තමාටත් තම පවුලේ සාමාජිකයනටත් ද්වේෂ සහගතව මඩ ගැසීමේ ව්‍යාපාරයක් අරඹා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
තමාටත් තම පවුලේ සාමාජිකයනටත් ද්වේෂ සහගතව මඩ ගැසීමේ ව්‍යාපාරයක් අරඹා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයෝ ඔක්කොම සුදනෝ. දැන් රටේ සාමාන්‍ය මිනිස්සු තමයි එතකොට වැරදිකාරයෝ? (නි)
අපි ඡන්දෙ දුන්නේ දින100 වැඩ පිළිවෙලටයි. (ර)
ඔබතුමාට විතරක් නෙමෙයි, සමහරුන්ට පුද්ගලික ජීවිතයට පවා මඩගහපු රටක් මේක. ඒවගේ දේවල් එක්ක බැලුවහම මේවා මොනවද? තරුණ දුවරු ඉන්න පියෙකුට අහන්න පුළුවන් දේවල් නෙවෙයි ඒ ගහපු මඩ. ඒත් ඒ පාර්ශවය සමාව දුන්නා. එම නිසා තමන්ගේ පැත්තෙන් වුණ අඩුපාඩුවත් කල්පනාකර බලන්න. (නි)
පසුගිය කාලෙ රටේ විරුද්ධ පක්ෂ දේශපාලකයින්ට ඔබේ පැත්තේ අය මඩ ගහද්දි හිතුනෙ නැද්ද එයාලත් කණස්සල්ලට පත්වෙන බව? සරත් ෆොන්සේකාට කළ දේවලුත් අපිට හොඳට මතකයි. දි (නි)
වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න හොඳ නැහැ. (නි)
මේවා බොරුනම් එතුමා තවමත් ජනපති තනතුරේ. මේවා මඩද ඇත්තද කියලා ළඟදීම හෙළිවෙයි. (නි)
කීර්ති මහතා, ඔබතුමා අර ගිරවූ දෙන්නාගෙ කතාව අහලා තියනවද? අහල තියනවා නම් මෙහෙම ප්‍රශ්නයක් අහන්නෙ නැහැ. අනික ඔබතුමා දන්නවද ඔය කියන කුඩු හා සම්බන්ධ මන්ත්‍රීතුමා ඇයි එදා ඒ පැත්තෙන් මේ පැත්තට පැන්නෙ කියලා...? (නි)
හැමදේම බලය තිබෙනතුරු පමණි (නි)
ඡන්දය දවස්වල ඕවාට උත්තර දෙන්න ඔබට හැකියාව තිබුනා නේද? (නි)
ඔය කිවුවට රාජ්‍ය මාධ්‍ය රනිල්ටත් මඩ ගැහුවා. එතකොට ඒවා කවුරුවත් දැක්කේ නැද්ද? (නි)
අර කුඩු චෝදනා තිබෙන මන්ත්‍රී දේශපාලනට ආවේ මොන පක්ෂයෙන්ද කියලා කවුරුහරි දන්නවද? (නි)
මේවා චෝදනානේ. විභාග කරලා හරි වැරදි හොයයි. (ර)
මේවා මඩද සත්‍යද කියා දැනගැනීමට හැකිවන්නේ විමර්ශන වලින් පසුවයි. එතෙක් ඉවසීමෙන් සිටිමු (නි)
කුඩු ගෙනා කෙනාට අකමැති නම් ඡන්දෙදි පරදවන්න ජනතාව දැනගන්න ඕනෑ. ඕක හිටපු ජනපතිගෙන් අහලා වැඩක් නැහැ. (නි)
ඔබතුමා රටට ලොකු නිදහසක් අරගෙන දුන්නා. එයට සදා තුති මැතිතුමනි. නමුත් වුණ නාස්තිය, දූෂණය, කුඩු සංස්කෘතිය, ජීවන බර ඊටවඩා වැඩිවුණ නිසා තමයි මෙහෙම වුණේ. (නි)
එතකොට ඔය කුඩු වගේ චෝදනා තිබෙන ඇමතිවරු හිටියේ කාගේ ආණ්ඩුවෙද? (නි)
දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා දෙයකුත් තිබෙනවා කියලා තේරුම්ගන්නේ නම් යහපත්! (නි)
