IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


තිරියායේ කැලෑවකින් අ’පුර යුගයට අයත් නටබුන් හමුවෙයි

(අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිරියාය අත්තික්කාඩු ප්‍රදේශයේ කුඹුරු යායකට යාබද  කැලයේ තිබී අනුරාධපුර යුගයට අයත්  ආරාම සංකීර්ණයක නටබුන් හමු වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

යුද ගැටුම් හේතුවෙන් අතහැර දැමු  කුඹුරු ඉඩම් එළි පෙහෙළි කරද්දි මෙම නටබුන්  හමු වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදුකළ මූලික විමර්ශනයකින්  අනාවරණය වී තිබේ.

බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් එළි පෙහෙළි කරද්දී එහි පුරාවිද්‍යා නටබුන්වලට හානි සිදුවී ඇති බව ස්ථානීය පරීක්ෂණයක්  කළ දිස්ත්‍රික් පුරාවිද්‍යා  නිලධාරි  මොහාන් සමීර  ආරියතිලක මහතා පැවසීය.

නටබුන් අතර ගල්කණු, කොරවක් ගල්, සඳකඩ පහණක් හමු වී ඇත.

 සිද්ධිය  සම්බන්ධයෙන්  සොයා බැලීමට  ගිය ත්‍රිකුණාමලය දිසාපති  ජේ.එස්.ඩී.එම්.අසංක අබේවර්ධන මහතා අදාළ ස්ථානය වෙන් කර සලකුණු කිරීමට පුරාවිද්‍යා  නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පෞද්ගලික  හෝ රජයේ  ඉඩමක් වුවද, ඔප්පු තිබුණද,  පුරා විද්‍යා වස්තු ඇති තැනක් නම් ඒ ස්ථානයේ අයිතිය ඇත්තේ පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුවට බවද, බලපත්‍ර සහිත ඉඩම්වල වගාකිරීමට  මේ ස්ථානය වෙන්කර සලකුණු කිරීමෙන්  පසුව  අවසර ලබාදෙන බවද දිසාපතිවරයා  කුඹුරු ඉඩම් හිමියන්ට ක්ෂේත්‍ර පරීක්ෂාවේදී පැවසීය.



අදහස් (3)

තිරියායේ කැලෑවකින් අ’පුර යුගයට අයත් නටබුන් හමුවෙයි

Champa Monday, 14 September 2020 09:29 AM

අන්තිම ඡේදය හරියටම හරි. පුරාවිද්‍යාත්මක වස්තු තියෙන ඕනෑම ඉඩමක් තමන් භාරයට ගන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට සම්පූර්ණ බලතල තියෙනවා. කෝ අර නැගෙනහිර පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන ගැන බලන්න දාපු, කොළඹ පදිංචි බලකාය? මේ හාමුදුරුවෝ කතා නොකරන්න මේ ටිකවත් නැති වෙනවා. උතුරු, නැගෙනහිර අඟලක් අඟලක් ගානේ තියෙන්නේ අපේ පුරා විද්‍යා භූමි. අතීතයේ අපිට තිබිලා තියෙන්නේ අක්කර ගණන් විශාල පුරාණ ආරම. මේ ඉඩම විතරක් නෙමෙයි අවට ඉඩම්වලත් මේ විදිහට පුරාවිද්‍යා වස්තු ඇති... යුද්ධය කාලේ කැලෑව වැවිලා ඒවා වල් වැදෙන්න ඇති. ඒ හින්දා මේ අවට සියලු ඉඩම්වල මේ වගේ පුරාවිද්‍යා වස්තු තියෙනවද කියලා හොයලා බලනකම් මේ ඉඩම්වල වගා කරන්න දෙන්න එපා...

:       0       116

Ferna Monday, 14 September 2020 03:06 PM

මේ පුවත් උණුසුම තිබෙනකම් පමණයි. සතියෙන් ඩෝසර් කරලා දමාවි. රැයක් එළිවන විට...

:       0       0

Bamunuarachchi Tuesday, 15 September 2020 02:38 AM

මේ සිංහල රටේ මුලුරටේම බුද්ධාගම තිබුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 104 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1025 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2276 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 308 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 164 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 881 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26677 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1863 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site