ත්‍රීරෝද රියක ඇතුළේ කණ්ණාඩි සවි කර ඇත්නම් කාන්තාවන් එවැනි ත්‍රීරෝද රථවලින් ගමන් නොකරන ලෙස මතුගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක පී ලුඩොවයික් මහතා උපදෙස් දෙයි.
ත්‍රීරෝද රියක් ඇතුළේ කණ්ණාඩි සවි කරනුයේ රියදුරාට කාන්තාවන්ගේ අඟ පසඟ බලා ගැනීමට බව ඔහු කියයි.
මෙවැනි ත්‍රීරෝද රථ 19ක් මතුගමින් සොයා ගත් බවත්, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.
ත්‍රීරෝද රථයේ දෙපැත්තේ කණ්ණාඩි දෙකක් හා මැදින් කණ්නාඩියක් තිබීම ප්‍රමාණවත් බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාන්තාවන් අඳින ඇඳුම් හොර කන්නාඩියෙන් බලන්න වුවමනා නැහැ. හැමෝටම පෙන්නන්න තමා එහෙන් මෙහෙන් පලා ගෙන ඇඳුම් අඳින්නේ. අනික බැලුආ කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ කාටත්. වීරයෝ වගේ අහිංසකයෝ අල්ලලා නඩු දාන රාළහාමිලා ලොකු ලොක්කන්ට මේ වගේ කරාවිද? (නි)
මිනිස්සු මේ තරම් අසහානයෙන්ද ඉන්නේ (දී)
යුරෝපේදී ගැහැණු ලංකාවට වඩා ඇග පෙනෙන්න ඇදලත් සිදුවන හිරිහැර ඉතා අවමයි.යුරෝපෙට සාපේක්ෂව ලංකාවේ ඇග ගොඩක් වහලා ඇදලත් හිරිහැර ඉතා ඉහලයි.මෙයින් කියවෙන්නේ අපේ කුහක පිරිමින්ගේ හිත මිස අපි අදින විදිහ නොවේ.අනික් දේ තමා ලංකාවේ සංස්කෘතිය විහින් නිර්මානය කළ ලිංගික තහංචි වලින් පිරිලා. (නි)
කාන්තාවන් පරිස්සම් වෙන්න (දී)
කාන්තාවන්ගේ ඇඳුම් දැක්කාම බලන්නවත් හිතෙන්නේ නැහැ (දී)
කන්නාඩි තියා ත්‍රී රෝද රථයකට නගින්න හිතෙන නැහැ සමහර රියදුරන් දැක්කාම, ඔවුනුත් කන්නාඩි වගේ තමා,, මෙලෝ සිහියක් නැහැ ධාවනයේදී, (දී)
මාලා ඔය හරි. පිරිමි සනුහරේම අහක බලාගන යනවා නම් ඔයා වගේ අයට ඇදුම් නැතුව ඉන්න පුළුවන්නේ. (නි)
ටිකක් ලස්සන්ට අදින එක්ක හොදයි. එතකොට කාගේත් හිත සැනසෙනවා.නමුත් ඩ්‍රයිවර්ට ඕවා බලන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ නැහැ (නි)
නිස්සංක ත්‍රීවිල් රියදුරෙක් වගෙයි (නි)
අනිවාර්යයෙන්ම බලන්න ඕනෑ පිටිපස්ස. මොකද අද කාලේ ඉන්න ගෑනු ෂුවර් නැහැ. ඉන්න ගෑනු දැනගන්න ඕනෑ ගැලපෙන ඇදුම් අදින්න. (නි)
ඉතින් දැන් අගපසග බලලද? (නි)
දෙපැත්තේ සිටි තියෙන කොච්චි පෙට්ටි වලත් හරි මැදින් බැම්මක් ගහන්න පුඑවන් නම් හොදයි. මොකද කාන්තාවන් සීට් වල වාඩි වුනහම ඉදිරි සීට් එකේ ඉදන් ඉන්න බැහැ බයානක හීන පෙනෙනවා. (නි)
සමාජයම පරිස්සම් වෙන්න ඕන කාරණයක් (දී)
අපේ සරත් මල්ලිත් කැඩිච්චි මෝටර් බය්සිකල් කටුව විකුණලා කන්නාඩි අල්ලපු ත්‍රීවිල් එකක් ගෙනෙයිද දන්නේ නැහැ. කොහිල ගාලේ වැටි වැටි දුවනවට වඩා මේ ක්‍රමය හොදයි කියලා.(නදී)
