IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තැන්පත්කරුවන්ට සැනසුම් සුසුම්

ලලිත් කොතලාවල මහතාගේ ‘ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි රියල් ස්ටේට්‘ හා ‘ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි ප්‍රොපටි ඩිවෙලොපර්ස් ප්‍රයිවට් ලිමිටඩ්‘ ආයතන දෙකේ තැන්පත් කරුවනට ඔවුන්ගේ තැන්පතු ගෙවීම් සඳහා තැන්පත්කරුවන්ගේ සංගමයේ සාමාජිකයෝ සිව්දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (22) අධ්‍යක්ෂවරුන් ලෙස පත් කරනු ලැබූහ.

ස්වාධීන තැන්පත්කරුවන්ගේ සංගමයේ සී.කල්දේරා හා මහින්ද විජේසූරියද තැන්පත්කරුවන්ගේ සංගමයේ උපාලි රාජපක්ෂ හා ඈෂ්ලි විලත්ගමුවද ඔවුහුය. ප්‍රියසාත් ඩෙප්, උපාලි අබේරත්න හා අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය තැන්පත්කරුවන්ගේ නීතිඥවරුන්ගේ ඉල්ලීම අනුව ඔවුනට එම පත්වීම් දී නඩුව අවසන් කළේය.

බැංකු ගිණුම් පවත්වාගෙන යාම සඳහා නව අධ්‍යක්ෂවරුනට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය එම අධ්‍යක්ෂවරුන් සෙලින්කෝ ෆින්ගාරා ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ක්ලබ්, ෆින්ගාරා ඉන්ටනැෂනල් ක්‍රිකට් ඇකඩමි ප්‍රයිවට් ලිමිටඩ්, එෆ් ඇන්ඩ් ජී මැනේජ්මන්ට් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් හා එෆ් ඇන්ඩ් ජී හවුසින් ප්‍රයිවට් ලිමිටඩ් යන අනු සමාගම්හි අධ්‍යක්ෂවරුන් ලෙසද පත් කරනු ලැබූහ.

 



අදහස් (0)

තැන්පත්කරුවන්ට සැනසුම් සුසුම්

මුණසිංහ Saturday, 23 May 2015 02:57 AM

අතයට ගනුදෙනු අැතොත් තව ටික දිනකින් එළියට ඒවි (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 23 May 2015 12:25 PM

මේ සල්ලි ආපසු ගෙවන්න ආණ්ඩුව මැදිහත් වුණානම් කාගේ සල්ලි වලින්ද ගෙවන්නේ? දන්නා කෙනෙක් කියන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 82 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 359 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2391 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 252 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 1024 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1054 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37585 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24773 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 702 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 256 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site