IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


‘‘ත්‍රි‘මලේ තෙල් ටැංකි අයිතිය ගෙඩිය පිටින්ම ඉන්දියාවට‘‘

(ඩයනා උදයංගනී)

ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි සියයේම අයිතිය මේ වන විටත් ඇත්තේ ඉන්දියාව සතුව බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා  පැවසීය.

එම තෙල් ටැංකි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු විසින් 1987 සහ 2003 වසරවල අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම් මගින් සදාකාලිකවම ඉන්දියාවේ භුක්තියට ලබාදී ඇති බව කී ඇමතිවරයා ඒවා යලි ලබාගැනීමට තමන් උත්සාහ කරමින් සිටින බව ද කීවේය.

එසේ තිබියදී තමන් ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ හෙලිකොප්ටරයෙන් ත්‍රිකුණාමලයට ගොස් තෙල් ටැංකි ලබාදීමේ ගිවිසුමකට අත්සන් කළ බවට නැගෙන චෝදනා හාස්‍යජනක බව කී ඇමතිවරයා තමන් ඇමතිධූරයට පත්වූ පසු කිසිවකු සමඟ හෙලිකොප්ටර් සවාරිවල නිරතවී නැතැයි ද සඳහන් කළේය.

ඇමති ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේ දී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි භාරදීමේ ගිවිසුමකට අත්සන් කිරීමට නම් ඒ අසලටම යා යුතු නැති බවත්, ලෝකයේ කොයි මුල්ලක සිට අත්සන් කළත් ගිවිසුම් වලංගු වන බවත් උදය ගම්මන්පිල මහතා  පැවසීය.

මෙම තෙල් ටැංකි 2023 වසරේ නැවත මෙරටට ලැබෙන බව ඇතැමුන් කීවත් ඉන්දු ලංකා ගිවිසුම්වල එවන් කිසිඳු වගන්තියක් නැතැයි ද ඇමතිවරයා පැවසීය. 



අදහස් (22)

‘‘ත්‍රි‘මලේ තෙල් ටැංකි අයිතිය ගෙඩිය පිටින්ම ඉන්දියාවට‘‘

Narandag Monday, 04 October 2021 06:33 PM

සත්‍යය බෙදා ගැනීම ගැන ස්තූතිය. අපි හිතුවේ තෙල් ටැංකි අපේ කියලා. හැකි නම් ආපසු යාමට උත්සාහ කරන්න

:       13       25

Sanath Weerakoon Monday, 04 October 2021 06:34 PM

ගිවිසුමේ පිටපතක් එක්සත් ජාතික පක්ෂය නුදුරේදීම මාධ්‍ය වෙත ඉදිරිපත් කරනු ඇත.

:       4       25

සිරිබිරිස් Monday, 04 October 2021 06:43 PM

කොහොමද ඔය කතාව ඔහොම කිව්වේ?

:       6       17

SAM Monday, 04 October 2021 06:58 PM

ඕගොල්ලෝ ඔක්කොම උපන්ගෙයි බොරුකාරයෝ

:       10       42

ganegoda Monday, 04 October 2021 07:43 PM

තෙල් ටැංකි ඉන්දියාවට දීපු එක නෙවෙයි ප්‍රශ්නේ, ඔයා බලශක්ති ඇමති කියන එකයි ප්‍රශ්නේ

:       14       46

සෙනෙවිරත්න Monday, 04 October 2021 07:58 PM

එතකොට තමුන්නැහැ පහුගිය දවස්වල තෙල් ටැංකි ටික ලැබුන කියල මහා පෙරලියක් කලේ? බොරුවටද?

:       11       57

Bamunuarachchi Monday, 04 October 2021 08:02 PM

ඇත්තටම දැනට මේ රටේ සම්පත් රැකිලා තියෙන්නේ ඔබ නිසා... වීරවංශ නිසයි...

:       11       5

ranjith Monday, 04 October 2021 08:05 PM

මේවා දෙන්න වුවමනාවක් මිසක් ගන්න වුවමනාවක් නෑ. මේ කතාවලින් රටට දේශප්‍රේමී කතා විතරයි...

