(අජන්ත කුමාර අගලකඩ)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 250ක ණය මුදලක් ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් කඩිනමින් ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත .
එම ණය මුදල ඇමරිකාවේ "කන්සෙප්ට් ග්ලෝබල්"නමැති මූල්‍ය ආයතනයෙන් ලබා ගැනීමට කැබිනටි අනුමැතිය ද මේ වන විට ලැබී තිබේ .
වසර 2 ක සහන කාලයක් සහිතව ලබාගැනෙන මෙම ණය මුදල ආපසු ගෙවීමේ කාලය වසර 12 ක් වේ .
සියයට 3 ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මෙම ණය මුදල කඩිනමින් ලබා ගැනෙන බව බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය .
ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ගෙවීමට ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් කෝටි 330 ක් පමණ වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත .
සංස්ථාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය හමුවේ රාජ්‍ය බැංකු දෙකේ කල් පිරී ඇති ණයවර ලිපි පිය වීමට පවා මේ වන විට නොහැකි වී ඇතැයි වාර්තා වේ .
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තෙල් අර්බුදය විසඳන්න කෝටි 250ක ණයක් ගන්න යයි
Akila Saturday, 11 September 2021 11:53 AM
කොහොමද මුල්‍ය අර්බුදයක් ඇතිවෙලා තියෙන්නේ? අපිට නම් නිකන් තෙල් දුන්නේ නැහැ කවදාවත්...
mangalaSaturday, 11 September 2021 02:44 PM
200 ට අරන් 150 ට දෙනවා කියන්නේ 50 ක් නිකන්. වාහන නැති මිනිස්සුත් ගෙවන්න ඕන බදු වලින්. පාලකයෝ සරල පැවැත්මකට ඇවිත් ජනතාවට ඇත්ත කියල සහනාධාර නවත්වලා රට අවු.10ක් දිව්වොත්ඤ රට හදන්න පුලුවන්. නැත්නම් කවදාවත් බැහැ.
kusumaSaturday, 11 September 2021 05:21 PM
පාලකයින් සරල පැවැත්මකට ඇවිත් ජනතාවට ඇත්ත කියලා... දවල් හීන...
samanSaturday, 11 September 2021 05:35 PM
ඇත්ත.... අවම වශෙන් පෙට්‍රල් වලට ඇති සහනාධාරය ඉවත් කළ යුතුයි.
ධර්මසේන Saturday, 11 September 2021 05:50 PM
200 ට අරන් 150ට දුන්නාම 50 ක් පාඩුයි කියන මංගලට අමතකද? විසිපහට අරන් 175ට වික්ක කාලයක් තිබුණා කියලා.. කොහොම වුණත් ළඟදීම පාඩුව පියවන්න අකැමැත්තෙන් වුණත් සිදුවන බව ළගදීම මාධ්‍ය ප්‍රකාශකයා කියාවි විමසිල්ලෙන් පුවත් අසන්න..
AkilaSaturday, 11 September 2021 06:25 PM
200ට අරන් 150ට දෙනවා කියල ඔයාට සුවර් ද ? ඒ කියන්නේ තෙල් වලට රජය බදු සතයක් වත් ගහන්නේ නැත්ද ?
යෝගා Saturday, 11 September 2021 12:42 PM
මේ උදව්ව වෙනුවෙන් ඇමරිකාවට දෙන්න පොරොන්දු වූ වන්දිය මොකක්ද ?
