ජනපති පොරොන්දු වූ පරිදි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව රතුපස්වලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් සුදු ඇඳගත් දෙදහසක් පමණ කම්හල ඉදිරිපිට ගලක් තබා පොල් ගැසූහ.
කම්හලේ පාලනාධිකාරියේ තිදෙනකුගේ නම් කියා දේව කන්නලව්කර පොල් ගැසීමෙන් පසු සියලු දෙනා සාමකාමීව විසිර ගියහ.
මුල සිටි ගැමියන් හා උද්ඝෝෂණය කළ තෙරිපැහැ සිරිධම්ම හිමි සහභාගී නොවීම විශේෂත්වයක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම්හල් වැරදිනම් සුදු හුණු ගාල කම්හල රැක ගන්න අපිට ඇති අමාරුවක් නැහැ..වාර්තා එලි දක්වල නැත්නම් මෙහෙම පුර්ව නිගමන වලට මේ ප්‍රස්නේ දෙපැත්තේ ඉන්න කාටවත් එන්න බැහැ. අපේ මතය වාර්තා අනුව කම්හල නිවරිදිනම් මේ එක එකාගේ තර්ජන ගර්ජන බලපෑම් වලට යට වෙලා රටට වැරදි ආදර්ශයක් දීල මේ කම්හල ඉවත් නොකළ යුතුයි කියන එක..මොකද ඔතනින් ඔය කම්හල ඉවත් කලොත් ආයෙත් කොතනකවාත් ඕක අරින්න ඔය අයියල මල්ලිලා ඉඩ දෙන්නේ නැහැ..කම්හල වැරදිනම් කම්හල ඉවත් වීම හෝ දැඩි පරිසර නීති මාලාවකට යටත්ව අදීක්ෂනයක් යටතේ ක්‍රියාත්මක වීම සිදු විය යුතු අතරම වෙලා තිබෙන හානිය අනුව කම්හලෙන් මිනිස්සුන්ට වන්දිත් ලබා දිය යුතුයි....ජනාකීර්ණ ප්‍රදේශ වල කම්හල් නොපිහුටුවට ඕනෑම ජනසුන්ය ප්‍රදේශයක් කම්හල් පිහිටෙව්වට පස්සේ එම ප්‍රදේශ ටික කාලෙකින් ජනාකීර්ණ වෙනවා.. ඒක වලක්වන්න බැහැ..බියගම කටුනායක රත්මලාන වගේ ප්‍රදේශ ජනාකීර්ණ නැද්ද? මිනිස්සුන්ට ඕන ඕන විදියට උපකල්පන මත කම්හල් වහන්න ඉඩ දුන්නොත් ඉතින් මේ රටට දෙවියන්ගේම පිහිටයි..(නදී)
මට දැන් හිතාගන්න පුලුවන්. මේ නමි හරක් රැලක්.(නදී)
2013-11-03 16:21:14 මගේ ප්‍රතිචාරයක් නම් නෙමෙයි..මෝටර් බයික් කට්ට හදා ගන්න සල්ලි නැතුව ඉන්න මම කොහොමද මේ මී හරක් සල්ලි වලට ගන්නේ...අනිත් එක සල්ලි තිබුනත් මට මොකටද මී හරක් ....මට කුබුරු නැහැනේ හා ගන්න..ටිකිරි බණ්ඩාට ඩුබායි තිලක්ලට තමයි උන් වටින්නේ..ඕන ඕන පැත්තට ඕන ඕන විදියට දක්ක ගන්න..කොහොම උනත් අපරාදේ පොල්ගෙඩි ටික..(නදී)
හැබෑටම මේ ප්‍රශ්නය විසදන්න රජයට අවශ්‍ය නැත්තේ මොකද කියන එක හිතා ගන්න වත් බැහැ. මේ කම්හල අයිති කාරයට රජය බයයිද? (නදී)
ඔබලා දේශපාලන අතකොලු වෙලා ...ඔබලා මේ වින කරන්නේ රටේ අනාගතයට. (නදී)
බන්දුල මල්ලි, මෝටර් බයික් කට්ට හදාගන්න බැරි නම් බහුතරයක් මිළදී ගත්තේ කොහොමද? (නදී)
