ගංවතුරෙන් දුක් විඳි දරුවන්ට ලබා දීම සඳහා ලංකාවට එවන ලද රුපියල් ලක්ෂ දොළහක පමණ මුදලක් වංචා කළ රංගන ශිල්පිනියක් පිළිබඳව සුරංග විදානගේ තබා තිබූ ෆේස්බුක් සටහන පිළිබඳව තරු බෝගොඩ රංගන ශිල්පිනිය ප්‍රතිචාර දක්වා තිබෙනවා. පසුගිය දිනක ෆේස්බුක් ජාලයේ ඇය පිළිබඳව බොහෝ දෙනාගේ විවේචනයන්ද ඇයට එල්ල වී තිබෙනවා. ඉන්පසු ඇය මේ සඳහා පිළිතුරු දෙමින් තම ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මෙලෙසිනි.
''කෙනෙකුගෙ දියුණුව බලා සිටීමට නොහැකි පහත් මානසික අසහනකාරයන්ගෙන් කෙනෙකුට කෙනෙක් නොදෙවැනි සමාජයක ජීවත් වීමට ලැබීම ගැන මහත් සේ කනගාටු වෙමි. තවද අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් කිරීමට බව හඟවමින් පහත් මානසික ආශාවන් ඉෂ්ට කරගැනීමට පැමිණ එය නොලැබුණු විටදී ඔවුන්ගේ සැබෑ ස්වරූපය දැකගැනීමට ලැබීමද වාසනාවක් කොට සලකමි. එංගලන්තයේ පදිංචි බව සඳහන් කරමින් කාන්තවන්ගේ ඇසුර ලබාගැනීමට මුදල් වියදම් කිරීමට වුවත් හැකි බවද පවසමින් සුරංග සංජීව විදානගේ නමැත්තාද එවැනි පුද්ගලයෙකි.
මාගේ නම සඳහන් කරමින් මේ වනවිට මගේ නමට කැළැලක් එක් කිරීමට මහත් සේ දගලමින් සිටියි. ඔහුගේ පහත් මානසික ආශාවන්ට එකඟ වූ සල්ලිවලට ඕනෑම පහත් වැඩක් කරන ගෑනුන්ගෙ ලැයිස්තුවට මා ද ඇතුළත් කරගැනීමට නොහැකි වූ කල මෙවැනි පහත් දේවල්වලින් එවැනි ආශාවන් සංසිඳවා ගැනීමට පෙළඹීම ගැන අනුකම්පා කරන අතර, උපේක්‍ෂා සහගතව බලා සිටිමි. මතක් කිරීමට එක දෙයක් තිබේ අහම්බෙන් ලැබුනු මනුසත් ආත්මය තිරිසන් ලෙස භාවිතා කිරීම දෙමාපියන්ටද කරන නිගරුවකි. තවද මගේ යැයි සඳහන් කරමින් ව්‍යාජ ලෙස සකසා ගත් ලියකියවිලි යොදා ගනිමින් ඒවා ඔහුගේ යහළුවන් අතරට යැවීමට කටයුතු කරන බව දැනගැනීමට ලැබී තිබේ. මගේ යහළුවන්ට දැනගැනීමට සහ මෙවැනි අසහනකරුවන්ගෙන් ප්‍රවේශම් වීමට මෙය උපයෝගී වේවායි සිතමි..'' යනුවෙනි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තරු බෝගොඩ මුදල් වංචා කළේ නැහැලු?
තිලිණ Thursday, 14 July 2016 07:39 AM
ඔච්චර ෆේස්බුක් එකේ පෝස්ට් දාන්න දෙයක් නැනේ නඩුවක් දැම්මා නම් හරිනේ. (බ)