IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ත්‍රිවිධ හමුදා මූලික වැටුප් වැඩි කරයි

(අංජුල මහික වීරරත්න)

2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප් වැඩි වන බව ජනාධිපති කාර්යාලය පවසයි .

ඒ අනුව, සාමාන්‍ය සෙබල / සාමාන්‍ය නැවි / ගුවන් බට යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 10,660කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 10,960ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 11,260කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. 

ලාන්ස් කොප්‍රල් / බලනැවි / නායක ගුවන් බට යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 11,560කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 11,860ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 12,160කින් ඹූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 12,460කින් ඉහළ නැංවේ.

කොප්‍රල් / නායකනැවි / කොප්‍රල් යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 12,460කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 12,760ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 13,130කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 13,500කින් ඉහළ නැංවේ.

සැරයන් / සුළු නිලධාරී / සැරයන් යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 13,500කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 13,870ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 14,240කින් වැටුප් වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 14,610කින් ඉහළ නැංවේ.

මාණ්ඩලික සැරයන් /  ප්‍රධාන සුළු නිලධාරී /  බල පන්ති සැරයන් යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 14,240කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 14,610ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 15,105කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 15,600කින් ඉහළ නැංවේ.

බලලත් නිලධාරී II / සමුහ ප්‍රධාන සුළු නිලධාරී / බලලත් නිලධාරී යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 16,095කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 16,590ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 17,085කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 17,580කින් ඉහළ නැංවේ.

බලලත් නිලධාරී I / පාලක ප්‍රධාන සුළු නිලධාරී / ප්‍රධාන බලලත් නිලධාරී යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 19,725කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 20,385ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 21,045කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 21,705කින් ඉහළ නැංවේ.

කැඩෙට් නිලධාරී තනතුරෙහි මූලික වැටුප රු. 13,500කින් ද, මධ්‍ය නිලධාරී තනතුරෙහි මූලික වැටුප රු. 13, 870කින් ද, 2 වන ලුතිනන් (කැඩෙට්) / පියාසර නිලධාරී (කැඩෙට්) යන තනතුරුවල මූලික වැටුප රු. 19,725කින් ද ඉහළ නංවා තිබේ.

2 වන ලුතිනන් (කැඩෙට් නොවන) / පියාසර නිලධාරී (කැඩෙට් නොවන) යන තනතුරුවල මූලික වැටුප රු. 23,025කින් ඉහළ නැංවේ. 

ලුතිනන් / උප ලුතිනන් / පියාසර නිලධාරී වන තනතුරුවල මූලික වැටුප රු. 28,855කින්ද, උපකරණ පාලක තනතුර සඳහා වන මූලික වැටුප රු. 30,220කින් ද, කපිතාන් / ලුතිනන් / පියාසර ලුතිනන් යන තනතුරු සඳහා වන මූලික වැටුප රු. 37,045කින් ද ඉහළ නැංවේ.

මේජර් / ලුතිනන් කමාන්ඩර් / ස්කොඩ්‍රන් ලීඩර් යන තනතුරු සඳහා මූලික වැටුප රු. 42,505කින් ඉහළ නැංවේ.

ලුතිනන් කර්නල් / කමාන්ඩර් / වින්ග් කමාන්ඩර් යන තනතුරු සඳහා මූලික වැටුප රු. 44,175කින්  ඉහළ නැංවේ.

කර්නල් / කපිතාන් / ගෘප් කැප්ටන් යන තනතුරු සඳහා මූලික වැටුප රු. 58,095කින් ඉහළ නැංවේ.

බ්‍රිගේඩියර් / කොමදෝරු / එයාර් කොමදෝරු යන තනතුරු සඳහා මූලික වැටුප රු. 62,555කින් ඉහළ නැංවේ.

මේජර් ජනරාල් / රියර් අද්මිරාල් / එයාර් වයිස් මාර්ෂල් යන තනතුරු සඳහා වන මූලික වැටුප රුපියල් 71,000කින් ඉහළ නැංවේ.

ලුතිනන් ජනරාල් / වයිස් අද්මිරාල් / එයාර් මාර්ෂල් යන තනතුරු සඳහා වන මූලික වැටුප රු. 76,300කින් ඉහළ නැංවේ.