මිනිස්සු ගැන දුකත් හිතෙනවා (දී)
ඇයි රජයෙන් තාම විසදුමක් දෙන් නැත්තේ මේ මනුස්සයන්ට.....??දැන් මාස කියක් මේ මනුස්සයෝ දුක් විදිනවද බොන වතුර ටිකට. (දී)
බන්දුල මරු කියවනවා. කවුරුත් ගණන් ගන්න එපා. (දී)
අත්තනගල්ල වගේම ගම්පහ ආසනයේ හැමදාම ඉන්නේ ශ්‍රී ල නි පක්ෂයට ආදරේ කරන මිනිස්සු නේද පක්ෂයේ ලොක්කෝ මගාරින එක කැත වැඩක්.(නදී)
පොල් ගෙඩි 2000 ක්. රුපියල් අසු දාහක්. අනික් වියදමුත් එක්ක ලක්ෂයක් කියමුකෝ. වෙඩි කාල අසරණ වූ පවුලකට ගොඩ එන්න ඒ මුදලින් උදවු කරන්නත් තිබුන නේද? හැබැයි, එකෙන් මේවගේ ප්‍රසිද්ධියක් නම් එන්නේ නැහැ. (නදී)
කාගේද බොලන් පොල් මුදලාලි? පොල් මුදලාලි පොල් හොයනවා..හැබැයි තෙල් මුදලාලි මෝල වහනවා..වැඩි දෙනා කාන්තාවෝ...ගෙදර ළමයිට පොල් සම්බෝලත් නෑ..ගමට කම්මලත් නෑ..(නදී)
අපරාදේ අර නම් තුනට තවත් එකක් එකතු කරලා බන්දුල පෙරේරා කියලත් පොල් ගැහුවනම් තමා නියම , එහෙනම් ඉතින් බන්දුලය කොහොම වෙතත් බන්දුලගේ බයිසිකල් කට්ටවත් හබක් වෙලා යයිනේ(නදී)
දැන් මාස තුනත් ඉවරයි. මේ කර්මාන්ත ශාලාව වෙන තැනකට ගිනිච් චානම් එයාලට නිෂ්පාදන කටයුතු පටන් ගන්නත් තිබුනා. මම මේ අධ්‍යක්ෂක මන්ඩලයෙන් අහන්නේ ඇයි එහෙම නොකරන්නේ.(නදී)
බන්දුල පෙරේරා මහත්තයෝ මට මේකට උත්තර දෙන්න. ඔයා කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂක මන්ඩලයට මේ උපදෙස දෙන්න. දැන් රතුපස්වල ජනාකීර්නයි. ගමක් මැද මේවැනි අන්තරායකාරී රසායන ද්‍රව්‍ය කම්හලක් කරගෙන යන්න පරිසර අදිකාරියෙන් අවසර දෙන්නේ නැහැ. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ කොහෙත් එහෙමයි. ආයෝජන කලාපයකට ගිනියන්න කියන්න. මේ බලාගෙන හිටිය කාල සීමාව තුල ගිනිච්චා නම් නිෂ්පාදවන කටයුතු පටක්ගන්න තිබුනා. මෙහෙම ඉන්නකොට එයාලට පාඩුයි. ඇත්තටම බන්දුල මහත්තයෝ වාර්ථා ටික සම්පුර්නයෙන් කියවලා බැලුවා නම් පසේ ආම්ලිකතාවය වැඩිවෙන්න හේතුව මේ කර්මාන්ත ශාලාවේ ග්ලවුස් හෝදන ඇසිඩ් විශ්‍ර ජලය පිරිසිදු කිරීමකින් තොරව කාලයක් තිස්සේ මේ මහපොලවට මුදා හැරීමයි. මේ වාර්ථා අරගෙන වාවෘත විවාදයක් ලැහැස්ති කරන්න. නීතිඥ පාලිත සේනාරත්න මහතා අභියෝග කරනවා මේ වාර්ථා වල තියෙන විදියට කර්මාන්ත ශාලාව නිවරදියි කියන අය සමග.(නදී)
