කෝටහේන බ්ලුමැන්ඩල් පාරේ රේල් පාර අසලදී තෙල් රාජා (54) නම් ධනවත් ව්‍යාපාරිකයකුට මින් මද වේලාවකට කලින් නාඳුණන පුද්ගලයකු වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.
කොළඹ ජාතික රෝහලට ඇතුළු කළද ඔහු රෝහලේ දී මිය ගියේය.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ඔහු සමඟ තකා කරමින් සිටි බවත් පසු පසට පැදවු කාරයකින් නාදුණන තුවක්කුකරු පැමිණ වෙඩි තබන්නට ඇතැයි එහි සිටි අය කියති.
ඔහු ඉන්ධන ව්‍යාපාරිකයකු ලෙසින් නමක් දිනාගෙන සිටිබවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් නිසා ඇමෙරිකාව වෙන්න බැරිද (අ)
තෛල රාජයා කියන්නේ අර හොරෙන් තෙල් ජාවාරමක් කළේ, ඒ කෙනාද? අර නෙත් එෆ් එම් බැලුම්ගලින් එහෙම රටට දැනුම් දුන්නේ? මම දන්නේ නැති නිසා අහන්නේ? කවුරු හරි කියනවද? (නි)
හොරුන්ට, අපරාධකාරයන්ට මෙහෙමවත් දඩුවම් දෙන එක හොදයි. (නි)
හැමදේටම ආගම දහම, ජාතිය සම්බන්ධ කරගෙන අදහස් පලකරන කෙනා, ඉදගෙන ඉන්නෙ නම් එයාගේ මොළය උඩ කියලා හිතෙනවා. (නි)
මෙයා අරාබියෙන් ආපු කෙනෙක්ද? (නි)
ගණන් ගන්න එපා. මේක ශ්‍රී ලංකා තමයි (නි)
හා, දිසා මල්ලියෝ, ඔයාගේ නම දැක්කත් සතුටුයි. ඔව් මල්ලි ගණන් ගන්න එපා මේක ලංකාවනේ (නි)
මම මොකුත් කියන්නේ නැහැ
මෙය කව්ද කියා දන්නෝ දනිති .(දී)
මේ තායිල රාජයා ගැන විස්තර ටිකක් කියන්න කෝ දන්නා කෙනෙක්. ආදාහන විස්තරත් දාන්න මටත් සහබාගි වෙන්න. (අ)
පාරේ යන අසරණ අපේ පැතුම නම් මේ විදිහට එක එක්කෙනා මරාගන්නකොට අපි ඒ අහලකවත් නොසිටීවා කියන එකයි. අහක යන වෙඩි උණ්ඩවලට කඩු කිනිසිවලට ගොදුරුවෙන්නේ මොකටද අපි? කීයක් නම් එහෙම වෙලා තියෙනවද? (නි)
ලංකාව සාමකාමිව විසීමට නොසුදුසු රටක් වීගෙන එන්නේ. අහිංසක ජිවිත නිතරම නැති වෙන්නේ. රජයට කොටින්ගේ ආයුධ අල්ලා යුද්ධය නිම කළා නම් මොකද මෙය බැරි. මෙයට රජයෙන් විරුද්ධත්වයක් නැතිවද?(නදී)
තෙල් බාලාගේ සහෝදරයෙක්ද කොහෙද ? (අ)
ඔය..තෙල් රජාලා ඔට්ටු නෑ..හැම රජෙක්ම වච්චයි ..(අ)
ලංකාව දැන් අපි ඉස්සර බලපු කව් බෝයි සිනමා (වෙස්ටර්න් සිනමා පට ) වගේ ඇත්තටම වෙනවා. මහා දවල් මහා මග දෙනෝදාහක් ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කර පලා යෑම්, ගෙවල් වලට පැන මංකොල්ල කා පලායාම්, බැංකු වලට කඩා පැන මුදල් කොල්ලකා පැන යාම සාමාන්‍ය සිද්ධීන් වෙලා.අහෝ අපේ රටකට ගිය කලක් ! (නි)
ඔය කවුරුත් මතක තබාගත යුතුයි, රජකම් කෙරුවත් කළකම් පලදෙන බව (නි)
