IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


තරුණයාට තියෙන්නේ බයිසිකලයක් ගන්න හීනයක්

මේ දිනවල සිනමාහල් තුළ ඉහළ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර දිනා ඇති මෝටර් බයිසිකල් චිත‍්‍රපටයේහි ප‍්‍රධාන චරිතයට පණ පොවන රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා අද අපේ කතාබහට එකතු කරගන්න හිතුවා. තරුණ පරපුරේ රංගන ශිල්පිණියන් අතර දක්ෂ චරිතාංග නිලියක් ලෙස ඇය A/L ඉවරයි, හුස්ම සහ ඔක්සිජන්, කොළඹ අපි ආවා නාට්‍ය සමඟ පසුගිය දිනවල දැඩිව කතාබහට ලක්වූ චරිතයන්. මෝටර් බයිසිකල් හරහා මේ දිනවල සිනමාවෙන් ඔබ හමුවට එන සමනලී අපේ කතා බහට එකතු වුණේ මෙලෙසින්.

 

20160902Samanalee-1අපි කතාබහ මෝටර් බයිසිකල් චිත‍්‍රපටයෙන්ම පටන් ගමු?

ෆැන්ටසි සිනමාවත් එක්ක ඉන්න අපට වෙනස්ම ආරයේ හුරුපුරුදු අත්දැකීමක් නැවත මතක් කරලා දෙන ශමීර රංගනගේ විශිෂ්ඨ නිර්මාණයක්. හරිම අමාරුවෙන් ලොකු කට්ටක් කාලා කරපු චිත‍්‍රපටයක්. මෝටර් බයිසිකල් මම රඟපාපු චිත‍්‍රපට අතුරින් හිතට වදින තවත් නිර්මාණයක් කියලා කියන්න පුළුවන්.

තව දෙයක් තමයි මෝටර් බයිසිකල් කියන්නේ තවත් එක සම්භාව්‍ය චිත‍්‍රපටයක් විදිහට වර්ග කරලා ජනප‍්‍රිය සිනමාවේ දියවෙලා යන චිත‍්‍රපටයක් නොවෙයි.

 

කොහොමද ප‍්‍රතිචාර?

හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. තාරුණ්‍යයේ පවතින ප‍්‍රශ්න පිළිඳව තමයි මේ චිත‍්‍රපටය හරහා කතා කෙරෙන්නේ. 80 දශකයෙත් මේ තාරුණ්‍යයේ ප‍්‍රශ්න පිළිබඳ චිත‍්‍රපට නිර්මාණය වුණා. වර්තමානයෙත් ඒ තාරුණ්‍යයේ පවතින ප‍්‍රශ්න පිළිබඳ මෙහි අධ්‍යක්ෂ ශමීරගේ ඇත්තම අද්දැකීමක් විදිහට මෝටර් බයිසිකල් සිනමාවට නැගෙනවා. මෙයට රංගනයෙන් දායක වෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි.

 

පසුගිය වසරේ පැවති ජාත්‍යන්තර සිනමා උළෙලේදී ප‍්‍රදර්ශණය වූ ඔබගේ චිත‍්‍රපටවලට ඉහළ ප‍්‍රතිචාර ලැබුණා. විශේෂයෙන් ”මෝටර් බයිසිකල් චිත‍්‍රපටයට” ඒ වෙනකොට ”මෝටර් බයිසිකල්” ලංකාවේ සිනමාහල් තුළ තිරගත වුණේ නැහැ. චිත‍්‍රපටය ප‍්‍රමාද වෙන්න හේතුව මොකක්ද?

ඒක සිංහල සිනමාවේ තියෙන විශාල ඛේදවාචකයක්. චිත‍්‍රපටයක් කරලා අවුරුදු ගානක් යනකල් තිරගත කරගන්න විදිහක් නැහැ. එදා ජාත්‍යන්තර සිනමා උළෙලේදී මම රඟපෑ චිත‍්‍රපට තුනකට ඉහළ ප‍්‍රතිචාර ලැබුණා. ඒවා තිරගත නොවූ චිත‍්‍රපටි. කොහොම වුණත් ලැබෙන ප‍්‍රතිචාර, විවේචන දිහා බලද්දී මට ඒ දේවල් ජීවිතේට හොඳ අද්දැකීමක්.

 

තවමත් ලංකාවේ සිනමා ශාලාවල ප‍්‍රදර්ශනය නොවූ ඔබගේ චිත‍්‍රපට මොනවද?

හුදෙකලාව, පේ‍්‍රමය නම්,  ඖචිතවාදය, ඇවිලෙන සුළුයි, දැවෙන විහඟුන් ඊට අමතරව තවමත් රූගත කිරීම් සිදුකෙරන චිත‍්‍රපටත් තියෙනවා. මේ අතුරින් චිත‍්‍රපට කිහිපයක් ඉක්මනට ඉදිරියේදී පේ‍්‍රක්ෂකයාට බලාගන්න පුළුවන් වේවී කියලා හිතනවා. දැනට මම රඟපෑව චිත‍්‍රපටවලින් තිරගත වෙන්නේ මෝටර් බයිසිකල් විතරයි.

20160902Samanalee-2

‘මෝටර් බයිසිකල්’ චිත‍්‍රපටය සාර්ක් සම්මාන උළෙලකදීත්, කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලදීත්, දෙරණ සිනමා සම්මාන උළෙලදීත් සම්මානයට පාත‍්‍ර වුණා. සම්මාන පිට සමම්මාන ලැබෙන්න චිත‍්‍රපටයේ විශේෂය මොකක්ද?

