රුපියල් කෝටි විසිහතරක් වටිනා පිරිසිදු හෙරොයින් කිලෝග්‍රෑම් තිහක් ශ්‍රී ලංකාවේ සිට ඩුබායි හරහා උගන්ඩාවේ එන්ටැඹේ නුවර වෙත රැගෙන යාමට උත්සහ කල ලයිබීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.
සැකකරුගේ වයස අවුරුදු පනස් හතකි. ඔහු තානාපති ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් මීට දින කිහිපයකට පෙර ගමන් මළු දෙකක්ද රැගෙන උගන්ඩාව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.
එහිදී රේගු නිලධාරීන් විසින් ඔහු රැගෙන ආ ගමන් මළු පරීක්ෂා කිරීමට උත්සහ ගත් විට ඔහු තානාපති වරප්‍රසාද භාවිතා කරමින් එය ප්‍රතික්ෂේප කර ඇත. තමන් සමග උගන්ඩා තානාපතිවරයා පැමිණි බවත් ඔහු ප්‍රභූ පර්යන්තයේ සිටන බවත් අදාල ගමන්මළු දෙක තානාපතිවරයාගේ බවත් සැකකරු රේගුවට පවසා ඇත.
පසුව රේගු නිලධාරීන් විසින් ප්‍රභූ පර්යන්තයේ උගන්ඩා තානාපතිවරයා සිටී දැයි විමසා ඇතත් එහි සිටි නිලදාරීන් පවසා ඇත්තේ එවැන්නෙකු පැමිණ නැති බවයි.
කෙසේ වෙතත් තානාපති වරප්‍රසාද සහිත පුද්ගලයෙකු රදවා ගැනීමට හෝ එවැනි පුද්ගලයෙකුගේ භාන්ඩ විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව පරීක්ෂා කිරීමට රේගුවට බලයක් නොමැති බැවින් මේ පිළිබ‍්දව ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යංශයේ සංධාන අංශයට දන්වා ඇත.
එම අවස්ථාවේ සැකකරු රේගුවට පවසා ඇත්තේ තමන් දෙහිවල ප්‍රදේශයේ හෝටලයකට යන බවත් තානාපතිවරයා සමග සදුදාට එන බැවින් එතෙක් ගමන් මළු රේගුවේ දමා යන බවයි.
මේ අතර විදේශ කටයුතු අමාත්‍යංශය විසින් රේගුවට දන්වා ඇත්තේ උගන්ඩාවේන් හෝ ලයිබීරියාවෙන් කිසිදු තානාපති නිලදාරියෙක් මෙරටට පැමිණ නැති බැවින් රේගු කටයුතු සිදු කිරීමට කිසිදු බාධාවක් නැති බවයි.
ඒ අනුව ඊයේ සැකකරු අත්අඩංගුවට ගැනීමට අදාල හෝටලයටද ගියද ඔහු එහි නොසිටි බව රේගුව කියයි. පසුව විදේශ කටයුතු අමාත්‍යංශය සමග එක්ව රේගු නිලධාරීන් විසින් සැකකරු සොයාගෙන ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මීට පෙර තුන්වතාවක් ශ්‍රී ලංකාට පැමිණ ඇති බව රේගුව කියයි. රේගුව විසින් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත්තේ තමන් වෘත්තියෙන් පතල් කැනීම් උපදේශකයෙකු බවයි.
රේගුව පවසන්නේ සැකකරු තානාපති නිලධාරියෙකු නොවන බවයි.