කවුරු කෙසේ කිවත් අද ලෝකයේ ( ලංකාවේ පමණක් නොවේ ) ජඩ කම. බලු කම , හොරකම . කරන්නන් මෙලොවදීත් එලොවදිත් පැසසුම් ලබනවා එක තමා අනිවාර්ය.(නදී)
මහා දවල් මහා මඟ දෙනෝදාහක් ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කර පලා යෑම්, ගෙවල් වලට පැන මංකොල්ල කා පලායාම්, බැංකු වලට කඩා පැන මුදල් කොල්ලකා පැන යාම සාමාන්‍ය සිද්ධීන් වෙලා.අහෝ අපේ රටකට ගිය කලක්...... (ස)
අනේ මෙහෙමත් දේවල් ?(දී)
මහදවාලේ? (දී)
මරණය ගැන කනස්සලු වන අතර ඕක තමා කර්මය. මෙයා වැඩ කරේ තෙල් සංස්ථාවේද? කෝටිපතියෙක් වෙන්න තෙල් ලැබුනේ කොහින්ද? කළුකඩ ව්‍යාපාරයක් කරගෙන යද්දී මෙය කීදෙනෙක් වල පල්ලට යවලා ඇද්ද? ඔය වගේ වැඩ කරන කටත් ඔය ඉරණම. (අ)
නීතියට තුවක්කුව සාමාන්‍ය දෙයක්ද දැන්? (නි)
'තෙල් රාජා'' නමෙන්ම කියන්න පුළුවන් මේ කර්මය අතේ රැගෙන ආ බව. (නි)
මේකත් දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි (නි)
ජීවතං අනියතන්... මරණය නියතන්... මෙය කව්රුත් මතතබාගෙන යහපත් දේවල් කරමින් පහන් සිතුවිල්ලෙන් කල්යවමු. (නි)
බලන්නකෝ මහ දවල්වත් මනුස්යයෙකුට පාරේ බැහැලා යන්න නැති හැටි (නි)
ලංකාව දැන් කෙන්යාවටත් අන්තයි (නි)
මේ මරණෙත් හොයන්න බැරිවෙන එකක් වෙයිද? (නි)
පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවට පෙර තුවක්කු සංස්කෘතිය ට එරෙහිව පියවර ගත යුතුමයි. පැය 24ක් කල් දි සියලු නිති විරෝධී ගිනි අවි බාරදෙන්න නියෝග නිකුත් කර,පසුව දිනක් ඉදිරියට දාගෙන මුළු රටම ආවරණය කර සෝදිසි මෙහෙයුමකින් සියලු අවි ආයුද අත් අඩංගුවට ගත යුතුයි.(නදී)
ටික දවසක් නැතිවෙලා තිබුනේ මේ ප්‍රස්නේ. ආයෙත් පටන්ගත්තද? එහෙනම් අරයගෙ ඉන්කම් අඩුවෙලා ඇති, නිදනුත් නැහැනේ නේද?(නදී)
මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ? (නි)
ලංකාවේ වෙන හැම හොර, මර, පැහැර,තුච්ච වැඩ වලට වගකියන්න ඕනේ හිටපු අය (අ)
පාතාලයට කටපුන්චගෙන් ගැලවීමක් නැත පාතාලයට එරෙහි නැගීසිටීම කටපුන්චට ජයවේවා (අ)
දෑන් අපිට තෙල් නෑතුව වේලෙන්න වෙයිද? (අ)
තෙල් රජා මියම නමක්
අනේ මන්දා... තෙල් රජා කියන්නේ ඉන්දන රජෙක්ද ?.. පොල් තෙල් රජෙක්ද ? ..රටින් ගෙන්වන ඉන්දන වලට වඩා මෙරට පොල් තෙල් ගණන් ගිහින්..පොල්තෙල් බෝතලයක් සබරගමුවේ රු : 180/= යි.... (දී)
වැරදි කරුවන්ට කොහොම කොහොම හරි දඩුවම් ලැබෙනවා (දී)
නිල් රනාට නැට්ට පෑගිලා වගේ. (දී)
තයිල රාජයාට තෙල් මතුරන්න දීල තියෙනවා කවුරු වුනත්.(නදී)
හොරකම් මැරකම් වලින් රජකම් කළ කවුරුත් අවසන් ගමන යන්න සුදානමින් ඉන්නවා හොඳේ! (නි)