රතුපස්වල ජනයෙනි! පොල් ගහල අතේ තියෙන තුට්ටු දෙක වියදම් නොකර ඉන්ඩ. පොල් වෙනුවට පෑන අතට අරගෙන හොදට කල්පනා කරලා සියලුම දෙනා එකා මෙන් ගහන්න කතිරය ලග එන මැතිවරණයේදී.(නදී)
රතු පස්වල ගැන බන්දුල ගේ අදහස් හැමදාම හරි. මන්දන්නේ නැහැ මේකේ ප්‍රතිචාර දාන අනිත් අය ඇයි මෙතරම් අන්තගාමී කියලා. රතුපස්වල ජාල සාම්පල වාර්තා වලින් කම්හල නිදහස් උනා. ඒක පිළිගන්න මේ අයට බැරි මොකද. අනිත් එක ඔය කම්හලේ අනිත් ශාඛා තියන්නෙත් කොට්ටාවේ හන්වල්ලේ . ඒ අයට ඔය ප්‍රශ්නේ නැහැ. අනික රබර් නිෂ්පාදන වලදී යොදාගන්නේ භාෂ්මික රසායන ද්‍රව්‍ය මිසක් ආම්ලික ඒවා නෙමෙයි. මොකද රබර් කිරි ආම්ලික මද්‍යයකදී කැටි ගැහෙනවා. කම්හලේ පිට කරන අපද්‍රව්‍ය වල ආම්ලික තාවයක් නැහැ කියලා පරීක්ෂණ වාර්තා පෙන්නුවා . එහෙම තියාගෙනත් මේ කම්හල එක්ක මෙයාල පිරිමහගන්න යන්නේ පුද්ගලික කෝන්තරයක් .එක තේරුණා නිසා තමයි හාමුදුරුවෝ ප්‍රශ්නෙන් අයින් උනේ. නැත්නම් හාමුදුරුවෝ අත්සන් කරපු ගිවිසුමෙන් මාස හයෙන් කම්හල අයින් කරනවා. කොටස් ගලවන ගමන් නිෂ්පාදන කරන්නේ මාස 6 යි . අවුරුදු 18 ක් හිටිය එකේ මාස 6ක් ඉවසන්න බැරි මොකද. ඒකෙන්ම තේරෙනවා මේ මිනිස්සුන්ගේ කුහක කම.(නදී)
කර්මාන්තශාල නිසා පරිසරය දූෂණය නොවෙනවයි කියන අය ගැන කියන්නට දෙයක් නැත. කෙසේ වෙතත් මෙම කර්මාන්තශාලාව මෙම ස්ථානයෙන් ඉවත් කරාවිද යන්න සැක සහිතය. මමද සිටින්නේ කර්මාන්ත පුරයක් අසලය. එදා අපි දුටු, මාලුන් සහිත පිරිසිදු ජලය ඇති කානු, ඇලවල් අද දක්නට නැත. ඇත්තේ තෙල්, මිශ්‍ර වි ඇති කළු පැහැති ජලය සහිත ඇලවල්ය.නළ ජලය ඇති බැවිනි ප්‍රශ්නයක් පැන නැගී නැත. (ස)
හාමුදුරුවෝ එක්ක ගහපු ගිවිසුම අනුව ගියා නම් දැන් ගැටලුව බාගයක් විසදිලා. මේ අයට ඕන උනේ මේක විසදගන්න නෙමේ නේ. (ස)
උපාලි, මෙතන පොල් 2000 ක් ගැහැව්වේ නැහැ.ඔයා බය වෙන්න එපා. ගෙඩි 10 ක් විතර ගත්තේ. මේ මිනිස්සු මෝඩ නැහැ. (ස)
නිමල් ලාලිත, ඔබ නිවැරදිය.නමුත් මෙම කර්මාන්ත ශාලාවට පහලින් තිබෙන්නේ ඉස්සර සශ්‍රික කුඹුරු යායකි. ඒවා දැන් වගා කරන්න බැරිය.මෙම ප්‍රදේශය බුලත් වගාවට ද ප්‍රසිද්ධය.මෙම වතුර යෙදු විට බුලත් වැල් මලානික වේ.නල ජලයෙන් මේවා කල හැකිද ?.මෙතෙක් කලක් මෙම ප්‍රදේශයේ අය කිසිම දෙයකට උද්ගෝෂණය කර නැත. (ස)
අනේ කොහොම කිව්වත් අපි නම් දැන් පොල් කන්නේ 60 , 70 ගණන් වලට , වැඩිය නම් ගහන්න එපා . අනේ අපිට පොල් ටික එවන්න හෝමාගම පොලට. අඩුම ගානේ පොල් මුදලිගේ රෙස්පොට් එක බස්සන්න ,,,,,,,,,,,,අයියෝ සල්ලි (නදී)
