දික්කසාද නඩුවකට පෙනී සිටීම සදහා පැමිණි කාන්තාවකගේ පිටුපස ප්‍රදේශය ගල්කිස්ස අධිකරණය අසලදී ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ත්‍රීරෝද රථ රියදුරකු නොවැම්බර් හතර දක්වා රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් රංගජීව විමලසේන මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම පත්තරයක දැක්කා දොස්තර කෙනෙක් වෙන්න් පිටරටක ඉගෙන ගන්නා අපේ කෙනෙක් ඔයවගේ ෆොටෝ අරන් අහුවෙලා ලොකු ලෙඩක් දාගත්තා කියලා.ගැහැණු අය ඔයවගේ වැඩක් කළා කියලා මං කවදාවත් අහලා නැහැ. මොකද පිරිමි විතරක් ඕවා කරන්නේ (නි)
මෙතන කියා වෙන්නේ "දික්කසාද නඩුවකට පෙනී සිටීම සදහා පැමිණි කාන්තාවකගේ " කියලා පමණයි. නමුත් මෙතන ඉන්න මානසික ලෙඩ්ඩු අර කාන්තාව නිර්වස්ත්‍ර කරලා ඉවරයි. (නි)
පසුපස ඡායාරූප ගත් එක නම් වැරදියි. නමුත් දඩුවම සැර වැඩියි නේද? (නි)
"ඕක හරිම සුළු සිද්ධියක්. ඔය ගැහැණු කෙනා දික්කසාද නඩුවකට යනවා නම් සංවර විදියට උසාවියට යන්න දැන ගන්න ඕනෑ. තද ඇදුම් ඇදලා යන එක හොඳ මදි නේද?" ඒක තීන්දු කරන්නේ උසාවිය, නැතුව ත්‍රීවීල් රියදුරා නොවෙයි. (නි)
ලැජ්ජාව නැතිකම තමා ඔය සියල්ලටම මුල.චන්දි අක්කේ, ඔයා හරි. (නි)
අපේ රටේ නීතිය ගැන කතා කරනවා නම් මොන නීතිය ගැනද කියලා අහන්න වෙනවා. මොකද නීති වර්ග 5 තිබෙන එකම රටනේ ශ්‍රී ලංකාව. මේක මොන නීතියට යටත් ද කියා මම නම් දන්නේ නැහැ. (නි)
ඉන්දු මෙල්බර්න්, ඔයා තනි වුණා කියලා මේ කොල්ලන්ගේ කොලුකමට කරන දේවල් ගණන් ගන්න එපා අනේ! (නි)
බිරිදගෙන් දික්කසාද වුණයි කියලා තාම තීන්දු කරලා නැද්ද? එහෙනම් ඇය තාමත් ඔහුගේ බිරිදමයි? (නි)
නඩුව අවසන් වෙනකම් හිටියා නම් ඔච්චර කරදර නැහැනේ. (නි)
ගැහැණු කියන්නේ සෙල්ලම් බඩු නොවේ. එහෙත් සමහර කාන්තාවෝ විච්චුර්ණ ඇදුම් ඇදගෙන ඇස්, නිය ,තොල, පාට හතක් විතර තවරාගෙන පාරේ තොටේ කොච්චරවත් යන්නේ සෙල්ලම් බඩු වගේ තමයි. වරදකුත් නැහැ ඒකෙත්. ස්වභාවෙන්ම ගැහැණු පිරිමියාගේ සිත් ගන්න දාන සෙල්ලම් තමයි සියල්ලම. අනික අම්මා නංගී අක්කා වගේ සිතන්න කියන කතාවේ කිසිම ප්‍රායෝගික වැදගත්කමක් නැහැ. කාන්තාවක් දෙස රාගික සිතකින් බැලීම මානසික ලෙඩක් නොවෙයි, එහෙම බැරිනම් බෙලහීන වෙනවා පුරුෂ ශක්තියත්. (නි)