මේ පිළිබ‍්ද විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධයක්ෂකවරුන් වන මහින්ද කල්පගේ, කේ.ඒ ධර්මසේන, දීපාල් සිරිබද්ධන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ජී.ඩබ්ලිව් මංජුල ප්‍රසාද්, පී.ඒ.ඩී.පී පෙරේරා, ඩබ්ලිව්.වී.එම් මධුසංක, ඩී.එන්.ටී ප්‍රනාන්දු, ඒ ඥානමෝහන් සහ සහකාර නිවාරණ නිලධාරීන් වන සම්පත් ගී ගනගේ, අජිත් ඉලේසිංහ යන නිලධාරීහු සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ නිළධාරින් සිටීම රටට වාසනාවක්. හැබැයි මේ පුවත දැක්කහම මට හිතුනෙ දැන් ලංකාව මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් වෙලා ඉවරයිද කියලා....? (ස)
යන තරමක් හොර බඩු යන්නේ විශේෂ අමුත්තන්ගේ පිටවීමෙන්. එන තරමක් එන්නෙත් ඒකෙන්. ඕක ප්‍රසිද්ධ රහසක්. (ස)
මෙයාට කුඩු ලැබුණු විදිය නම් එළිකරන එකක් නැහැ කවදාවත්. (නි)
රට වනසන්ට එන... මුන්ට හොම්බට දෙකක් ඇන ... දෙන්න දඩුවම් නැත වෙන... යම පුරයමයි නිසි තැන... (නි)
ලංකාවේ ගොඩක් සෙල්ලම් වෙනවා වගේ. ලංකාවට මේ සම්බන්ධව හොඳ නීති රීති පුහුණුවීම් දෙන්න කාලය ඇවිල්ලා (නි)
කාලෙකට පස්සේ නියම වැටලීමක්. ඔන්න මගේ ප්‍රණාමය! (නි)
ඕක තමා කියන්නේ නොගැළපෙන රටවල් සමඟ සබඳකම් පැවැත්වීමේදී ප්‍රවේශමෙන් කියලා.විශේෂයෙන් අප්‍රිකානු රටවල්. (ස)
ඇයි අත්අඩංගුවට ගත්තේ? (නි)
රේගුවට අපේ උපහාරය! එහෙත් මේ මහත්තුරු මීට වඩා යුහුසුළුව සිංහල භාෂාව උච්චාරණය කරන්න ඉගෙන ගන්න ඕනෑ. කාලේ කන්නේ නැතුව. (නි)
ඕක මොකක්ද? අර කුඩු කන්ටේනර් එක රිලීස් කරන්න කියලා අපේ ලොකු කෙනෙක් ලියුමක් දීලා තියෙනවා කියලා ඔය සමහර තැන් වලින් වාර්තා වෙන්නේ? (නි)
ප්‍රශංනීයයි අපේ රේගුවේ වැටලීම. නමුත් මෙතන නොවෙයි ප්‍රශ්නය තියෙන්නේ. මෙතනින් එහාට කොහොමද කෙරෙන්නේ කියන එක. මොහු මෙම කුඩු එනකොට ගේනවා වෙන්න බැහැනේ. අපේ රටෙන් මෙයාට දුන්නේ කවුද, ඒවාට සම්බන්ද කවුද, ඒවා බෙදා හරින්නේ කවුද කියන ඒවත් හොයන්න ඕන. නමුත් අපිට සැක ඒ ක්‍රියාවලිය වේවිද කියන එක. අතීතයේ සිදුවුන දේ දිහා බලන විට මේකටත් ලොකු අයගේ මැදිහත් වීමක් ඇති කියල හිතෙනවා. මොකද මේ ලැබෙන්නේ ඩොලර් හින්දා. (ස)
ජයා ඔබ හරි. අපේ මෝඩ මිනිස්සු යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කතාව.ඇත්ත නම් ලංකවේ කුඩු හදන්න් බැහැ. ඕව එන්න ඕන ඇෆ්ගනිස්ථානයෙන් හෝ පකිස්ථානයෙන්. මේවා හදන්නේ පොපි මල් පිපෙන්නේ ඒ රටවලයි. (ස)
