IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ත්‍රිමලේ හෙදියෝ වර්ජනයේ

තම නිල ඇඳුමේ ඒප්‍රනයට සමාන ඒප්‍රනයක් සුළු සේවක නිල ඇඳුමේත් ඇතැයි කියමින් රජයේ හෙද නිලධරයන්ගේ සංගමයේ හා‍ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ත්‍රිකුණාමල රෝහලේ හෙද හෙදියෝ 60 දෙනෙක් පමණ වැඩවර්ජනයක් ඇරඹූහ. අත්‍යවශය සේවා හැර අන් සියලු සේවාවලින් බැහැරවී සිටින ඔවුහු විසැඳුමක් දෙන තුරු වර්ජනය කරන බව කියති.



අදහස් (0)

ත්‍රිමලේ හෙදියෝ වර්ජනයේ

සඳනායක Monday, 20 August 2012 02:26 PM

මෙයාලට ඇදුම් නැතුව ඉන්න කියන්න තමයි වෙන්නේ...(ස)

:       0       0

පූජි Monday, 20 August 2012 02:30 PM

නිල ඇදුමක ප්‍රශ්නයකට මේ අය වර්ජනය කරනවා. වෙන රටවල සුලු සේවකයන් අදින විදිය බලන්න ඕනෑ. (නි)

:       0       0

සමන් Monday, 20 August 2012 02:32 PM

ප්‍රේමදාස මහත්තයාගේ වටිනාකම දැනෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමයි. (නි)

:       0       0

ඔසද Monday, 20 August 2012 02:50 PM

මේ අය ලැබෙන ඇඳුමෙ පාටයි, සැම්පලයයි බලනවා. ඔක්කොම එළවලා අලුත් අය ගන්නයි තියෙන්නේ (අ)

:       0       0

අසන්ක Monday, 20 August 2012 02:51 PM

ඇදුම නොවෙයි, තමන් කරන වැඩයි වැදගත් වෙන්නේ. (නි)

:       0       0

ෂෙහාන් Monday, 20 August 2012 02:54 PM

මේ වගේ හැම දේකටම උද්ඝෝෂණ කරන්න ගත්තහම 'උද්ඝෝෂණ' කියන වචනෙත් වටිනාකමක් නැති වෙනවා. (නි)

:       0       0

තිලක් බණ්ඩාරනායක Monday, 20 August 2012 11:43 PM

අල්ලස් ගැනීම වැනි බරපතල විනය විරෝධී ක්‍රියාවන්වල යෙදුණු හෙදියන් ගැන අප අසා ඇත්තේම නැති තරම්. ඒ නිසා තම වෘත්තීය ගරුත්වයත්, වෘත්තීය අනන්‍යතාවයත් තබාගෙන රාජකාරි කිරීමට හෙදියන්ට අයිතියක් ඇත. වෙනත් වෘත්තීය කාණ්ඩයක් තම නිල ඇඳුමට සමාන නිල ඇඳුමක් ඇඳීමෙන් එම පිරිස අතින් සිදුවිය හැකි අකටයුතු දේවලටත් හෙදියන්ට වග කියන්නට සිදුවනු ඇත. ඒ නිසා තම නිල ඇඳුම රැක ගැනීමට සටන් කිරීමට ඔවුන්ට අයිතියක් ඇත. එහෙත් ඒ සඳහා වැඩ වර්ජනයක් කිරීම අනුමත කළ නොහැක. සිවිල් ඇඳුමෙන් රාජකාරියට වාර්තා කිරීම, වෛද්‍ය වරුන් මෙන් ඕවර් කෝට් එකක් පැළඳ පැමිණීම වැනි හානිකර නොවන විරෝධය පෑමක් සාධාරණ වන්නට තිබිණි. මේ ගැන හෙදියන්ට පමණක් ඇඟිල්ල දිගු කිරීම කොකළ යුතුය. මෙවන් ප්‍රශ්නයක් උද්ගත වූ පසු එය ඉක්මණින් විසිඳීම පාලකයන්ගේ වගකීමකි. එහෙත් ඒ සඳහා වෙලාව කොහිද? ලංකාවේ වැඩිම ප්‍රමාණයක් කැලෑ පත්තර ගසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බව සෞඛ්‍ය ඇමතිතුමා මෑතකදී පවසා තිබූ බවද සිහිපත් කරමි. නිදුක් වෙත්වා! (නි)

:       0       0

ගයාන් Tuesday, 21 August 2012 11:29 AM

අනේ මෙහෙමත් හෙදියන් ටිකක්..!(නු)