"ඔය ෆොටෝ එක ගත්තට මොකද වෙන්නේ ?" නොවැම්බර් හතර දක්වා රිමාන්ඩ් වෙලා තිබෙන්නේ (නි)
ෆොටෝ ගත් කෙනා මොන නැකතකින් ඉපදුණු කෙනෙක්ද දන්නෙ නැහැ (නි)
එහි වටිනාකම දන්නේ දන්නා කෙනා පමණී (නි)
රත්‍රන් තිබෙනවද කියලයි බලන්න ඇත්තේ (නි)
නවීන තාක්ෂණය මගින් විකෘති කරනලද ඡායාරූප නරක දේවලට යොදාගන්නා නිසා අවසරයකින් තොරව ඡායාරූප ගැනීම ලොකු වරදක්. (නි)
මහත්වරුනේ, මෙවැනි දේවල් සමාජ විහිලු නොවේ, මේවා තමයි සමාජ ගැටළු! සිතන්න, මේ කාන්තාව පැමිණියේ දික්කසාද නඩුවකට පෙනී සිටින්න. කුමන අරමුණකින් ෆොටෝ ගත්තාද යන්න අපට නිගමනය කළ හැකිද? සමහරවිට මේ කාන්තාවට අපහාස කිරීමට දුන් කොන්ත්‍රාත්තුවක්ද විය හැකියි. (නි)
මළපහ කරනා පැත්ත මොන එකකට ෆොටෝ ගන්නවද මන්දා? (නි)
මම නම් හිතන්නේ ඔය යකා ගොඩක් කළු නැහැ කියලා. ඉන්දු-මෙල්බන් "උපාසක බළල්ලු තමයි මියෝ දෙන්න ගානේ අල්ලනේ' සුදු පුසොත් ඒ වගේමලු ....(නදී)
අපරාදේ අනුන්ගේ පිටු පස පින්තුර ගන්න ගිහින් මිනිහ අමාරුවේ වැටුනේ . මේ මිනිහට තිබුනේ ගෙදර ඉන්න තමන්ගේ අම්ම හෝ නංගිලා හෝ අක්කලාගේ පසු පස හෝ ආසා කරන තැන වල පින්තුර ගන්නට . අනුන්ගේ පින්තුර ගැනීම අවසරයකින් තොරව නීති විරෝධී ක්‍රියාවක් (නදී)
ඔවැනි අය, ඔවැනි පින්තූර ගන්නේ මොන පරමාර්ථයෙන්ද කියල නොකිව්වාට අපි දන්නවනේ (නි)
මම කටාර් වල සිටි කාලයේ වෙළඳ සලක තිබුන ගිටරයක තත් අල්ලන කුඩා දරුවෙකුගේ පොටෝ එකක් ගන්න එම දරුවාගේ දෙමාපියන්ගෙන් අවසර ගත්තා පොටෝ එක ගත්තෙත් දරුවාගේ පිටුපසින් සිටගෙන (දිල්)
සෞදියේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නිතිය අකුරට"ලු දැඩි නීතියෙන් බැදලා විනය ආරක්ෂා කරනවට වඩා හරි ඕනෑම පරිසරයකදී විනය රැක ගැනීමයි. බටහිර රවල තියෙන්නේ එම ක්‍රමය. දෙකෙන් කෝකද හොද?(දිල්)
මේ වගේ ඉතාම සුළු දේවල් වලට නීතිය පුදුම විදියට ක්‍රියාත්මක වෙන්නේ (නි)
බමුණු, මං වසර ගානක් ඒ අයව දකිනවා.එහෙත් මේ වෙනකන් මොකුත් ප්‍රශ්නයක් නැහැ.අල්ලාහ් දෙවියන්ගේ පිහිටෙන්..! (නි)
සීගිරි සිතුවම් වල උඩු කය පමණක් ඇද නිරාවරණය කොට තියෙන්නේ මේ නිසා තමයි, නැත්නම් ඒවත් පහුරු ගාන්න තිබුනා අපේ අය. (නි)
සරත්, ඔයා කාටද ඔය සුදු පූසෝ කියලා කිව්වේ ? (නි)