Perera Saturday, 11 September 2021 01:54 PM
හොද වෙලාවට තවත් ණයක් ගනන මොලේ තිබුණා ඒහෙනම්
ලුම්බිණි Saturday, 11 September 2021 02:27 PM
චීනෙන් ඉල්ලා ගන්න බැරුවෙයිද
Soma dubayi Saturday, 11 September 2021 02:28 PM
විශිෂ්ඨ තීරණයක්
Saman Saturday, 11 September 2021 02:30 PM
ණය ගන්නවා. ඒ ණය වලට සැප කාර් ගන්නවා, රට සවාරි යනවා. පස්සේ ඒ ණය ගෙවන්ඩ අපේ පොඩි උන්ව රට රටවල් වලට විකුණනවා. මාරයි නේහ්
mohomed agarapatana Saturday, 11 September 2021 02:31 PM
මෙයා නැතුව වෙන කෙනෙක් ඉල්ලුවනම් ලැබෙනවා
රශ්මි Saturday, 11 September 2021 02:57 PM
දැන් මේ කියන විදියට ගන්න යන ණයේ ප්‍රමාණය ඩොලර් කෝටි 250. ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුවටයි මහජන බැංකුවටයි තියෙන ණය ප්‍රමාණය ඩොලර් කෝටි 330. දැන් ඔය ගන්න ණයෙන් බැංකු දෙකේ ණය පියෙව්වොත්, තව ඩොලර් කෝටි 80 ණය පිය වන්න තියෙනවා. නිකන් පිස්සු වගේ!!! කොහොමත් ඊළඟ සාර සංඛ්‍ය කල්ප ලක්ෂය එද්දීත් අපි ණය ගෙව ගෙව ඉඳීවි!!!
අකලංක Saturday, 11 September 2021 03:10 PM
රට වහගෙන ඉන්නෙත් තෙල් අර්බුධය නිසාලු නේද?
magodis Saturday, 11 September 2021 04:32 PM
මට නම් මේ කතාව ටිකක් අවුල් වගේ... කන්සෙප්ට් ග්ලෝබල් කියලා මූල්‍ය ආයතනයක් ඇමෙරිකාවේ තියෙනවද? විදේශ රටකට ණයක් දෙන්න තරම් පිළිගැනීමක් තියෙන, ඒත් වෙබ් අඩවියක්වත් නැති..., පසුබිම් දර්ශන එක්ක ගලපලා බැලුවාම හොඳ නාටකයක් රූගත වෙනවා වගේ නම් පේනවා.
Ruwan RSaturday, 11 September 2021 09:51 PM
මේක ඇමරිකාවෙන් ගන්න ණයක්මද ?
Mola7nekkakSunday, 12 September 2021 05:57 AM
ඇමරිකන් ඩොලර්ස් වලින් ගත්තා ගසා කාපු කළු සල්ලි, ආයි රටටම ණයට දීල සුදු සල්ලි කරගන්න වගේ පොඩි සෙල්ලමක් නො වෙන්නත් ඉතින් බැරිම නැ.. කස්ටිය ගෙ කෙරුවාව අනුව... සහ පවූලේ පසුබිම එක්ක බැලුවාම..
kamalSunday, 12 September 2021 08:34 AM
අන්තර් ජාලයෙන් හොයා ගන්න බැහැ .මේ දවස්වල ලෝකේ පොලිය 0.5%- 1.5% වගෙයි පවතින්නේ .මේක සැකයකින් තොරවම කාගේ හරි කළු සල්ලි නැවත වැඩි පොලියකට රට ඇතුලට ගෙනාවා .අප්පච්චිත් රට ගියානේ හදිස්සියේ කට කතාවක් පවත් වන්න .දේවල් අත්සන් කරන්නත් ඇතිනේ .දැන් තේරෙනවද ?
Dewa Saturday, 11 September 2021 05:12 PM
මේ බූරු පාලකයින්ගේ වැඩ නිසා අපි දැනුත් මානසිකව වැටිලයි ඉන්නේ...
dhamneth Saturday, 11 September 2021 05:17 PM
සමහරු කියනවා තෙල් සංස්ථාවයි, විදුලි බල මණ්ඩලයයි 2ම පාඩු වෙන්න ගත්තේ අනුරුද්ධ රත්වත්තේ මහතා බලශක්ති අමාත්‍යවරයා වශයෙන් සිටින කාලයේ වැඩියෙන් සේවකයන් බඳවාගන්න පටන් ගත් නිසා කියා...
