IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


තේරීම් කමිටු නිලධාරීන් තමන්වම තෝරගත් නිසා ශී‍්‍ර ලංකා පිලේ එංගලන්ත සංචාරය අවලංගු කළා

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ වර්තමාන සාර්ථකත්වයට බොහෝ අයිතිකරුවෝ මෙන්ම බොහෝ පියවරුද වෙත්. එහෙත් ඇත්ත ඇති සැටියෙන්ම ගතහොත්, අධිරාජ්‍යවාදීන් ශී‍්‍ර ලංකාව පාලනය කළ 19 වැනි සියවසේ මැද භාගයේදී ශී‍්‍ර ලංකාවට හඳුන්වාදෙන ලද කි‍්‍රකට් කී‍්‍රඩාවේ ශී‍්‍ර ලාංකික පියා නොහොත් අයිතිකරුවා අසුවලාය යන්න නිශ්චිතව කිව නොහැකිය.

කෙසේ වෙතත් ලංකා කි‍්‍රකට් සංගමය ආරම්භ කරමින් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවට සවිමත් පදනමක් දැමීමට පුරෝගාමී වූ වෛද්‍ය සී. එච්. ගුණසේකර සහ වෛද්‍ය ජෝන් රොක්වුඞ් යන මහත්වරුන්ගෙන් පසු තමන්ගේ සාක්කුවේ තිබුණ තුට්ටු දෙකහමාර වියදම් කරමින්, බිරින්දෑවරුන්ගේ රොස් පරොස් අසමින්, ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව අද තිබෙන තත්ත්වයට ගොඩනගන්නට සිය කාලය සහ ශ‍්‍රමයද කැපකළ අය සිටියහ.

ඔව්හු කිහිප දෙනෙක්, අදත් කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ සිදුවන නරිනාටක දකිමින්, සිය ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින්නේ උපේක්‍ෂා සහගත සිතිවිලි වලින් යුතුවය. දැනට 83 හැවිරිදි වියේ පසුවන නීල් පෙරේරා මහතාද එවන් අයෙකි.

1950 දශකයේ සිටම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් අතරට එක්වූ නීල් පෙරේරා මහතා, දශක හයකට වැඩි කලක් ශී‍්‍ර ලාංකේය කි‍්‍රකට් පිටියේ සාර්ථකත්වය සියැසින් දුටු අයකු මෙන්ම බොහෝ අර්බුද හමුවේත් නොසැලී සිටි අයෙකි.

නීල් පෙරේරා මහතාගේ අත්දැකීම් මතක පොතේ සටහන් වන්නේ මෙලෙසිනි.
...................

ඔබ 1950 ගණන් වල ඉඳලාම ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් පරිපාලනයට සම්බන්ධ වූ අයෙක්. ඒත් ඔබ පානදුරයේ සිට පැමිණියත්, ඒ කාලයේ කි‍්‍රකට් කී‍්‍රඩාව තිබුණේ කොළඹ ඉහළ පෙළැන්තියේ අය අතර. ඔබ කොහොමද මේ අය අතරට එක්වූයේ?

මම කී‍්‍රඩා කළේ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයේ වමත් පා දග පන්දු යවන්නකු විදිහටයි. ඒ 1946 දි විතර. පස්සේ ශිෂ්‍යත්වයක් මත කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළු වුණා.

මම රාජකීය විද්‍යාලයට ආපු 1947 වසරේ රාජකීය කණ්ඩායමේ නායකයා වෙලා හිටියේ භරතලිංගම්. මටත් එන්න කිව්වා පුහුණුවීම් වලට. ඒ වෙනකොට ගාමිණි ගුණසේන, චන්න ගුණසේකර වගේ අය රාජකීය විද්‍යාල කණ්ඩායමේ හිටියා. ඉතින් මට මේ ඉහළ පෙලැන්තිය ප‍්‍රශ්නයක් වුණේ නෑ..

ඔබේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩාව අතරමග නතර වුණේ ඇයි?

මම පානදුරේ ඉන්නකොට පන්තියේ මුල් ස්ථාන ගත්තත් රාජකීය විද්‍යාලයේ කි‍්‍රකට් ගැහිල්ල නිසා මගේ අධ්‍යාපනය තරමක් ආපස්සට ගියා. ප‍්‍රධාන හේතුව මම ගෙදර යන්න ? වුණ එකයි.

රාජකීය විද්‍යාලයේ කි‍්‍රකට් පුහුණුවීම් ඉවර වෙලා දුම්රියෙන් පානදුරේට ගිහින් එතැන ඉඳලා හැතැප්ම එක හමාරක් විතර අපේ කුරුප්පුමුල්ලේ ගෙදරට ගියේ බයිසිකලයකින්. මම පුහුණුවීම් ඉවරවෙලා ගෙදර යනකොට ? 8.00 නැත්නම් 9.00 විතර වුණා. මේ හින්දා මගේ පාසල් වැඩ අතපසු වුණා.

මේ තත්ත්වය නිසා මම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩාව අහැරියත් පස්සේ පානදුර කී‍්‍රඩා සමාජයට කී‍්‍රඩා කළා. ඒ 1949 වසරේදී විතර. වසර කීපයකට පස්සේ මම පානදුර කී‍්‍රඩා සමාජයේ නායකත්වයත් දැරුවා. මම දිගටම, වසර 20 ක විතර කාලයක් පානදුර කී‍්‍රඩා සමාජයට කී‍්‍රඩා කළා.

ඔබට පානදුර කී‍්‍රඩා සමාජයත් එක්ක දීර්ඝ කාලීන සම්බන්ධයක් තිබෙනවා නේද?

මගේ විවාහයත් එක්ක තමයි මම කොළඹ පදිංචියට එන්නේ. මම කොළඹ පදිංචියට ආවත් පානදුර කී‍්‍රඩා සමාජයේ කි‍්‍රකට් තිබුණේ මගේ අතේ. ඔවුන් මට යන්න දුන්නේ නෑ.

ඒ කාලයේ මට තිබුණා ‘බෝග්වාඞ්’ කියලා කාර් එකක්. ඒක මේ දැන් තියෙන කාර් වගේ නොවෙයි.. ටිකක් විශාල කාර් එකක්. ඔය කාර් එකේ තමයි පානදුර කී‍්‍රඩා සමාජයට කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන් මා එක්කන් යන්නේ. කවුද... ජයන්ත පරණාතල, ලාල් වික‍්‍රමතුංග, කේ. එච්. නන්දසේන, විජයනන්ද පෙරේරා වගේ හත් දෙනෙක් මගේ කාර් එකේ පානදුරේට ගිහින් තමයි කී‍්‍රඩා කළේ.

මට හොඳට මතකයි එක අවුරුද්දක, 1990 දී විතර වගේ..., අපි දෙවැනි වුණේ එස්. එස්. සී. පිලට විතරයි. ඒ වෙනකොට මම පානදුර කණ්ඩායමේ කළමණාකරු.

ඔබ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ පරිපාලනයට සම්බන්ධ වන්නේ කොහොමද?

මම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ විධායක කමිටුවට ආවේ 1958 දී. ඒ වෙනකොට ලංකාවේ කි‍්‍රකට් සහමුලින්ම වගේ පාලනය වුණේ කොළඹ කී‍්‍රඩා සමාජ වල නිලධාරීන්ගේ අදහස් උදහස් අනුව.

ඒ කාලෙ අද වගේ නොවෙයි. තේරීම් කමිටුව කණ්ඩායම තේරුවාම ඒ කණ්ඩායම විධායක කමිටුවෙන් අනුමත වෙන්න  ඕනා. එතකොට ජාතික කණ්ඩායම අනුමත කරන්නේ කී‍්‍රඩා ඇමතිවරයා නෙමෙයි. මොකද ඒ වෙනකොට අපට කී‍්‍රඩා නීතියක් කියලා එකක් තිබුණේ නැති නිසා.

