ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර අද (1 වැනිදා) පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගයේදී නායකත්වය කුමාර් සංගක්කාරට පැවරිණ. තරග උපක‍්‍රමයක් ලෙසින් ශී‍්‍ර ලංකා පිල මෙම පියවර අනුගමනය කළේය. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරගයේදී නියමිත කාලය තුළ ඕවර 20 නොයැවීම නිසා නායක මහේල ජයවර්ධනට තරග මුදලින් 20% ක දඩයක් පනවන ලද අතර ඊයේ තරගයේදීත් එවන් සිදුවීමකට මුහුණ දීමට සිදුවූයේ නම් මහේලට ඊළග තරගය තහනම් වේ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නීති රීතිවලට අනුව වසරක කාලයක් තුළදී එවන් දඩ දෙකකට යටත් වුවහොත් ඊළ`ග තරගය තහනම් වන අතර මහේල එවන් තත්ත්වයකට මුහුණ දුනහොත් අවසන් පූර්ව තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවේ. මේ වසරේ ජූලි මස 3 වැනිදා පාකිස්තානයට එරෙහිව හම්බන්තොටදී පැවැති විස්සයි20 තරගයේ නායකයා ලෙස කටයුතු කළ ශ‍්‍රී ලංකා පිලේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් ද මන්දගාමීව පන්දු යැවීම හේතුවෙන් දඩයකට යත්වී තිබීම නිසා මැතිව්ස් ද නායකත්වයෙන් ඉවත්ව සිටියේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනන දාට ෂා නියමයි කියලා කරවට මල් මාල දමනවා.. එකක් දෙකක් පැරදුනාම මොකද්ද මේ කළේ අහනවා...!(නු)
සංගාගේ වාසනාව තමයි. අපේ කොල්ලන්ට මුකුත් කියන්න එපා. එයාලා වාසනාවන්තයි. (නි)
නියම උපක්‍රමයක්. එකම අවසන් පුර්ව තරගයටත් යොදා ගත්තොත් හොදයි. (නි)
කුහකකමට අදහස් දාන්න එපා. අදහස් දමන අය ළගනම් ඕනෑවටත් වැඩිය උපක‍්‍රම තියේවි. පිස්සු. (නි)
ක්රිකට් ක්‍රීඩාවේ වදගත් දේවල් නොදන්න අය අදහස් දක්වන්න එපා.. දිනපුවාම විතරක් සන්තෝෂවෙලා සුභ පතලා හරියන්නේ නැහැ.. දන්නේ නැත්නම් දැනගන්න ක්‍රිකට් කියන්නේ ජීවිතේ වගේ දෙයක්..!(නු)
සම්පත්, ජනක, ශ්‍රී සරා, නුවන් ඔබලා මොනවාද මේ කියන්නේ.. ? මහේල සහ සංගා අති දක්ෂ ක්‍රීඩකයෝ..!
නුවන්ලට මේවයේ නීති රීති තේරෙන්නේ නැහැ.. ඒක නිසා නොදන්න ඒවාට අදහස් දක්වන්න එපා.. මහේල සෙල්ලම් නොකලානම් කවුරුහරි නායකත්වය ගන්න ඕනනෙ..!(නු)ෙ
නුවන්, මගුලක් කතා නොකර ඉන්නවද ?(ස)
අපිව දැනුවත් කල මේ ලිපියට ස්තූතියි (ස)
මහේල කරේ හොඳ වැඩක් නෙමෙයි එහෙනම් කරන්න තිබ්බේ ඊයේ තරගයට මහේල සෙල්ලම් කරන්නේ නැතුව හිටියනම් හරි ...කරන්න තිබ්බ ඊයේ තරගය නියමිත කාලයට නිමා කරන්න උත්සහ ගැනීමයි නැතුව නීතියෙන් පිට වැඩ කරන එක නෙමෙයි (ස)
සම්‍ය: ප්‍රයෝගද ??? සෙප්පඩි විජ්ජාද ?? (ස)
මහේලගේ නායකත්වය නිසයි අපි මේ තැන ඉන්නේ.. නැවත නායකයා වූ දා සිට හුගක් තරග අපි දින්නා.. සුභ පැතුම් මහේල..!(නු)
ක්රිකට් මාෆියාව.... (නි)
කොහොමින්හරි කප්එක ගන්න ලැබේවා!!!(ස)
වැරදි ආදර්ශයක්. දැන් සංගාත් මේ වැරද්දටම අහු උනා නම් ඊලඟට ඉන්න ඉන්න පිළිවෙලට නායකත්වය දීගෙන යනවද? තමන්ගේ වැරැද්ද නිවැරදි කරගන්නේ නැතුව නීතියේ හිල් වලින් රිංගා යන මහත්මාගතිය නෙවෙයි. (ස)
මහේල වගේම සංගත් හෝඳ නායකයෙක් (ස)
එහෙනම් හැමදාම තරංග දිනලා තියෙන්නේ ප්‍රමාද කරලා ......(ස)
උපක්‍රමයෙන් කප් එක ගමු (ස)
මොන උපක්‍රම දැම්මත් පන්දු රැකීමේදී මුල් ඕවර් 10 ට දාපු පීඩනය අන්තිම ඕවර් 10 ට යද්දි නෑ...එංගලන්ත පිතිකරුවෝ ඔවුන්ගේ පහරවල් වලට ගියා..(ස)
මහේල නැත්නම් සංගා, නැත්නම් දිලා. (නි)
ඒක හොඳ තීරණයක් . සුබ පැතුම් ලංකා කොල්ලනේ (ස)
නියමයි. විශිෂ්ට තරග උපක්‍රමයක්. (නි)
උපක්‍රමය අති සාර්ථකයි. වාසනාවන්ත සංගා. (නි)