හිටපු ජනාධිපතිවරුන් වූ හෙක්ටෙර් කොබ්බෑකඩුව, ඩී. බී. විජේතුංග වගේ අයටත් මඩ ගැහුවද? ටිකක් සිතා බලන්න (නි)
මේ මඩ ගහන්නේ සිංහල ජාතියටයි. මොනවා කිවුවත් ජනතාව දන්නවා ඇත්ත මොකක්ද කියලා (නි)
ජනපතිතුමනි, ඔබගේ නාමය අප හදවතේ සහ අප ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා ඇත. ශ්‍රී ලංකාව කුරිරු ම්ලේච්ඡ කොටි කැරලිකරුවන්ගෙන් මුදා එක්සේසත් කළ ජාතික වීරයෙක් වශයෙන් ඔබ කණගාටු නොවන්න. අප ඔබ සමඟයි (නි)
සත්‍ය දැන් හෙළිවෙමින් පවතින බව පෙනෙනවා. (නි)
ඇත්තටම මඩ තමයි. තාම කිසිවක් ඔප්පු කරන්න බැරිවෙලානේ? (නි)
ඔබේ පැත්තේ අය ගහපු මඩනේ මඩ. මේවා චෝදනානේ. විභාග කරලා හරි වැරදි හොයයි (නි)
අපි සැමදා ඔබතුමා සමගයි. ඔබට තෙරුවන් සරනයි. (නදී)
පිවිතුරු, ඔබ හරියටම හරි (නි)
මහින්ද මහත්තයෝ, ඔබතුමාට 58 ලක්ෂයක් ඡන්දය දුන්නා. අපි ඔබතුමා සමඟයි. ඔය මඩ ප්‍රචාර වලට ළඟදීම උත්තර ලැබේවි ඔබතුමාට දළදා සමිඳුගේ සරණ ලැබේවා! (නි)
පිරිසිදු සිංහල ලේ තිබුනේ මුළු ලංකාවෙන්ම 47% විතරයි. අනිත් ඔක්කොම සුද්දන්ගෙන් කලවම් උණු ලේ. (නදී)
ඔබතුමා නැවත ජනතාව අතරට එන්න (නි)
ඔබතුමාට රටේ මිනිසුන්ගේ ආදරය දැක්කහම හැමෝම බයවෙලා. (නි)
කළකම් පළදෙනවා. (නි)
ලක්ෂ 57 ඡන්දය දුන්නා.දැන් ලක්ෂ 30කට බැහැලා තියෙන්නේ. ඉදිරියේදී තවත් අඩුවෙයි. (නි)
දිල්ෂාන් බන්දුල පෙරේරා,ඔයා ඡන්දය දුන් පැත්ත අපි දන්නවා. (නි)
හිටපු මහින්දට වඩා ගිය මහින්දට කට්ටිය බයයි.ලොකු භීතියක් තිබෙනවා කට්ටියගේ මහින්ද මහත්තයා ඉදිරි මහා මැතිවරණයට එයි කියලා. මිනිස්සු මෝඩ නැහැ. මෝඩ නම් ඔබතුමාට බහුතරයේ බහුතරය හිමිවෙන්නේ නැහැ. අපිට අවශ්‍ය ඔබ ඉදිරියට පැමිණීමයි. ඉතිරිය නියමාකාරයෙන් සිදුවේවි (නි)
ඔබ හොඳ මිනිසෙක් බව ජනතාව දන්නවා (නි)
ඔබතුමා කියනවා වගේ කවදහරි සත්‍ය ජයගනී. ඔබ තුමාට ඳළදා සමිදුන්ගේ පිහිට හා ආරක්‍ෂාව ලැබේවා.! (ර)
ඔච්චර දේශපාලන නුවණක් තිබෙන කුඩුරජාලා ආණ්ඩුවේ සිටි බව දැනුනේම නැද්ද? ඇයි හෙවුවේ නැත්තේ? (නි)
ලියුම් ලියන්න ඕනෑ නැහැ. අපිත් ජීවත්වුණේ මේ රටේනේ. ඔබතුමා උඩින් වගේම යටින් වාහන අරගෙන ගියෙත් අපේ සල්ලි වලින්නේ. ඒවා තමයි නාස්තිය කියන්නේ. (නි)
අනේ එතුමා පවු ...! (නි)
සිංහල ජනයා ඔබ සමගයි,කව්රු මොනවා කීවත් සිංහල ලේ ඇති සිංහලයන් දන්නවා ඔබගෙන ඔබට සුබ අනාගතයක් රජුනි (බ)