අනිවාර්යයෙන් අවුරුද්ද පිරෙන දවසටත් ලොකු පොල් ගැහිල්ලක් සංවිධානය කරන්න වෙයි. (නි)
පොල් ගසාපු අයගේ ගෙවල් වලට ගල් ගසයි. පරිස්සමින් ඉන්න.(නදී)
විද්‍යාත්මක වාර්තා හරියට එනකම් මේක ගැන කියන්න අමාරුයිනේ. මේවා ඔක්කොම ගගට කපපු ඉනි වෙන්න ඉඩ තියෙනවා. දුවන්නන් වාලේ දුවන්න එපා. (නදී)
මේ මිනිස්සු පව්. තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියෙන මිනිහනේ.(නදී)
කැලුම් මම මුලින්ම කර්මාන්ත ශාලාවට යම් හෝ සහනයක් ලැබෙන පරිදි වාර්තා ඉදිරිපත් කල විද්‍යවතුන් ගැන මුල් වාක්‍යයෙන් සඳහන් කලේ එබැවිනි. මමද ගම් වැසියන් සමග මිස ඔය වාර්තා ඉදිරිපත් කල උගතුන් හෝ කර්මාන්ත ශාලාවට පක්ෂව කතා කරන අය සමඟ නොවෙයි. (ස)
"මේ වන විට පිළිකා රෝගය කැස්‌ස සහ සෙම්ප්‍රතිෂ්‍යාව තරමටම වැඩි වී ඇති බවත් දිනකට පිළිකා රෝගීන් පනස් පස්‌දෙනකු හෝ හැටදෙනකු මරණයට පත්වන බවත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය." කාගෙන් හරි ලැබෙන තුට්ටු දෙකකට හෝ වෙනත් වාසියකට තම දරුවන්,ගම රට වනසන ඕනෑම දෙයක් හරිය කියමින් රටේ හැම දෙනාම මරණය දෙසට දක්කන්නට කඩේ යන නිවටයන්ට මෙවැනි දිනකට නිරපරාදේ මිය යන අයගේ දරු පවුල් වලින් නැගෙන සුසුම් පාරාවළල්ලක් වන බව දැනගන සිටීම හොදය.(නදී)
මෙම කර්මාන්ත ශාලාවේ අපනයන යන රටවල් හදුනා ගෙන ඔවුන්ට දැනුම් දෙන්න ගන්න එපා කියලා. (ස)
හාමුදුරුවෝ පලිගහන්න ආපු නැති එකෙන් පෙන්නේ ඒ නියම සංඝයා වහන්සේ කෙනෙක් කියන එකයි. පොල් ගහන්න හාමුදුරුවෝ ආව නම් තමයි නිව්ස් එකක් වෙන්නේ. විධුඩභ සාක්යයෝ මරන්න එනකොට බුදුන් ඉස්සරහට වැඩියා ඒක නවත්තන්න. නියම බෞද්ධ ක්‍රමය සත්‍ය ක්‍රියා කිරීමයි. මෛත්‍රී භාවනා / සිත් ඇති කරගෙන සිත එකඟ කරගෙන සමාධි සිත් ඇති කරගත්තොත් ඒ ශක්තිය පුළුවන් යවන්න, ඔය අපරාධය කරන අයට , තමන්ටත් ඒක ආරක්ෂාවක්, වතුර ටික ඉල්ලන මිනිස්සු නොමඟ යවන පව මොන ආගම ඇදහුවත් පලදෙනවා. (ස)
බන්දුල තමනුත් පරෙසං වෙනවා මේ මිනිසුන්ගේ සාපෙන් කොටසක් තමන්ටත් හිමි නිසා !(නදී)
හාමුදුරුවනේ. මා ඔබ ගැන පෙරදා ආඩම්බර වූවා. නමුත් කියන්න ලැජ්ජියි ඔබ වහන්සේ සත්‍ය ලෙසම සටන පාවා දුන්නා .පෙර අපේ හාමුදුරුවරු ගිය මග යන්න .ද්‍රෝහී නොවන්න දායකයන්ට (නදී)
