තිරප්පනේ ගල් ගුහාවක දිවි ගෙවන දරු දෙදෙනාට මවට හා අවුරුදු 79ක් වන මවගේ පියාටත් මුදල් පරිත්‍යාගයක් කිරීමට තම කාර්යමණ්ඩලය ඉදිරිපත් වූ බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතා පවසයි.
දෙසැම්බර් මස 29වන ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවූ පුවත කියැවීමෙන් පසුව ඔහු මේ බව කීවේය.
තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් වරයාට කතා කළ බවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එම අසරණයින්ට නිවසක් තනාදීමට ඉදිරිපත්ව ඇති බවත් කිසිවක් කරකියාගත නොහැකි දරු දෙදෙනාගේ මවගේ ඉල්ලීම පිට නව නිවාස ඉදිරිපිට කුඩා වෙළද සලක් විවෘත කැර ගැනීමටත් පාසල් නොයන දරුවා පාසලකට ඇතුලත් කිරීමටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත්ව වී ඇතැයි තානාපති පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දන , තානාපති තුමා දෙවියෙක් කියලනම් මම විස්වාස කරන්නේ නැහැ මොකද මේක පුණ්‍ය කර්මය කරන්නේ එතුමාගේ කාර්ය මණ්ඩලේ හැමෝගෙම උදවුවෙන් නිසා , හැබැයි මෙහෙම කියන්න මම පුළුවන් එතුමා හොඳ ප්‍රගතිසිලි මනුස්සයෙක් කියල (දී)
ඔබතුමන් නම් නියම දෙවියෙක් (දී)
කොටිකාවත්තේ පුරවැසියෙක් හැටියට ඔබතුමාට සහ ස්ටාෆ් එකට ජර්මනියේ සිට මගේ ප්‍රණාමය.(නදී)
ඔන්න කරන්න ඕන වැඩ, ලංකාදීපයට පින්සිද්ද වෙන්න, බෙනට් මහත්තය කැපවුණා. ඔය හොරුන්ට ඡන්දය දෙන්න යන්න එපා, දෙනවා නම් තමන්ට උදව් කරපු උත්තමයින්ට ඡන්දය දෙන්න. (නදී)
අනේ කවුරු හරි මැදිහත් වෙලා ලැබෙන මුදල හරියට දෙන්න බලන්න. නැත්තම් දන්නවනේ අපේ අයගේ තරම.(නදී)
හොද හදවතක් ඇති තවත් මිනිහෙක්.දුප්පතාගේ දුක හදුනන ඔවුන්ට පිහිට වෙන අතලොස්සක් මිනිසුන් අතර තවත් මිනිසෙක්.චීරන් ජයතු මැතිදුනි (දිල්)
කුරුවිට කූරගලත් මේ වගේම දරු පවුලක් ඉන්නවා. අම්මයි තාත්තයි එක්ක නම දෙනෙක්. සමෘද්ධියවත් නැහැ. කවුරු හරි උදව් කලොත් හොඳයි.(නදී)
මෙච්චර රටේ මුදල් නාස්ති කරනවා. හොරා කනවා. මේ වගේ දුක් විඳින මිනිස්සු කොච්චර නම් ඉන්නවද. ලොකු අයගේ පපුව උනුවෙන්නේ නැත්තේ ඇයි? (නදී)
අපේ තානාපති තුමා "හංස පදනම " තුළින් ද කොළොන්නාව අහිංසක, දුප්පත් අසරණයින්ට පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට අත හිත දෙන්නා වූ සාධාරණ වුද යහපත් වුද බුද්ධිමත් වුද ඉතා අවංක වුද ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකි. ඔබ තුමාට චිරං ජයතු! (නදී)
මේ වගේ අසරණ කී දෙනෙක් අපේ රටේ ඇතිද? නුවන්,අපේ රටේ වෙස්සන්තර රජ්ජුරුවොවත් එයාගේ නෑදෙයක්වත් ඔය පක්ෂ දෙකෙන් තවම බිහි වෙලා ඉන්නවා අපි අහල දැකල නැහැ. බලාපොරොත්තු වෙන්නත් බැහැ. (නදී)
අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට පුළුවන් මේ වගේ අසරණයන්ට පිහිට වන්න. අනේ මන්දා ඉතින්.(නදී)
සමහරු සැණකෙළි කාර් රේස් ක්ලබ් වලට එක රැයකට වියදම් කරන මුදලින් මෙවැනි ගොඩක් වැඩ කරන්න පුළුවන් එත් එයාලට එහෙම හිතන්නේ නැත්තේ රටේ අවාසනාවට (දී)
කොලබ කාර් රේස් වලට වියදම් කරන සල්ලි වලින් සොච්චමක් වියදම් කලානම් මේ වගේ අසරණයෝ කී දෙනෙකුට උදව් කරන්න පුලුවන්ද? (දී)
ඔබ තුමා නම් දෙවියෙක් ඔබට ජය (දී)
ආදර්ශමත් කාර්යයක් ඉතාම හොද වැඩක් ස්තුති නුබට (දී)
ගරු තානාපතිතුමනි ඔබේ උත්තම ක්‍රියාවට අපගේ ප්‍රණාමය ,(දී)
ඔබට මෙවන් උතුම් කටයුතු කිරීමට වැඩි වැඩියෙන් හැකියාව ලැබේවා !(දී)
හොඳ ලස්සන මහත්තයෙක්. (නදී)
හදවත උණු කරන්නට පන්දම දැල්වූ පුවත්පතට සහ එම වාර්තාකරුට බුදු බව ලැබේවා! (නදී)
හොඳ වැඩක් කරලා තියෙන්නේ. මට හිතෙන්නේ එතුමා රෝමය ට ගියාට හිත තියෙන්නේ ලංකාවේ කියලා.(නදී)
රෝම ශ්‍රී ලංකා තානාපති සේවයේ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා! රෝමයේ ශ්‍රී ලංකා තානාපති තුමා දුප්පත් අයගේ හද ගැස්ම දන්නා උතුම් මහත්මයෙක්.(නදී)
අනේ අපි සියලු දෙනාම එකතු වෙලා මේ දරු පවුලට උදව් කරමු. ජිවීත යටම කරගන්න ලොකුම පිනක් ? ලෝකේ ඉන්න පිනට කැමැති සියලු දෙනාගේම සිත් වලට මේ පුවත නෙත ගැටී.ඔබලාගේ කාරුණික හදවත් මේ අසරණයන්ට කුමන හෝ අයුරකින් උපකාරයක් කිරීමට ඉදිරිපත් වනු ඇතැයි මගේ විශ්වාසයයි ?(දිල්)
වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම නියම හදවතක් ඇති මනුස්සයෙක්.(දිල්)
ඔබ තුමාලට පින්.(දිල්)
පින් සිදුවෙනවා ඔබ සැමට.(නදී)
ඔබගේ මිනිසත්බවට ස්තුතියි........ (දී)