(ගයාන් සූරියආරච්චි)
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට යාන්ත්‍රණයක් නොමැති බව සමස්ථ ලංකා ත්‍රි රෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවැසුවේය.
සුපර් පෙට්‍රල් මිල අඩු නොකර අනෙකුත් ඉන්ධන මිල රුපියල් 20 කට වඩා අඩු කළ ද ත්‍රිරෝද රථ සංගම් මගින් ප්‍රවාහන ගාස්තු අඩු කිරීම සිතන පරිදි සිදු නොවන බව ද ධර්මසේකර මහතා කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ බස්නාහිර පළාත් සභාවේ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් පසුගිය කාලයේ ආරම්භ කළ කුලී ත්‍රි රෝද රථ මගී ප්‍රවාහන වැඩපිළිවෙළ ඉබිගමනේ යන බවත් එය නැවත සක්‍රීය කර ක්‍රියාත්මක කිරීමට මැදිහත් වුවහොත් ගාස්තු පමණක් නොව ගුණාත්මක ත්‍රිරෝද රථ සේවාවක් ස්ථාපිත කිරීමට පවා සූදානම් බවය.
ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ කොස්තා මහතා කියා සිටියේ ඉන්ධන මිල මීට වඩා ලොකු ගණනකින් සංශෝධනය වේයැයි සිතුවද එසේ සිදුනොවුණ බැවින් ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බවය.
ත්‍රිරෝද රථ ගාස්තු අඩු කරන බවට ප්‍රකාශයට පත්කිරීමට ඔවුනට හැකියාවක් නොමැති බවත් එහි නීත්‍යානුකූල අයිතිය ඇත්තේ බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට බවත් හෙතෙම කීය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
Tharindu Tuesday, 01 October 2024 05:16 PM
අපේ රටේ සමහර මිනිස්සු කොතරම් කුහක?ද ආත්මාර්ථකාමීද? කෙතරම් සහන ලැබුණත් බස් ගාස්තුව අවමය රුපියලක් අඩු කරලා... බිත්තර මිල අඩු වුණාට ඒ හා සම්බන්ධ වන ආහාර අඩු කරන්නේ නැති.. රුපියලක් මිල වැඩි වුණත් හැමදේම වැඩි කරන්න නම් සංගම් හෝ ගාලා.. මොන ආණ්ඩුව ආවත් මොන සක්කරයා රජ වුණත් මේ මිනිස්සු හදනවා බොරු... 225 ම හොරු... මෙහෙම උන් බ්‍රාහ්මණයෝ..!
priyanka Tuesday, 01 October 2024 09:07 PM
මේකත් මාෆියා එකක්. උන්ට හිතෙන ගාණ ගන්නවා. අවම ගාස්තුව රුපියල් 80 ක් වෙන්න ඕනේ දැන්. මේවා හොයලා බලන්න කෙනෙක් ඉන්නවා නම් හොඳයි.
Priyantha Dissanayake Tuesday, 01 October 2024 09:46 PM
ජනතාව හිතට ගත්තොත් ඔවුනට පාඩමක් උගන්වන්න පුළුවන් , අත්‍යාවශ්‍ය නොවන සෑම විටම ත්‍රීවීල් ප්‍රතික්ෂේප කළ යුතුයි. රු. 20කින් නොව රු. 10කින් ඉන්ධන වැඩිවිණි නම් පසුදාම ගාස්තු ඉහළ දමා ඇත. නමුත් අඩුවෙන කොට ඒවා දැනෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මෙම ත්‍රීවීල් නිශ්චිත ආයතනයකින් න්‍යාමනය විය යුතුයි. මෙයාලා සාමාන්‍ය හිතු හිතූ ගණන් අයකරනවා, රාත්‍රියට දෙගුණ තෙගුණවෙනවා, ජනතාව අපහසුතාවයට පත්කරනවා. සාමාන්‍ය පළමුවන කි.මී. ට රු.100/= ක් ලු. දෙවන කි.මී.ට රු.90/= ක් ලු. නමුත් මෙම ගණන් කිසිම තැනක් ක්‍රියාත්මක නැහැ. කි.මී භාගයක් ගියත් රු.150ක්වත් දෙන්න වෙනවා.
maalaka Wednesday, 02 October 2024 11:23 AM
ත්‍රී වීල් පාවිච්චිය අඩු කළා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද ?
sam Wednesday, 02 October 2024 02:14 PM
මේ ත්‍රීවිල්වල මීටර් හයි කරන එක අනිවාර්යය කරලා මීටර් චෙක් කරන්න. හමුදාව දාලා ජනතාව දැනුවත් කරන්න මීටර් නැති ත්‍රීවීල්වල නගින්ඩ එපා කියලා. ඒ වගේම මීටර් නැති ත්‍රීවිලර්වලට දඩයක් ගහන්න. එතකොට සභාපතියට රෙදි නැතිව යන්න වෙන්නේ.