වයස 20 න් පහළ පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට මහනුවර ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ.
ජනාධිපති’ කුසලාන වෙනුවෙන්, ශී‍්‍ර ලංකා පාසල් රග්බි සංගමය විසින් ‘මයිලෝ’ අනුග‍්‍රහයන් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ අවසන් මහ තරගය වෙස්ලි විදුහල සහ ත‍්‍රිත්ව විදුහල අතර මේ මස 14 වැනිදා පස්වරු 4.30 ට කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ.
කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (09) පැවැති අවසන් පූර්ව තරගයේදී ත‍්‍රිත්ව විදුහල් පිල විසින් ලකුණු 40-37 ක් ලෙස බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කරන ලදි.
පළමු අර්ධය අවසන් වන විට ශාන්ත පීතර විදුහල ලකුණු 23-20 ක් ලෙස පෙරමුණේ සිටියද ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේ අවසන් මිනිත්තු 10 තුළදී ඉදිරියට පැමිණීමට සමත් වූහ.
ජයග‍්‍රාහි ත‍්‍රිත්ව විදුහලට ගෝල 4 කින්, ඩ්‍රොප් ගෝලයකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු එකතු වූ අතර ශාන්ත පීතර විදුහල ගෝල 3 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම ට්‍රිනිටි දිනනවා (අ)
මොනවා වුනත් ඉසිපතන කියන්නේ නියම පිරිමි ඉන්න පාසැලක්. මමත් හැම රගර් තරගයක්ම වගේ බලලා තියෙනවා. මුලින්ම වැරදි කරන්නේ අනිත් අය. ඊට පස්සේ ඉසිපතනෙන් කාලා නරකයි කියනවා. මම දැකපු දේ මම කියන්නේ. ඒ වගේ එකමුතු කමක් තියෙන පාසැලක් මම දැකලා නැහැ තාම ලංකාවේ.(නදී)
රොමා ඉසිපතනෙන් හොදටම කාපු කොනක් වගේ. හොද විනය තියන කොල්ලෝ අපි පහුගිය දවස් ටිකේම දැක්කා රූපවාහිනියෙන්.(නදී)
රෝමා, ඉසිපතනය තරගාවලිය වර්ජනය කරලලු තියෙන්නේ (දී)
රින්සාන්, ගහපු මැච් වලින් සෑහෙන ප්‍රමාණයක් පරාදයි.කොහොමත් විනය නැති කොල්ලෝ කොහේටවත් වැද්ද ගන්නේ නැහැනේ. දැන් කෙදිරි ගන්ඩ එපා හලෝ ,ලබන පාර උත්සාහ කරන්න (නි)
අපරාදේ ඉසිපතන නැත්තේ (නි)
ඉසිපතන හලපු එකනම් මාර අසාදාරණ වැඩක්...එකෙන් මේකෙන් හැමොටෝම ලේසි උනා..නැත්නම් හොද තරගයක් බලන්න තිබුනා. (ස)
විමුක්ති, වැඩක් නැහැනේ. කින්ස්වූඩ් ලංකාවට රගර් හදුන්වලා දුන්නට දැන් දිගටම මැච් පරදිනවනේ. දැන් ඉන්න ටීම් එක බට්ටෝනේ පනින්නේ (නි)
රිස්වාන්, රගර් බෝලය නිර්මාණය කල පුද්ගලයා කව්ද කියලා කියනවද? (නි)
හිරන්ත , නුවර කිග්ස්වූඩ් සහ ත්‍රිත්ව තමයි ලංකාවේ පළමු රග්බි තරඟය ක්‍රීඩා කලේ 1893 දී. කින්ග්ස්වූඩ් තමා ලංකාවට රග්බි හදුන්වලා දුන්නේ 1891දී. 2003 කින්ග්ස්වූඩ් සහ ත්‍රිත්ව 100 තරඟය තිබ්බා. (දී)
චානක, ඔයාට මොනවද රගර් ගැන දැනගන්න ඕනෑ? (දී)
කමෝන් ට්‍රිනිටි, ජය නියතයි(නි)
රිස්වාන් මොන අවුරුද්දේද ඔයාලා රගර් පටන් ගත්තේ? (නි)
සැලෙන්න එපා පීටර්ස් පුතුනි. ඉස්සරහට උත්සාහ කරන්න මීට වඩා (නි)
රගර් වලට හොද ක්‍රීඩකයෝ බිහිවුනේ කොළඹ ඉසිපතන විදුහලෙන්. (නි)
හිරන්ත,දෙයක් කතාකරන්න කලින් දැනගෙන කතාකරන්න. (නි)
හිරන්ත, ලංකාවේ පළමුවෙන්ම රගර් සෙල්ලම් කලේ කින්ග්ස්වූඩ් සහ ත්‍රිත්ව විදුහල් දෙකයි.ඒ 1906 අවුරුද්දෙ.අපි රගර් සෙල්ලම් කරනකොට ලංකාවේ කවුරුත් රගර් සෙල්ලම් කලේ නැහැ. අද නුවර නැත්නම් රගරුත් නැහැ (නි)
නුවර ඉස්කෝලම දෙකක් අවසන් තරඟයට එයි කියලයි මම බලාගෙන හිටියේ.ලබන සැරේ බලමු. (නි)
වෙස්ලි අනිවාර්යෙන්ම මැච් එක ගහනවා . වෙස්ලි රගර් ගහන්ඩ පටන් ගන්නකොට මේ අය ටීක් බෝල ගැහැවුවේ.(නදී)
වෙස්ලි අනාවාර්යෙන්ම මැච් එක ගහනවා. (නදී)
මම ධර්මරාජයේ. නමුත් ත‍්‍රිත්ව විදුහලට සුබ පතමි. අවසන් මහ තරගයට හොද විනිසුරුවන් ලැබේවා කියා පතමි. හොද විනිසුරුවන් ලැබුනොත් ත‍්‍රිත්ව විදුහලට ජය! (නි)