IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


තනිවයි උපන්නේ - තනිවයි මැරෙන්නේ

මිය යන්නට පෙර සිටම මළගම සූදානම් කැරගෙන සිටින මිනිසෙක් දඹුල්ල සතිපොළ භූමියේ පදිංචි වී සිටී.

ඔහු නමින් ඩබ්ලිව්.එම්. පුංචිබණ්ඩා (67) මහතාය. දරුවන් තිදෙනකුගේ පියෙකු වන ඔහු බිරිඳ මිය ගොසිනි. ඔහුගේ දරුවන් තිදෙනාද විවාහ වී වෙනත් ප‍්‍රදේශවල පදිංචිවී සිටිති.

මිනී පෙට්ටිය ඔහු පදිංචි වී සිටින කුඩා නිවසේ වහලයේ ලීයක එල්ලා ඇත. දුවිලි වැදීම වැලකීම සඳහා පොලිතින් කවරයකින් හා විශාල රෙද්දකින් මිනී පෙට්ටිය ඔතා තිබේ.

පුංචි බණ්ඩා මහතා කියා සිටියේ මිය යෑම සත්‍ය දෙයක් නිසා දරුවන්ට හෝ ඥාතීන්ට කරදරයක් නොවී තමන් හම්බකැර ගන්නා මුදලින් කීයක් හෝ ඉතිරිකැර අවසන් කටයුතුවලට පහසුකැර තැබූ බවයි.

ඔහු පෙට්ටිය මිලදී ගෙන ඇත්තේ රුපියල් 8500කටය. දැන් එවැනි පෙට්ටියක මිල එමෙන් තුන් ගුණයක් පමණවේ.

ආදාහනය කිරීම සඳහාද තමන් මේ දිනවල හම්බකරන මුදල් වෙන් කරමින් සිටින බවත් එම මුදල නගර සභාවට බැඳ ලදුපතද පෙට්ටියේ දමා තබන බවත් ඔහු කීය.

හදිසි අනතුරකදී එක් අතක් අහිමි පුංචි බණ්ඩා මහතා දඹුල්ල සතිපොළේ වඬේ විකුණමින් තනිවම ජීවත් වෙයි.

 

 



අදහස් (0)

තනිවයි උපන්නේ - තනිවයි මැරෙන්නේ

ඉරංගනී සුභසිංහ Friday, 28 February 2014 12:13 PM

පවු අහිංසක පියෙක් (අ)

:       0       0

ඉරංගනී සුභසිංහ Friday, 28 February 2014 12:14 PM

හරිම දුකයි (අ)

:       0       0

රූපසිංහ Friday, 28 February 2014 12:30 PM

ඔබට දීර්ගෞෂ ලැබේවා

:       0       0

සරත් අතාවුද Friday, 28 February 2014 12:52 PM

හොද වැඩක් කාටවත් කරදරයක් නැහැ (අ)

:       0       0

සාලිය Friday, 28 February 2014 01:52 PM

ඔබට දිර්ඝායුෂ ලැබේවා (දී)

:       0       0

එම් සි කොඩි Friday, 28 February 2014 02:03 PM

ගරු කරන්න ඕනි ඒ වගේ මනුස්සයෙක්ට ............... තව ගොඩාක් කාලයක් ජීවත් වෙන්න කියලා ප්‍රර්ථනා කරමි (දී)

:       0       0

ඩෙලා Friday, 28 February 2014 02:19 PM

ඔබට දිර්ඝායුස පතමි .හොද පියෙක් (දී)

:       0       0

ක්‍රිස් Thursday, 27 February 2014 07:35 PM

පවු අහිංසක මනුස්සයෙක්.දරුවන් සලකන්නේ නැතුව ඇති (අ)

:       0       0

පෙරේරා Sunday, 02 March 2014 12:13 AM

ඔබට දීර්ගායුෂ ලැබේවා! (නදී)

:       0       0

මනෝජ්-සාජා Thursday, 27 February 2014 07:58 PM

දරුවන් 3දෙනගෙන් එක් අයකට හරි මේ ප්‍රවෘත්තිය එක පෙනේවා!!!.(අ)

:       0       0

අශේන් Thursday, 27 February 2014 08:10 PM

මෙවැනි මිනිසුන් අගය කල යුතුය කාටවත් ඇත නොපා ජීවත් වීම තරම් දෙයක් තවත් නෑ ඔහුට ගෞරව කල යුතුය

:       0       0

රොෂාන් Thursday, 27 February 2014 08:53 PM

අපි අද ඉදල හෙට මැරිල යනවා එත් මේයා නම් කටවත් කරදරයක් නොවෙන්න ජීවත් වෙනවා (අ)