මේක තාරුණ්‍යයේ හැමෝටම පොදු වෙච්ච ඛේදවාචකයක්. ඒක තමයි විශේෂය. සිනමාශාලාවල් තුළ තිරගත නොවුනත් සම්මානයට පාත‍්‍රවීම ගැන ගොඩක් සතුටුයි. ගොඩක් චිත‍්‍රපටි ලංකාවේ වාරණයට ලක්වෙලා තියෙනවා. තවමත් වසර ගාණක් හිරවෙලා තිරගත නොවන චිත‍්‍රපට තියෙනවා. ඒ අතුරින් ”මෝටර් බයිසිකල්” තිරගත වීම මම ලබපු ජයග‍්‍රහණයක් වගේම අපේ කාලයේ සමස්ත කලාකරුවන්ගේ ජයග‍්‍රහණයක්. ගොඩක් නිර්මාණකරුවන් අද චිත‍්‍රපට නිර්මාණ කරන්න පසුබට වෙනවා. ජාත්‍යන්තර සම්මාන ලබපු චිත‍්‍රපට තියෙනවා ලංකාවේ ප‍්‍රදර්ශනය වෙලා නැහැ. හේතුව වාරණයට ලක්වෙලා. නැත්නම් දුවන්නේ නැහැ කියලා සමහර චිත‍්‍රපට හෝල්වලින් බෙදාහරින්නෝ ගන්නේ නැතිකම. මේක සිනමා කර්මාන්තයේ විශාල ඛේදවාචකයක්.

 

ඔබ චිත‍්‍රපට තෝරා ගැනීමේදී වැඩි නැඹුරුවක් දක්වන්නේ පොලිටිකල් සම්බන්ධ චිත‍්‍රපටිවලට කියන්නේ ඇත්තද?

මම හරි කැමතියි විවිධ වූ අද්දැකීම් ලබන්න. එකිනෙකට වෙනස් වූ චරිත රඟපාන්න. මම විවිධ වූ අධ්‍යක්ෂවරු යටතේ රඟපාලා තියෙනවා. ගොඩක් වෙලාවට මම කතාවේ හරය බලනවා.  ඕනම චරිතයක මට වැදගත් වෙන්නේ චරිතයේ වැදගත්කම විතරයි. සමාජයට දෙයක් දෙන්න පුළුවන්නම් ඒ නිර්මාණයට මගේ උපරිම දායකත්වය ලබා දෙනවා.

 

මෝටර් බයිසිකල් චිත‍්‍රපටයේ ඔබේ චරිතය ගැනත් කතා කරමු?

ටානියා කියන්නේ අවුරුදු 17 පොඩි ගෑණු ළමයෙක්. ජීවිතේ හරි ගැඹුරුයි කියලා තේරුමක් නැති, පීඩන දරාගන්න බැරි, සංස්කෘතික, ආගමික කියන මේ පසුබිම ඇතුලේ හිරවෙලා ඉන්න පොඩි ගෑණු ළමයෙක්. මම ටානියාගේ චරිතය කරන කොට මට අවුරුදු 32යි. ඇත්ත ජීවිතේ වයස 16දී මම හිටපු තැන නෙවෙයි ටානියා හිටියේ. මම ඊට වඩා ඉදිරිගාමියි, හිතුවක්කාරයි, ටානියා එහෙම නැහැ. ආදරේ ඇත්තටම විඳින්න පුළුවන් මානසිකත්වයක් ඇයට මේ සමාජය ඇතුළේ නැහැ.

මධ්‍යම පාන්තික තරුණයකුගේ සහ තරුණියකගේ ජීවිත කතාවක් වටා තමයි කතාව ගොඩනැගිලා තියෙන්නේ. සමාජයීය, දේශපාලනික, ආර්ථික පසුබිම තාරුණ්‍යයේ ජීවිතයට බලපාන හැටි ඒ වගේම මේ තාරුණයා සහ තරුණිය ආදරය සොයා ගන්න විදිහ. ජීවත් වෙන්න කරන දේවල්, තරුණයාට රැකියාවක් නැහැ. හැම තැනින්ම බාධක. ආදරය විඳින්න විදිහක් නැහැ. තරුණයාට තියෙන්නේ බයිසිකලයක් ගන්න හීනයක්. තරුණියට තියෙන්නේ ඊට වඩා ලොකු හීන. කතා වෘත්තාන්තය බැරුම්. ඒ වුණාට චිත‍්‍රපටය තුළින් සියුම් විදිහට පේ‍්‍රක්ෂකයාට ලබාදෙන්න ශමීර ගත්ත උත්සාහය අති සාර්ථකයි කියලා හිතෙනවා.

වයස 32 දී අවුරුදු 16 චරිතයක්..... කොහොමද අද්දැකීම.

මටත් අඩු වැඩි වශයෙන් එවැනි සිදුවීම්වලට මුහුණ දීපු අද්දැකීම් තියෙනවා. හැබැයි කතාව තුළ ටානියා මුහුණ දීපු දේවල්වලට මගේ ජීවිතේ මම මුහුණ දීපු විදිහට ගොඩක් වෙනස්. මම ටානියා වගේ සමාජයට බයෙන් හැදුණ ගෑණු ළමයෙක් නෙවෙයි.  නිතරම වෙනස් තැනක හිටගන්න උත්සාහ ගන්න කෙනෙක්. ඒ ඒ කාලවලදී මමත් ඒ ඒ අද්දැකීම් වින්දා.

 

නදීශා අතුකෝරළ.

20160902Samanalee-3



අදහස් (0)

තරුණයාට තියෙන්නේ බයිසිකලයක් ගන්න හීනයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 213 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 652 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1146 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 160 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 685 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 791 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site