අලුත් අවුරුද්ද සමරමින් නටමින් ගයමින් වයමින් සිටි පිරිසක් සමග කොළඹ හිල්ටන් හෝටලයේ පිහිනුම් තටාකය අසල ඉදි කළ වේදිකාව කඩා වැටීම සම්බන්ධයෙන් කිහිප දෙනකුගෙන් ප්‍රශ්න කර කටඋත්තර ලියා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
වේදිකාව කඩා වැටෙද්දී පන්සියයක් පමණ සිටි බවත්, පනහකට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් පොලිස් හා රෝහල් ආරංචි කියයි.
කොන්ත්‍රාත්කරුවකු ලවා මෙම වේදිකාව ඉදි කරවා ඇත්තේ කැන්ටලූප් ප්ලේග්‍රවුන්ඩ් නම් සංවිධානයයි.
දෙසැම්බර 31 වැනි දා මැදියම් රැයේ දී වේදිකාව කඩා වැටිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සියයක් බමන මතින් දඟලපු වේදිකාවක් කඩා නොවැටේ නම් පුදුමයකි? (අ)
හිතා මතා කරපු දෙයක් ද? (ත)
වීඩියෝ පටය බැලුවනම් හරි. (ත)
තරු පහේ වේදිකාවක්ද (අ)
ප්‍රමිතියක් නැතී වැඩ (දිල්)
පොලිසියටත් වෙන රාජකාරි නැතුවමද කොහෙද, පොඩි මිනිහෙක් මරල ගියත් ඇහැක් ඇරලා බලන්නේ නැහැ.(නදී)
"උඩ පැන්නොත් බිම වැටේ" (අ)
චීනෙන්ද හැදුවේ.(නදී)
කට්ටියට තරු පෙනුනද? (නදී)
"ගයන ගැයුම්- නටන නැටුම් ඉවත හෙළයි දැයේ සිතුම්" උමුතුව හොඳ වෙන්න බෙහෙතකුත් එපායැ. ඕවට වේදිකාව හදපු කොන්ත්‍රාත් කාරයෝ නොවෙයි වග කියන්න ඕනේ ඔය දුසිරිත් ජාතිය ට බෝකරන්න කොන්ත්‍රාත් දුන්න අය.(නදී)
තරු පහට වඩා පේන්ඩ ඇති. (නදී)
චිකේ පස්ස පැත්තත් තෙමිලා නේද වැටුණු පාරට. දහස් ගණනක් එදාවේල නැතිව සිටිද්දී බමන මතින් විශාල මුදල් වියදම් කරන පිරිසට දෙවියන්ගෙන් පාඩමක්.(නදී)
නිර්මාණය ටොන් 40 කට ඔරොත්තු දෙන්නේ නැහැ. අඩුම තරමින් 500 කියන්නේ ටොන් 40ක්. මෙය ඉංජිනේරුවෙක් විසින් නිර්මාණය කල යුත්තක්. (නදී)
මෙතන කොමෙන්ට්ස් දාපු වැඩි දෙනෙක් තමුන්ට නොලැබුන සැපයකට ඉරිසියා කරන බව පෙනෙනවා. අලුත් අවුරුද්දේ ඉරිසියාව දුරු කර ගනිල්ලා. (නදී)
ගොඩක් අය අපේ සංස්කෘතිය ගැන ආඩම්බරෙන් කතාකරනවා පිටින් ආපු දේවල් ඔක්කොම හෑල්ලුත් කරලා. ඒත් අන්තිමට බරක් හැදුනහම පාරේ ශරීරකෘත්‍යය කරනවා. තමුන්ට නොලැබුන සැපයකට ඉරිසියා නොකර දැන්වත් පාරට බැහැලා වැඩක් හොයාගෙන අලුත් ජීවිතයක් පටන් ගන්න.(නදී)