IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


තමිල්නාඩු මන්ත්‍රීවරු මාසික වැටුප ලංකාවට දෙති

තමල්නාඩුවේ ඩී.එම්.කේ පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගේ මසක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රදානය කිරීමට තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින්  ඩී.එම්.කේ පක්ෂයේ නායකයා වේ.

ඩී.එම්.කේ පක්ෂයේ ලොක් සභාවේ සහ රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන්  තම මසක වැටුප තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා පිහිටුවා ඇති මහජන සහන අරමුදල වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර ඇතැයි ඩී.එම්.කේ පක්ෂය නිවේදනය කළේය.

එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩී.එම්.කේ පක්ෂය රුපියල් කෝටියක මුදලක් අරමුදල වෙත පරිත්‍යාග කරන බව සඳුදා දින නිවේදනය කළේය.

(විමුක්ති එස් රුද්‍රිගු)  



අදහස් (14)

තමිල්නාඩු මන්ත්‍රීවරු මාසික වැටුප ලංකාවට දෙති

කිරි පුතා Thursday, 05 May 2022 07:35 PM

ඉතා පරිස්සමෙන් අපේ රට සිටිය යුතු අවස්ථාවක්. ඊලම නැගී සිටීමේ ව්‍යාපාර මේ අතර සිදුවිය හැකියි. අනෙක මෙතන රටට අගෞරව කිරීමේ පරමාර්ථයක් වුවද තිබිය හැකියි.

:       25       60

සත්‍ය ගවේෂී.Friday, 06 May 2022 09:01 AM

කිරිපුතා කියනා බාල, බොළඳ නමට මුවාවෙලා මේ සිටින්නේ, දූෂිත පවුලක් හා රජයක් වෙනුවෙන් රෙදිනැතිව කඩේ යන කෙනෙකු බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ වගේම ඒ නමත් ඒ වැඩේට කදිමට ගැළපෙනවා. කිරිපුතාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් රට නැසීමට උදව් කරන කාලෙක ඉන්දියාවේ මන්ත්‍රිවරුන් කළ දේ අගය කළ යුතුයි.

:       4       12

siri Thursday, 05 May 2022 07:41 PM

වර්තමාන පාලකයන්ට ලැජ්ජාවක් නැතිව ඇති...

:       8       37

රටවැසියා Thursday, 05 May 2022 07:45 PM

අපේ මන්ත්‍රීවරු ඒ දෙන සල්ලිවලින් පෙලපාලිවලට සහභාගිවෙන අයට කොත්තු කවති..!

:       4       38

චාමර Thursday, 05 May 2022 07:48 PM

මෙහේ ඉන්න අයට පරයින් කියන්නේ නිකමට නෙවෙයි...!

:       2       36

උතුරේ ධීවරයාට වෙන දේ Thursday, 05 May 2022 08:15 PM

උතුරේ සහ දකුණේ කියලා බෙදුණු මිනිස්සුන්ට තේරෙයි, ඔය උතුරේ දූපත් ටික ඉන්දියාවට දුන්නාම උතුරේ ධීවරයින් බොහෝ ගසා කෑම්වලට ලක්වෙන හැටි. මේ තමයි සෞභාග්‍යය. ගෙඩිපිටින් ඉන්දියාවට සහ චීනයට රටේ සම්පත් දැන් දෙමු. යුද්ධය කළේ රට ඇතුළේ මිනිස්සු. ඒත් සැබෑ යුද්ධය මේ රටේ මිනිස්සුන්ට දැන් දැනෙන්න දුන්නේ කයිවාරු ගහන දේශපාලකයන්ම තමයි.

:       0       37

Kumara Thursday, 05 May 2022 08:29 PM

ඔය සල්ලි ටික 226ම ගෑණු කට්ටියට දෙන්න.. ෂොපින් යන්න.

:       0       30

නිමල් Thursday, 05 May 2022 09:10 PM

අහක යන නයි මල්ලට රිංගන්න යන්නේ...!

