සිංගප්පුරුවේදී දෙසැම්බර් මස 2 වැනිදා ආරම්භවන නේෂන් කුසලාන දැල්පන්දු තරගාවලියට (2012) සහභාගිවන ශ්‍රී ලංකා දැල්පන්දු පිලේ සම නායිකාවන් ලෙස තර්ජනී සිවලිංගම් සහ ගයත‍්‍රී ලංකාතිලක පත්ව සිටිති. ක‍්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් සමන්විත සංචාරක ශ්‍රී ලංකා දැල්පන්දු පිලට ක‍්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබේ. තරගාවලියට සත්කාරක සිංගප්පුරුව, ශ්‍රී ලංකාව, මැලේසියාව, නැමීබියාව, අයර්ලන්තය සහ ටැන්සානියාව යන රටවල් හයක් සහභාගිවේ. සිංගප්පුරුව ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් රටයි. අනුශූරයන් වන්නේ ශ්‍රී ලංකාවයි. නේෂන් කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල: තර්ජනී සිවලිංගම් (සම නායිකා), ගයත‍්‍රි ලංකාතිලක (සම නායිකා), සේමිණී අල්විස්, සමන්ති නිලූෂීකා, මරීෂා ප‍්‍රනාන්දු, ඒ.වී.ප‍්‍රියදර්ශනී ජයසුරිය, ගයනි දිසානායක, තිසාලා තරිනි අල්ගම, සෙව්වන්දි තාරකා, එස්.ඒ.දුලනි එරන්දිකා, හසිතා මෙන්ඩිස් සහ සුරේකා කුමාරි අතිරේක ක‍්‍රීඩිකාවෝ: පී. අශ්විනී, ජී. දීපිකා දර්ශනී අබේකෝන් සහ පී. විස්නා කේ. ප‍්‍රනාන්දු
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙලින් තීරණ ගන්න බැරි අයගේ වැඩ (ස)
නියමයි මෙයාලා. (නි)
ඒකෙන් නායකයෙක් පත්කරන්න බැරි ඇයි..?(නු)
මොකද්ද මේ විහිලුව? සම නායකයෝ කොහෙද ඉන්නේ? තර්ජනීට ඕක දෙන්න. (නි)