මේ විදියට ගරාජ වලටද ආරක්ෂාව දෙන නාගරික සංවර්දන අදිකාරියේ දුෂිත නිලධාරීන්ට සහ මුදල්වලට ලිපි ලබාදෙන අසල් වැසි නිවැසියන්ට දඩුවම් දෙන්න. අනවසර ගරාජ වලින් පිළිකා සහ වෙනත් රෝග රැසක් පැතිරී යයි. පොල් ගස්සන්න (නදී)
නැදුන්ගමුවී චිවරදරියෙක් හාමුදුරුවන්ට කොධි විනයක් කරලා හාමුදුරුවෝ ගම්පහ ඉස්පිරිතාලේ බොරු නම් ගිහින් බලන්න(නදී)
මුලින් සිටි ගැමියන් සහ සවාමින් වහන්සේ නැතිව අලුතෙන් පැමිණි කණ්ඩායම කවුද කියා සොයා බැලිය යුතුයි. විවිධාකාර පුද්ගලයින් එක්වී ප්‍රශ්නය දිග් ගැස්වීමට උපක්‍රම යොදනවා වගෙයි. (නදී)
ගම්වැසියනි!, ඔබ සැම එකාවන්ව එක තීරණයේ සිටින තාක් කල් ඔබ පැරදවිය නොහැකිය. සමගිය ඇති තැන බලයද වේ!(නදී)
ලස්සන ගැහැණු ළමයි ටිකක් පොල් ගහන්න ඇවිත් ඉන්නනේ.(නදී)
හාමුදුරුවෝ සල්ලි වලට චීවරය පවා දුන්නාද ? (නදී)
අනේ අමිමපා ඉස්සල්ලා ගල්ගැහැව්වා. දැන් පොල් ගහනවා. පස්සේ අපි එකතුවෙලා කටුකම්බිත් ගහමු.(නදී)
පොල් ගසා සාප කිරීම බිලි පූජාවක් වගේ දරුණු දෙයක්, මෙවැනි පාප තර දේවල් කරන්න ඇයි මිනිස්සු යොමු වෙන්නේ? අවසානයේ "සියලු දෙනා සාමකාමීව විසිර ගියහ" කියා තිබෙනවා. කෙනෙක් කාබාසීනියා කරන්නට පලිගහල කොහොමද "සාමකාමීව විසිර ගියේ" (නදී)
රටේ විරුද්ධ පක්ෂත් භේද භින්න කරලා බහුතරයක් මිලදී ගෙන නිහඩ කල අපිට මේවා විනාශ කරන එක සුළු දෙයක්. මේවා මිලදී ගන්න එකත් සුළු දෙයක්(නදී)
රජය නිසි විසඳුමක් ලබා දුන්නනම් පොල් ගහන්නවත් පලිගහන්නවත් අවශ්‍ය නැහැ..(නදී)
වැඩක් නැ කියලා (නදී)
පොල් ගහන්නම තමයි වටින්නේ. කිසි කෙනෙක් මේ ගමක් මැද්දේ තියෙන විෂ රසායනික කම්හලක් ඉවත්කරන්න හදන්නේ නැහැ. බබාලා වගේ නොදන්නා විදියට ඉන්න සියළු දෙනාටම වැදෙන්න එක්ක පොල් ගහන්නම තමයි වටින්නේ.(නදී)
පොල් ගහන්න ගල වෙනුවට බන්දුලගෙ ඔලු ගෙඩිය ගන්න තිබුනෙ. ඇයි බන්දුල ඔයා දන්නේ නැද්ද ඔය කර්මාන්ත ශාලාව නිසා වැලිවේරියේ 19 දෙනෙක් මිය ගිය බව මීට වසර ගානකට පෙර. කර්මාන්ත ශාලාවේ පාවිච්චිකරන මීතයිල් බැරල් එකක් හොරකම් කරලා සූර් වෙන්න අරක්කු වලට දාලා ඒවා බිම් 19 ක් මිය ගියා. අදටත් ඇස්පෙනීම දුර්වල 50 ත් විතර වැලිවේරියේ ඉන්නවා. ඒකෙන්ම පේන්නේ නැද්ද අන්තරායකාරී රසායන ද්‍රව්‍ය අපරක්ෂාකාරීව ගබඩා කිරීම නේද හේතුව? (නදී)
ජය වේවා! ගමේ සහයෝගය අපි මේ විදියටම තියා ගමු.(නදී)
බන්දුලයෝ අපිව සල්ලිවලට ගන්න ටිකක් අමාරුවෙයි. තව ටික දවසකින් බන්දුලයගේ කට වැටහෙනවා.(නදී)