ලෝලිම්බවංශ, ඔයාගේ අදහස නම් ගොඩක් හොඳයි. මේකේ අදහස් දාලා තිබෙන සමහර අයටත් එය ගැළපෙනවා. (නි)
නිලු විදානගේ, ඔබ සෞදියට ගියොත් කලු අබාය ඇදලා ඉන්න කෙනෙක් දිහා බලා ඉන්න. ඔබට මොකද වෙන්නේ කියලා දැනගන්න. (නි)
තිලක, දයාපාල ඔයාලටත් තේෂාන් උත්තර දීල තියෙනවා , බලන්න කියවල. තේෂාන් සහෝදරයට මගේ ගෞරවය !(නදී)
බමුණු, මං ඔබට ඉතාමත් ගරු කරනවා. ස්තුතියි මහත්මයාණෙනි ...!! (නි)
ඇදගෙන යනවා උරපටි දෙක නැති ඇදුමක්... කොටම කොටයි වියතක්වත් නැති සායක්... සුදුම සුදුයි ඇග පත නැහැ කිසි අපුලක්... එනමුත් අනේ මේ රටවල නැහැ කිසි වදයක් ... (2) ගත්තට ෆොටෝ එක මොනවාදෝ වෙන්නේ .... අහපු අයට කොහොමද පිළිතුරු දෙන්නේ.... එක එකදේට ඔය දේවල් අරගන්නේ... කකුලක් දැක්ක පළියට ඇයි කුල්මත් වෙන්නේ ..!!! (නි)
දැන් සනීපද අමාරුව (අ)
දොන්, ඔබ නිවැරදියි.මොකද මෙහේ ඔය වගේ ප්‍රශ්න නැහැ.අනික නිතිය ලිහිල් නැහැ.වරද උපරිම දඩුවම ලබා දෙනවා.එක් කෙනෙකුට හරි දඩුවමක් දුන්නා නම් අනෙක් අය නිකන්ම ඕවා නතර කරනවා. (නි)
දොන් ඔබ නිවරෙදියි.මොකද මෙහේ ඔය වගේ ප්‍රශ්න නැ.අනික නිතිය ලිහිල් නැ.වරද උපරිම දඩුවම ලබා දෙනවා.එක් කෙනෙකුට හරි දඩුවමක් දුන්නාම් අනිත් අය නිකන්ම ඕවා නතර කරනවා.(අ)
හැමෝගෙම ඔය පැත්ත එක සමානයිනේ. මොකද විශේෂයෙන් එයාව ගත්තේ? (නි)
මොන බම්බුවකට පස්සපෙත්ත ෆොටෝ ගත්තද මන්ද?ඔය කළු කෙට්ටු අවලක්ෂණ මුහුණක් ඇති මේ සිංහල කාන්තාවගේ (අ)
නිලු විදානගේ සෞදියෙ වාගේ කලු අබාය ඇදලා ගියානමි මුකුත් නෑ. පිංතුර ගත්තත් පුශ්ණයක් නෑ පිංතුරෙත් කලුයි.කවුරැවත් පිංතුර ගන්නෙත් නෑ. (අ)
කටුනායකින් රත්තරන් ප්‍රවාහනය කරන්න හොඳ ද කියල හොයල බලන්න වෙන්න ඇති ෆොටෝ ගත්තේ. (අ)
පින්තූරයක් ගහන්න හිතෙන තරමට මම හිතන්නේ ලස්සන ඇති. (නි)
කෝසල, මගේ අදහස අපහාස නොවන ආකාරයට කලාව භාවිතා කළ යුතුයි යන්නයි. බිදක් හිතන්න ඔබේ මවගේ පශ්චාත් භාගය ඡායාරූපයට නගලා ඔය කොහේ හරි වෙබ් අඩවියකට ඔබලා ලෝකවාසි ජනතාවට බලන්න සැලසූ විට හරිද වැරදිද කියලා? අසරණ වෙන තරම ගැන හිතන්න? (නි)
