදු වු වරදක් නිසා නිවාඩුවක් සදහා ශ්‍රී ලංකාවට ගොස්  ඉතාලියට පැමිණිමට නොහැකිව බණ්ඩාරනායක ගුවන් තොටුපළින් තමා ඇතුළු  පවුලේ උදවියට නැවත හැරියෑමට සුදුවු බව වෙරෝනා නුවර පදිංචි ටයිටස් වෙත්තසිංහ මහතා පවසය. ඔහුගේ බිරිද වන ජි ඵල් ඵ් ස්වර්නලතා ජයවර්ධනට 2003 වර්ෂයේදි රෝමයේ තානාපති කර්යාලය මගින් නිකුත් කළ ගමන් බලපත‍්‍රයට දියනියගේ ඡයාරුපය  අලවා ඇය ද මවගේ ගමන් බලපත‍්‍රයට ඇතුළු කොට ඇත. 2004 දී  ලංකාවට ගිය ස්වර්ණලතා මහත්මියට ගුවන් තොටුපල ආගමන විගමන නිළධාරින් කියා තිබෙනුයේ  ඩිජිටල් තාක්‍ෂණයෙන් මුද්‍රණය වන ඵන් ගමන් බලපත‍්‍රයට දරුවන්ගේ නම් ඇතුළත් කළ නොහැකි බවයි. දරුවාට වෙනම ගමන් බලපත‍්‍රයක් ලබාගත යුතු බවයි තමාගේ ගමන් බලපත‍්‍රයට විශාල මුදලක් වැය කළ බවත් නැවත මුදල් ගෙවීමක් කළ නොහැකි බවත් ඇය ආගමන විගමන නිළධාරින්ට කිව් පසු නව ගමන් බලපත‍්‍රයක් නොමිලේ ඇයට ලබා දී ඇත. වසර පහකින් කල් ඉකුත් වු ඵම ගමන් බලපත‍්‍රය  2009 03 13 වන දින රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාලය මගින් 2014 02 13 වන දිනට බල පැවැත්වෙන පරිදි දිර්ඝ ඇත. ඵතැන් සිට  ඵම ගමන් බලපත‍්‍රය උපයෝගි කොට තුන් වතාවක් ඔවුහු ලංකාවට ගියහ. මෙවර කටුනායක ගුවන් තොටුපලේ දි ගමන් බලපත‍්‍රය පරික්‍ෂා කළ ආගමන විගමන නිළධාරිනිය ඵම ගමන් බලපත‍්‍රයෙන් ගුවන් ගමන් සදහා ඉඩදිය නොහැකි යැයි පවසා ඇත. 2004 වර්ෂයේ කොළඹ ආගමන විගමන කර්යාලයෙන් ඇයට ගමන් බලපත‍්‍රය කිකුත් කිරිමේ දි හතරවන පිටුවේ ඉංග‍්‍රීසියෙන් සටහන් කොට තිබු දෙය ඇයට ද වැටහි නොමැත. නොමිලේ නිකුත් කළ ගමන් බලපත‍්‍රය වසර පහකට පමණක් බලපැවැත්වෙන බව ඵහි සටහන්ව ඇතැයි ආගමන විගමන නිළධාරිනිය ඇයට පවසා තිබේ. රෝමයේ තානාපති කර්යාල නිළධාරියා පස් වැනි පිටුවේ ඵම ගමන් බලපත‍්‍රය 2014 වන තෙක් දිර්ඝ කර තිබෙනුයේ ඵ් ගැන වැටහිමක් හෝ නොදැක විය යුතුයැයි ඵම නිළධාරිනිය  කියා ඇත. මමයි මහත්තයයි අපේ අබාධිත දුවත් සමග දවස් දෙකක් කොළඹ රස්තියාදු වෙලා තමයි අලුත් ගමන් බලපත‍්‍රය හදා ගත්තේ. අපි ඉතාලියට යාගන්න බැරුව නැවත හැරුනත් මගේ පුතා තනියම ආවා (ටෙලින්ටන් වෙත්තසිංහ 19) ඵයාට සැප්තැමිබර් 14 වැනිදා මිලානෝ අයි ටී ඵස් ලොමිබාර්දෝ සරසවියට ඇතුළ වීමේ විභාගය තිබුනා. ගෙදර කවුරුවකුත් නැතිව ඵයා වෙරොනා ඇවිත් නැහැ. මල්පෙන්සා ගූවන්තොටුපළේ පැය 24කටත් වඩා කාලයක් ඉදලා තමයි පුතා ගිහින් විභාගයට මුහුණ දුන්නේ ඵයා ගූවන් යානා ඉංජිනේරු පීඨයට ඇතුළත්වීමේ කඩඉමි විභාගයෙන් ඉතාලියෙන්ම දෙවැනියා වුණා. හෙලිකොප්ටර් ඉංජිනේරු පීඨයටත් ඵයා ඉල්ලුමි කළා. ඵ් විභාගයෙන් ඵයා පලමුවෙනියා උනා. රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාල නිළධාරින්ගේ නොසැලිකිලිමත් බව නිසා මගේ පුතා වගේම අපි හැමෝම ඉතා අසරණ වුණා. ඇය ඵසේ කියයි. මේ පිළිබඳව වීමසීමට දින කිහිපයක්ම තානාපති අසිත පෙරේරා සමිබන්ධ කරගැනිමට උත්සහා කළත් ඔහු දුරකථනට සමිබන්ධ නොවීය.  කොන්සියුලර් අංශයේ නම සදහන් කිරිමට අකමැති වු නිළධාරියා කියා සිටීයේ මේ පිළිබඳව ලංකාදීපයට  කරුනු කරණා කිව නොහැකි බවයි. සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ඒ ගැන තානාපති කාර්යාලයට තකා කළ යුතු බව ඔහු කීවේය. ටයිටස් වෙත්තසිංහ මහතා කියනුයේ තමා කතා කළත් කිහිප විටක්ම දුරකථනයේ වැඩිවේලාවක් රදවා ගනිමින් තමා රස්තියාදු කළ බවයි.



