IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


තරගය පටන්ගත්තෙත් ඉවර කළෙත් මම

sarawita-2016-02-01--02-01

20151223-news-08

මෙවර සිරස කුමරිය ලෙස කිරුළ පැළැඳියේ නෙතලි දිසානායක නමැති මේ සුරූපියයි. වඩාත් සොඳුරු රුවැත්තියන් සිය ගණනක් අතරින් පළමු තැනට පැමිණි මේ සොඳුරු රුවැත්තිය කවුද? සුරූපි නෙතලි ගැන කෙරෙන විස්තරයකි මේ

 

නෙතලිගේ ගම වන්නේ මාතරය. මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ ආදි සිසුවියකි. වයස අවුරුදු 20කි. උසස් පෙළට කලා අංශයෙන් ඉගෙනුම ලබා ඇති නෙතලිගේ අරමුණ වන්නේ කලා අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබීමය. තාත්තා ව්‍යාපාරිකයකු වන අතර මව ගෘහණියකි. නැගණිය සහ මල්ලි යනු නෙතලිගේ පවුලේ අනෙක් උදවියයි. පාසලේ පැවැති කටයුතුවලට අමතරව මෙවැනි සුරූපිනියන් තේරූ තරගයකට ඇය සහභාගි වී ඇත්තේ පළමු වතාවටය. මාතර සිට කොළඹ ඇවිත් මේ තරගයට ඉදිරිපත් වුණේ තම නැන්දනිය නිසා යැයි ඇය සිහිපත් කරන්නීය.


”මගේ නැන්දා රූපලාවන්‍ය ශිල්පිණියක්. නැන්දාගේ වුවමනාවට තමයි මම මේ තරගයට අයදුම් කළේ. මේ වෙනුවෙන් මාව උනන්දු කළ නැන්දා, මා එක්ක කීප වතාවක්ම කොළඹත් ආවා. ඉන්පස්සෙ අම්මයි තාත්තයි එක්ක තමයි පසුගිය වසර පුරාම කොළඹ ආවේ.”

 sarawita-2016-02-01--02-02
0101 ඒ අවුරුද්ද පුරා වෙච්ච සිදුවීම් ගැන සිහිපත් කළොත්?

 ”ඇත්තම කිව්වොත් ජීවිතයේ කවදාවත් මුහුණ නොදුන් දේ වලට මුහුණ දුන්නා.”


0101ඒ මොන වගේ දේ වෙනුවෙන්ද?

”මේ තරග අවස්ථාවට දායක වීමට ලැබීමම හරියට සරසවියකට ඇතුළත් වුණා වගේ දෙයක්. බොහෝ දේ ගැන ඉගෙන් ගන්න, අත්දැකීම් ලබන්න, පර්යේෂණ කරන්න, නිරීක්ෂණය කරන්න, ඒ වගේම ප‍්‍රායෝගික වෙන්න අවස්ථා ලැබුණා. ඒක ඇත්තටම මට මගේ ජීවිතයේ ලැබූ ලොකුම අවස්ථාවක්.”


0101කෙසේ වෙතත් මේ සියලූ දේ අවසන ඔබට මුදල් ත්‍යාග ඇතුළු තවත් බොහෝ ත්‍යාග හිමි වුණා. එහෙම නේද?

”ඇත්තමට මුදල් ත්‍යාග ලැබුණා තමයි. නමුත් මුදලට ගත නොහැකි වූ අත්දැකීම් සහ දැනුම් සම්භාරයක් ලැබුණා.”


0101මොනවද දැන් මේ ලැබුණු මුදලට කරන්නෙ?

තවම ඒ ගැන හිතලා නැහැ. නමුත් මගේ ඉදිරි අධ්‍යාපන කටයුතුවලට ඒ සියල්ල වැය කරාවී.


0101මේ තරගයට එද්දි, ඔබට මේ වගේ තැනැක් ලැබේවි කියලා හිතුවද?

ඇත්තටම මේ තරගයට පැමිණි මුල් අවස්ථාවේදීම හරිම පුදුම වැඩක් වුණා. 