:       0       0

සිසිර කුමාර Monday, 20 August 2012 03:34 PM

මේ වැඩේ හරියට ඇදුම් ඇදගෙන කරන වැඩක් නෙමෙයි වගේනේ. (නි)

:       0       0

ෂර්මිලා Monday, 20 August 2012 03:43 PM

මොළයක් නැති අය තමයි ඇදුමකටත් රණ්ඩු වෙන්නේ. (නි)

:       0       0

කැටවල Monday, 20 August 2012 03:52 PM

එල්ලුම් ගහ ගෙනල්ලා මෝඩයන්වද එල්ලිය යුතුයි. (නි)

:       0       0

මනුක Tuesday, 21 August 2012 02:08 AM

අපේ රජය මෙයාලට හොද වෑඩියි. (නි)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 21 August 2012 01:02 PM

දැං තීරණය කරන්න ඕන මේ අය රස්සාව තියා ගන්නවාද නැත්නම රස්සා නැති අයට රස්සා දෙනවද කියලායි.. මේ අයට දෙන වැටුප් හොදටම ප්‍රමාණවත්..!!(නු)

:       0       0

මනෝ Monday, 20 August 2012 05:28 PM

මේ අයයි සුලු සේවකයනුයි එකතු වෙලා ලෙඩ්ඩුන්ට කරන අසාධාරණකම් වලට අසරණ ලෙඩ්ඩු මොනවා කරන්නද? (නි)

:       0       0

ඇරිස් Monday, 20 August 2012 05:34 PM

තනතුරු අනුව නිල ඇදුමේ වෙනසක් තිබිය යුතුයි. මෙවැනි සුලු ප්‍රශ්නයකට පවා විසදුම් දීමට බලධාරීන් අසමත්ද? (නි)

:       0       0

නිවන්ත Tuesday, 21 August 2012 07:26 AM

සුළු සේවකයන් බොහෝවිට පත්වන්නේ දේශපාලන හිතවත්කම් මතයි (නි)

:       0       0

නිරෝෂණ Tuesday, 21 August 2012 07:46 AM

මහ නරක මිනිස්සු. (නි)

:       0       0

ජනිත් Tuesday, 21 August 2012 08:12 AM

බලන්නකෝ බෝර්ඩ් උස්සන් ඉන්න උජාරුව. මෙයාලට ගහන්න ඕන මඩු වලිගෙන්. (ස)

:       0       0

ප්‍රවීන් Tuesday, 21 August 2012 08:17 AM

ඉතින් ඔය කියන ඒප්‍රන් එක ගලවන්න..අයියෝ.......අයියෝ .!!(ස)

:       0       0

කුසුම් Monday, 20 August 2012 06:36 PM

ඇදුමේ කෑල්ලකුත් අසරණ ලෙඩෙකුගේ ජීවිතයත් අතර ලොකු වෙනසක් තියෙනවා. මේවා දඩුවම්වලින් විසදන්න බෑ. මේ රටේ මිනිස්සු මෙච්චර අසංවේදී පිරිසක් උනේ නොහොමද. නයිටිංගේල් දියණියන්ගෙන් වැඩි දෙනා බුදුදහම අදහන මහාකරුණාව ගැන උදේ හවස බණ අහන අය. හෙද සේවයේ යෙදෙන මේ පිරිසට නායකත්වය සපයන බුද්ධ පුත්‍රයාගෙන් මේ වගේ දේවල්වලටත් අවසර ලැබෙනවද. පූතිගත්තතිස්ස තෙරුන්වහන්සේට අපරිමිත කරුණාවෙන් උවටැන් කළ බුදු රජාණන්වහන්සේ අද හිටියා නම්.... (ස)

:       0       0

ලුම්බිණි Monday, 20 August 2012 12:05 PM

මේ වගේ සුළු දෙයකටත් ලෙඩුන් අමාරුවේ දමන උදවිය නම් හෙද සේවයේ යෙදෙන්නේ අපට ඉතින් කොයින්ද අනාගතයක්? සුළු සේවකයෙක් මේ අය අඳින විදියට ඇන්දම මෙහෙම නම්, වෙනත් අයිතිවාසිකමක් දුන්නොත් එහෙම මේ අය මොනවා කරාවිද? .(ස)