මහගෙදර,මම මේකේ අදහස් බලන්න හරිම ආසයි. .ඒ මොකද දන්නවද හාස්‍ය සමහර අදහස්වල ගැබ් වෙලා තියෙනවා .. ඔයාගේ අදහසත් මට පස්සේ තමයි තේරුනේ .... මම හිතුවේ ඒ ත්‍රීවිල් මල්ලි රේගුවේ වැඩ කරනවා ඇති කියලා ....මොකද මේ දවස්වල රේගුවේ අවධානය තියෙන්නෙත් ඔය පැත්තටම නේද.....පුදුමයි රේගුවට නඩු දාන්නෙ නැති එක...දැන් තිවිල් එකක තරුණ ගැණු අයට යන්න බැරි තත්වයක් තමයි තියෙන්නේ....ටික ටික අපි යන්නේ පරිහානියට තමයි .....මොනවා කරන්නද?(නදී)
අනේ මන්දා මිනිස්සු මොනාව කියනවද කියලා විහ්වාස කරන්න අමාරුයි. (නදී)
මේ මිනිස්සුන්ට පිස්සුද පොටෝ ගන්ඩම දේවල් නැතිවද මේ කරදර වල ව්හින් පැටලෙන්නේ .(නදී)
හැම තැනම කාන්තා පිටුපස හොරෙන් පින්තුර වලට නගන්නේ කවුරු හරි මුදල් ගෙවා මේවා මිල දී ගන්නවා ඇති. මීට පෙර හොමගමත් මෙවන්නක්ම සිදු උනා නේද? (අ)
නිමල්, මම දන්නා තරමින්, පෙනී සිටින්නාගේ අවසරයකින් තොරව චායාරුපගත කිරීම තහනම් දෙයකි. (අ)
අර කතාවක් තියෙන්නේ විසේ වැඩි ඌරො දවල් හාරනවා කියල . මෙන්න මේ වගේ යට තම.(අ)
තවමත් මෙහෙම මිනිස්සු ඉන්නවනේ? (නි)
මම මේ දන්නේ නෙති නිසි අහන්නේ සිගිරි චිත්‍ර ඇදපු සිත්රාවත් අල්ලන්න තියෙන්නේ. කර්ත්ලිස් අප්පුහාමි (අ)
යම් කෙනකු යම් දෙයක් දුටුවහම ඒ පිළිබද ආසාවක් අතිඋනහම සමහර අය එය චයරුපයට නගනවා සමහරු කවි සිතුවිලි වලට නගනවා තව සමහරු එය චිත්‍රයට නගනවා මේ අතරින් දඩුවම් ලබන්න වෙන්නේ චයරුපයට නගන කෙනාට ව්තරඊ මේ පිළිබද ඔබේ අදහස කුමක්ද ??(අ)
පව් අප්පා ...(අ)
සැර කෙනෙක් වෙන්න ඇති, නැත්නම් දික්කසාද වේවිද ??? ත්‍රීවීල් මල්ලිට බඩුම තමා....(අ)
ප්‍රගීත්, මිනී මැරුවහමත් මොකද වෙන්නෙ නේද? (අ)
මිනිහෙක්ට ඕනෑ දෙයක් ඡායාරූප ගන්න අයිතිය තිබෙනවා නේද? (නි)
ඇයි ඉතින් ෆොටෝ එකක් ගත්තහම මොකද වෙන්නේ?ඒවට නම් නීතිය අකුරටම වෙනවා (නි)
ෆොටෝ ගන්න තරම් මොකක්ද දන්නෙ නැහැ ඔය පසුපස තිබුණ විශේෂත්වය? (නි)
ෆොටෝ ගත්ත එක වැරදි උනත් ,හොඳ පස්සක් වෙන්ඩ ඇති. මෙම ඡායාරූපය පල කලානම් අපිටත් හොඳ නරක බලා ගන්ඩ පුළුවන් නේද. ලංකාදීප පාඨකයින් කියාවි කවුද හරි කියලා. මොකක්ද හරි කියලා උසාවිය තීන්දු කරවී.(නදී)
කමල් වගේ හිතනවා නම් හැම පිරිමි කෙනෙක්ම මේ වගේ අශික්ෂිත වැඩ වෙන එකක් නැහැ.(නදී)