අපේ රේගුව හරි දියුණුයිනේ. (ස)
රේගුවට කරන්න තිබෙන්නේ ඇතුළුවෙන පිටවන දොරවල් ළග තියන්න හොද බල්ලෝ දෙන්නෙක්.කවුරුත් බය වෙයි වැරදි කරන්න. (නි)
ලංකාවට එන සියලුම අප්‍රිකානුවන් ගැන සැළකිලිමත් විය යුතුය. ඔවුන් එන්නේ කවදාවත් අපේ රටේ සංචාරය සඳහා නොවේ. ඔවුන් දන්නවා අප රටේ මිනිස්සු කොටසක් ඉන්නවා ඔවුන්ට රවටා ගැනීමට මුදල් මත හෝ මුදල් සොයා ගැනීමට හොර මාර්ග පෙන්වාදීමෙන් කියා. මහගෙදර ඇඹිලිපිටිය ඔවුන් ගැන වර්ණනා කර තිබුණට බහුතරය ඔය අප්‍රිකානුවන් ගැන හොඳට දන්නවා . නීති ගතනොවන සංක්‍රමණය ඔවුන්ගේ අද විශාල කරදරයක් බටහිර රටවලට. එම රටවල කෙරෙන හොරකම් වංචාවන් මිනිමැරීම් මත් කුඩු වෙළදාම වැනි ඉතාම පහත් වැඩ කරන්නේ මෙම අප්‍රිකානුවන්ය. මිනියක් මරා හෝ දවසේ වියදම සොයා ගන්න පසුබට වන්නේ නැහැ මොවුන්. එය මොවුන්ට සාමාන්‍ය දෙයක් (නි)
මේවා කොහෙද අප්පා මේ විදිහට තොගයට ගන්න තියෙන්නේ? (නි)
රේගුව අල්ලන කුඩු රාජසන්තක කරනවා. නමුත් කවුරුන් හෝ මහා බලවතෙක් එම කුඩු අපනයනය කරනවා වගේ (නි)
ලයිබීරියාව සහ උගන්ඩාව කියන රටවල් දෙකම අප්‍රිකානු මහාදීපයේ තියෙන්නේ. ශ්‍රී ලංකාව හරහා යන්න අවශ්‍යතාවයක් නැහැනේ.ඒකම ඇති මොහු ගැන සැක කරලා පරීක්ෂා කරන්න (නි)
මෙයාට කොහෙන්ද මේ කුඩු ටික ලැබුනේ? එතකොට ලංකාවේ කුඩු ගබඩාවක් තියෙනවද? මොනවා වුනත් රේගුවේ හොද වැටලීමක්. හැබැයි මින්පස්සේ ගුවන්තොටුපොලේ වී.අයි.පී පැත්ත චෙක් කලා නම් නේද හොද. (ස)
පොල්ගහට
ඕක තමා කියන්නේ නොගැළපෙන රටවල් සමග සබදකම් පැවැත්වීමේදී ප්‍රවේශමෙන් කියලා,විශේෂයෙන් අප්‍රිකානු රටවල් (නි)
දැන් අමුතුම හොරු කණ්ඩායමක් ඉන්නවා.ඉතාම ඉහළ පැලැන්තියට ඉදගෙන චතුර ලෙස විදේශ භාෂා හසුරුවන,ලෝභ නැතුව වියදම් කරන කණ්ඩායමක්.මොවුන් ලෝකේ පුරාම ඉන්නවා.මිනිසුන් ඉතාම පරිස්සම් වෙන්න ඕනෑ. (නි)
ටික දවසකට කලින් ලංකාවට ගෙනත් අහු වුණ කිලෝ දෙසීයද දන්නේ නැහැ (නි)
ඔය වගේම අර ලංකාවේ මැණික් ගෙනියන එකත් නැවත්තුවොත් නරකද? (නි)
පාන් පිටි කියන්න එහෙම එපා පස්සේ හොඳේ (නි)