ඹබයි රජු ජනතාව ඹබ සමගයි (බ)
ජාතික නිදහස් පෙරමුණේ නායක හාදයෝ විපක්ෂයේ ගුණ හරි අපුරුවට ලංකාවාසීන්ට කියා දුන්නා ඒවායේ ප්‍රතිඵල තමා ඔය. ඔබතුමාට රජෙක් වගේ ඉන්න තිබුණා, අත්දැකීම් බහුල නායකයෙක් නිසා ඔබතුමාට ඔය විදියට ඉන්න සිද්ධ කරපු අයට දඩුවම් කරන්න ඕන (බ)
රජයේ බැංකු වලට අවම සුදුසුකම්වත් නැති තරුණ ගැහැණු ළමයින් පසුගිය කාලයේ බඳවා තිබුනා. ඒවාට මිනිස්සු කතා නොකළේ උඩ බලාගෙන කෙළ ගහන්න බැරි නිසා. (නි)
ඡන්දයෙන් දිනුවා නම් ඔය චෝදනා මොකුත්ම නැහැනේ! (නි)
හිටපු මහින්දට වඩා ගිය මහින්දට කට්ටිය බයයි.ඔබට කළගුණ දැක්වූ ජනතාවට කෘතගුණ සැළකීම කරන්න.අපි ඒ දේ ඔබෙන් ඉල්ලනවා.ඉදිරියට එන්න (නි)
මඩ ගහගන්න වැඩමනේ කෙරුවේ. අපි දැක්කනේ කොහොමද ඡන්ද කෙරුවාව කියලා. අපි මොකද මැරිලා ඉපදුනාද? (නදී)
ලංකාව විතරක් නෙමෙයි පිටරැටියොත් දැන් දන්නවා හැමදේම. (නි)
කිලිනොච්චියට මැදවච්චිය කියපු අය දැන් කියන ඒවා කවුද ගණන්ගන්නේ? (නි)
වපුරපු දේ අස්වැන්න නෙළනවා, වෙන මොනවා කරන්නද? (නි)
පසුගිය රජයේ ජනාධිපතිතුමාට කවුරුත් මඩ ගහන්න අවශ්‍ය නැහැ. (නි)
අනේ අපි ඉතින් මෝඩයොනේ! (නි)
කවදාවත් පරදියි කියලා හිතුවේ නැහැනේ. (නි)
කරුණු අවබෝධ කරගන්නා විට ප්‍රමාදවී තිබෙනු ඇත (නි)
කෝ ඔප්පු කරලා පෙන්වන්න.එතකොට පිළිගන්න පුළුවන්. (නි)
2010 ජනාධිපතිවරණය අවසන් වූ පසු තමන්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයාට සැළකූ හැටි මා යළි යළිත් මෙවේලේ මතක්කර ගනිමි (නි)
බලයෙන් මත් උන එකේ විපාක තමා මේ. (නදී)
නියමිත ධුරකාලයේදී ඉවත් වූ ජනාධිපතිවරයෙක් මෙම ප්‍රකාශය කළානම් ජනතාව එය පිළිගැනීමට ඉඩ ඇත.ධුරයේ ගෞරවය රැකීම තමන්ගේද ගෞරවය රැකීමක් බව අපි අමතක කළයුතු නැත. (නි)
චෝදනා ඔප්පුකර නොපෙන්වන්නේ ඇයි? (නි)
ඉතාම පහත් දේශපාලනයක් අද තියෙන්නේ (නි)
අනේ මහින්ද මාමේ ඔයාගේ පාලන කාලේ මඩද ගැහැව්වේ ? (නදී)
මේ චෝදනා කෙළෙහි ගුණ නොදත් අයගේ බව ජනතාව දන්නවා (නදී)
වැරදි කර ඇත්නම් ඒවා සොයා නිසි දඬුවම් ලබාදෙන්න. (නි)
මේ චෝදනා බොරු බව ජනතාව දන්නවා. (ර)
මහින්ද රාජපක්ෂ යනු ඉතාම සංවේදී පුද්ගලයෙකි. (නි)
සත්‍යය ජයගනීවි (නි)
හිතවත් මහින්ද, ඔබ කරපු ලොකුම වරද තමා කෙළෙහිගුණ නොදත් රටට ආදරේ කරන උන්ව විනාස කරන ජාතියක ඉපදුණ එක.(දිල්)