චමින්ද ජයනාත් ජයසූරිය Saturday, 11 September 2021 08:39 PM
අවිදිමත් සහ දූශනයෙන් පිරි දිගු කාලීන රාජ්‍ය පාලනයක් නිසා විනාශ වුන රටකට අපේ රට මුලු ලෝකයටම කදිම උදාහරනයක්... මෙතක් කල් මේ රට පාලනය කල හැම රාජ්‍ය පාලකයෙකුම මෙයට අඩු වැඩි වශයෙන් වගකිවයුතුයි...
ගමේ එකාලා Saturday, 11 September 2021 09:49 PM
දේසපාලුවන්ගේ සැප කාර්,වාහන ඔක්කොම දුවන්නේ පිනට . නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයෝ කරලා හමාරයි .දේශපාලුවන්ගේ පව් වලට වන්දි ගෙවන්ඩ වෙන්නෙ ජනතාවට .සෞභාග්‍යයේ දැක්ම හරි අපූරුවට සිද්ද වෙන්නේ ?
sampath Saturday, 11 September 2021 11:12 PM
ඛනිජ තෙල් ,විදුලි සහ දුම්රිය විකුණලා දාන්න IOC එක පාඩු නොවෙන්නත් සිපෙට්කෝ පාඩු වෙන්නත් හේතුවක් තියනවද .දෙකේම තෙල් විකුනන්නේ එකම ගණනට .මේක මකර කටක්
Ashan Sunday, 12 September 2021 03:02 AM
පසුගිය රජය ගෙනා මිල සූත්‍රය හරි කලමනාකරනයක් යටතේ කරානම් මෙවැනි පාඩු අවම කරගන්ඩ තිබුන. ලෝකයේ බොහෝ රටවල් කරන්නෙ ඒක. සමගර රටවල දිනපතා මිල වෙනස්වෙනව. ලෝකය ගැන නොදන්න මිනිස්සු ඒක විහිලුවකට ගත්තනෙ.
Nuwan Sunday, 12 September 2021 05:08 AM
සංස්තාවේ සේවක අතිරික්තය කොපමනද? සංස්තාවට අවාසි වෙන ආකාරයේ ඩීල් දාපු නිලධාරීන් කීදෙනෙක්ට දඩුවම් දුන්නද? ඉන්දියන් ඔයිල් එකේ මෙහෙම මූල්‍ය අර්බුදයක් නැත්තෙ ඇයි?. සහනාධාර දෙනව තමා. ජනතාවට ඒකෙන් සහන ලැබෙනවා තමා. ගෑස් ප්රශ්නය වගේ බලශක්ති අර්බුදයක් උනොත් ආන්ඩුවට පාලනය කරන්න අවස්ථාව තියනවා තමයි නමුත් ඇමතිලා සහ වෘතිය සමිති එකතුවෙලා කරන දූශනය ඔක්කොටම වඩා ඉහලයි.
සෙනෙවිරත්න Sunday, 12 September 2021 07:09 AM
තෙල් ගේන්න ඩොලර් ඕන. ඒව විකුනන්නෙ රුපියල් වලින් , රුපියල් දීල තෙල් ගේන්න පුළුවන් රටක් තිබේ නම් හරි. අපේ රුපියල කවුද ගන්නෙ? ඩොලර් උපයන ව්‍යාපෘති වන විශේෂයක් මත්තල ගුවන් තොට, නෙලුම් කුළුන, සුරිය වැව ක්‍රීඩාංගනය, නුවර අධිවේග මාර්ගය වගේ ඒවයින් උපයන ඩොලර් එදිනෙදා ආහාර සඳහා වැය වෙනව. ඒකයි ගැටලුව. කෙසේ වෙතත් කබ්රාල්ට මහබැංකු අධිපති කම දුන්නම මොනව හරි කරාවි.
සිරිමෙවන් Sunday, 12 September 2021 08:45 AM
කාගෙද මෙ ඈමෙරිකන් සමාගම ? අන්තර්ජාලයේ මෙවැනි සමාගමක් ගෑන තොරතුරු නෑත. මෙතරම් මුදලක් නයට දිමට කොන්දෙසි මොනවද ? මේ මොල හතා කොල්ල කෑ මහජන ධනය විය නොහැකිද ?
