IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


'තුර්යා' කාන්තා තාල වාද්‍ය අරුමැසිය අද

2016-12-05-ent-108

2016-12-05-ent-109ලාංකේය කාන්තා වාද්‍ය වෘන්ද ඉතිහාසයේ පළමු තාල වාද්‍ය කණ්ඩායම වන "තූර්යා" වාද්‍ය වෘන්දය"තුර්යා ලයිව් ඉන් ඉලම්බෝ 2016" නමින්එළඹෙන 06 වැනිදා රාත්‍රී 7.00 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සමරු රඟහලේදී ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය.

මෙම වාද්‍ය වෘන්දය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිසුවියන් 10 දෙනෙකුගෙන් සමන්විත අතර, දේශීය බෙර වාදන කලාවන්ට අදාළ ගැටබෙර, යක්බෙර,දවුල්,තම්මැට්ටම් සමග අපරදිග ඩ්‍රම්ස්,කොංගෝ සහ තබ්ලා යන වාද්‍ය භාණ්ඩ සියල්ල භාවිත කරමින් මෙම ප්‍රසංගය සංගීතවත්කිරීමට ඔවුහු බලාපොරොත්තු වෙති.

සිතාරා මධුවන්ති (නායිකා),තාරුකා සෙව්වන්දි,නදීකා අසුරනාද,චාමිනී අනුරුද්ධිකා,සඳුනි චතුරංගි,ශලිනි යශෝධා,ශෂිනි සිරිවර්ධන,චේතනී රත්නායක,චතුරිකා සඳරුවනි සහ ඔශීන් සචිනි තුර්යා තාල වාද්‍ය වෘන්දයේ සාමාජිකාවෝ වෙති. සංගීත අධ්‍යක්ෂණය ශ්‍රීයාන් චන්ද්‍ර‘සේකරගෙනි.

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ Lovely professional universityහීදී පැවැත්වුණු 18 වැනි ජාත්‍යන්තර කාන්තා ගැමි නැටුම් තරගාවලියේ සමාරම්භක උලෙළ සහ සමාප්ති උලෙළ නියෝජනය කරමින් එහි වාදනය කිරීමටද ඔවුන් විශේෂ ආරාධනාවක් ලැබ තිබේ. එසේම ඉන්දියානු සංස්කෘතික අමාත්‍යාංශයත්, චාරු කැස්ට්ලෝ කලා පදනමත් එක්ව සංවිධානය කළ එම ජාත්‍යන්තර තරගයේ හොඳම සංගීතයට හිමි සම්මානය දිනාගැනීමටද "තුර්යා" සමත් විය.

එමෙන්ම වෙනත් භාණ්ඩ යොදා නොගනමින් මිනිස් සිරුර ආශ්‍ර‘යෙන් උපදවාගත හැකි ශබ්ද යොදාගෙ නිර්මිත "ගෝත්‍ර නාදය" අංගයද මෙහිදී කැපී පෙනේ."ගන්ධබ්බී" නම් තවත් අංගයක් එම ප්‍රසංගයේ ඉදිරිපත් කෙරෙන අතර, ලීලාවතී රාජ සභාවේ තේවාව පැවැත්වීමේ අවස්ථාව තාල වාද්‍ය භාවිත කරමින් ඉදිරිපත් කිරීම සුවිශේෂී වෙයි. ඉතා අපහසු සහ අප්‍රකට මෙම ශබ්ද වෙනත් මානයකින් ශ්‍රවණය කිරීමට සැලැස්වීම එහි ඇති අපූර්වත්වයයි. මේ සඳහා ලංකාවේ භාවිතයට ගැනුණු සාම්ප්‍රදායික බෙර පමණක්ම යොදාගැනීමද විශේෂත්වයකි.

බටහිර ඩ්‍රම්ස් වර්ග,කොංගෝ සියල්ලම එකතුවෙන් සැකසුණු මිශ්‍ර වාදනයක්ද ඔවුන් විසින් ඉදිරිපත් කිරීමට නියමිත අතර, ස්පාඤ්ඤ සංගීතය ඇසුරින් නිර්මාණය කරන ලද වාද්‍ය අංගයක්ද, "ෆ්‍රේම් ඩ්‍රම්" නමින් හැඳින්වෙන තවත් වාද්‍ය අංගයක්ද මෙහිදී දැකගැනීමට හැකිවනු ඇත.

 

2016-12-05-ent-107
2016-12-05-ent-106



අදහස් (0)

'තුර්යා' කාන්තා තාල වාද්‍ය අරුමැසිය අද

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1541 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2053 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1523 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8621 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2482 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10533 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40126 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site