IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


තානාපතිට මුවා වී කුඩු අදින්න හදලා

රුපියල් කෝටි විසිහතරක් වටිනා   පිරිසිදු හෙරොයින් කිලෝග්‍රෑම් තිහක් ශ්‍රී ලංකාවේ සිට ඩුබායි හරහා උගන්ඩාවේ එන්ටැඹේ නුවර වෙත රැගෙන යාමට උත්සහ කල ලයිබීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.

සැකකරුගේ වයස අවුරුදු පනස් හතකි.  ඔහු  තානාපති ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් මීට දින කිහිපයකට පෙර  ගමන් මළු දෙකක්ද රැගෙන උගන්ඩාව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.

එහිදී රේගු  නිලධාරීන් විසින්  ඔහු රැගෙන ආ  ගමන් මළු  පරීක්ෂා කිරීමට උත්සහ ගත් විට ඔහු  තානාපති වරප්‍රසාද භාවිතා කරමින්  එය  ප්‍රතික්ෂේප කර ඇත.  තමන් සමග උගන්ඩා තානාපතිවරයා පැමිණි බවත් ඔහු ප්‍රභූ පර්යන්තයේ සිටන බවත් අදාල ගමන්මළු දෙක තානාපතිවරයාගේ බවත් සැකකරු රේගුවට පවසා ඇත.

පසුව රේගු නිලධාරීන් විසින්  ප්‍රභූ පර්යන්තයේ උගන්ඩා තානාපතිවරයා සිටී දැයි විමසා ඇතත් එහි සිටි නිලදාරීන් පවසා ඇත්තේ එවැන්නෙකු පැමිණ නැති බවයි.

කෙසේ වෙතත්  තානාපති වරප්‍රසාද සහිත පුද්ගලයෙකු රදවා ගැනීමට හෝ එවැනි පුද්ගලයෙකුගේ භාන්ඩ විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව පරීක්ෂා කිරීමට රේගුවට බලයක් නොමැති බැවින් මේ පිළිබ‍්දව ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යංශයේ සංධාන අංශයට දන්වා ඇත.

 එම අවස්ථාවේ  සැකකරු රේගුවට පවසා ඇත්තේ තමන් දෙහිවල ප්‍රදේශයේ හෝටලයකට යන බවත් තානාපතිවරයා සමග සදුදාට එන බැවින්  එතෙක් ගමන් මළු රේගුවේ දමා යන බවයි.  

මේ අතර  විදේශ කටයුතු අමාත්‍යංශය විසින් රේගුවට දන්වා ඇත්තේ  උගන්ඩාවේන් හෝ ලයිබීරියාවෙන් කිසිදු තානාපති නිලදාරියෙක් මෙරටට පැමිණ නැති බැවින් රේගු කටයුතු සිදු කිරීමට කිසිදු බාධාවක් නැති බවයි.

ඒ අනුව ඊයේ සැකකරු අත්අඩංගුවට ගැනීමට අදාල හෝටලයටද ගියද ඔහු එහි නොසිටි බව රේගුව කියයි. පසුව විදේශ කටයුතු අමාත්‍යංශය සමග එක්ව රේගු නිලධාරීන් විසින් සැකකරු සොයාගෙන ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මීට පෙර තුන්වතාවක් ශ්‍රී ලංකාට පැමිණ ඇති බව රේගුව කියයි.  රේගුව විසින් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී  සැකකරු පවසා ඇත්තේ තමන් වෘත්තියෙන් පතල් කැනීම් උපදේශකයෙකු බවයි.

රේගුව පවසන්නේ  සැකකරු තානාපති නිලධාරියෙකු නොවන බවයි. 

මේ පිළිබ‍්ද විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ  නියෝජ්‍ය රේගු අධයක්ෂකවරුන් වන මහින්ද කල්පගේ, කේ.ඒ ධර්මසේන, දීපාල් සිරිබද්ධන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ජී.ඩබ්ලිව් මංජුල ප්‍රසාද්, පී.ඒ.ඩී.පී පෙරේරා, ඩබ්ලිව්.වී.එම් මධුසංක, ඩී.එන්.ටී ප්‍රනාන්දු, ඒ ඥානමෝහන් සහ සහකාර නිවාරණ නිලධාරීන් වන සම්පත් ගී ගනගේ, අජිත් ඉලේසිංහ යන නිලධාරීහු සිදුකරති.

