කොළඹ කොටුවේ සුපිරි හෝටලයක සේවිකාවකට පානදුර හෝටලයකදී අතවර කිරීම සහ ඊට ආධාර අනුබල දුන්නැයි සැකපිට හෝටල සේවකයන් සිව් දෙනකු ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
රොෂාන් ද සිල්වා, අරෝෂ චන්දිම, චරිත් නිෂාන්ත සහ කණිෂ්ක රෙජිනොල්ඩ් එසේ රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට ඔය කාන්තාව එක්කෙනෙක් එක්ක ගියා වෙන්න පුළුවන්. ඒක එයාගේ කැමැත්ත. නමුත් ගිය කෙනා මෙයාව රවට්ටලා තියෙනවා අනෙක් අයත් එක්ක එකතු වෙලා.(නදී)
උපාලි ,සත්‍යයා ඔබ හරි පළමු කෙනා අයුද පෙන්වන්න ගෙනිහිල්ල දැන් කොච්චර කාලයක්ද , අපරාද වැඩි මිසක් අඩු නැහැ ඉස්සර ඉන්දියාවේ උපන්න හාදයොත් හේතුපල වාදය කියා දෙයක් පැහැදිලි කෙරුව පොඩ්ඩක් කියෝලා බලන්න , (ස)
ඉන්දික මල්ලි, කටේ ගහගෙන ඉන්න සුප්‍පුව බිඳක ට අහකට අරගෙන කියන්න ඔයා මොකාට ද මේ එන්න හදන්නේ කියල. හැම දෙයක්ම ආණ්ඩුවෙන් කෙළවර වෙන්නේ නැත්නම් ඔයාගේ ඇඟේ ඉන්න මැක්ක ගෙන්ද කෙළවර වෙන්නේ? (ස)
සුපිරි නම් ටිකක් ලැජ්ජයි මලේ කරපු වැඩේ.(නදී)
අවශ්‍ය වෙලාව බලල අපි මේ අයව ආයුධ හංගලා ඇත්නම් සොයාගන්න අරන් යන්නම්.(ස)
දේශපාලන හයියක් නැත්නම් ඉතින් මුන් හිරේ යයි. මුන් හිතාගෙන ඉන්න ඇති මේ අයත් ප්‍රාදේශීය සභා කාරයෝ කියල. (අ)
සතයයාගේ කතාත් හරියට මැක්කාගේ කතා වගේ. මොකෙන් පටන් ගත්තත් ඉවර වෙන්නේ ආණ්ඩුවෙන්. (අ)
ආයුධ පෙන්නන්න එක්ක ගියා නම් හරි වැවකට.(නදී)
උපාලි, මම ඔබේ අදහසට 100% ක් එකඟ වෙනවා. ලංකාවේ කොහෙද සමාජ විද්‍යාවක්. ඒ නිසා සැබෑ සමාජ විද්‍යාඥයෝත් නැහැ. ඉන්නේ සමාජ විජ්ජා කාරයෝ. දියුණු රටවල සමාජ විද්‍යාඥයින්ට ආර්ථික හෝ විද්‍යාත්මක ක්ෂේත්‍රයේ විශේෂඥයින්ට වගේම පිළිගැනීමක් තියෙනවා. ලංකාවේ සමාජ විද්‍යාඥයා කියන්නේ හිඟන්නෙක් නැත්නම් ආණ්ඩුවට කඩේ යන්නෙක්. (නදී)
හරිම කැතයි. තමන් එක්ක වැඩකරන සහෝදර සේවිකාවට ඇයි මෙහෙම කරන්නේ.(නදී)
ඕක මොකක්ද, ලබන නව වෙනිදා තෙක් රිමාන්ඩ්, දවස් තව දෙකයි, ඊට පස්සේ ඇප පිට නිදහස්. (නදී0