:       0       0

කුමාර Monday, 20 August 2012 06:51 PM

මේවා හරිම විහිළු වැඩ.අපේ අය තවම දන්නේ නැ මේලෝකේ හැම රැකියාවක්ම අපේ පැවැත්ම සදහා ඕන කියල.මොකද ඔයාල බය ඔයාලගේ ඇඳුම ඇඳගෙන සුළු සේවකයෝ රෝගීන්ට බෙහෙත් කරයි කියලද.කරුණාකරලා ඔයාලගේ වගකීම ඉටු කරන්න.අපි කාටවත් අපේ තත්වය පෙන්වන්න ඕන නැ.දන්නා අය දන්නවා.මේවගේ විහිළු කරන්න එපා.අනික ඔයාල දිවුරුම් දෙනවිට මොනවද පොරොන්දු වෙන්නේ.අපි හැමෝම මේ ලෝකේ මිනිස් වර්ගයාගේ පැවැත්මට ඕන.රෝහලක් ගත්තොත් සුළු සේවකයාගේ පටන් උසස්ම නිළධාරියා දක්වා.අපි අවංකවම අපේ සේවය කරන්න හිතට ගත්තොත් මේවගේ බහුබූත හිතට එන්නේ නැ.මට කවුරුහරි හෙදියක් හෝ හෙද නිළධාරී මහත්මයෙක් පහදලා දෙනවද මොකද ඔයාලට ඇඳුම ඔයතරම්ම වැදගත් වෙන්නේ අපේ අසරණ ජනතාව අපහසුතාවයට පත්කරන්න තරම්ම.හිතන්න අපේ ඇඳුමෙන් අපේ තත්වය මනින්න බෑ, එත් ඔයාල කරන ඔයවගේ වැඩ වලින් ඔයාලව හොදාකාරවම මනින්න පුළුවන්.මම මෙහෙම ලියන්නේ ඔයාල සමග තරහින් නොවෙයි, එත් මට දුකයි ඔයාල හැමදාම කරන මේ නිෂ්පල වැඩ ගැන.හිතන්න මේ ඔයාල නිසා අසරණ වෙලා ඉන්නේ හරියට අදින්න, කන්න, නැති අපේම රටේ අපේම මිනිස්සු.අනේ හාමුදුරුවනේ කරුණාකරලා ඔබ වහන්සේට පින් අත්වෙයි බුදුහාමුදුරුවෝ දේශනා කල ධර්මයට අනුව ගිලනුන්ට උපස්ථාන කරන පිළිවෙල මේ අයට තේරුම් කරලා දෙන්න. (ස)

:       0       0

බමුණු Monday, 20 August 2012 06:48 PM

මොනවද මේ වැඩකට නැති ප්‍රශ්න? (නි)

:       0       0

සිසිර Monday, 20 August 2012 12:19 PM

ත්‍රීකුණාමල හෙදියන්ට විතරද මේ ප්‍රශ්නේ....(ස)

:       0       0

රන්මල් Monday, 20 August 2012 12:19 PM

මේකේ සභාපති කවුද දන්නේ නැහැ. (නි)

:       0       0

අනුර Monday, 20 August 2012 12:21 PM

දැන් මේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ හිට්ලර් වගේ නායකයෙක්. (නි)

:       0       0

හරිශ් Monday, 20 August 2012 12:21 PM

අලි මදිවට හරක් (අ)

:       0       0

කෙවින් Monday, 20 August 2012 12:22 PM

මෙතන අපි මතුපිටින් බලනවට වැඩිය ප්‍රශ්නයක් තියෙනවා. (නි)

:       0       0

චරිත් Monday, 20 August 2012 12:29 PM

සාරි, ඔසරි ඇන්දුවා නම් හොදයි. වැදගත්කමකුත් තියෙනවා. (නි)

:       0       0

බුද්ධික Monday, 20 August 2012 07:22 PM

බොරුවට ප්‍රශ්න ඇතිකරන්න එපා (නි)

:       0       0

මංගල Monday, 20 August 2012 12:30 PM

මල් වඩමක් යවන්න...(ස)

:       0       0

සහන් Monday, 20 August 2012 12:31 PM

අනේ මෙහෙමත් නයිටින්ගේල් දියණියෝ? (නි)

:       0       0

සිල්වා Monday, 20 August 2012 07:48 PM

බක බක බක ගානවා වගෙයි. වැඩි වෙනසක් නැහැ. (නි)

:       0       0

නීලා Monday, 20 August 2012 07:57 PM

ඊළගට යට ඇදුනුත් වෙනස් කරන්න කියල උද්ඝෝෂණය කරයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඩයස් Monday, 20 August 2012 12:40 PM

අසාධාරණ වර්ජනයක්. කිසිම සහනයක් දෙන්න එපා. (නි)