 

 



අදහස් (0)

තානාපතිට මුවා වී කුඩු අදින්න හදලා

ශාන්ත ලාල් Wednesday, 06 November 2013 10:01 AM

කාලෙකට පස්සේ නියම වැටලීමක්. ඔන්න මගේ ප්‍රණාමය! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 06 November 2013 10:14 AM

ඕක තමා කියන්නේ නොගැළපෙන රටවල් සමඟ සබඳකම් පැවැත්වීමේදී ප්‍රවේශමෙන් කියලා.විශේෂයෙන් අප්‍රිකානු රටවල්. (ස)

:       0       0

චන්දන ගංගොඩ Tuesday, 05 November 2013 10:43 PM

ශ්‍රී ලංකා රේගුවේ නිර්භීත නිලධාරී මහත්වරුනි, ලෝකයටම වස කවන මෙවන් ලෝක හොරුන් නීතියේ රැහැනට හසු කර ගැනීමට සමත් වන ඔබ සැමට අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමි වේ. (ස)

:       0       0

මාරි Tuesday, 05 November 2013 10:48 PM

මෙයාට කොහෙන්ද මේ කුඩු ටික ලැබුනේ? එතකොට ලංකාවේ කුඩු ගබඩාවක් තියෙනවද? මොනවා වුනත් රේගුවේ හොද වැටලීමක්. හැබැයි මින්පස්සේ ගුවන්තොටුපොලේ වී.අයි.පී පැත්ත චෙක් කලා නම් නේද හොද. (ස)

:       0       0

නුවන් Wednesday, 06 November 2013 06:39 PM

රේගුවට කරන්න තිබෙන්නේ ඇතුළුවෙන පිටවන දොරවල් ළග තියන්න හොද බල්ලෝ දෙන්නෙක්.කවුරුත් බය වෙයි වැරදි කරන්න. (නි)

:       0       0

සරත් විමලසූරිය Tuesday, 05 November 2013 10:49 PM

පොල්ගහට

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 06 November 2013 10:21 AM

ඇයි අත්අඩංගුවට ගත්තේ? (නි)

:       0       0

හේමන්ත Wednesday, 06 November 2013 10:22 AM

රේගුවට අපේ උපහාරය! එහෙත් මේ මහත්තුරු මීට වඩා යුහුසුළුව සිංහල භාෂාව උච්චාරණය කරන්න ඉගෙන ගන්න ඕනෑ. කාලේ කන්නේ නැතුව. (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 05 November 2013 11:32 PM

ඕක තමා කියන්නේ නොගැළපෙන රටවල් සමග සබදකම් පැවැත්වීමේදී ප්‍රවේශමෙන් කියලා,විශේෂයෙන් අප්‍රිකානු රටවල් (නි)

:       0       0

කුමාරන Tuesday, 05 November 2013 11:32 PM

දැන් අමුතුම හොරු කණ්ඩායමක් ඉන්නවා.ඉතාම ඉහළ පැලැන්තියට ඉදගෙන චතුර ලෙස විදේශ භාෂා හසුරුවන,ලෝභ නැතුව වියදම් කරන කණ්ඩායමක්.මොවුන් ලෝකේ පුරාම ඉන්නවා.මිනිසුන් ඉතාම පරිස්සම් වෙන්න ඕනෑ. (නි)

:       0       0

සෙනරත් Tuesday, 05 November 2013 11:33 PM

ටික දවසකට කලින් ලංකාවට ගෙනත් අහු වුණ කිලෝ දෙසීයද දන්නේ නැහැ (නි)

:       0       0

චමින්ද ජයනාත් Wednesday, 06 November 2013 10:55 AM

මේ වගේ නිළධාරින් සිටීම රටට වාසනාවක්. හැබැයි මේ පුවත දැක්කහම මට හිතුනෙ දැන් ලංකාව මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් වෙලා ඉවරයිද කියලා....? (ස)

:       0       0

අසේල Tuesday, 05 November 2013 11:47 PM

ඔය වගේම අර ලංකාවේ මැණික් ගෙනියන එකත් නැවත්තුවොත් නරකද? (නි)

:       0       0

ලාරා Wednesday, 06 November 2013 12:01 AM

පාන් පිටි කියන්න එහෙම එපා පස්සේ හොඳේ (නි)

:       0       0

යු. එස්. ඒ Wednesday, 06 November 2013 01:06 AM

ලනකාවට තානාපති බලපත්‍ර වලින් පැමිනෙන අය ගැන විමසිල්ලෙන් සිටිය යුතු කාලයක්. මත් කුඩු වාගේම අපේ රටට විරුද්ධව පාවිච්චි කිරීමට නව තාක්ෂණ උපකරණ සහ අපේ රටට විරුද්ධව කරුණු එකතු කරන අයත් ඉන්න පුළුවන්. මෙම රේගු නිලධාරින්ට මගේ ස්තුතිය මෙවරනි දුෂ්කර රාජකාරියක් කරමින් කරනා සේවයට (නි)

:       0       0

බණ්ඩා Wednesday, 06 November 2013 02:09 AM

ලයිබීරියාව සහ උගන්ඩාව කියන රටවල් දෙකම අප්‍රිකානු මහාදීපයේ තියෙන්නේ. ශ්‍රී ලංකාව හරහා යන්න අවශ්‍යතාවයක් නැහැනේ.ඒකම ඇති මොහු ගැන සැක කරලා පරීක්ෂා කරන්න (නි)