:       0       0

දයාරත්න ඕස්ට්‍රේලියාව Friday, 28 February 2014 03:45 PM

දෙන්නට සුවසෙවන බැරිනම් තම හිසට දණ්ඩකි එ අත සිඳලයි සත්කඩක් කොට (අ)

:       0       0

ජිනේන්ද්‍රා අනුරාධි Sunday, 02 March 2014 08:03 AM

ඔබට නිවන් සුව අත් වේවා! (නදී)

:       0       0

සම්පත් Friday, 28 February 2014 04:33 PM

කාටවත් කරදරයක් නැති අහිංන්සක පියෙක් .....(අ)

:       0       0

අමිල කටුනායක Thursday, 27 February 2014 10:13 PM

ඇමති කෙනෙකුත් ලැහැස්ති වෙනවලු.(නදී)

:       0       0

සෙන්තිල්නාතන් Thursday, 27 February 2014 10:14 PM

සිරස්තලයට දාලත් ඇත්තේ,මාස්ටෙර්ගේ සින්දුවක්නේ. කවදත් අමතක නොවෙන,අර්ථවත් සින්දුවකි. (නදී)

:       0       0

නන්දන Friday, 28 February 2014 05:51 PM

ඔබට නිවන් සුව

:       0       0

කුමාර් Thursday, 27 February 2014 10:44 PM

තමන්ගේ දරුවෙක්ටවත් බරක් නොවී ජිවත් වෙන පියෙක්. නිදුක් නිරෝගී දිර්ගායු පතනවා තාත්තේ! (නදී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Thursday, 27 February 2014 11:00 PM

අහිංසක මිනිසෙක් උනත් , නැති බැරිකම කොපමණ තිබුනත් මැරුණට පසුවවත් තවත් කෙනෙකුට බරක් නොවී ඒ ගමනත් තමන්ගේ වියදමින් තමන්ම කරගන්ඩ සුදානම් කරපු ඒ සිතුවිල්ල ගොඩක් වටිනවා. නොමැරී හැමදාම ඉන්නවා කියල හිතාගෙන වැඩ කරන අපේ අයට ගොඩක් හොද ආදර්ශයක්. (අ)

:       0       0

මංජුප Wednesday, 05 March 2014 08:24 AM

ගිහිගෙයි හැටි ඔහොම තමයි. කවදා හරි අපි මැරෙනවා ඉතින් එහෙම කලා කියල වරදක් නැහැ.(නදී)

:       0       0

අමිත් Thursday, 27 February 2014 11:05 PM

දරුවො දැනගත්තොත් පෙට්ටියත් විකුනයිද? (අ)

:       0       0

සිරිනා මාග්‍රෙට් Thursday, 27 February 2014 11:33 PM

ඔබට දීර්ඝායුෂ ලැබේවා. (අ)

:       0       0

සුමිත්‍රා Friday, 28 February 2014 03:41 AM

පව් දෙමපියන් තනි කරන එක (අ)

:       0       0

ඩොන් රොෂේනද සොයිසා Friday, 28 February 2014 03:49 AM

මරණෙට බය නැති මහාත්මයෙක්.(අ)

:       0       0

දිනිඳු ශ්‍යාමල් Friday, 28 February 2014 08:13 PM

ඔබට දීර්ඝායුෂ ලැබේවා.....!!!!(දී)

:       0       0

සත්‍යයා Friday, 28 February 2014 06:07 AM

ඔහු දිනක මියයන බව පසක් කළ නිසා තමයි සාමාන්‍ය මිනිසෙක් නොසිතන අන්දමින් අහිංසකව හා සාධාරණව සිතා මේ පියවර අරන් තියෙන්නේ. ඒකට රට ක(රව)න මිනිස්සු වැඩ කරන්නේ කිසිදාක මිය නොයන අය ලෙසයි. මේ උදාර පුද්ගලයා ලොවටම ආදර්ශයක් වේවා! (අ)

:       0       0

කරුණාරත්න Friday, 28 February 2014 06:57 AM

උත්තරීතර මහත්මයෙක්. මේවගේ වටිනා මහත්මයන් ගැන මුළු ලෝකෙටම ප්‍රචාරය කරන්න. දැන් පාසල් වල ඉගෙන ගන්න දරුවන්ටත් මේ වගේ වටිනා පුඉද්ගලයන් ගැන කියල දෙන්න වැඩපිලිවෙලක් සකස් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. ඇස් දෙකට කදුළු එනවා මේ කතාව බලනකොට.(නධී)

:       0       0

සනත් Friday, 28 February 2014 07:25 AM

මැරුණම පොලවට පස් වෙලා යන මේ කුණු ශරීරය බහා තියන්න ගත්ත උත්සාහයට වඩා ඒ සල්ලි වලින් පිනක් කර ගත්තනම් යනකොට පින අරගෙන යන්න තිබුනා. මිනි පෙට්ටිය යනකොට අරගෙන යන්න පුළුවන් නම් වරදක් නෑ. මිනි පෙට්ටි සංස්කෘතිය ලංකාවෙන් තුරන් වෙනවා නම් ඉතාම අගනේය.(නධී)

