කොළඹ රාජකීය විද්‍යාලයත් මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයත් අතර පැවැති 69 වැනි බැඞ්බි පළිහ තරගයේ දෙවැනි අදියරේදී ලකුණු 13 - 9 ක ජයක් ලබාගැනීමට රාජකීය විදුහල සමත් වූ නමුත් සමස්ත තරගයේදී ලකුණු 46 - 38 ක ජයක් අත්කරගත් ති‍්‍රත්ව විද්‍යාලය 2013 බ‍්‍රැඞ්බි පළිහ දිනාගත්තේය. මෙම තරගය කොළඹ රාජකීය විද්‍යාල රග්බි පිටියේදී පැවැත්විණ.
මහනුවරදී පැවැති පළමු අදියරේ තරගයේදී ලකුණු 37 - 25 කින් පෙරමුණ ගැනීමට ති‍්‍රත්ව විද්‍යාලය සමත් විය. අදියර දෙකේදීම ලකුණු එකතු කිරීමෙන් අනතුරුව වාර්ෂිකව බ‍්‍රැඞ්බි පළිහ පිරිනැමේ.
අද (15 වැනිදා) පැවැති දෙවැනි අදියරේ තරගයේදී රාජකීය විද්‍යාලය ගෝලයකින්, දඬුවම් පහරකින් සහ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු 13 ක් ලබාගත් අතර ති‍්‍රත්ව විද්‍යාලය දඬුවම් පහර 3 කින් ලකුණු 9 ක් ලබාගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝයල් මේ පාර පැරදුනේ ලකුණු 8 කින්. ඒත් ට්‍රිනිට්ය් ඊළඟ පාර පැරදෙන්නෙ ලකුණු 108 කින් (නි)
ත්‍රිනිටි වීරයන්ට ජය වේවා! (නි)
රෝයල්: ඔය කතාව හැමදාම කියනවා. ලබන පාරත් ඔය කතාවම කියමු . (ත)
රෝයල් කිසිම හැදියාවක් නැ (අ)
අවුරුදු තුනක්ම දැන් ඕක කිව්වනේ ? රෝයල් දිගටම කන එක ගැන කණගාටුව පල කරනවා (අ)
කුරුඳුවත්තේ අලි රැල (අ)