:       0       0

ජයා Wednesday, 06 November 2013 12:41 PM

ප්‍රශංනීයයි අපේ රේගුවේ වැටලීම. නමුත් මෙතන නොවෙයි ප්‍රශ්නය තියෙන්නේ. මෙතනින් එහාට කොහොමද කෙරෙන්නේ කියන එක. මොහු මෙම කුඩු එනකොට ගේනවා වෙන්න බැහැනේ. අපේ රටෙන් මෙයාට දුන්නේ කවුද, ඒවාට සම්බන්ද කවුද, ඒවා බෙදා හරින්නේ කවුද කියන ඒවත් හොයන්න ඕන. නමුත් අපිට සැක ඒ ක්‍රියාවලිය වේවිද කියන එක. අතීතයේ සිදුවුන දේ දිහා බලන විට මේකටත් ලොකු අයගේ මැදිහත් වීමක් ඇති කියල හිතෙනවා. මොකද මේ ලැබෙන්නේ ඩොලර් හින්දා. (ස)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Wednesday, 06 November 2013 03:56 AM

ඇන්ටන්, අප්‍රිකානු රටවල් වල ඇත්ත තත්වය නොදැන එහෙම කතා කරන්න එපා. මමත් අප්‍රිකානු රටක ඉඳල තියෙනවා ( බුර්කිනා ෆසෝ කියන රටේ). ඒ රට ප්‍රංස යටත් විජිතයක් නිසා ගුවන් ගමන් තියෙන්නේ පැරිස් වල සිට පමණයි. ඒ හඬ අනිවාර්යෙන්ම දවස් කීපයක් ප්‍රංශයේ නතරවෙන්න වෙනවා. මම දැකපු දෙයනම් දුප්පත්කම තිබුනට, අවලක්ෂන පෙනුමක් තිබුනට අප්‍රිකානු මිනිස්සු පොහොසත් කඩවසම් ප්‍රංස කාරයන්ට වඩා නම් සිය ගුණයක් හොඳයි. ඒ රටේ මිනිස්සු හරිම අහිංසකයි. එංගලන්තය ඇමෙරිකාව ඔස්ට්‍රේලියාව වගේ රටවල් සුද්දෝ ළඟ තියෙන කුහක කම් ඒ මිනිස්සු ළඟ තිබුනේ නැහැ. ඔයා දන්නවද තාක්ෂණික ආධාර දෙන මුවාවෙන් ප්‍රංස දොස්තරලා කියල වෙස්වලාගත් ප්‍රංශයේ වෛද්‍ය පීඨවල අවසන් වසරේ ශිෂ්‍ය කණ්ඩායම් ඇවිත් එයාලගේ ප්‍රයෝගික පරීක්ෂණ වලට හුරුවෙනවා. ශල්‍ය කර්ම කරන මුවාවෙන් අහිංසක අප්‍රිකානු මිනිස්සුන්ගේ ශරීර කපල කොටලා එයාල ඉගෙන ගන්නවා. ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත.(නදී)

:       0       0

සුගතන් Wednesday, 06 November 2013 01:46 PM

ජයා ඔබ හරි. අපේ මෝඩ මිනිස්සු යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කතාව.ඇත්ත නම් ලංකවේ කුඩු හදන්න් බැහැ. ඕව එන්න ඕන ඇෆ්ගනිස්ථානයෙන් හෝ පකිස්ථානයෙන්. මේවා හදන්නේ පොපි මල් පිපෙන්නේ ඒ රටවලයි. (ස)

:       0       0

ආරියසේන Wednesday, 06 November 2013 05:03 AM

ආඳ වගේ රේගුවෙන් ලිස්සල යන්න හදල තියෙන්නේ,රේගුවේ සිටින නිලධාරීන්ගේ අවංක උත්සාහය වතුරේ යයි ද දන්නේ නැහැ. (නදී)

:       0       0

උපාලි ගුණසේකර Wednesday, 06 November 2013 05:13 AM

පැරණි රේගු සොයුරන් විදේශයක සිට හෝ නැවත නැවතත් මෙසේ දකින්න ලැබීම බලවත් සතුටක්. ලංකා, ධර්මේ, රේගුවේ කීර්ති නාමය බබලවන ඔබ ඇතුළු මිතුරන් සමග කලක් සේවය කිරීමට ලැබීම මා ලැබූ වාසනාවක්. ඔබ සියලු දෙනාටම උණුසුම් සුබ පැතුම්! (නදී)

:       0       0

ප්‍රේමලාල් Wednesday, 06 November 2013 02:41 PM

අපේ රේගුව හරි දියුණුයිනේ. (ස)

