IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


තලංගම ඕඅයිසී ඇතුළු පිරිස රිමාන්ඩ්

විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට  කාන්තාවකගෙන් මුදල් ලබා ගත් බවට සැකපිට  තලංගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා, අපරාධ අංශයේ ස්ථානාධිපති පීකේ කොඩිතුවක්කු, පොලිස් සැරයන් පුෂ්පකුමාර සහ පොලිස් කොස්තාපල් නවරත්න සිකුරාදා (21) තෙක් රිමාන්ඩ් කරන ලෙස   කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වූයේ පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිස රුපියල් කෝටියකට අධික මුදලක් එම කාන්තාවගෙන් ලබා ගෙන ඇති බවයි.

පොලිස් ස්ථානාධිපතිගේ ගිණුමට රුපියල් විසි ලක්ෂයක් සහ පොලිස් කොස්තාපල්ගේ ගිණුමට රුපියල් 14 ලක්ෂයක් බැර කර ඇතැයි ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 



අදහස් (0)

තලංගම ඕඅයිසී ඇතුළු පිරිස රිමාන්ඩ්

සම්පත් Friday, 22 November 2013 08:56 AM

බල්ලන්ව මේ අය සමග ඡායාරූප වලට පෙනීසිටීමට අපි විරුද්ධයි. (නි)

:       0       0

නෙගටිව් Thursday, 21 November 2013 09:28 PM

බල්ලෝ දෙන්නෙකුත් ඉන්නේ.මොකද?(අ)

:       0       0

රංජව් Thursday, 21 November 2013 09:30 PM

ආමි නෙවි සුද්ධ කරලා ඉවරි. දැන් පොලිසිය සුද්ධ කරමු ආරක්ෂක ලේකම් තුමා සහ පොලිස්පතිතුමට ජයවේවා .(අ)

:       0       0

ලහිරු Friday, 22 November 2013 09:00 AM

යශෝදගේ අදහස හොඳයි. හැබැයි එයා සිරියලතාගේ අදහස විතරයි බලලා තියෙන්නේ. (නි)

:       0       0

රාජේශ් Friday, 22 November 2013 09:02 AM

කියලා වැඩක් නැහැ මෙයාලා ගැන ... පොලිසියෙන් වාර්තාවක් ගන්න ගියහම මුලින්ම අහනවා මොකටද ආවේ කියලා.ආ කරණය කිවුවහම ඔරවලා බලනවා. ඉන්පසු එයාගේ දුරකථන අංකය දීලා කියනවා කෝල් කරන්න කියලා. දන්නවනේ මොකටද කියලා (නි)

:       0       0

මාගලී Thursday, 21 November 2013 10:09 PM

කාන්තාව කිසිම වරදක් කරලා නැහැ කියලයි මම නම් කියන්නේ.ඉල්ලන ඉල්ලන පාරට සල්ලි දෙන්න ගස් වලින් කඩනවාද? (නි)

:       0       0

රාජු Thursday, 21 November 2013 10:23 PM

බාල්ලොත් එක්ක බෑහෑ.... (ෆෝටො ඉස්සරහටම එනවා)හරියට අල්ලාස් ගන්න වගෙ!!!! (අ)

:       0       0

දිසානායක Thursday, 21 November 2013 10:28 PM

පේනවා නේද මුණු වල හැටි නියම මිනීමරුවෝ (අ)

:       0       0

පෙරේරා Thursday, 21 November 2013 10:36 PM

ඔන්න පොලිස් පුතේ ජරාව කෑවොත් වෙනදේ. නිල ඇදුම ඇන්දම හිතන්නේ මමයි රජා කියලා (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Saturday, 23 November 2013 09:21 AM

මම නම් කියන්නේ මෙම ප්‍රශ්නයට මූලික වග කිවයුතු පුද්ගලයා වන්නේ මෙම කාන්තාවගේ නීත්‍යානුකූල පුරුෂයා නොහොත් එම බේබැද්දාය. ඔහු නියම පිරිමියෙකු නම් මෙසේ සිදු‍ නොවන්නට ඉඩ තිබුනි. ඔහු තම පවුලේ කටයුතු සොයා නොබලා සිටි නිසා ඇයට වෙනෙකුගේ සහය පතන්නට සිදුවිය. දෙවෙනි කාරණය නම් එවැනි බේබැද්දෙක් නිසාම මෙවැනි කාන්තාවක් තම මුදල් බලය පෙන්වා තවත් පවුල් අවුල් කර අවසානයේ සහයට පැමිණි පුද්ගලයාවත් මරා දමන තත්වයට පත්වී ඇතිනම් මේ කාන්තාව ගැනත් කියන්නටත් කිසිවක් ඉතුරුවී නැත. සෑම දෙයක්ම මුදල්වලින් වසා දමන්නට උත්සාහ දරන්නන්ට මෙම සිදුවීම යස පාඩමක් උගන්වා ඇත. (නදී)

