IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තරුණ සේවා සභාවේ ’’මඩිය’’ තර වේ

(අංජුල මහික වීරරත්න)

ජාතික තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන තරුණ සංවර්ධන කාර්යයන් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

යෞවනයන් අතර ඔරොත්තු දීමේ හැකියාව, ආත්ම අභිමානය හා අරමුණු පිළිබඳ හැඟීමක් ඇති කිරීම සහ ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හා අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය කුසලතාවන්ගෙන් ඔවුන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තරුණ සේවා සභාව තීරණය කර ඇත.

තරුණ ව්‍යවසායකයින් මිලියනයක් බිහි කිරීම, ජාතික සහ ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ පිළිබඳ මාර්ගෝපදේශන, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තරුණ කඳවුරු පැවැත්වීම ජාතික තරුණ සම්මේලනයක් පැවැත්වීම යන වැඩසටහන් මේ අනුව තරුණ  සේවා සභාව විසින් සැලසුම් කර ඇත. 

එකී වැඩසටහන් පැවැත්වීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජාතික තරුණ සේවා සභාව වෙත සලසා දීමටත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

තරුණ සේවා සභාවේ ’’මඩිය’’ තර වේ

සෙනෙවිරත්න Thursday, 04 July 2024 11:40 AM

මේවා කොච්චර කාලයක් තිස්සේ කලාද? කෝ ප්‍රතිපල ,? ව්‍යවසායකයෝ හැදුවට කෝ වෙළඳපොලක්? තමුන්නැහැලා මේ පැත්තෙන් නිශ්පාදනයට අතදෙනව කියනවා අනිත් පැත්තෙන් කොස්සෙ ඉදලේ ඉඳන් රටින් ගෙන්වන ජාවාරම් කාරයන්ට අත දෙනවා . ඔය ප්‍රාලේ. කාර්යාල කරවන කොලකැඳ කඩ, පෙට්ටි කඩ, ආප්ප කඩ නම් තියෙනවා , ටික දවසකට පස්සෙ කඩ බක්කි වල බල්ලො ලගිනව, ලොතරැයි කුටි නම් තියෙනවා . මම දැක්කා හිටපු සිරිසේනගෙ නමත් තියෙන ලියුම් කවර ව්‍යාපාර, ඕවයින් රට ගොඩ යන්න පුලුවන් නම් මෙලහකට වෙලා,මේ බොරුව දැන්වත් නතර කරන්න. නිවැරැදි යමක් කරන්න. විදේශීය වෙළඳ පොලට යමක් එක්කල හැකි දෙයකට අදහසක් නැද්ද? අපේ ගම්වල හිස් ඉඩම් තියෙනව ඒවයෙ තේ පැල දෙතුන්දාහක් හිටවගෙන හරියට නඩත්තු කලොත් පවුලත් රටත් ගොඩ, එහෙම කරන පාටක් නැහැ පැරනි නීති නිසා. ඔය කරන්න හදන්නෙ චන්දෙට තරුණයන් රැවටීමක් සහ යාලුවන්ගෙ සාක්කු පිරවිල්ලක්

:       3       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 48 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 342 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2268 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 244 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 1000 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1047 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37584 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24772 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 702 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site