අදහස් (0)

තානාපති කාර්යාලයය කළ වැඩෙන් පවුලක් අමාරුවේ

සරත් Monday, 08 October 2012 03:19 PM

ඉස්සර තානාපති කියලා කියන්නේ හොඳ ඔලුවක්....ඒත් දැන් ????,(ස)

:       0       1

නිරාන් Monday, 08 October 2012 03:31 PM

මේ වැරැද්දෙන් භාගයක් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට ගියයුතු වුවද, මෙම ගමන් බලපත්‍රය හිමිකෙනාද මීට වගකිව යුතුයි. (නි)

:       0       0

රිෂි Monday, 08 October 2012 03:28 PM

මට හිතෙන විදියට තානාපතිවරුන් පත් කරද්දී, රටවල් සම්බන්ධයෙන් සහ ඉතිහාසය සහ සංස්කෘතිය ගැන විශේෂ උපාධියක් සමත් අය පමණක් පත්කළ යුතුයි. (නි)

:       0       0

අමල් Monday, 08 October 2012 11:35 AM

නීතියක් නැති රටේ ඕවත් කජ්ජක්ද? (නි)

:       0       0

ගලබොඩ ඉතාලිය Tuesday, 09 October 2012 12:50 PM

මෙතන දුරකථනයට පිළිතුරු දුන්න කාන්තාවට රාත්‍රී පාසලකටවත් ගිහිං ඉංග්‍රීසි ඉගන ගන්න වෙයි..!(නු)