:       0       0

රොෂාන් Thursday, 21 November 2013 11:04 PM

එම කාන්තාව පත් වෙලා තිබෙන තත්ත්වය ගැන ඇත්තටම කණගාටු හිතෙනවා.සල්ලි ඉල්ලලා අනියම් සැමියා කරදර කරලා තිබෙන විදිහට , මෙම කාන්තාව අසරණ වෙලා කියො මට හිතෙනවා (නි)

:       0       0

වන්නි තිලක් Friday, 22 November 2013 09:40 AM

මගේ බිරිඳ පොලිසියට ගියා ඉඩමක හොරකමක් පිලිබඳ පැමිණිලි කරන්න. පැමිණිලි ලියන පොලිස් කාන්තාවට ඒක ලියන්න නොදී ඕඅයිසී මහත්තයම බොහොම උනන්දුවෙන් වැඩේට බැහැලා. එදාම ගෙදරටම ඇවිත් හොරු අල්ලලා. ඊට පස්සේ නිකමට වගේ "මේ පාරේ යන ගමන් කතා කරලා යන්න ආවා. ආයේ මොනව හරි උනොත් කියන්න. අපි ඉන්නවා." කියාගෙන දෙතුන් වතාවක් ඇවිත්. මගේ ඥාතියෙක් වන පොලිස් ලොක්කෙකුට කියල අවවාද කරලා තමයි කරදරෙන් බේරුනේ .ඉතින් කොහොමද කාන්තාවක් පොලිසියෙන් වැඩක් කරවන්නේ. (ස)

:       0       0

ලක්ෂ්මන් Thursday, 21 November 2013 11:21 PM

කටුස්සන් කෑවා නම් දුක විඳපන් බළලෝ කිව්වලු.. (නි)

:       0       0

සංජීව Thursday, 21 November 2013 11:22 PM

පේනවා නේද මුහුණු වල තිබෙන හොර පාට? (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 22 November 2013 09:55 AM

බාගෙන කන්න පුළුවන් වල ඉහගෙන කන්න හදල ජීවිතේ දීපු කරදරකර යෙකුගේ මිනි වලවල් හාරලා ගද ගස්සන්නේ නැතුව ගලාගෙන යන ග‍ඟෙන් දිය දෝතක් ගන්න කට්ටිය හිතන්න ඇති..මල එකාට ආයේ පන ගන්න බැහැනේ.අනේ මම ඔය ඔ අයි සී උනානං ඕක ඔයිට වඩා හොඳට මොලේ පාවිච්චි කරලා කවදාවත් අහු නොවෙන්න ගගම මගේ පැත්තට හරවා ගන්නවා.කට්ටිය ගම කාගෙන... (ස)

:       0       0

ගුණතිලක Thursday, 21 November 2013 11:26 PM

මේ අයගේ මුනේන්නම් පේනනෙ!දේසපාලන හයියක් තියෙනවා වගේ ?(අ)

:       0       0

සුමිත් Friday, 22 November 2013 10:07 AM

නෑදෑයෝ දෙන්නෙක් පොලිස් කාරයන්ගේ පස්සෙන් ඇවිත් නේද, මුන්ට බුදු දහමේ එන දිට්ඨ ධම්ම වේදනීය කරුමේ පඩිසන් දීලා .ඕකුන් එල්ලන්න ඕන.නීතිය ආරක්ෂා කරන්න ඉන්න අය මෙහෙම නම් අනිත් අය කොහොමට ඇත්ද? (ස)

:       0       0

පද්මිණි Friday, 22 November 2013 10:10 AM

බලපුවම මෙතන මනුස්ස පාටට ඉන්නේ අර බල්ලෝ දෙන්න විතරයි. ඒ දෙන්න ඉන්න සැහැල්ලුව අර මිනීමරුවන්ට තියේද? මේවා ටෙලි නාට්‍යක කොටස්ද කියල හිතෙන තරමටම පිළිකුල්. ලංකාවේ පොලිසියට ගිය කල. මගෙත් බොහොම සමීපතම අය පොලිස් රාජකාරියේ ඉන්නවා. ඒ අය ගැනත් පිළිකුලක් හට ගෙන ඇත. (ස)

:       0       0

ගජබා Thursday, 21 November 2013 11:42 PM

දැන් බලනකොට ලංකාවේ දුෂිතම අංශය පොලිසිය සහ දේශපාලුවෝනේ. මොවුන්ට යහපතක් නොවේවා! (නි)

