IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


තෙල් අඩු කළාට වැඩක් නැහැ

ඛනිජ තෙල්  මිළ අඩු කළද එහි ප්‍රතිලාභ ජනතාවට මේ වන තෙක්  හිමිවී නැති බවත් ඛනිජ  තෙල් සහ ගෑස්  පාවිච්චිය  ඉතා නාස්තිකාරී ලෙස වැඩිවී ඇති බව පමණක් පැහැදලිව පෙණෙන බැවින්  රටට බල ශක්ති සංරක්ෂණ  සහ නව බල ශක්ති ප්‍රභවයන් හඳුන්වාදීම අත්‍යවශ්‍ය බැවින් එය   බාලදක්ෂ පුහුණුවේ කොටසක් බවට පත්කර බාලදක්ෂයින් එහි  නියමුවන් බවට පත් කරන     ලෙස  බාලදක්ෂ කොමසාරිස්වරුන්ගෙන් තමන් ඉල්ලා සිටින බව   විදුලි බල හා බල ශක්ති අමාත්‍ය  පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

අමාත්‍යවරයා එසේ පැවසුවේ හේනේගම මධ්‍ය මහ  විදුහලේ පැවති   'සියනෑ ජම්බරේට් 2015'  ගම්පහ දිස්ත්‍රික්   බාලදක්ෂ ජම්බෝරියේ සම්මාන ප්‍රධානෝත්සවයට සහභාගී වෙමිනි.

පාසැල් 33 ක් බාල දක්ෂයින්  දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන්  දින හතරක් පුරා දැනුම, විනෝදය සහ ත්‍රාසජනක ක්‍රිියාකාරකම් සමගින් පැවති මෙම බාලදක්ෂ ජම්බෝරියේදී  විශේෂ දක්ෂතා දැක්වු බාලදක්ෂ කණ්්ඩායම් සඳහා අමාත්‍යවරයා මෙහිදි සම්මාන ප්‍රදානය කළේය.

සමස්ථ කඳවුරු භූමියෙන් හොඳම කඳවුරු දොරටුවට හිමි සම්මානය සහ කඳවුරු භූමිය ක්‍රමවත් බව හා පිරිසිදුව තබා ගැනීමට හිමි සම්මාන දෙකම  ගලහිටියාව මධ්‍ය මහ විදුහලේ බාල දක්ෂයෝ හිමිකර ගැනීමට සමත් වු අතර  කඳවුරු විනය හා මනා පැවැත්මට හිමි සම්මානය ගම්පහ සුමේධ විදුහල හිමිකර ගැනිමට සමත් විය.  හොඳම ගිනිමැල ජවනිකාවට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් වුයේ උඩුගම්පල  ශාන්ත පීතර විදුහලයි.

මීට අමතරව  බාලදක්ෂ ජම්බෝරියේ කඳවුරු බැඳ සිටි  සියළු පාසැල් රතු ඉන්දියානු, සුළු හා අශාන්ති  උප කඳවුරු   යන ඛාන්ඩ වලට ඛෙදා  සම්මාන පිරිනැමීම සිදු කෙරිනි.

එහිදී  හොඳම  හුරු බුහුටි බාලදක්ෂ කණ්ඩායම් අතර ප්‍රථම ස්ථාන  හේනේගම මධ්‍ය මහා විදුහල,  මීරිගම  ඩඩිලි සේනානායක විදුහල සහ   ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසැල  හිමිකර ගත් අතර හොඳම නිර්මාණාත්මත හා ශිල්පීය කාලීන උපකරණ  භාවිතය පිළිබඳ  ප්‍රථම ස්ථාන  දෙකටන පත්මාවතී විදුහල, ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ ගලහිටියාව මධ්‍ය මහා විදුහල හිමි කර ගැනීමට සමත් විය.   හොඳම  කඳවුරු කළමනාකරණයට හිමි  ප්‍රථම ස්ථාන   ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විදුහල, නිට්ටඹුව සංඝබෝධි  විදුහල සහ  ගම්පහ බණ්ඩාරනායක  යන විදුහල් හිමිකරගත්හ.