:       0       0

රජිත් Monday, 08 October 2012 04:07 PM

හාපෝ.... ඉතාලි එම්බසියේ ෆෝන් ආන්සර් කරන එක්කෙනා ගැන කුමන කතාද??? ෆෝන් එකේ සල්ලි ටික ඉවරවෙන එක විතරයි.... කොහොමහරි ට්‍රයි කරල කතාකරාම යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් දීල ෆෝන් එක තියනව..... විශය පිළිබඳ කිසිම අවභෝදයක් නෑ.... ඒ අහපු ප්‍රශ්ණෙම තව දවසක ඇහුවත් ගොං උත්තරයක් දෙනවා...... අඩුගානේ තමුන්ගේ රැකියාවට අදාල දේවල් ඉගෙනගන්නවත් හිතක් පහල වෙන් නැති කෙනෙක්..... ෆෝන් එකට ආන්සර් කරන්නෙත් උදේ ඇහැරුනු මූඩ් එකට අනුව තමයි....... මොනව කරන්නද..... ඔය වගේ වැඩ කරන අයට කතාකරන්න අම්ම අප්ප යසට කට හදල තියෙනව.... ඒත් ඉතින් කටපියන් අපේ වැඩේ කරගන්න එපැයි...... (කටපියන් ඉන්න නිසා අපි නෝන්ජල් කියල ඒ ඇත්ති හිතනව ඇති ) බලධාරීන් මේ පිළිබඳව සොයා බලත්වා..... ,(ස)

:       0       0

පිටිගල Monday, 08 October 2012 11:47 AM

අනේ මගේ කට, එයාලා දන්න ඉංගිරීසි (ස)

:       0       0

ගලබඩ Monday, 08 October 2012 11:56 AM

තානාපති කාර්යාලයේ සේවය පිරිහී ඇති බවට මෙය හොද සාක්ෂියක්. (නි)

:       0       0

උදය Monday, 08 October 2012 04:16 PM

මේ වගේ මිනිස්සු අමාරුවේ දාන වැඩ කරන්නේ දේශපාලන පත්වීමකින් ආපු කෙනෙක් වෙන්න ඇති. (නි)

:       0       0

ගිහාන් Monday, 08 October 2012 04:23 PM

මොකද අනේ වෙන්නේ මෙහේ ටිකක් වැඩිපුර ඉදලා ගියහම? අනික ඕවත් ප්‍රශ්නද? අපිට මේ බොන්න වතුර ටිකක්වත් නැහැ. (නි)

:       0       0

මොහොමඩ් අලි Monday, 08 October 2012 12:03 PM

ඉංග්‍රීසි නොදන්න එක තමයි මෙයාලගේ සුදුසුකම (ස)

:       0       0

වරුණ Monday, 08 October 2012 12:12 PM

කවුරු මොන වැරැද්ද කළත් අන්තිමට පීඩා විදින්නේ කවුද? වැරදිකාරයෝ හැමදාම සැප විදිනවා. (නි)

:       0       0

සුනිල් Monday, 08 October 2012 04:45 PM

ඒ අතින් බලනකොට බර්ලින් වල හරි හොදයිනේ (නි)

:       0       0

ශාන්ත Monday, 08 October 2012 04:51 PM

නඩුකාරතුමෙක් ළගට ගිහින් ඔයාලට වුණ දේට වන්දියක් ලබාගන්න බලන්න. (නි)

:       0       0

ලලිත් Tuesday, 09 October 2012 01:52 AM

ඉතාලියේ නැද්ද මාධ්‍යවේදියෙක්, මේ දූෂණ හෙළිකරන්න. (නි)

:       0       0

ශානි Monday, 08 October 2012 12:50 PM

කෝ වගකිවයුත්තෝ? (නි)

:       0       0

බන්දුල Tuesday, 09 October 2012 02:18 AM

අයියෝ සල්ලි

:       0       0

ප්‍රනාන්දු Tuesday, 09 October 2012 02:40 AM

තානාපති ,තානායම්පති මාරුවෙලා (ස)

:       0       0

නුවන් Monday, 08 October 2012 01:05 PM

කොහෙත් මෙහෙම තමයි (නි)

:       0       0

හිරුෂි Tuesday, 09 October 2012 03:28 PM

මෙතන වරද කරලා තියේනනේ ආගමන නිලධාරිනියයි.. ආගමන විගමන කාර්යාලටය තියෙන බලතල තානාපතිකාර්යාලටය්ත තියෙනවා.. මේක වැරදි වැඩක් වෙන්න බැහැ.. මේ ඔක්කොටම මුල පාස්පෝට් හදන එක පරිගණක ගත නොවන එකයි..!(නු)