:       0       0

ෂපීක් Saturday, 23 November 2013 10:04 AM

යශෝධා ඔබ නිවැරදියි, මම මුහුණු පොතේ දැක්ක විදිහට සදහන් වන්නේ මෙම කාන්තාව අන්ත අසරණයට පත් වූ මොහොතේ තම ගෙදර සිටි රියදුරාට කියා තිබෙනවා මොහුගෙන් මට ඈත් වෙන්න ඕනේ කියා. (නදී)

:       0       0

මනමෝහිනි Friday, 22 November 2013 12:07 AM

අට වෙනි පින්තුරේ හරිම අගෙයි...බල්ලෝ දෙන්නා පොලිසියට ගිහින්ද? පොලිසිය බල්ලට ගිහින්ද? දෙය්යෝ සාක්කි...(ස)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 22 November 2013 10:34 AM

අර පොටෝ කෙකේ ඉන්න අහිංසක බල්ලෝ දෙන්න ලොකු කල්පනාවක, හිතාගන්න පුළුවන් උන් හිතන්නේ මොනවද කියලා. (ස)

:       0       0

දොන්සේතං Friday, 22 November 2013 12:07 AM

අර පහල පිංතුෙර් ඉන්න බල්ෙලෝ ෙදන්නට ෙමාකක්ද තිෙයන ෙචා්දනාව.(ස)

:       0       0

සත්‍යයා Friday, 22 November 2013 12:16 AM

අයි දන්නේ නැද්ද ආණ්ඩුව මේ වගේ කේස් වලදී "හොරා පොලිස් සෙල්ලම" ඉඳල හිටලා වේදිකා ගත කරන බව. නීතිය ට වැඩ කියල පෙන්නන්න මුලින් ම අල්ලලා ජනතාවගේ හා මාධ්‍ය වල පැසසුම ට ලක් වෙනවා. ඊට පස්සේ බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ. අවංකවම සේවය කරන නිලධාරියෙක් හිටියොත් එයාව තුත්තුකුඩිය ට මාරු කරනවා(ස).

:       0       0

පීරිස් Friday, 22 November 2013 12:30 AM

බල්ලෝ දෙන්නෙක් එක්ක පින්තුරයක් තියෙන නිසා හිතෙනවා පොලිස් කාරයෝ බල්ලෝ ගානට වැටිලා කියල(ස)

:       0       0

ලලන්ත Friday, 22 November 2013 10:58 AM

බල්ලෝ බල්ලොත් එක්ක (නදී)

:       0       0

අරුණ ශාන්ත Friday, 22 November 2013 01:37 AM

මේ විදියට වැරදිකරන හැමදෙනාටම නීතිය ක්‍රියාත්මක වෙනවනම් කොච්චර අගේද මේවා හැමෝටම ආදර්ශයක් (අ)

:       0       0

රොහාන් Friday, 22 November 2013 01:41 AM

බල්ලන් ඇයි මේ අයත් එක්ක ෆොටෝ වලට පෙනීහිටියේ? (නි)

:       0       0

චාන් Friday, 22 November 2013 01:47 AM

මේ ගැන අර හිරේ ඉන්න කෙ‍නා කිසිමදෙයක් දන්නෙ නැද්ද කියලා මට පොඩි සැකයක් එනවා (නි)

:       0       0

දයා Thursday, 28 November 2013 06:13 AM

පව් ඉතින්. එයාලට සල්ලි නැතුව ඇති (නි)

:       0       0

මොහාන් Friday, 22 November 2013 11:15 AM

ලක්ෂ්මන් නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නසා ගන්න එපා. කටුස්සෝ කෑවා නෙමෙයි කුම්බලා මාළු. (නදී)

:       0       0

නාමල් Friday, 22 November 2013 02:19 AM

දැන් කාලේ මිනිස්සුන්ට අසාධාරණයක් උනාම පැමිණිලි කරනේ ඕනේ කොහෙටද ? (අ)

:       0       0

චන්දි Friday, 22 November 2013 02:35 AM

මනමෝහිනි ගේ අදහසට, පොලීසියේ ඇත්තෝ උදහස් වෙයිද මන්දා? කොහොම වුණත්, නියම අදහසක් හොදේ ...!! (නි)

:       0       0

බෙනට් Friday, 22 November 2013 11:29 AM

ඉන්ස්පැක්ටර් මහත්තයටත් පොලිස් ජිප් එකේ පස්ස පැත්තේ වාඩි වෙලා යන්න උනා එහෙනම්.(නදී)

:       0       0

ලාල් මහනුවර Friday, 22 November 2013 02:59 AM

මේවා දවසේ පුවත් විතරයි මාසයක් ඇතුලට දල නැවත ඇපදීල එලියට දමයි . . (අ)