ජනරාල් / අද්මිරාල් / එයාර් චීෆ් මාර්ෂල් යන තනතුරු සඳහා වන මූලික වැටුප රු. 84,700කින් ඉහළ නැංවේ.



අදහස් (8)

ත්‍රිවිධ හමුදා මූලික වැටුප් වැඩි කරයි

PGPThilak Tuesday, 03 September 2024 08:18 PM

ගන්න කෙනා රට කරලා ඉවරයි!! රට නැවතත් බංකොලොත් කරන වේගවත් පියවරක්... මොවුන්ට සාප වේවා...!

:       1       4

Prabha Tuesday, 03 September 2024 08:42 PM

සිලින්ඩර් සීයා අමුවෙන්ම මැතිවරණ නීතිය කඩනවා නේ

:       1       7

Rata Perata Tuesday, 03 September 2024 09:47 PM

ඇත්තටම මොලේ තියන එකෙක් නැද්ද මේ පිස්සන්ගෙන් අහන්න මේවට සල්ලි කොහෙන්ද කියලා

:       1       7

Priyantha Dissanayake Tuesday, 03 September 2024 10:05 PM

මීට මාස කිහිපයකට උඩදී කිසිසේත්ම වැටුප් වැඩිකළ නොහැකි යැයිද එසේ කළොත් රට කඩාවැටෙන බව කී ජනාධිපති වරයා, මේ කඩිමුඩියේ වැටුප් වැඩිකරන්නේ රාජ්‍ය සේවකයින් ගැන විශේෂ සැලකිල්ලක්, අනුකම්පාවක් ඇතිව තිබෙන්නේ රට ශක්තිමත් වෙලාද.. ජනතාව බුද්ධිමත් ඔය වගේ රවට්ටන්න බැහැ.

:       2       8

Dharmatileke Tuesday, 03 September 2024 10:06 PM

සල්ලි අච්චුව බරටම වැඩ

:       1       7

රංබොඩ Tuesday, 03 September 2024 10:53 PM

ත්‍රිවිධ හමුදාවට මෙන්ම පොලීසියටත් පඩි වැඩි කළ යුතුයි . ඒකෙ තර්කයක් නෑ. හැබැයි මේ වැරදි කාලයක්. මේකට මැතිවරණ කොමිෂමෙන් ප්‍රශ්න ඇති කරනවා.

:       3       4

පාඨකයෙක් Wednesday, 04 September 2024 09:38 AM

මෙම තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශයේ වෙබ් අඩවියේ සිංහල භාෂාවෙන් දක්වා තිබෙන්නේ ඉහත ලිපියේ ආකාරයට වුවත්, එහි ඉංග්‍රීසි භාෂා වෙබ් පිටුවේ දක්වා තිබෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනත් අරුතක් දෙන ලෙසටය. එහි සංඛ්‍යාමය ලෙස දක්වා තිබෙන්නේ නව මූලික වැටුප ලෙස මිස, වැඩි කළ මුදල ලෙස නොවේ. නිදසුනක් මෙසේ උපුටා දක්වමි: "For Major General, Rear Admiral, and Air Vice Marshal roles, the basic pay will be increased to Rs. 71,000."

:       1       1

Priyantha Dissanayake Wednesday, 04 September 2024 11:25 AM

මෙවන් අවස්ථාවල සාමාන්‍ය ගැමි ජනවහරේ තියෙන්නේ " වානම් වා, පෝනම් පෝ" යනුවෙන්. යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ වැරදිලාවත් මේ කථා කරන්නේ 2025 ගැනනේ. දැනට කිසිම ගැටලුවක් නෑ. හරියට මේ මාසේ වැටුපට එකතුවෙනවා වගේ කථා. වැරදිලාවත් දිනුවොත් ඉතිං කල් තිබෙනවානේ බදුටිකක් ජනතාවගේ කරමතින් තියෙන එක පමණයි. අස්වැසුමත් යම්කිසි පිරිසකට ලැබෙනවානේ. ඉතිං ඕන නම් හාල් කිලෝඑකක් රු. 300/= පෙට්ට්‍රෝල් ලීටර් එකක් රු. 420/= එතකොට ඔය හුරත් ගෑස්සිලින්ඩර් එක රු. 4750/= පමණ වේවි. ගැටලුවක් නැහැනේ 5000/= ට අඩුයිනේ.

:       2       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5095 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 489 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 317 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1076 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1577 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3344 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16097 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site