එතකොට කුලී ත්‍රිරෝද රථ එලවන වැඩි හරියක් පහත් පෙලේ කාමුක අපචාරකයෝද? ඉතින් ඇයි මේ අයගේ කුලී බලපත්‍රය තහනම් කරන්නේ නැත්තේ? කුඩා ළමුන් කී දාහක් මේවගේ නග්ගලා පාසල් යවනවද, ආපසු රෑ බෝ වී නිවසට පැමිනෙනවද? ඒ අයට රාලහාමි කියනවා වගේ කන්නාඩි ගණන් කර කර ඉන්න පුලුවන්ද? (නි)
නිස්සංක හරි. අනෙක් කාරණය නම් ත්‍රිවීල් එකේ දෙපැත්ත වහන්න වෙයි.මොකද වියතක් විතර ඇඳුම් නේ දැන් ඇඳගෙන යන්නේ.නේද? (නි)
පොලිසියට වෙන හොයන්න දේවල් ඇත්තෙම නැද්ද මන්දා. කන්නාඩි හයි කරන එක තමා දැන් ලංකාවේ වෙන ලොකුම වැරැද්ද මම හිතන්නේ. පොඩි මිනිස්සුන්ගෙම වැරදි හොයා හොයා හිටියහම ඇති පොලිසියටත්. (නි)
ලක්ෂ්මන්, අපේ ඇදුම් දැක්කම බලන්නවත් හිතෙන්නේ නැහැ කියන්නේ ඔයා හාමුදුරු කෙනෙක්ද, නැත්නම් රහත් වෙලාද? අපි ගෑනු කවුරුත් කිව්වද ඔයාට අපි දිහා බලන්න කියලා? අපි ඉල්ලන්නේ අපට නිදහසේ ඉන්න දෙන්න කියලා විතරයි. (නි)
පිස්සුනේ...අපේ මාමගේ ත්‍රීවිල් එකත් මෙහෙමයි.එහෙම කරලා තියෙන්නේ එයාගේ ආරක්ෂාවට.විශේෂයෙන් රෑ ගමන් කරනකොට. අනිත් එක අග පසග පේනවා නම් බැලුවම ඇති වැරැද්ද මොකක්ද කියලා මේ අදහස් දාලා තියෙන කවුරු හරි පැහැදිලි කරනවද? (නි)
අපිටත් අම්මලා නංගිලා ඉන්නවනේ. (නි)
මේ පොලිසියේ අය හිතාගෙන ඉන්නේ අනිත් හැමෝම එයාලා වගේමයි කියලා (නි)
පොලිසිය මේක දැනගන්නකොට අවුරුදු දහයකට වඩා රියදුරන් බලන්න ඕනෑ දේ බලලා ඇති. (නි)
ගැනු ඇදුම් ඇදගෙන යනවා නම් කමක් නැහැ. නොඇද යන එකනේ අවුල (නි)
කාන්තාව එහෙම අඳින නිසා පිරිමි බලනවා. පිරිමින්ට පෙන්න කතාවෝ එහෙම අදිනවා (අ)
මතුගම ප්‍රධාන පොලිස් පරික්ෂකතුමාට අපගේ ස්තුතිය! (නි)
පුදුමයි ත්‍රී විල් වෑඩි හරියක් ඔහොම තමයි.(නදී)
වර්ෂා වෙලාවක, හදිසියකදී , කන්නාඩි පරීක්ෂා කරන්න පිරිමියෙකුට වත් අවස්තාවක් නැහැ. උසාවි වල නඩු ගොඩ ගැසෙන නිසා, අසල්වැසියා, ගමේ එකා, යාලුවා, නොබලා,ගණනින් සැර දඩ කොලයක් දීමට ,නීතියෙන් අවසර ගැනීම රථ වාහන පොලීසියේ වගකීමක්.(නදී)
සියලුම ත්‍රී රෝද රථ පරික්ෂා කරන්ඩ.(නදී)
එතකොට ත්‍රීරෝද රථවල හතර පැත්තම ඇරලා තියෙන්නේ පාරේ යන අයට කාන්තාවන්ගේ අඟපසඟ බලාගන්න වෙන්න ඇති. හරි හමන් ඇඳුමක් ඇඳගෙන යනවනම් අංජනම් වලින්වත් වැහිච්චි ඒවා බලන්න බැහැ. ඒවා ඉතින් කාන්තාවන් දැනගන්න එපයි. (නදී)
අනේ අපොයි.(නදී)
රියදුරාගේ අවධානය නැතිවීම නිසා අනතුරු සිදුවීමට මේවත් බලපානවා ඇති.(නදී)