:       0       0

පෙටී Wednesday, 06 November 2013 06:42 AM

තානාපති මුවා විය..ගෝනා කුඩුවට. රට කුඩ්ඩට ..බිල අපට... ජඃ ජඃ ජඃ (නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 06 November 2013 08:16 AM

වී.අයි.පී. අය මෙවන් ක්‍රියාවල නිරත වෙනවා. ඔවුන්ට බේරෙන්න නීතියේ හිඩැසකුත් තිබෙනවා (නි)

:       0       0

දොන්සේතං Wednesday, 06 November 2013 08:30 AM

හැමදේටම වඩා මහ ගෙදර ළමයා ලියලා තිබෙන ලිපිය නම් පංකාදුයි. (නි)

:       0       0

බමුණු Wednesday, 06 November 2013 08:49 AM

පළමුවැනි ප්‍රශ්නය තමයි මෙයාට කුඩු ලැබුනේ කොහෙන්ද කාගෙන්ද යන බව. මේ ගැන රජය සොයා බලයිද? දෙවැනි එක තමයි මෙයට තානාපති වරප්‍රසාද ලැබුනේ කොහොමද කියලා. (නි)

:       0       0

මර්සි ලංකා Thursday, 07 November 2013 12:02 AM

ලංකාවට එන සියලුම අප්‍රිකානුවන් ගැන සැළකිලිමත් විය යුතුය. ඔවුන් එන්නේ කවදාවත් අපේ රටේ සංචාරය සඳහා නොවේ. ඔවුන් දන්නවා අප රටේ මිනිස්සු කොටසක් ඉන්නවා ඔවුන්ට රවටා ගැනීමට මුදල් මත හෝ මුදල් සොයා ගැනීමට හොර මාර්ග පෙන්වාදීමෙන් කියා. මහගෙදර ඇඹිලිපිටිය ඔවුන් ගැන වර්ණනා කර තිබ‍ුණට බහුතරය ඔය අප්‍රිකානුවන් ගැන හොඳට දන්නවා . නීති ගතනොවන සංක්‍රමණය ඔවුන්ගේ අද විශාල කරදරයක් බටහිර රටවලට. එම රටවල කෙරෙන හොරකම් වංචාවන් මිනිමැරීම් මත් කුඩු වෙළදාම වැනි ඉතාම පහත් වැඩ කරන්නේ මෙම අප්‍රිකානුවන්ය. මිනියක් මරා හෝ දවසේ වියදම සොයා ගන්න පසුබට වන්නේ නැහැ මොවුන්. එය මොවුන්ට සාමාන්‍ය දෙයක් (නි)

:       0       0

ගජ මෑන් Wednesday, 06 November 2013 09:03 AM

ඕක මොකක්ද? අර කුඩු කන්ටේනර් එක රිලීස් කරන්න කියලා අපේ ලොකු කෙනෙක් ලියුමක් දීලා තියෙනවා කියලා ඔය සමහර තැන් වලින් වාර්තා වෙන්නේ? (නි)

:       0       0

මොහාන් Wednesday, 06 November 2013 09:40 AM

යන තරමක් හොර බඩු යන්නේ විශේෂ අමුත්තන්ගේ පිටවීමෙන්. එන තරමක් එන්නෙත් ඒකෙන්. ඕක ප්‍රසිද්ධ රහසක්. (ස)

:       0       0

ලාල් Thursday, 07 November 2013 02:31 AM

මේවා කොහෙද අප්පා මේ විදිහට තොගයට ගන්න තියෙන්නේ? (නි)

:       0       0

මොහාන් Wednesday, 06 November 2013 09:43 AM

මෙයාට කුඩු ලැබුණු විදිය නම් එළිකරන එකක් නැහැ කවදාවත්. (නි)

:       0       0

ලාල් Thursday, 07 November 2013 02:34 AM

රේගුව අල්ලන කුඩු රාජසන්තක කරනවා. නමුත් කවුරුන් හෝ මහා බලවතෙක් එම කුඩු අපනයනය කරනවා වගේ (නි)

:       0       0

චන්දවිමල හිමි Wednesday, 06 November 2013 09:45 AM

රට වනසන්ට එන... මුන්ට හොම්බට දෙකක් ඇන ... දෙන්න දඩුවම් නැත වෙන... යම පුරයමයි නිසි තැන... (නි)

:       0       0

සෙනරත් Wednesday, 06 November 2013 09:46 AM

ලංකාවේ ගොඩක් සෙල්ලම් වෙනවා වගේ. ලංකාවට මේ සම්බන්ධව හොඳ නීති රීති පුහුණුවීම් දෙන්න කාලය ඇවිල්ලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 539 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 341 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 336 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 377 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 493 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


නල්ලූර් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 604 0

යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site