 මෙහිදී බාලදක්ෂයින්  ඇමතූ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.
  ''ඛනිජ  තෙල් මිළ අඩු කළාම අපි බලාපොරොත්තු උනා ඒ සහනය ජනතාවට අවශ්‍ය විවිධ දේවල් වලට  යහපත් අයුරින්  පාවිච්චි කරයි කියා. නමුත් දැන්  අපිට ලැඛෙන තොරතුරුවලට අනුව  තෙල් පාවිච්චිය ගොඩක් වැඩි වී තිඛෙනවා.  මෙයින් පෙනී යන්නේ  ඇතැම් පුද්ගලයින් තෙල් නාස්තිකාර විදිහට පාවිච්චි  කරණ  බවයි.  මේ නාස්තිකාර පුරුදු නැති කර  විදුලිය, තෙල්, ගෑස් විදිමත්   අයුරින් පාවිච්චි කරන්න හුරු පුරුදු  ඇති  කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

වසර 2002 දි මා විදුලි බල ශක්ති ඇමති වෙලා ඉන්නකොට ලොකු නියගයක් ඇති උනා. ඒ අවස්ථාවේදි අපේ ජල විදුලි බලාගාර සේරම අඩපන උනා. ඒ වෙලාවෙදි අපි අතීතයේ කළා වගේ ජාවාරම්කාරයෝ එකතු කරගෙන හදිසියේ විදුලිය ගන්න ගියේ නැහැ.  අපි පාසැල් දරුවෝ එකතුකරගෙන බල ශක්ති සංරක්ෂණ ව්‍යාපෘතියක් සකස් කළා. බාලදක්ෂ ව්‍යාපාරයේ දරුවෝ තමයි ඒ වෙලවෙදි අපිට ගොඩක් දායක උනේ.  මම බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයෙදි  බාලදක්ෂ ව්‍යාපාරය බල ශක්ති සංරක්ෂණ වැඩපිළිවෙලට යොදාගන්න.

විශේෂයෙන්ම අපේ දු දරුවෝ මේ සංරක්ෂණයට හුරු විය යුතුයි. අපේ විදුලිය, ප්‍රවාහනය මේ සියල්ල සිදුවන්නේ තෙල්,  ගෑස්, ගල අගුරුවලින්. මේ තෙල්,ගෑස්, ගල් අගුරු ඔබේ ජීවිත කාලය තුලදී ලෝකයෙන් අහිමි වී යාමට නියමිතයි.

ඒ නිසා අපේ දු දරුවෝ   බල ශක්ති සංසරක්ෂනයට වගේම නව බලශක්ති ප්‍රභවයන් වලට හුරු විය යුතු කාලය  එළඹී  තිඛෙනවා.    මේ දරුවෝ තමන්ගේ අනාගතය සඳහා බල ශක්ති සංරක්ෂණයට සහ නව බල ශක්ති ප්‍රභවයන් භාවිතා කිරිම ගැන රටට නියමුවන් බවට පත්වෙන්නට හැකියාව තියෙන පිරිසක්.  එය  බාලදක්ෂ පුහුණුවේ කොටසත් බවට පත් කරණ ලෙස අපි බාලදක්ෂ  කොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය අවරුදු 100 කට එහා ගිය ව්‍යාපාරයක්.  මෙය බටහිර ලෝකයට අළුත් අත් දැකීමක් උනාට අපේ රටේ ඉතිහාසය අනුව එය අපිට අළුත් දෙයක් නෙමෙයි. අපේ ජාතක කතා පොතේ තියෙනවා මඝ මානවක ජාතකය. මඝ මානවක කුමාරයා තමන්ගේ මිතුරන්  එකතුකරගෙන ඒ කාලේ හැටියට පරාර්ථකාමී  චර්යාවෙන් යුතු බාල දක්ෂ ව්‍යාපාරයක් හැදුවා. එමගින්  ප්‍රදේශය පිරිසිදු කිරීම්, ජල පහසුකම් සැපයීම්, කැලි කසල ඉවත් කිරීම්, ගස් කොලන් හිටවීම,  විල් පවිත්‍ර කිරීම වගේ සමාජ සේවා කටයුතු නිර්මාණශීලීව  මඝ මානවක පරපුර කරගෙන ගියා. එයට සමාන ව්‍යාපාරයක් තමයි   බේඩන් පවල් සාමිවරයා ඇති කළේ.  

ඒ් නිසා  බාලදක්ෂ ව්‍යාපාරය තුළින්   නුතන සමාජයට ගැලපෙන ලෙස යහපත් අයුරින් තමන්ගේ මෙන්ම අන් අයගේ  ජීවිත හැඩගස්වා ගැනීමටත්, අභියෝග ජයගැනීමටත්, එදිනෙදා දෛනික ජීවිතයේදී ඇති වන ප්‍රශ්ණ වලට සරල විසඳුම් ලබාගැනීමට මනස හුරුවෙනවා, සාමුහිකත්වය ප්‍රගුණ කරනවා. බාලදක්ෂ ව්‍යාපාරය මහත්වු නිහඩ සේවයක් අපේ රටට සිදුවෙන බව ආඩම්බරයෙන් කියන්න පුලූවන්.''