:       0       0

කිර්ති Monday, 08 October 2012 01:28 PM

මේවා කාටද කියන්නේ ඉතින්

:       0       0

දිල්කි Monday, 08 October 2012 06:07 PM

මේ එක් සිදුවීම්ක් පමණයි. තව බොහෝ ඇත. (නි)

:       0       0

ලාල් ගලබඩ... Monday, 08 October 2012 01:46 PM

ඉතාම කනගාටු කරුණකි.ඇත්තටම තානාපති කාර්යාලයට කතා කලොත්,මුලින් දුරකතනයට පිළිතුරු දෙන කාන්තාව කරන්නේ සංගීත කාණ්ඩයකට යොමුකිරීමයි,ඉන්පසු තම ජංගම දුරකතනයේ මුදල් ඉවර වූ පසු ඉබේම දුරකථනය විසන්දි වේ.{මේ තත්ත්වය මීට 10 වසරකට ඉහතද තිබුණු තත්ත්වයකි.}මේ රටවල ජිවත් වන ලාංකිකයින් රටගැන,තානාපති අංශ,නිලධාරීන් ,ගැන පුදුම සහගත පැහැදීමකින් ඉන්නේ. (ස)

:       0       0

හෂාන් Monday, 08 October 2012 06:49 PM

මේවා ගැන හොයන්න බලධාරීන් නැද්ද

:       0       0

දිසානායක Monday, 08 October 2012 02:22 PM

ඔය වගේ අත්‍යවශ්‍ය තැන් වලට අනුවන අය දැම්මහම ඔහොම වෙනවා (ස)

:       0       0

පිටිගල Monday, 08 October 2012 06:51 PM

මේකටත් ලන්ඩන් ලංකා එම්බසියේ ඉන්නවා වගේ කාර්යශූර කට්ටියක් දාන්න ඕනෑ. (නි)

:       0       0

පියල් Monday, 08 October 2012 07:01 PM

කනගාටුයි

:       0       0

රුවන් Monday, 08 October 2012 02:33 PM

ඉතින් පුතාගේ පින්තූරයක් මේකට සම්බන්ධකරේ මොකද ? (ස)

:       0       0

නිශාන්ත Monday, 08 October 2012 02:43 PM

එහෙම දෙයක් වුණා නම් ඊට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගන්නයි තියෙන්නේ. (නි)

:       0       0

කාලිංග Monday, 08 October 2012 02:55 PM

මේ වූ එක සිද්දියක් විතරයි

:       0       0

කල්ප Monday, 08 October 2012 03:01 PM

මේවාට දඩුවම් දෙන්න ඕනේ

:       0       0

සංජීව Monday, 08 October 2012 03:12 PM

චීන එම්බසි එකට කතා කළහම ඔක්කොම කියන්නේ චීන භාෂාවෙන්. අපිට පිස්සු හැදෙනවා. (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 08 October 2012 03:07 PM

මේ ගොල්ලො ගැන කතා කරල පත්තරේ පිටු නාස්ති කරන්න එපා, කතිරෙට පින්සිද්ද වෙන්න මේවල වෑඩ කරනව , තානාපති කෙනෙක් කෙලින්ම කිව්වනෙ ගිය සතියෙ මෙයාලගෙ දෑනුම ගැන.රටවල් කීයක මිනිස්සු දුක් විදිනවද මේ මෝඩ නිලදාරින් හින්ද? (ස)

:       0       0

ජයී තිසර Tuesday, 09 October 2012 12:23 PM

තානාපති අයට ලංකා මුදල් යොදා ඇත්තේ උදව් කෙරුමට අපි රට ගියදා නැත්තේ එවැනි දේ දැක සතුටින් සැමදා ලොක්කෝ අවදිවනු නින්දෙන් ඇස පියදා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 3 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 66 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1714 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 485 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 432 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39701 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site