ඇතැම් ප්‍රාදේශිය සභා හා නගර සභා මන්ත්‍රීන් කොමිස් ගසතියි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා උකුවෙල සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී මෑතකදී කළ කතාව ප්‍රසිද්ධීයේ ඉල්ලා අස් කරගත යුතු යැයි මාතලේ ප්‍රාදේශිය සභා රැස්වීමේදී උප සභාපති නිමල් ජයවර්ධන මහතා පැවසීය.
ඔහුගේ කතාව අනුමත කරමින් සභාපති ද තවත් කිහිප දෙනකු ද කතා කළ නමුත් යෝජනාවක් සම්මත වුයේ වත් මන්ත්‍රීන් සියළු දෙනාමත් කතා කළේ නැත. තමා ප්‍රකාශ කලේ මහජනයා නැඟු චෝදනාවක් බවත්, තොප්පිය හරි නම් ඕනෑම කෙනකු දා ගත්තාට කමක් නැති බවත් මේ ගැන ඇසු විට නන්දිමිත්‍ර ඒකනායක මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය ඉතින් දිනපතා විහිලු සපයමින් ඉන්නවා වැඩක්නම් නැතිම ගානයි (අ)
මේ අවස්ථාවේ මට මතක් වෙන්නේ අපි කුඩා කාලයේ ඇසු තොප්පි වෙළෙන්දාගේ කතාව , සහ තොප්පි වෙළෙන්දෙක් දවසක් තොප්පි ටිකක් කර තබාන ... යන බයිලා එක !! (නදී)
එක අතකට ඉතින් එතුමා කියනදේත් හරි (නි)