අපාරාධවලට සරිලන දඬුවම් ක්‍රමයක් තිබිය යුතු බවට කිසිම විවාදයක් නැහැ. හැබැයි, හේතුවට මිසක් ඵලයට ප්‍රතිකාර කිරීමෙන් මේ ප්‍රශ්නය නෙමෙයි කිසිම ප්‍රශ්නයක් විසඳිය නොහැකියි. ලිංගික අපරාධ 2500 කට වඩා පහුගිය අවුරුද්ද තුල සිදුවුනා කියල පුවත්පත්වල තිබුනා. මේකට බලපාන සමාජමය හේතු හොයල බැලීම පොලිසියට තනිව කල නොහැකියි. සමාජ විද්‍යාඥයින්ගේ දැඩි යුතුකමක් හා වගකීමක් ඒක. ලංකාවේ කාටද එහෙම උවමනාවක් තියෙන්නේ? (නදී)
මහි ඔයා කොහොමද කියන්නේ එයා කැමැත්තෙන් ගියා කියලා.(නදී)
බල මාළු කෑවනම් විඳපන් බළලෝ කිව්වලු. "කරන කලට පව් මිහිරිය මී සේ" "විඳින කල ට දු දැඩිවෙයි ගිනිසේ" ..ඒ වුනාට එකෙක් මේවායෙන් පාඩමක් ගන්නවද? (අ)
ඕකට ඔය හැටි බනින්න එපා. ඒ සේවිකාව මොකටද පානදුරේ ගියේ ? පැහැර ගෙන ගියා නම් වැරදියි. කැමැත්තෙන් ගිහින් කාන්තාවගේ ගෞරවය කෙලෙස ගන්නේ එයාලමයි.(නදී)
වැඩ වැරදුනාම ඔහොම තමයි.(නදී)
අද වැඩිවෙලා තිබෙන අපරාධ රැල්ල නතර කරන්න හොඳ දඩුවම් දෙන්නේ නැතුව බැහැ කියලා මට නම් හිතෙන්නේ. මැදපෙරදිග රටවල වගේ කසපහර සතියෙන් සතිය දුන්නා නම් මේ කරන අපරාධ ඉවරයක් වෙලා හැදිලා එයි (නි)
දඩුවම නම් රිමාන්ඩ් බන්ධනාගාරයේ උදවියගෙන් ලැබෙනවා තමයි.ඒත් ඉතින් ඒ දඩුවම නම් මදි,මම කලපනා කරන්නේ දෙන දඩුවම මොකක්ද කියලා. මේකට නම් සිංහල කාලේ වගේ ප්‍රසිද්ධියේ උල තිබ්බා නම් හොඳයි කියා මට සිතේ. (නි)
දැන් ඉතින් රිමාන්ඩ් එකේදිත් ලැබෙයිනේ ඉතුරු අමාරුවත් යන්නම. (නි)
මේ වගේ මිනිස්සුන්ට කරන්න තියෙන දේ කිවුවොත් මගේ අදහස දරුණු වැඩියි කියලා හිතෙයි (නි)
අපේ අය ඔහේ අදහස් ලියනවා.ඒත් අන්තිමට හෝටල් සේවිකාව තමයි බැට කන්නේ. එක්කෝ කියයි ඇසින් දුටු සාක්කි නැත පරස්පර සාක්කි නිසා අර කටිටිය නිදහස් කියලා (නි)
මේ කරන දේවල් වලට හොදක් නම් වෙන්න එපා. මමත් හිතන්නේ ආයුධ පෙන්නන්න අරගෙන යන්න ඕනෑ කියලා තමා (නි)
අපේ රටේ නීති පද්ධතිය ලිහිල් නිසා බය නැතිව ඕනෑම පහත් වැඩක් කරන්න අපේ බහුතර ජනයා උනන්දුයි (නි)
මේ අයත් ආයුධ පෙන්නන්න එක්කගෙන ගියා නම් හොදයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
මොවුන්ට කසපාර දෙන්න ඕනෑ අර සිංගප්පුරුවේ වගේ (නි)
දැන් හොඳ වෙයි . අමාරුවෙන්නේ හිටියේ . (නදී)