අපොයි මේ දවස්වල අකුනු ගහනකොට කව්රු කව්රුත් පරිස්සම් වෙන එක හොදයි. අද මහජනතාවට රටේ සිදුවන අසාධාරණ ඉදිරියේ ඒ අය වැහි නැති අකුණු පාත්වේවායි පතනවා.(නදී)
දාතු ප්‍රදර්ශ වල පෝලිමේ ගිහින් කතිරේ ගහපු වයසක අම්මල තාත්තලට දැන් නිදහසේ ගෙදරවත් ඉන්න නැති එකේ හැටි. පව් කියලත් හිතෙනවා අප්පා.(නදී)
බන්දුල පෙරේරා, ඔයා පොල් ගැහැව්වට බය වෙන්ඩ එපා. අපි කම්හල වහල දාමු. මාස දෙක තුනක් යද්දී ඔය නුගත් ගැමියන්ට තේරෙයි. බඩගින්න හැම ගින්නටම වැඩියි. දැන් රතුපස්වල ඉඩම් ගණන් අඩු වෙලා .බන්දුල ඔන්න අවස්ථාව .(නදී)
පොල් කියන්නේ හොදට හොදය නරකට නරකය බත් බුලත් පොල් මිනිසුන්ගේ ජීවිතය සමග බැදුණු දේවල් 88 89 කාලේ මරපු කොල්ලනේ කෙල්ලන්ගේ මව් පියවරු හදවත් වලින් ගහපු පොල් ශාපයෙන් එදා ආණ්ඩු කරපු නායකයෝ මහපාරවල් වල මැරිලා ගිය. බුරුතු පිටින් බෝම්බ වලින් මැරිලා හියා. තවමත් විපක්ෂය කා කොටා ගන්නවා මේවා එතරම් හොද දේවල් නොවෙයි පාලක යන්ට සහ ආණ්ඩුවට
සෙනෙවි,ඔයා කියන 19දෙනා මැරුන එකට කර්මාන්ත ශාලාව වග කිව යුතු නැහැ.. ඒකට වග කියන්න ඕනේ ඒවා බිව මිනිස්සු සෙනෙවි,ඒ මිනිස්සුන්ගේ බේබදු කමට ... මීතයිල් කර්මාන්ත ශාලාවෙන් හොරකම් කරලා බිවම කර්මාන්ත ශාලාව මොනවා කරන්නද?,පෙරේතකම තමයි ඒ මිනිස්සුන්ගේ මරණයට හේතු වෙලා තියෙන්නේ..(නදී)
බන්දුලගේ අඹුවත් සල්ලිවලට දෙනවද දන්නේ නෑ ඔය කියන විදියට. (නදී)
තෙරි පැහැ සිරිධම්ම හිමියන්ට බෙන්ස් කාර් එකක් හම්බ වෙලාද? (නදී)
දිසානායක මහත්තයෝ, උඩින් තර්ජන ගර්ජන බලපෑම් එනවා නම් ඇගබේරගෙන ලිස්සලා යනවා මිස කව්ද කැමති විහින් හැරෙන්න.(නදී)
මේ දිනවල හැම තැනම හදුනා නොගත් මල සිරුරු හමුවෙනවා. ඒ නිසා කරන උද්ඝෝෂණයක් ඔය නිවෙස් වල නිකන් ඉන්න වයසක අම්මල තාත්තලා එක්ක එක්ක එකතු වෙලා කරන්න. දරුවන් සහ තරුණ පිරිමි අයව ගාව ගන්නවත් එපා. තරුණ අයගේ ග්‍රහයෝ නීච වෙලා තියෙන කාල වකවානුවක් මේක.(නදී)
ජනාධිපතිතුමනි, ඔබටත් මෙයට දායක වී ඇප කැප වූ සැමටත් ස්තුතියි. ඔබතුමා රට වෙනුවෙන් කරන සෑම හොඳ වැඩක්ම ඉතා ඉහළින් අගය කරනවා(නදී)
හොද දෙයකට හොදයි නොකියන දේශපාලන කණ්ණාඩි දාගෙන අන්තවාදී අදහස් දාන අන්තවාදියන්ට අපායට පාරකුත් දාන්න ඕනෑ. (නදී)
ගහන්න පොල් හැදි ගෑවිලම යන්න කියලා. මේවට ට අනුබල දෙන රීරි යකාට හෙනම ගහන්න කියලා.(නදී)