0101ඒ මොකක්ද?

මෙවර මේ සිරස කුමරිය තරගවටය මුලින්ම ආරම්භ වුණාම පළවැනි වටයේ පළවැනි තරගකාරිය වුණේ මමයි. ඒ කියන්නෙ තරගය පටන් ගත්තෙ මගේ අවස්ථාවෙන්. එදා මම ලස්සනට හැඩවෙලා හිටියා කියලා ඔක්කෝමලා කිව්වා. එදා ඒ විදියට විනිශ්චය මඩුල්ලේ ප‍්‍රතිචාර ලැබූ මම අන්තිම මොහොත දක්වා පෙනී සිටියා. ඒ කියන්නෙ සිරස කුමරිය කිරුළ ලබමින් තරගය අවසන් වුණෙත් මගෙන්. ඒක ඇත්තටම හරි පුදුම අවස්ථාවක් වුණා.


0101දැන් මේ එක්කම මොනවගේ අවස්ථාවද ඔබට ලැබී තිබෙන්නෙ?

දැන්වීම් සහ ප‍්‍රාසාංගික නිර්මාණ නිෂ්පාදන ආයතන බොහොමයකින් වගේම ටෙලි නාට්‍ය අංශයෙන් හොඳ මාවතක් විවර වුණා.


0101ඔබ ඒ මාවතේ මොන විදියට යන්නද අදහස් කරන්නෙ?

මට මගේ ගැන හොඳ ආත්ම විශ්වාසයක් තිබෙන්නෙ. ඒ වගේම තව කෙනෙකුගේ අදහස්වලට සවන් දීමට තරම් මම ඉතා නිහතමානියි. අනෙක් අය වටහා ගැනීමටත්, ගරු කිරීමටත් මම සූදානම්. ඒ සියලූ දේ නිසා නිර්මාණාත්මක වූ බොහෝ දේ කරන්න අවකාශය ලැබේවි කියා හිතනවා.


0101වැඩියෙන්ම ආසා මොන අංශයටද?

රූපවාහිනී නිවේදිකාවක වීම මට එදා ඉඳලා තිබුණු සිහිනයක්. ඒ අතරේ අනෙක් අංශ හදාරන්නත් කැපවෙනවා.


0101දැන් මාතර අත්හැර කොළඹට එන්න සූදානම්ද? 

sarawita-2016-02-01--02-03

ඇත්තටම දැන් ලැබී තිබෙන අවකාශය එක්ක කොළඹට පැමිණීම වඩා පහසුවක් වේවි.


0101”පොත් කියවීම” ඔබගේ ප‍්‍රියතම විනෝදාංශය නේද?

ඇත්තෙන්ම ඔව්. පොත් කියවීමට මම හරි ආසයි.


0101සිරස කුමරිය (2015) වීම නිසා අද ඔබට වැඩි දෙනෙක් ආදරය කරනවා ඇති. ඔබ ඔබගෙ ”ආදරය” ගැන කියන්නෙ කොහොමද?

හැමෝටම අත්‍යාවශ්‍ය හැඟීමක්. මටම වූ ආදරයක් ගැන තවම හිතලා නැහැ. ඊට වඩා මගේ ජීවිතයේ දුර ගමනක් මට පෙනෙනවා. ඒ අනාගතය වෙනුවෙන් දැනට කටයුතු කරන්න කැමතියි.


0101ඔබ මොනවගේ කෙනෙක්ද?

සාමාන්‍ය, හරි සරල කෙනෙක්.  ඕනෑම කෙනෙක් එක්ක මිත‍්‍රශීලිව සිටින, පොළෙවෙ පය ගහලා ඉන්න තරුණියක්.

 

sarawita-2016-02-01--02-04

sarawita-2016-02-01--02-05

sarawita-2016-02-01--02-06

 

sadun-gamage-new

 



අදහස් (0)

තරගය පටන්ගත්තෙත් ඉවර කළෙත් මම

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 970 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 64 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1104 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 186 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2016 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32250 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23824 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site