:       1       5

HM Gunawatdana Monday, 04 October 2021 08:40 PM

අත්සන් කරන සෑම ගිවිසුමක්ම උපරිම අවුරුදු 10ක් විය යුතුයි. ඊට වැඩි නම් ජනමත විචාරණයකින් අනුමත කරගත යුතුයි. එවැනි නීතියක් තිබෙනවා නම් දේශපාලුවන්ට අම්මා, අප්පගේ බූදලේ වගේ විකුණන අපේ රටේ සම්පත් මතු පරපුරට ඉතිරිවෙයි...

:       1       5

Kap Monday, 04 October 2021 10:03 PM

තමන්ගේ දරු පරපුර පිටරටක ජීවත් කර සියළුම සැප දෙන ගමන් අපේ පුංචි රට හුරා කනවා.

:       8       45

Perera Tuesday, 05 October 2021 01:08 AM

අර අය දීපුවා ආපහු ගන්නවා කිය කියනේ චන්දෙ ඉල්ලගෙන බලයට ආවේ

:       1       4

chandima Tuesday, 05 October 2021 04:54 AM

මේ ඔක්කොම ණය තියෙද්දිද මේ අය තීරු බදු නැතුව කෝටි ගණන් වටිනා වාහන ගෙන්න ගත්තේ?

:       0       4

ranjith Tuesday, 05 October 2021 05:11 AM

විදේශිකයන්ට සම්පත් ටික දීලා රට විනාස කරලා

:       0       3

chandima Tuesday, 05 October 2021 06:08 AM

මේ සේරම විකුණා විකුණා මේ අය මැරෙනකල්ම ඉන්නද යන්නේ?

:       0       5

පැරකුම් Tuesday, 05 October 2021 06:39 AM

එජාප රජය තෙල් ටැංකි ටික ඉන්දියාවට පවරනකොට ඔය මහත්තය කොහෙද හිටියෙ…?

:       2       7

චන්දිම Tuesday, 05 October 2021 07:18 AM

කතාව ඇත්තනම් මේක මහ සහගහන අපරාධයක්.

:       4       3

kamal Tuesday, 05 October 2021 07:57 AM

මේවා දෙවන යුද්ද කාලේ සුද්දෝ හදපුවා. ලංකාවේ කාටවත් අයිතියක් කියන්න බැහැ

:       1       7

Demuni Uduwara Tuesday, 05 October 2021 06:07 PM

ජනතාව නොමඟ යැවීම සඳහා කරන ලද පදනම් විරහිත චෝදනාවක්!

:       1       16

aka Tuesday, 05 October 2021 09:21 PM

තෙල් ටැංකි ප්‍රයෝජනයට ගන්නවා නම් ඉන්දීය අනුමැතිය සහිතව කල යුතු බවක් ඉන්දු-ලංකා ගිවිසුමේ තිබෙනවා. මේවා රහස් නෙමේ. ඉන්දියාව හවුල් නැත්නම් මේ අනුමැතිය ලැබෙන්නෙ නෑ.

:       9       3

Vithana Wednesday, 06 October 2021 09:09 AM

2019 චන්ද වෙලාවේ ඔහොම කිව්වේ නැහැනේ.

:       1       17

Vithana Wednesday, 06 October 2021 09:33 AM

ගිවිසුමට අනුව ඉන්දියාවට දීලා තියෙන්නේ ටැංකි සුලු ප්‍රමාණයක්. ඉතිරි ඒවා ඔවුන් භූක්ති විඳින්නේ බලහත්කාරයෙන්. ඒක විසඳා ගන්න මේ ආණ්ඩුවට බෑ. බෑ නෙවෙයි ඉන්දියාව තරහා කර ගන්න කැමති නැති නිසා, ණය ආධාර අහිමි වෙන නිසා ඒ ගැන කතා කරන්න කැමති නෑ. ඒ ගැන කතා කරන්න ගිහින් තමයි මේ ඇමතිට ඇතුලෙන්ම කැපිලි ආවේ.

:       1       24

රසික Wednesday, 06 October 2021 11:50 PM

පව් නේද ඒයි ඉන්දියාව? උන් මෙච්චර කලක් දන්නෙ නැතුව ටැංකි දහයි පහලොවයිනෙ පාවිච්චි කරන්නෙ. අනේ මේ යනව ඕයි යන්න කෙබර ඇද නොබා... 1987 ඉන්දුලංකා ගිවිසුමෙන් තෙල්ටැංකි දුන්නනම් ඒ යක්කු 2002 වෙනකල් බකන්නිලන්ම ඉඳියි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1431 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 280 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 534 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 762 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 152 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 548 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 725 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site