ඔය වගේම හමුදා කුමන්ත්‍රණයක් කළ බව කියමින් සරත් ෆොන්සේකා මහත්තයට බොරුවට මඩ ගසා ඔහුව සිරගත කළා. ඒත් සාධාරණය ඉෂ්ට වුණා (දිල්)
ලෝකයේ ත්‍රස්තවාදය පැවති රටවල්වලින් ත්‍රස්තවාදය සහමුලින්ම මුලිනුපුටා දැම්මේ ලංකාවේ පමණයි. (නදී)
කවුරුත් ඔබතුමාට මඩ ගැසීමක් කරන්නේ නැත. ඔබට තුනුරුවන්ගේ සරණයි! (නි)
ගරු ජනාධිපතිතුමනි, අපිට තේරෙනවා මේ වෙන දේවල් (නි)
මඩ ගහල මදි ගොම ගහන්න ඕනේ කරල තියෙන දේවල් වලට (නදී)
අපි දන්නවා ඔය සේරම බොරු කියලා. තව ටික දවසකින් ප්‍රබාකරන් වත් අරලිය ගහ මැදුරෙන් මතු කරලා ගනියි. එයාල දිනුම බලපොරොත්තු නැති එකක්. ඒ නිසා පිස්සු වැටිලා ඉන්නේ. (නදී)
ඔබ ශ්‍රේෂ්ඨ නායකයෙකි, එය නිසැකවම කිවහැකිය. නමුත් සෑම මිනිසෙකු ළඟම යහපත් හා අයහපත් ගුණාංග ඇත. කතාවක් තිබෙනවා මිනිසා වපුරන දෙය කපාගන්නවා කියා (නි)
රජකම් කළත් කළකම් පළදේ (නි)
මහා භාණ්ඩාගාරයේ රත්තරන් ටොන් ගාණාට වුණේ මොකක්ද කියල කියන්න සිද්ධවෙනවා.(දිල්)
අද රටේ ජනතාව එක එක කතා වලින් රවට්ටන්න බැහැ අද ජනතාව බුද්ධිමත් ජනතාවට තව ටික කාලෙකින් කරපු මෝඩකම ගැන දුක්වේවි (දිල්)
රාජපක්ෂ පවුල ගැන දැන් මුළු ලෝකෙම දන්නවා.(දිල්)
ඔබ තුමා මේ දේවල් කියන්නේ දැන් නේද? අපරාදේ මගේ ඡන්දෙ ඔබතුමාට දෙන්න තිබුණා. (දිල්)
තමන්ගෙ බඩ ගැන විතරක් හිතන මිනිස්සු ඉන්න රටකට තව මොනදේ කළත් වැඩක් නැහැ.ඔබතුමා නැති අඩුව ඉක්මනින්ම රටට දැනෙන්න ගන්නවා.ඔබතුමා හැමදාම අපේ ජනාධිපති.(දිල්)
දැන් ඉතින් හාමදේම එළිවෙනවා (දිල්)
ගරු මැතිතුමණි මේ සියලු මඩ ප්‍රචාර ඔබේ කීර්තියට හානි කර ලබන මැතිවරණයේදී ඡන්ද ගොඩ වැඩි කරගන්න කර ගන්න. (දිල්)
මෙතුමා නොහිටින්න අපි අද කොතනද මුළු ජාතියම ඔබට ගරු කරනවා (දිල්)
ඔබට සැමදා ජය (දිල්)
අහස පොලොව උහුලන දේවල්ද අපි මේ අහන්නේ දැන් දැන්. දැන්නම් හොදටම ඇති වගේ දවසින් දවස දකින මේ මඩ ගැහිලි. මෙහෙමත් පලිගැනීම් නම් දැක්කේ නෑ ජීවිතේට (නදී)
තමන් වැපුරූ අස්වැන්න තමන්ටම නෙලාගන්න අවශ්ථාව උදාවී ඇත.(නදී)
යහ පාලකයෝ අපේ රටේ මිනිස්සු කඩේ යවනවා. හොර කම් කරලා තියෙනවා නම් නීතියෙන් ඔප්පු කරාට පසුව මඩ ගහන්න. (නදී)
අපිට මොනම ආණ්ඩුවක් අාවත් මොකුත් ලැබෙන්නේ නැහැ. ඒත් මට ඡන්දය ලැබිලා අවරුදු 15 ක් ගියත් මම ඡන්දෙ දුන්නේ 3 සැරයයි. ඒ ඔබ තුමාටයි. හැමෝම විදායකය ගැන කියෙව්වට දැන් තියන ආණ්ඩුව අාවෙත් විදායකේ නිසා කියල තේරුනේ කාටද ? (නදී)