:       2       18

jayarathna Thursday, 05 May 2022 09:26 PM

අද පාර්ලිමේන්තුව රැස්වෙලා මහජන මුදල් ලක්ෂ ගානක් කම්බස් කළා. නියෝජ්‍ය කතානායක පත්කරන්න. රටට මේ වෙලාවේ වැදගත් නියෝජ්‍ය කතානායක පත්කරන එකද? ජනතාවට සහන සලසන දෙයක් ගැන කතාකරන එකද? මහජන මුදලින් සුඛෝපභෝගි ජීවිත ගතකරන මෙයාලට තවම ජනදුක ගැන තැකීමක් නෑ. නමුත් තමුල්නාඩුවේ මන්ත්‍රීවරුන්ට දැනිලා තියෙනවා.

:       4       31

හදුගලගේFriday, 06 May 2022 09:00 AM

ලක්ෂ ගාණක් නොවෙයි කෝටි ගානක්... ඇත්තටම තමිල්නාඩු මන්ත්‍රීලා ඔවුන්ගේ වැටුප් දෙන්නේ හොඳකට නම් නොවෙයි.. අපේ පාර්ලිමේන්තුවේ නිෂ්ප්‍රයෝජන කටයුතු වෙනුවෙන් කතානායකගේ අනුග්‍රහයෙන් කෝටි ගණනක් නාස්ති කරනවා.

:       0       5

Rakitha Friday, 06 May 2022 08:56 AM

මේක රට හෑල්ලුවට දාන වෑයමක් ඉන්දියාවේ... ඒ රටේ මිනිස්සුන්ට කන්න නැතිව මැරෙනවා. ඕවා තමන්ගේ මිනිස්සුන්ට දෙන්න කියන්න. එච්චර පහළට වැටිලා නැහැ රට. ඉන්දීය මාධ්‍යවලත් බොරු ප්‍රචාර ගෙනිවනවා.

:       4       2

Nihal Friday, 06 May 2022 10:13 AM

මෙහෙ 225 වැටුප වැඩිකරගන්න ඉල්ලයි. ඒත් කමක් නැහැ හොරකම නතර කරනවා නම්...!

:       0       3

Bird eye Friday, 06 May 2022 01:12 PM

ඉන්දියාවේ හිඟන්නෝ.., ජපානයේ බාලාංශ දරුවෝ.. අපේ රටට සල්ලි දෙන එකේ ඕක මොකක්ද? අපේ රටේ නාකි හොරු ඒවත් ගසාකනවා අනිවාර්යයෙන්.

:       0       2

Bempi Friday, 06 May 2022 01:19 PM

අපේ රට පාලනය කරන්න පත්කරගෙන ඉන්න ගොබ්බයන් එක සතපහක් රට වෙනුවෙන් දීලා තියෙනවාද? මෙච්චර අසීරු තැනකට රට පත්කරලා මේ අය පාර්ලිමේන්තුවේ දිනකට කෝටි ගණන් වැයකරලා වැඩකට නැති දේවල් කරනවා. දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ කතානායක කව්ද කියන එක. එක එක්කෙනාට මඩ ගහගන්නවා ඒක ඇතුලේ ප්‍රධාන ප්‍රශ්නවලට කිසිම විසඳුමක් නෑ. මෙයාලට කිසිම ගාණක් නැහැ මේ අන්ත අසරණ වෙලා ඉන්න මිනිස්සු ගැන.. 225 ම එකයි. පණ ඇති විපක්ෂයකුත් නැහැනේ. මේ 225න් එකෙක්වත් නැවත මෙතනට එවන්න හොඳ නෑ. මේ අයගේ ගෑවිච්චි කවුරුවත් ආයේ එනවා බොරු... මිනිස්සු 225ම එපා කියන්නේ මේකයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 66 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 120 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


ප්‍රකාශයක් දෙන්න හරීන් පොලිසියට
2024 නොවැම්බර් මස 20 865 0

මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 190 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 448 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 113 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 407 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1902 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site