ත්‍යාග ප්‍රධානෝත්සවය අවසානයේදී   'සියනෑ ජම්බරේට් 2015'   කඳවුරු ප්‍රධාන සංවිධායක ප්‍රභාත් රත්නායක මහතා විසින් දිසා බාලදක්ෂ ධජය හකුලා ගම්පහ දිසා බාලදක්ෂ  කොමසාරිස් ගාමිණී ගුණසේකර මහතාට බාරදුන් අතර දිසා කොමසාරිස්වරයා  එම ධජය  ලබන 2016 වසරේ  ගම්පහ කලාපයේ බාලදක්ෂ ජම්බෝරිය සංවිධානය කිරීම සඳහා ගම්පහ සහය දිසා කොමසාරිස් දර්ශණ සෙනවිරත්න මහතාට බාර දුන්නේය.

මෙම අවස්ථාවට  පිලිගුත්තුව රජ මහා විහාරය  යාගොඩ නන්දාරාම උභව  විහාරාධිපති යක්කඩුවේ රාහුල හිමි,  විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක, ගම්පහ දිස්ත්‍රික් බාල දක්ෂ කොමසාරිස් ගාමිණී ගුණසේකර, විධායක සභාවේ සභාපති හේනේගම මධ්‍ය මහා විදුහලේ විදුහල්පති විජය සත්‍යජිත් කුලරත්න,  මහර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක උපාලි කරුණාරත්ව යන මහත්වරුන් ඇතුළු  දිස්ත්‍රික් නිලධාරීහු  රැසක් සහභාගී වුහ.  
  1 2

12 DSCF3488 DSCF3516 DSCF3543 DSCF3558 DSCF3565

3 4 5 24



අදහස් (0)

තෙල් අඩු කළාට වැඩක් නැහැ

ඉන්දික Tuesday, 24 February 2015 06:59 AM

ඇයි ගොඩක් අයට හැමදේම පහුවෙලා තේරෙන්නේ? (නි)

:       0       0

ධනංජය Tuesday, 24 February 2015 07:13 AM

අපිට නම් විසිකරන්න ඉන්ධන නැහැ. එහෙම තියෙන අයත් ඇති. අඩුකළා මිස නිකන් දුන්නේ නැහැනේ ඉතින්.... (නි)

:       0       0

බන්දු Tuesday, 24 February 2015 08:18 AM

මේ මිනිස්සු මේකටත් දේශපාලනය ගාවාගෙන. පාඨළී කියන දේ හරිහැටි තේරුම් ගන්න. ඉවසීමෙන් මෙම ලිපිය නැවත කියවන්න (නදී)

:       0       0

නදීක Tuesday, 24 February 2015 08:23 AM

හයිබ්‍රිඩ් වාහනවල බද්ද අඩුකරානම් හෝ නැතිම කරානම් තෙල් බාවිතාව බොහෝ අවම වෙනවා වායු දුෂණය අවම වෙනවා. මජනතාවගෙත් රටෙත් මුදල් ඉතිරිවෙනවා මට තේරෙන ටික මෙයාලට නොතේරන එකනේ ප්‍රස්නේ. ඇත්ත කතා නොකොට පොලිටිකල් කතා කිරීම තමාගේ ජනාදිපති හීනය බොඳ වෙයි කියා බයට වෙන්න ඇති.(නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 24 February 2015 08:37 AM

ඔලු දෙකේ වස්සෝ ඉපදෙනවලු උතුරේ. (නදී)

:       0       0

දුසාර Tuesday, 24 February 2015 09:08 AM

එහෙම වෙන්නේ කොහොමද. ඉන්ධන අඩුකිරීමේ ලාබය හැමෝටම කෙලින්ම ලැබෙන්නේ නැති එක ඇත්ත. (හේ)

:       0       0

ලංකා Tuesday, 24 February 2015 09:14 AM

ත්‍රී වීල් 90%ක් ගාස්තු අඩු කරලා නෑ හරිම අසාදාරනයි. වැඩි ගානට තෙල් 3 වීල් වලට දෙන්න ඕනා. (නදී)

:       0       0

විජයබාහු Tuesday, 24 February 2015 09:23 AM

මේක නිකන් අළු කෙහෙලුයි හැට්ට කටුයි වගේ කතාවක්නේ. (නදී)

:       0       0

ඉන්දික Tuesday, 24 February 2015 05:20 AM

එහෙනම් ඉතින් දැන් තෙල් වැඩිකරන්න පුළුවන්! (නි)

:       0       0

දිනෙල්ක‍ Tuesday, 24 February 2015 05:21 AM

හොඳ කතාවක් (නි)

:       0       0

දුමින්ද Tuesday, 24 February 2015 05:33 AM

දේශපාලනයේ ඡන්ද පොරොන්දු ගැනත් සිතිය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1494 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1612 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1230 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1894 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 572 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 278 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38309 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25236 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site