වතාවක්, 1950 ගණන් වලදී, ධනසිරි වීරසිංහ කොහේදෝ විදෙස් සංචාරයකට තේරුණා. ඒ වෙලාවේ කණ්ඩායම විධායක කමිටුවට ඉදිරිපත් කළාම විධායක කමිටු සාමාජිකයෙක් ඇහුවේ .... ”මෙයා කොහොමද මෙතන ඉන්නේ...? එයා මැටිං විකට් ප්ලෙයර් කෙනෙක් (ලනු පැදුරේ කි‍්‍රකට් ගහන කෙනෙක්*” කියලයි.
කී‍්‍රඩකයන්ට ඒ වගේ කෙණිහිළි ඒ කාලයේත් තිබුණා. ඒත් ඒ වෙලාවේ, මම විධායක කමිටුවේදීම ඔහුත් එක්ක හැප්පුනා.

”ඔබ 1949 නැත්නම් 50 දී තරගයක් සඳහා පානදුරේට ආ වෙලාවේ මා ඔබේ කඩුල්ල දවාගත්තේත් ලණු පැදුරකදීම තමයි. ඒ කියන්නේ ඔබට ලණු පැදුරේවත් හොඳට කී‍්‍රඩා කරන්න බෑ කියන එකනේ” කියල මා කීවම ඔහුගේ මූණ රතු වුණා.

ඔය කාලෙදිම මම විනිසුරු කමිටුවේත්, තරග මාලා කමිටුවේත් සභාපති තනතුරු දරන ගමන් තවත් බොහොමයක් කමිටු වල විවිධ ආකාරයට වැඩ කළා.

හැට ගණන් වල අවසන් හරියේ එංගලන්ත සංචාරය කී‍්‍රඩා ඇමතිවරයා අවලංගු කළේ ඇයි?

1968 දි එංගලන්තයේ තරග සංචාරයක යෙදෙන්න අපට ආරාධනාවක් ආවා. ඒ වෙනකොට අපේ තේරීම් කමිටු සාමාජිකයන් වුණේ චන්ද්‍රා ෂාෆ්ටර්, එච්. අයි. කේ. ප‍්‍රනාන්දු සහ ධනසිරි වීරසිංහ වගේ අය. ස්ටැන්ලි ජයසිංහ, අනුරුද්ධ පොළොන්නෝවිට තමයි ඒ කාලයේ අපේ කී‍්‍රඩකයෝ..

මේ වෙලාවේ එච්. අයි. කේ. එයාවම තෝරගත්තා කණ්ඩායමේ නායකයා විදිහට. ධනසිරි වීරසිංහ එයාගේ නමත් කණ්ඩායමට ඇතුළත් කරගත්තා. මේ වැඬේ අවලස්සන හින්දා ෂාෆ්ටර් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වුණා.
කණ්ඩායම තෝරාගන්න නම් තේරීම් කමිටුවක් ඉන්න  ඕනෑ. ඒත් ෂාෆ්ටර්ගේ ඉවත්වීම නිසා කණ්ඩායමක් තෝරා ගන්නත් බෑ. සංචරයට යන්න තරම් සල්ලි අපට තිබුණෙත් නෑ. කොහොම වුණත් මේ එක එක අර්බුද නිසා ඒ තරග සංචාරය අවලංගු වුණා.

මතක පොත තව කොටසක් ලබන සතියේ....