:       0       0

ප්‍රෙමා්ද සොයිසා Friday, 28 February 2014 08:09 AM

කියන්න කිසිම දෙයක් නැ යාලුවනේ.(නදී)

:       0       0

ජයතිලක Friday, 28 February 2014 08:25 AM

පිටරටවල් වල අවමංගල්‍ය සංවිධානය කරන ආයතන වල තියෙනවා, මිය යාමට බොහෝ කලකට පෙර, තමන් මිය ගියාට පසුව තමන්ගේ මරණයේ වැඩ කටයුතු කිරීමට බාර දීමට හැකි ලෙස සකස් කල ක්‍රම. එහිදී දු දරුවන්ටවත්, නෑදෑයන්ටවත් කිසිම ආර්ථික අපහසු තාවයකට පත් වීමට අවශ්‍ය නොවේ. ඒ මන්ද මිය ගිය තැනැත්තා,මිය යාමට ප්‍රථම ඒ සියලු වියදම් ගෙවා අවසාන නිසා.(නධී)

:       0       0

චන්දිමා Friday, 28 February 2014 09:12 AM

පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදි කියන්නේ ඕකයි. තාත්තලාගේ අගේ දැනෙන්නේ මිනිස්සුන්ට හරිම අඩුවෙන්. නිදුක් නිරෝගී ගිර්ඝායු වේවා තාත්තේ! (අ)

:       0       0

රුවන් බණ්ඩාර Friday, 28 February 2014 09:41 AM

අදහන්න ඕනි මිනිහෙක් ගෞරව කරනවා ඔබට (අ)

:       0       0

පද්මසිරි Friday, 28 February 2014 10:09 AM

ආදර්ශය උතුම් කියවනවට වඩා අපි නොදන්නා මෙවැනි දේවල් රටේ තවත් ඇති. අදාළ ප්‍රදේශවල වගකිවයුතු බලදාරින්ගේ අවදානය යොමුවූය යුත්තේ මෙවැනි අහිංසකයන් වෙතයි.(නදී)

:       0       0

කුමාරි Friday, 28 February 2014 10:12 AM

පිය සෙනෙහසට කවු ගී ලියවුනා මදි..... තාත්තේ ඔබට නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවා! (නදී)

:       0       0

ආරියසේන Friday, 28 February 2014 10:25 AM

තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ. මේ ලෝකයේ මොන සෙල්ලම් දැම්මත් අන්තිමට ඕනෑම ජගතෙකුට බැහැල යන්න වෙන්නේ ඔකේ ඇතුලේ තමයි.(නදී)

:       0       0

අරුණ Friday, 28 February 2014 11:01 AM

ඔබට දීර්ඝායුෂ ලැබේවා. (අ)

:       0       0

ප්‍රියා Friday, 28 February 2014 11:05 AM

මේ ලෝකේ හැටි එහෙමයි. අපි දරුවන්ට පන වගේ ආදරේ කලාට දරුවෝ බැන්දහම වෙනස් වෙනවා. ඒකයි ලෝක ධර්මතාවය. එයාලටත් එයාලගේ දරුවන්ගෙන් ඒ ටික ලැබෙනවා. දරුවෝ නැති අය දුක් වෙන්න එපා. දරුවෝ 3 දෙනෙක් ඉන්න පියාට වෙලා තියෙන දේ බලන්න.(නදී)

:       0       0

ඉසුරු Sunday, 02 March 2014 10:19 PM

මේ අංකල්ගෙ දරුවන්ට මේ සිද්දිය කිව්වා නම් හරි. කියලා මොකක් හරි පිලියමක් ගන්න කිව්වා නම් හරි. ඈත්තටම මේ අංකල්ට දීර්ගායුෂ ලෑබෙන්න ඕනෙ.(නදී)

:       0       0

චන්දි Friday, 28 February 2014 11:09 AM

ඇත්ත ඇති සැටියෙන් දුටු ,කාටවත් කරදරයක් නොකර ජිවත් වෙන්නත්, මිය යන්නත් සිතු ඇදහිය යුතු පුද්ගලයෙක්.., ඔබට දිර්ඝායුෂ (දී)

:       0       0

ගොඩ්රි Friday, 28 February 2014 11:30 AM

මෙතුමා ඇත්ත ඇති හැටියෙන් දැනෙනවා (අ)

:       0       0

හිලිමි සමදරා Friday, 28 February 2014 11:46 AM

ඔබට දීර්ඝායුෂ ලැබේවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1360 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1743 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5574 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1486 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5881 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5481 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17750 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site