(මනෝප්රිය ගුණසේකර)
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්‘ පවත්වාගෙන යෑමේ චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් යැයි ‘ඇවන්ට් ගාඩ්‘ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (02) කියා සිටියහ.
නඩුවේ චෝදනා කියවා දීමෙන් අනතුරුව එම චෝදනාවන්ට විත්තිකරුවන් වරදකරුවන්ද? නිවැරදිකරුවන්ද? යනුවෙන් විමසු අවස්ථාවේදී ඔවුන් එලෙස පැවසු අතර ඉන් අනතුරුව සාක්කි විමසීම ආරම්භ කෙරිණි.
නීතීපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති නඩුවේ ඇතැම් චෝදනා ගොනු කර ඇති ආකාරය නීතීවිරෝධී බව සඳහන් කරමින් විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්රතික්ෂෙප කළ විනිසුරු මඩුල්ල මීට පෙර අවස්ථාවකදී මෙම නඩුව විභාග කිරීමට තීරණය කෙරිණි.
මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ (සභාපති) ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග කෙරේ.
2014 අප්‍රේල් 07 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාලයේ ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යනුකූල බලපත්‍ර නොමැති ස්වයංක්‍රීය ගිනි අවි සහ උණ්ඩ ළඟ තබාගැනීම සඳහා කුමන්ත්‍රණය කිරීම ඒ අනුව ටී-56, 84 එස් සහ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි 816ක් සහ උණ්ඩ 2,02,935ක් නීත්‍යනුකූල බලපත්‍ර නොමැතිව ළඟ තබාගැනීම මෙන්ම 2015 සැප්තැම්බර් 23 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාල සීමාව තුළදී ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යනුකූල බලපත්‍ර නොමැති ස්වයංක්‍රීය ගිනි අවි සහ උණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර හා අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
ගිනි අවි ආඥා පනත යටතේ සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදවල් විත්තිකරුවන් විසින් සිදු කොට ඇති බව නීතීපතිවරයා විසින් චෝදනා පත්‍රයේ සඳහන් කර ඇත.
එලෙස චෝදනා කරමින් නඩු පවරා තිබුණේ ‘ඇවන්ට් ගාඞ්‘ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතු`ථ විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිවය.නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
පැමිණිල්ලේ සාක්කි විභාගය ආරම්භ කරමින් රියද් අද්මිරාල් නිලන්ත හීනටිගල මහතා සාක්කි දුන්නේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සාක්කි විභාගය කල් තබන ලදී.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තමන් ඇතුළු පිරිස නිවරදිකරුවන් යැයි නිශ්ශංක සේනාධිපති කියයි
අතුල Wednesday, 02 September 2020 02:52 PM
මොහු නීත්‍යානුකූල නොවන ව්‍යාපාරයක් කළා පමණක් නොව ඊට මහින්දගේත්, ගෝඨාභයගේත් නම් ගාවන්න නොකරපු දෙයක් නැහැ. ජනාධිපතිතුමා මොහුට සමාව දී නඩු අයින් කළත් 69 ලක්ෂයක් වන ඡන්දදායකයින් වන අප මොහුට සමාව නොදිය යුතුයි...
sharm warn Thursday, 03 September 2020 04:14 AM
අනේ අතුල, මේ ව්‍යාපාරයට අවශ්‍ය අවි කොහෙන්ද කියන්නකෝ.?
kumaa Wednesday, 02 September 2020 11:39 PM
මගේ මතයට අනුව මොහු නිදහස් කළ යුතුයි.
Asanga Thursday, 03 September 2020 01:09 AM
වැරදි, නිවැරදිකරු කිරීමට නීතියට පුළුවන්. එය හුදෙක් ශාක්ෂි මත පදනම්වේ.
Nihal Thursday, 03 September 2020 04:34 AM
කොයි වැරදිකරු ද මම වැරදියි කිව්වේ?