සාකච්ඡ කළේ : දමින්ද විජේසූරිය
ඡයාරූපය : ගයාන් අමරසේකර



අදහස් (0)

තේරීම් කමිටු නිලධාරීන් තමන්වම තෝරගත් නිසා ශී‍්‍ර ලංකා පිලේ එංගලන්ත සංචාරය අවලංගු කළා

වරුණ Thursday, 23 May 2013 11:32 AM

වර්තමානයේද වී ඇත්තේ ක්‍රීඩාව ආපස්සට යාමමය (නි)

:       0       0

දසුන් Thursday, 23 May 2013 11:54 AM

අනේ ලොක්කෝ.(නදී)

:       0       0

මදුරංග Thursday, 23 May 2013 04:35 PM

දිසානායක මහතා, ඔබගෙ අදහස ඉතාමත් නිවැරදියි. ඔබ වැනි ක්‍රිඩා ලෝලීන් තවත් විශාල පිරිසක් අප රටෙ ඉන්නවා. නමුත් එම හැමදෙනාටම දැන් ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාව ගැන ඇත්තේ මහත් කළකිරීමක් පමණි. එයට හේතුව නම්, මුදල් පසු පස යන නිවට ක්‍රීඩකයන් වාගෙම, හොර තක්කඩි පාලකයන්ය. අර්ජුන රණතුංග මහතාගෙන් පසු මෙරරට බිහිවුයේ රටට ආදරයක් නැති මුදලට ලැදි කෑදර ක්‍රීඩකයන් පමණි. අද මහත් හොරුන්ගේ ක්‍රීඩාව හොරැන්ගෙ ක්‍රීඩාවක් වී හමාරය. මෙයට ඉන්දියාව 100%ක් වගකිව යුතුය. (නි)

:       0       0

අසේල, මිලානෝ Thursday, 23 May 2013 05:43 PM

අනේ දසුනෝ,

:       0       0

දිසානායක Thursday, 23 May 2013 01:34 PM

ම ඉතාම ප්‍රිය කරන ක්‍රිඩාවන් අතර ක්‍රිකට් වලට හිමි වුණේ පළමු කැමැත්තය.1996 වසරේ ශ්‍රී ලංකා පිල ලෝක කුසලානය ලබා ගත් දින මම වඩාත්ම ප්‍රීති වුණ දවසක් විය .ඉන් පසු එළබි කාලය තුල ක්‍රිකට් ක්‍රීඩාව තුල තරග පරාජය වීම නුසුදුසු ක්‍රීඩකයන් හා නිලදාරීන්ගේ ආගමනයත් සමග කණ්ඩායම තුල නිර්මාණය වූ පසුබෑම මට ක්‍රීඩාව අප්‍රසන්න වීමට හේතුකාරක විය .එදා මහත්වරුන්ගේ යැයි කියා ගත් ක්‍රිකට් අද මහත් හොරුන්ගේ ක්‍රීඩාවක් බව කණගාටුවෙන් උවද ප්‍රකාශ කිරීමට සිදුවී ඇත .මේ ක්‍රීඩකයන් වෙනුවෙන් අත්පොලසන් දුන් ප්‍රේක්ෂකයන්ට හා මොවුන්ව උස්සා තැබූ ජනමාධ්‍ය ආයතන වලට පහත් ලෙස කතා කිරීමට තරන් සමහර ක්‍රීඩකයන් පහත් තත්වයකට වැටී ඇත .තම රට පසෙක තබා මුදල් පසු පස යන නිවට ක්‍රිකට් ක්‍රීඩාවට මින් පසු මම මගේ එක තත්පරයක්වත් මිඩංගු කරන්නේද නැත (නි)

:       0       0

ගාමිණී Thursday, 23 May 2013 01:53 PM

හොඳ වැඩක් (නි)

:       0       0

මංජුල Thursday, 23 May 2013 02:22 PM

චන්ද්‍රා ෆාස්ටර් යනු අද ජනශක්ති රක්ෂණ , ෆස්ට් කැපිටල් ආදී සමාගම් වල ප්‍රධානියාය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 866 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 403 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 877 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3188 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 588 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 228 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25081 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site