IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


තුර්කි පාලනය හමුදාව යටතට

තුර්කියේ බලය අත්පත් කරගැනීමට එරට හමුදා කණ්ඩායම් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එරට තුළ දැඩි ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් හටගෙන ඇතැයි ද යුද ටැංකි සමග සෙබළු වීදි පුරා සැරිසරන බවත් විරෝධතාකරුවන් වීදි බැස ඇති බවත් කියති.

ඉස්තාන්බුල් නුවර ප්‍රධාන දොරටු සියල්ල වසා ඇති බවත් අන්කාරා අගනුවර යුද ජෙට් යානා ඉහළ අහසේ සැරිසරන බවත් එරට නවතම මාධ්‍ය වාර්තා පවසයි. මේ අතර හමුදාව එරට බලය ඇල්ලීම සඳහා ක්‍රියාත්මක කළ මෙහෙයුම් මගින් මේ වන විට 17 දෙනකු මියගොස් ඇති බව ද කියති.

තුර්කියේ මාෂල් නීතිය ක්‍රියාත්මක කරන බවත් වැසියන්ට නිවාස තුළට වී සිටින ලෙසත් හමුදාව දැනුම් දී ඇති අතර ඇඳිරි නීතිය ද ක්‍රියාත්මක කර ඇත.

තුර්කි ජනපති තායිප් එර්ඩොගන් සිය සහායකයන්ට පවසා ඇත්තේ කැරලිකාර හමුදා සමග සටන් කිරීමට වීදි බසින ලෙසයි. අගමැති බිනාලි යිල්දිරිම් කියනුයේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි කිරීමට හමුදාවට ඉඩ නොතබන බවයි.



අදහස් (0)

තුර්කි පාලනය හමුදාව යටතට

නිහාල් Saturday, 16 July 2016 06:57 AM

මද්යධරනී මුහුදේ දකුණු දිසාවේ ඇති සියලුම රටවල් දැන් අස්ථාවර වී අවසානයි. අනාගතයේදී ලෝකයට විශාල ව්‍යසනයක් මෙවැනි දේවල් වලින් සිදු විය හැකියි. (ර)

:       0       0

ලුම්බිණි Saturday, 16 July 2016 06:58 AM

තුර්කියේ බලය තවමත් හමුදාට අයත් වී නැත. (ර)

:       0       0

අනුර Saturday, 16 July 2016 08:55 AM

මේ කිසිවක් මම දන්නේ නැත ලංකාවට ඔබින ක්‍රමයක් බව නම් දනී. (ර)

:       0       0

සුසන්ත Saturday, 16 July 2016 09:00 AM

බටහිර රටවල් මැදිහත්ව ඔවුන්ගේ අරමුණු උදෙසා බලෙන් රෙජිම වෙනසක් කල මොන රටක්ද පෙරට වඩා ස්ථාවරව, දියුණුව ඇත්තේ? බලන්න ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, තුර්කිය... ගඩාෆි යටතේ දියුණුව තිබු ලිබියාව (බටහිර රටවලටත් වඩා සියලු පහසුකම් සහිතව) දැන් තිබෙන තත්වය බලන්න. ලංකාවටත් ඉගෙනගත හැකි දේ බොහොමයි. (ර)

:       0       0

සිරිපාල Saturday, 16 July 2016 11:28 AM

මෙය රුසියාවේ ගුවන් යානය බිම දැමීමට දුන් ප්‍රතිචාරයක් නොවේද? ත්‍රස්තවාදය ආරක්ෂා කිරීමට උත්සාහ කරන අප වැනි රටවලට ආදර්ශයක් (නි)

:       0       0

චන්දා Saturday, 16 July 2016 01:22 PM

ලෝකේ කොහේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. ඒ ලක් හමුදාවේ අභීත බව දැනටමත් හොඳටම දියාරු කර ඇති බැවිනි. (නි)

:       0       0

පියසේන Saturday, 16 July 2016 01:50 PM

ලංකාව වගේ රටකත් මෙහෙම වෙන්න ඕනෑ. එහෙම කළත් කමක් නැහැ කියල මට නම් හිතෙන්නේ (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 16 July 2016 02:41 PM

අනුර හරි. ලංකාවටත් ඔබින්නේ මේ ක්‍රමයම තමයි. ජනපතිලා, අගමැතිලා, මිනිසුන්ට එපාවුණාම වෙන දේ මේක වෙන්න ඇති. (නි)

:       0       0

නිම්මි Saturday, 16 July 2016 03:03 PM

අගමැතිතුමනි, පරිස්සමෙන්. අපේ රටෙත් මෙවැන්නක් වෙන්න පුළුවන්. අහක ඉන්න නයි කොහෙද දාගෙන ඔන්න කනවෝ කනවෝ කියන්න එහෙම එපා. (නි)

:       0       0

අනිල් Saturday, 16 July 2016 04:14 PM

සුසන්ත, ඇයි ලංකාව? (නි)

:       0       0

විජේසිංහ Sunday, 17 July 2016 01:21 AM

දැන් ලංකාවටත් හමුදා පාලනයක් ඕනෑ. (නි)

:       0       0

නිලන්ත Saturday, 16 July 2016 04:22 AM

හමුදා පාලනයකට මිනිස්සු කැමති වෙයිද.? (ර)

:       0       0

අමල් Saturday, 16 July 2016 04:41 AM

ජනතාවට තමන්ගේ නිදහස නැත්නම් මොන පාලනයෙන් උවද වැඩක් නැත. (ර)

:       0       0

රජින්ද Saturday, 16 July 2016 04:55 AM

තුර්කියේ වත්මන් ජනාධිපතිගේ අමනෝඥ ක්‍රියා කලාපය එරට බොහෝ පිරිස් හෙලා දැක ඇති අතර, ඔහු ත්‍රස්තවාදයට දක්වන සහය ගැන ජනතාව කලකිරීමෙන් සිටී. (ර)

:       0       0

සිසිර Saturday, 16 July 2016 06:24 AM

හමුදා නීති සාමාන්‍ය ජනතාවට ගැලපෙන්නේ නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 739 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1583 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2322 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5970 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4088 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site