ටෙන්සනුයි, සනයි තටාකයක නාන්න ගියාලු. ඇදුම් උනා තබා නිරුවතින්ම තටාකයට බැහැලා. එය පිරිමින් සදහා වෙන්ව ඇත්තේ සීමිත කාලයකටයි. .ඉන්පසු ස්ත්‍රී පක්ෂයට. දෙන්න නොදනිම කාලය ගතවෙලා. බවලත් කිහිප දෙනෙක් තටාකයට ඇවිල්ලා. දෙන්න කලබලෙන් ගොඩට එනවිට ඇදුම් නැතිවෙලා. ටෙනිය මූණ වහගන දිවුවලු.සනා නිරුවත වසාගන දිවුවලු. නවාතැනට ගිහින් සනා ටෙනියගෙන් ඇහුවලු ඇයි උබ මූණ වහගන දිව්වේ කියලා. ටෙනියා කිව්වලු මාව නම් මිනිස්සු හදුනන්නේ මුහුණෙන් උඹව කොහොම හදුනනවද මන්දන්නේ නැහැ කියලා. මේ කාන්තාවගේ චායාරූපය මුහුණ සහ කද නැතිව පසු පස්ස පමනක් නම්.? කමල්ටත් ටිකක් හිතන්න වෙනවා (නදී)
ඔය පොටෝ එක ගත්තට මොකද වෙන්නේ? (නදී)
මෙතන දාපු අදහස් අනුව බැලුවම හිතා ගන්න පුළුවන් මානසිකත්වය .....! ගැහැණු කියන්නේ සෙල්ලම් භාණ්ඩයක් නොවේ.. ඔය පොටෝ ගැහුවට වරදක් නැහැ කියන අයගේ., මවගේ හෝ සහෝදරියකගේ හෝ කරානම් ඒත් වරදක් නැතුව ඇති මයේ හිතේ.(නදී)
ලස්සනට තියන පස්සේ ෆොටෝ එකක් ගත්තම මොකද වෙන්නේ.අද කාලේ ඕවා එච්චර දේවල් නෙවි.(නදී)
එක ෆොටෝ එකකින් ඔක්කොම ගත්තද?(නදී)
නිමල්ලා වගේ අයට මේ වල වැරදි පේන්නේ කවුරුහරි මේ විදිහට එයාගේ බිරිදගේ නැත්නම් අම්මගේ නැත්නම් සහෝදරියකගේ ගත්තනම් තමයි.(නදී)
රටේ නීතිය, ඕක අයි හැම මනුස්සයටම නැත්තෙ? මට නම් තේරෙන්නේ නැහැ. මට යමක් තේරුණා, සාමාන්‍යයෙන් දික්කසාද නඩු වලට එන ගැහැනුන්ට නිතිඥයෝ හරි කැමතියි.(නදී)
ඇත්තටම ත්‍රීවීල් රියදුරු මහත්වරුත් ඔය අතර ඉන්නවා.ඒ අය ගැන අපි සතුටු වෙනවා. (නි)
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඡායාරූපය ගත්තේ මොන පරමාර්ථයක් ඇතුවද කියන එක.(නදී)
වඳුරන්ට දැලිපිහි අහුඋනාම වෙන්නෙත් ඔයවගේ වැඩ තමයි. .(නදී)
මල්ලිට හිතෙන්න ඇති පසුපස හොදයි කියලා (නි)
සිතුවිලි වියාකූල බව තමයි ඉතින් ................අනේ කාලේ .....................(නදී)
ඕක හරිම සුළු සිද්දියක්. ඔය ගැහැණු කෙනා දික්කසාද නඩුවකට යනවනං සංවර විදියට උසාවියට යන්න දැන ගන්න ඕනා. තද ඇදුම් ඇදලා යන එක හොඳ මදි නේද? ටෙලිපොටෝ ලෙන්ස් තියන කැමරාවකින් ගත්ත නං කාටවත් අල්ලන්න බැහැ.(නදී)
මානසික ලෙඩ්ඩු ...!! (නි)
"මිනිහෙක්ට ඕනෑ දෙයක් ඡායාරූප ගන්න අයිතිය තිබෙනවා නේද/" එහෙමද හිතේ තියාගෙන ඉන්නේ? එහෙනම් කරලා බලමුකෝ. ඔය එක්කෙනෙකුට වෙලා තිබෙන්නේ.... (නි)
උසාවියට ඔබින්නේ නැති ඇදුමක්වත් ඇදගෙන හිටියද දන්නේ නැහැ, මෙම කාන්තාව ඒ වෙලාවේ. (නි)