IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තොරතුරු තාක්ෂණය විෂයේ සංශෝධනයක්

(තිලිනි මධුෂානි)

පාසල්වල 8 ශ්‍රේණයෙන් ඉහළ ශ්‍රේණිවල සිසුන් සදහා තොරතුරු තාක්ෂණය විෂය මාලාව  සංශෝධනය කිරීමට කටයුතු කර ඇත.

තොරතුරු තාක්ෂණය විෂය මාලාව සමග කෘතිම බුද්ධිය විෂය ධාරාවට හදුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම නියමු ව්‍යාපෘතිය මාර්තු 19 වැනිදා පාසල් 17 ක් සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යංශය සමග මයික්‍රොසොෆ්ට්  ආයතනය එක්ව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දරුවන්ට දැනුම ලබා දීමට අපේක්ෂිත බව එම මහතා සදහන් කළේය.

ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට සියවසක් පිරීම නිමිත්තේන් පැවති උත්සවයට සහභාගී වෙමින් මේ පිළිබදව වැඩිදුරටත් කියා සිටියේය.

 



අදහස් (6)

තොරතුරු තාක්ෂණය විෂයේ සංශෝධනයක්

likil Wednesday, 13 March 2024 09:57 PM

ඉස්සෙල්ලාම පාලකයන්ට කෘතිම බුද්ධියවත් දෙන්න ඕනේ...!

:       0       1

chandima Thursday, 14 March 2024 12:41 AM

තව උත්සව දෙකකට ගියානම් මොනවා හඳුන්වා දෙයිද? අනේ ඇමැතියෝ..?

:       0       1

abaran Thursday, 14 March 2024 12:59 AM

මිට වසර 25 කට පමණ පෙර අපේ දේශපානඥයින් කොම්පියුටර් කොම්පියුටර් කියමින් රටේ මහජනතාව ඇන්දෙව්වා . නමුත් අදත් අපේ අධ්‍යාපනය 17 වන සියවසේ තියෙන්නේ . උසස්පෙළ ලියන ළමුන්ගෙන් අදත් සියයට 80% ක් විතරම එලියට විසි වෙනවා . කලා විෂය ධාරාව කරන ළමයින් සදහා අනාතයි මොකද ඒ අයට හදාරන්න වෙලා තියෙන්නේ රැකියා වෙළඳපොලේ කිසිම ඉල්ලුමක් නැති විෂයයන් . අනෙකුත් අයගෙනුත් ඉතා සුළු පිරිසක් විතරයි ගොඩ යන්නේ මොකද අපේ රටේ උස්සස්පෙල සිසුන්ව බලහත්කාරයෙන් විෂයයන් 3 කට හිර කරනවා . එතනින් තමයි ඔය අසීමිත තරඟය ළමුන් අතර ඇතිවෙන්නේ . දියුණු රටවල ළමුන්ට පුදුම නිදහසක් තියෙනවා මෙම විෂයන් තෝරාගැනීමේදී . උදාහරණයක් ලෙස ගත්තොත් නර්සින් කරන්න යන අයෙක්ව මොකටද බලහත්කාරයෙන් භෞතික විද්‍යාව විෂයට හිර කරන්නේ ? වාණිජ කරන අයෙක්ව මොකටද ගණකාධිකරණ විෂයට හිර කරන්නේ ? මේවා ලංකාවේ විතරයි තියෙන්නේ .

:       0       1

swene Thursday, 14 March 2024 05:57 AM

නායකයින් බොහෝමයකට රට ගැන දුර දර්ශිව හිතීමට නොහැකි බව පෙනී යනවා. එහෙයින් කෘතීම බුද්ධිය ඒ අයටත් දුන්නොත් හොඳයි.

:       0       1

මහජනයා Thursday, 14 March 2024 07:57 AM

රජය හා අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් හැදුවාට වැඩක් නැහැ. එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බව අධීක්ෂණය නොකර. 6 ශ්‍රේණියේ සිට ICT ඉගැන්වීම උදෙසා පෙළ පොතක් සහ වැඩ පොතක් සෑම දරුවෙකුටම ලබාදීමට රජය කටයුතු කළත්, ICT සඳහා වාර විභාගයක් අනිවාර්ය කර නැත. මෙම මෝඩ තීරණය නිසා සමහර පාසල් ICT ඉගැන්වීම යලට මහට කරනවා. උදාහරණයක් වශයෙන් නුගේගොඩ විශාලම බාලිකා පාසල ICT ඉගැන්වීම හිතාමතාම මග හරි. 6 ශ්‍රේණියේ සිට දරුවන්ගේ වැඩ පොත් පරික්ෂා කළොත් මෙය තහවුරු වනවා ඇත. කරුණාකර මේවා ගැන සොයා බලන්න. මොවුන් විනාශ කරන්නේ රටේ අනාගත අපේක්ෂාවයි.

:       0       1

සරත් කුමාර Thursday, 14 March 2024 11:53 PM

මම හැමදාම කියනවා වගේ අදත් කියන්නේ.. මේ ඇමැට්ටෝ ඔය කියවන්නේ කිසිම දිග පළලක් දැනගෙන නෙවෙයි.. ගිරව් පාට්.. වැඩේ කරන්න ගියාම හත් පොලේ ගාගෙන, කරන්න පුළුවන් කෙනෙකුටත් කරන්න බැරිවෙන්න විශ්වාසය බින්දුවටම නැතිකරලා වැඩේ අත් හරිනවා.. එච්චරයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 430 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 132 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1922 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2377 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3756 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38560 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site