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 12 September 2021 08:55 AM
සංස්ථා සභාපති කම් ඇතුළු ඉහළ නිලතල දෙන්නේ තම නෑදෑ හිතවතුන් ට හා බලයට එන්න උදව් කළ අයට.ඒ අයට මේවා නිසි ලෙස පවත්වාගෙන යාමට සුදුසු දැනුමක් නැති බව පෙනෙනා කරුණක්.සභාපතිගේ පටන් ඒ අය හතරවරම් ගහනවා.ආයතන පිරිහෙනවා.ආදායමට වඩා වියදම වැඩියි.ඒ මදිවට රජයන් වල විය හියදම් වලටද කරගහන්නට වෙනවා. රාජ්‍ය ආයනවලට ණයට ඉන්ධන සැපයිම කෙරෙනවා. කෝටි ගණන් පොලු.මෙසේ මෙතරම් මුදලක ඉන්ධන ණයට ගත්තේ ඇයිදැයි විමසීමක් කිසිදා කෙරුණු බවක් මතක නැහැ.එකට හේතුව කොහෙන් හෝ මේවාට දේශපාලකයින් සම්බන්ධ ඇති සමහරවිට.එසේ නැතිනම්,ඇයි මේවා ගැන සොයා බලන්න බැරි.සියල්ල එසේ සිදුවෙන්නට හැර අවසානයේ දැරිය නොහැකි ණය ගන්නවා.රට වළපල්ලට යනවා.අනේ හොඳට තිබුණු රටකට ගිය කල ...
MillewaSunday, 12 September 2021 02:11 PM
හොඳට තිබුණු රටකට ගිය කල ...? කොයි කාලෙද මේ රට හොඳටම තිබුණේ? බණ්ඩාගේ කාලේද? සිරිමගේ කාලෙද? ඩඩ්ලිගේ කාලෙද? ප්‍රේමදාසගේ කාලේද? අප්පච්චිගේ කාලේද?
අං ඇති කෙනෙක්.Sunday, 12 September 2021 02:47 PM
පාගාගෙන ඉන්න වලිගේ ටිකක් බුරුල් කරගෙන බලන්න. එතකොට තේරේවි මං හිතන්නේ...
ගොවිරාළMonday, 13 September 2021 12:41 PM
ඩඩ්ලිගෙ කාලේ තමා මුලින්ම ලංකාවෙ අර්තාපල් වගාව ආරම්භ කලේ. වගා සංග්‍රාමය කරලා ආහාර වගාවට දිරිමත් කලා. උඩවළවේ ජලාශය ඉදිකලා සෑම පුරවැසියෙකුටම නොමිලේම සහල් සේරුවක් දුන්නා
kamalMonday, 13 September 2021 02:35 PM
වලිගෙ ඇති කෙනා සැමවිටම සැම දෙයකටම විසඳුමට තමාගේ වලිගෙ යොදා ගැනීම සිරිතල්. ලක්ෂ 69 වලිග නැටුම දැන් පේනවනේ
kamalTuesday, 14 September 2021 01:26 PM
ගොවිරාළ, නොමිලේ දුන්නනේ... එහෙනම් ඉතින් ඊට වැඩි දෙයක් නැහැ. ඒක තමයි හොඳම වකවානුව.
fairoos Sunday, 12 September 2021 01:00 PM
සර් ගේ ඊළඟ පෝලිමට ලෑස්ති වෙන්න .රට විනාශ කරන දේශපාලකයන්ට ශාප වේවා
de silva Sunday, 12 September 2021 06:46 PM
පාටලීගේ කාලේ තෙල් සංස්ථාව ලාභ ලබන්නත් ,අනික් ඇමැතිලාගේ කාලේ පාඩු ලබන්නත් හේතුව කුමක්ද ?කොරෝනා වසංගතේ මුල් කාලේ අවුරුද්දක් විතර තෙල් වලින් ආණ්ඩුව ලැබූ වාසියේ මුදල් වලට වුනේ කුමක්ද ?
ganegoda Wednesday, 15 September 2021 01:53 PM
ඕක කරන්නේ නාමල් රාජපක්ෂගේ අමාත්‍යංශයෙන් නේද ,නියමයි