:       0       0

කුමාර Monday, 20 August 2012 12:46 PM

ඇත්තටම මේ අයට මොළයක් කියලා දෙයක් නැද්ද? ඉගෙන ගෙන රස්සාවක් ලැබුණහම මෙහෙමද හැසි‍රෙන්නේ? (නි)

:       0       0

කුරේ නාවලගේ Monday, 20 August 2012 12:53 PM

මංගල, මම කලින් හිතුවේ හෙදි නිල නිවාසය ඉදිරිපිට මල් වඩමක් තියලා කියලයි. (නි)

:       0       0

කුමාර Monday, 20 August 2012 12:54 PM

සමහර ඇදුම් නොපෙනෙන නිසා හොදයි. නැත්නම් ඒවත් සමානයි කියලා වර්ජන කරයි. අනේ මෙහෙමත් ජාතියක්! (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 20 August 2012 12:58 PM

අහවලා එළවන සටනේදී එකට ඉන්න බැරිවුණු සංගම් දෙක මේ සටනේදී හෝ එකතු වීම අසිරිමත්ය. (නි)

:       0       0

සුදත් Monday, 20 August 2012 01:09 PM

මෙහෙමත් රටක්........(ස)

:       0       0

සිල්වා Monday, 20 August 2012 01:10 PM

මේ අය සේවය කරන දින ගණනට වඩා වර්ජන කරන දින ගණන වැඩියි. අත්‍යවශ්‍ය සේවයේ යෙදෙන්නන්ට අසාධාරණ වර්ජන කළහොත් නීතිමය පියවර ගන්නා ලෙසට නීති සංශෝධනය විය යුතුයි. (නි)

:       0       0

මන්ජු Monday, 20 August 2012 01:10 PM

අනේ මෙහෙමත් මිනිස්සු ඔයවගේ ඇදුමේ ප්‍රශ්නයටත් ස්ට්‍රයික් කරනවද? දිවුරුම් දෙනකොට එක අතක පහන අනිත් අත උස්සගෙන දිවුරුම් දෙන්නේ මෙවටද? මේ වගේ අය ගෙදර යවන්නයි තියෙන්නේ...(ස)

:       0       0

චාමර වත්තල Monday, 20 August 2012 01:14 PM

මෙයාල අඳින අනිත් කොටසුත් සුළු සේවකයන් අඳින ඒවාට වඩා ස්පෙශල්ද දන්නෑ...අනේ මෙහෙමත් මහන්තත්ව කමක්...(ස)

:       0       0

ලාලින්ද Monday, 20 August 2012 01:29 PM

මේ අය හිතාගෙන ඉන්නේ මේ රටේම ඉන්න උගතුන් ඒ අයයි කියලා. හෙදියන් සමාජය ඉදිරියේ හැසිරෙන ආකාරය ඔවුන්ට අමුතුවෙන්ම පැහැදිලි කර දිය යුතුයි වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

අනුර Monday, 20 August 2012 01:44 PM

කලිසමක් දුන්නා නම් හරි මේ අයට. මහා අසාධාරණ වර්ජනයක්. (නි)

:       0       0

ඉන්දු Monday, 20 August 2012 10:09 PM

අපේ නර්ස් නෝනලා දන්නේ ස්ට්‍රයික් කරන්නේ විතරයි. වැඩ කරන්න දන්නේ නැහැ. රෝහලේ ලොකු දොස්තර මහත්තයගේ ඉඳලා සුළු සේවකයා දක්වා අඳින්නේ කලිසම. මෙයාලට ඒක පෙනෙන්නේ නැත්තෙ ඇස් වලට මොනවා වෙලාද? (ස)

:       0       0

අසේල Monday, 20 August 2012 01:51 PM

ඇදුම නැතුවම දෙගොල්ලොම සමානයිනේ..ඒ නිසා ඒ ගැන හිතන්න එපා...(ස)

:       0       0

රොසාන් Monday, 20 August 2012 01:50 PM

ඊලගට සුලු සේවකයන් තව කොහේට හරි අදින ඇදුමක පාට ඒ අයටත් ඕනෑ කියලා උද්ඝෝෂණය කරයිද කියලයි මට සැක. (නි)

:       0       0

රොෂාන් Monday, 20 August 2012 01:57 PM

කෝ, මේ අපේ සුජිත් කොලුවා මේ දවස් වල පේන්න නැත්තේ මොකද? (නි)

:       0       0

චතු Monday, 20 August 2012 02:18 PM

තව මොන මොනවා එක වගෙයි කියලා වර්ජන කරයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1654 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 724 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 244 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 346 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 155 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 106 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40001 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 227 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1302 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site