IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


තෝරා බේරාගෙන නිරූපණය කරනවා නම් හොඳයි

20160906Amanda-1එකිනෙකට වෙනස් වෘත්තිය තුනක් නියැළෙමින් නිරූපිකාවක ලෙසද කටයුතු කරන ඇය මනා සංයමකින් හෙබී නාරි අංග ලක්ෂණයන්ගෙන් යුත් යුවැත්තියකි. අමන්දා හංසිනි නම් වන ඇය ඇගේ තොරතුරු පැවසීමට ‘සාරවිට’ සමගින් මෙලෙසින් දොඩමළු වූවාය.

 

20160906Amanda-7ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක් කියන්න?

මම අමන්දා හංසිනි. මම දැනට නිවාස අධිකාරියේ රැකියා කරන ගමන් තමයි නිරූපණ කටයුතු සඳහා දායක වෙන්නේ. ඊට අමතරව මම විනෝදාංශයක් විදියට පත්තරයට ලියනවා.

 

රැකියාවත් සමග අනිත් කටයුතු සඳහා කාලය වෙන්කරන්න හැකියාවක් තිබෙනවාද?

මම ආස දෙයක් කරන්න තියෙනවා නම් කාලය කළමනාකරණය කරගෙන ඒ සඳහා දායක වෙනවා. අනික මම කැමැත්තෙන් කරන දෙයක් නිසා මම කොහොමහරි කාලය දැන් හදාගන්නවා.

 

නිරූපණය පිළිබඳ අදහසක් ආවෙ කොහොමද?

මම චූටි කාලේ ඉඳන් ලියන්න, නාට්‍යවල රඟපාන්න කැමැත්තක් තිබුණා. ඒක චූටිකාලේ තිබ්බ ආසාවක්.  මම රැකියාව කරනගමන් මගේ නිවාඩු කාලය මේ සඳහා වෙන්කරලා තියෙන්නේ.

 

නිරූපණයෙන් දායකවෙලා තියෙන්නේ මොනවා සඳහාද?

මම සංචාරක ආයතනයක සඟරාවක ඡායාරූප සඳහා පෙනී ඉඳලා තියෙනවා.  ඊට අමතරව ආර්යන් ෆිල්ම්ස්වල ඡායාරූප සඳහා පෙනී ඉඳලා තියෙනවා. නමුත් ඒක දැනට එළිදක්වලා නෑ.  ගොඩක් ෆොටෝ ෂූට් සඳහා ආරාධනා ලැබිලා තිබෙනවා. නමුත් තෝරාබේරාගෙන දායක වෙන්න තමයි මගේ අදහස තියෙන්නේ.

 

සිනමාවට අකමැතිද?

අකමැත්තක් නෑ. හොඳ ආරාධනාවක් ආවොත්  මට කරගන්න පුළුවන් කියලා හිතුණොත් අනිවාර්යයෙන් කැමති වෙනවා.

 

20160906Amanda-6නිදහස් ලේඛිකාවක් විදියට වැඩකරනවා කිව්වා නේද? ඒ ගැන කථා කළොත්?

මම නිදහස් කාලවේලාව තුළ ‘මව්බිම යං’ සඳහා ලිපි ලිව්වා. ඊට අමතරව මම ‘අද’ පුවත්පතටත් වෙලාවක් තිබුණොත් ලිපි ලියනවා. ඒ වගේම විශේෂ වැඩසටහනක් සඳහා කාගෙන් හරි ආරාධනාවක් ආවොත් ලියන්න කියලා ඒ සඳහාත් දායක වෙනවා.

 

ක්ෂේත්‍රයන් තුනක වැඩ කටයුතු කරන ඔබ ඉඩප්‍රස්තාව ලබාදෙන්නේ කුමක් සඳහාද?

මගේ අම්මාගේ හීනයක් තමයි රජයේ රැකියාවක් කරන්න ඕනේ කියන එක. රැකියාවට මුල්තැන දීලා කරන අතරවාරයේදී තමයි අනිත් දේවල් සඳහාත් ඉඩප්‍රස්තාව ලබාගන්නේ. පොඩිකාලෙදීම මගේ තාත්තා නැති වුණා. අම්මාගේ හීනෙත් මම හැබෑකරන්න ඕනේ. එයා දීපු දේවල්වලින් එයා බලාපොරොත්තු වුණා මම හොඳ රැකියාවක් කරයි කියලා. ඒ නිසා මම රැකියාවට මුල්තැන දෙනවා. මගේ විනෝදාංශයක් විදියට තමයි අනිත් වැඩකටයුතු දෙකම කරන්නේ. ක්ෂේත්‍රයන් තුනක නියැළෙද්දී ප්‍රශ්න එන්නේ නැතුවාම නොවෙයි. ඒවත් එක්ක වැඩ කරද්දී ජීවිතයට ලොකු අත්දැකීමක් එකතුකරගන්න පුළුවන් වෙනවා. එහිදී අපේ අත්දැකීම් අනුව කාලය කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබෙනවා.

 

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මම නවකතාවක් ලියමින් පවතිනවා. ඒකත් තව මාස හතරක් පහක් ඇතුළත එළිදක්වන්න පුළුවන්. මගේ රැකියාවත් එක්ක අනිත් පැති දෙකටත් හොඳ සේවාවක් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

විශේෂයෙන්ම මගේ අම්මාව මතක් කරන්න ඕනේ. මම ෂූට් එකකට ගියත් හැමදාම අම්මා ළඟින්ම හිටියා. ඒ වගේම තමයි තාත්තා. තාත්තා මං ගාව නැති වුණත් පොඩිකාලේ ඉඳන්ම ලියන දේවල් සඳහා උදව් කළේ එයා. ඊට අමතරව මව්බිම පත්තරේට ආර්ටිකල් දාන්න උදව් කරන හැම දෙනාවමත්, ‘අද’ පත්තරේටත් අවස්ථාව ලබාදෙන හැමෝටමත් මම මේ මොහොතේ විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

20160906Amanda-2 20160906Amanda-3 20160906Amanda-4 20160906Amanda-5



අදහස් (0)

තෝරා බේරාගෙන නිරූපණය කරනවා නම් හොඳයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 358 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 933 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1409 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 191 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 785 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 900 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25653 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site