ලනකාවට තානාපති බලපත්‍ර වලින් පැමිනෙන අය ගැන විමසිල්ලෙන් සිටිය යුතු කාලයක්. මත් කුඩු වාගේම අපේ රටට විරුද්ධව පාවිච්චි කිරීමට නව තාක්ෂණ උපකරණ සහ අපේ රටට විරුද්ධව කරුණු එකතු කරන අයත් ඉන්න පුළුවන්. මෙම රේගු නිලධාරින්ට මගේ ස්තුතිය මෙවරනි දුෂ්කර රාජකාරියක් කරමින් කරනා සේවයට (නි)
ශ්‍රී ලංකා රේගුවේ නිර්භීත නිලධාරී මහත්වරුනි, ලෝකයටම වස කවන මෙවන් ලෝක හොරුන් නීතියේ රැහැනට හසු කර ගැනීමට සමත් වන ඔබ සැමට අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමි වේ. (ස)
ඇන්ටන්, අප්‍රිකානු රටවල් වල ඇත්ත තත්වය නොදැන එහෙම කතා කරන්න එපා. මමත් අප්‍රිකානු රටක ඉඳල තියෙනවා ( බුර්කිනා ෆසෝ කියන රටේ). ඒ රට ප්‍රංස යටත් විජිතයක් නිසා ගුවන් ගමන් තියෙන්නේ පැරිස් වල සිට පමණයි. ඒ හඬ අනිවාර්යෙන්ම දවස් කීපයක් ප්‍රංශයේ නතරවෙන්න වෙනවා. මම දැකපු දෙයනම් දුප්පත්කම තිබුනට, අවලක්ෂන පෙනුමක් තිබුනට අප්‍රිකානු මිනිස්සු පොහොසත් කඩවසම් ප්‍රංස කාරයන්ට වඩා නම් සිය ගුණයක් හොඳයි. ඒ රටේ මිනිස්සු හරිම අහිංසකයි. එංගලන්තය ඇමෙරිකාව ඔස්ට්‍රේලියාව වගේ රටවල් සුද්දෝ ළඟ තියෙන කුහක කම් ඒ මිනිස්සු ළඟ තිබුනේ නැහැ. ඔයා දන්නවද තාක්ෂණික ආධාර දෙන මුවාවෙන් ප්‍රංස දොස්තරලා කියල වෙස්වලාගත් ප්‍රංශයේ වෛද්‍ය පීඨවල අවසන් වසරේ ශිෂ්‍ය කණ්ඩායම් ඇවිත් එයාලගේ ප්‍රයෝගික පරීක්ෂණ වලට හුරුවෙනවා. ශල්‍ය කර්ම කරන මුවාවෙන් අහිංසක අප්‍රිකානු මිනිස්සුන්ගේ ශරීර කපල කොටලා එයාල ඉගෙන ගන්නවා. ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත.(නදී)
ආඳ වගේ රේගුවෙන් ලිස්සල යන්න හදල තියෙන්නේ,රේගුවේ සිටින නිලධාරීන්ගේ අවංක උත්සාහය වතුරේ යයි ද දන්නේ නැහැ. (නදී)
පැරණි රේගු සොයුරන් විදේශයක සිට හෝ නැවත නැවතත් මෙසේ දකින්න ලැබීම බලවත් සතුටක්. ලංකා, ධර්මේ, රේගුවේ කීර්ති නාමය බබලවන ඔබ ඇතුළු මිතුරන් සමග කලක් සේවය කිරීමට ලැබීම මා ලැබූ වාසනාවක්. ඔබ සියලු දෙනාටම උණුසුම් සුබ පැතුම්! (නදී)
තානාපති මුවා විය..ගෝනා කුඩුවට. රට කුඩ්ඩට ..බිල අපට... ජඃ ජඃ ජඃ (නදී)
වී.අයි.පී. අය මෙවන් ක්‍රියාවල නිරත වෙනවා. ඔවුන්ට බේරෙන්න නීතියේ හිඩැසකුත් තිබෙනවා (නි)
හැමදේටම වඩා මහ ගෙදර ළමයා ලියලා තිබෙන ලිපිය නම් පංකාදුයි. (නි)
පළමුවැනි ප්‍රශ්නය තමයි මෙයාට කුඩු ලැබුනේ කොහෙන්ද කාගෙන්ද යන බව. මේ ගැන රජය සොයා බලයිද? දෙවැනි එක තමයි මෙයට තානාපති වරප්‍රසාද ලැබුනේ කොහොමද කියලා. (නි)