මේ කතාව සහතික ඇත්ත. නිතරම කුළී ත්‍රීවීල් වලින් ගමන් යන මගේ බිරිඳ ,නෑනා සහ පවුලේ ගැහැනු පාසැල් දරුවන් නිතරම මේ අද්දැකීමට ලක්වෙනවා. අපි යන්නේ හොඳට දැන ඇදුනුම්කම් ඇති කෙනෙකුගේ ත්‍රීවීල් එකක ඒත් ඒ මිනිහා හොරාට අපේ ගෑනු දිහා බලනවා. කරන්න දෙයක් නැතිකමට අපි යනවා.ද වසක් මගේ නෑනගේ දුව ගෙදර ඇවිල්ලා කෑගහන්න ගත්තා තවත් ඒ ත්‍රීවීල් එකේ යන්න බෑ. ඒ මිනිහා හොරාට ඇය දිහා බලනවා කියලා. පොලීසියට පිං දෙනවා මම මේක හෙලිකරාට. මේ වගේ කල්පනාවෙන් ක්‍රියාකරන නිළධාරීන් ඉහලට යන පොලීසියක් අපිට කවදාහරි ලැබේවි.(නදී)
සේනක සිඩිනි, කතාව ඇත්ත. (නි)
අපචාර කියන එක දැන් අහලම එපාවෙලා. දැන් එක ත්‍රිවිල් එකටත් ආවද? අනේ අපොයි මගේ රටට ගිය කලක්. (දී)
ලංකාවේ පොලිසියට ඇත්තටම හොයන්න දේවල් නැද්ද? ඕකට කණ්ණාඩිම ඕනෑද? පාරට බැස්සම සමහර කාන්තාවන්ගේ නුල් පොටවල් දෙකතුනක් විතරයි තියෙන්නේ (නි)
බස් රථවල කැමරා හයි කරන්න හැදුවේ මොනවා බලා ගන්නද දන්නේ නැහැ (නි)
එම අදහස ගොඩක්ම වටිනවා.(නදී)
තවත් සෙල්ලමක් වගේ........ (නි)
අගපසග වහගෙන ඉන්න.... අරාබියේ වගේ. ඒවා බැහැ. ඒ මොකද? ජාත්‍යන්තර ප්‍රමිතියට ලිංගිකත්වය හා අයිතිවාසිකම් උරගාන ගමන්ම සාරි සමාජය මුවාවෙලා කාන්තා අහිමානය පෙන්න පෙන්නා දෙපැත්ත කනවා (නි)
කාන්තාවන්ට අදින හැටි උගන්වන්න දැන් ඊනියා සුචරිතවාදියෝ පොරකයි.ඒක අපට උගන්වන්න ඉස්සරලා පිරිමි හැසිරෙන්ට ඉගන ගන්ට.මොකෝ පිරිමි අදින ඇඳුම ගැන උගන්වන්ට කවුරුත් නැහැනේ. ගැහැණුන්ගේඇඳුම ගැන පිරිමින්ගේ අදහස පුරුෂ වාදී නොවිය යුතුයි(අ).
සේනක හරි. විනීතව ඇඳුම් හරියට අඳින්න ඕනේ. එතකොට කාටවත් බලන්න බෑනේ. (අ)
සේනක හා චාමරගේ අදහස් වලට මමත් එකඟ වෙනවා (අ)
මේ පොලිස් පරික්ශක තුමා නියම මිනිසෙකි.ඔහු මතුගමින් මාරු නොකිරීමට පොලිස්පති තුමා වග බලා ගත යුතුය.සමාජ විරෝදින්ට මොහු හිසරදයකි. (අ)
වරුණ ලසන්ත ඔයාගේ ත්‍රී වීල් එකේ කොහොමද?(අ)
පිටුපස නොබැලුවොත් වන හානිය දන්නවද? මුදල් නොදී යන වහනයෙන් බැස යාම.රියදුරාට බෙල්ලට පිහිය තැබීම.මගියා කරන වැරදි වලට රියැදුරන්ට වන්දි ගෙවීමට සිදුවීම වගේ දහසක් දේ කිව හැක.අවම වශයෙන් පිටුපස අවධානයෙන් සිටීම නිසාම අපරාධ වැලක්වීමට පොලිසියට සහයවුන අවස්ථා මෙන්ම පිටුපස අවධානය නොමැති කමින් හිරෙවිලන්ගුවේ වැටුන, ජීවිතයෙන් වන්දි ගෙවපු රියදුරන් ගැනත්සිතන්න(අ).
ටිකක් ලස්සන්ට අදින එක්ක හොදයි. එතකොට කාගේත් හිත සැන සෙනව. ඕනවට වැඩිය ඕව ගණන්ගන්න එපා.(අ)
මාලා, පෙන්නන්න ඕනෑම නම් ගෙට අරන් පෙන්නන්න. පාර දිගේ නැතුව. (නි)
පිස්සු වැඩක්නෙ..ටිකක් බැලුවම මොකද වෙන්නෙ? (නි)