:       0       0

හේරත් Friday, 22 November 2013 03:01 AM

මේ බල්ලො දෙන්න‍ා කොච්චර අහිංසකද?​යුක්තිගරුකද​?ඇයි මේ මිනිස්සු උන්ට අගෞරව කරන්නෙ? (නි)

:       0       0

සරත් Friday, 22 November 2013 03:03 AM

කුම්බලා මාළු කෑවා නම් දුක විදපන් බළලෝ කිව්වලු (නි)

:       0       0

අසෝක Friday, 22 November 2013 03:23 AM

මේ වගේ බල්ලෝ පොලිසි යේ ඉන්න නිසා අහින්සක මිනිහෙකුට පොලියෙයෙන් නම් පිහිටක් බලාපොරොත්තු වෙන්න බැහැ උන්ට දෙන්න ඕනේ හිර ගෙදරින්ම දඩුවම් (අ)

:       0       0

ෆර්සානා Friday, 22 November 2013 11:54 AM

ගොඩක් ගෙවල් වල දැන් බළලුන්ට මාළු දාන්නේ නැති නිසා වෙන්න ඇති දැන් පුසෝ කටුස්සෝ කන තත්වෙට පත්වෙලා තියෙන්නේ. (ස)

:       0       0

උපාලි Friday, 22 November 2013 04:19 AM

බලන්න මේ පින්තුර හැම එකේම ඉන්න කාගේ හරි කලිසම කඩාවැටෙන්න යනවා නේද? කලිසම කොහෙන් හරි අල්ලගත්තු ගමන් හැමකෙනාම. ඉඳල හිටලා හරි මෙහෙමවත් මේ වගේ ජරා පප්පලගේ කලිසම් ගැලවෙනවා නම් හොඳයි. තලංගම පොලිස් වැයික්කියේ ජනතාව මොනතරම් පීඩනයකින් ඉන්න ඇතිද කියල හිතාගන්න පුළුවන්. (අ)

:       0       0

චානක. Saturday, 23 November 2013 01:27 AM

යශෝදා, ඔබ කියන පරිදි කාන්තාවට තම ස්වාමියාගෙන් පීඩාවන් එන විට ඔහුව මරා දැමීමට නීතියෙන් අවසර දී තිබේ නම් මම ඔබ හා එකඟ වෙමි.‍ මිනිසාට හිතා බුද්ධිමත් තීරණ ගැනීමට තමා මොළයක් නිර්මාණය කර දී තිබෙන්නේ.නමුත් මේ කාන්තාව ගෙන තිබෙන්නේ කබලෙන් ළිපට වැටෙන තීරණයක්. (නි)

:       0       0

සරත් පර්ත් Friday, 22 November 2013 04:49 AM

8 වන චායා රූපය නම් කදිමයි කොල්ලොයි බල්ලොයි ඔක්කොම පොලිසියේද ?(අ)

:       0       0

සිරියලතා Thursday, 21 November 2013 06:26 PM

මේ ගැහැණු කෙනා තාම නිදැල්ලෙද? (නදී)

:       0       0

හසන්ත Friday, 22 November 2013 05:02 AM

තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ථි සෝකෝ කුතෝ භයං (අ)

:       0       0

චන්දන Thursday, 21 November 2013 06:30 PM

මුදලට නීතිය පාවාාදන නිලධාරීන්ට මේවා හොද පාඩම්. සේවයෙන් පහකරන්න (නි)

:       0       0

මධු Thursday, 21 November 2013 06:37 PM

මෙවැනි මිනිසුන්ට ෂරීයා නීතිය තමයි දෙන්න ඕනෑ (නි)

:       0       0

ප්‍රේම Thursday, 21 November 2013 06:38 PM

චන්දන,සේවයෙන් පහ කරලා මදි. දඩුවම් දෙන්නත් ඕනෑ (නි)

:       0       0

සමන්ති Friday, 22 November 2013 06:11 AM

පොලිසියේ අයට වෙනම රිමාන්ඩ් කුධුවක් හෝ වෙනම ස්තානයක් හදමු. (නදී)

:       0       0

ශාන්ති Friday, 22 November 2013 06:26 PM

අරයා යන්නේ හරියට මොකුත් නොදන්නවා වගේනේ (නි)

:       0       0

රකිත් Friday, 22 November 2013 06:33 AM

ඔන්න බලන්න එහෙනම් මොවුන් කියන්නෙ නැද්ද කියලා මෙම චෝදනා තමුන්ට එරෙහිව දියත් කළ කුමන්ත්‍රණයක් කියලා. සමහරවිට අන්තර්ජාතික කුමන්ත්‍රණයක් කියන්නත් බැරි නැහැ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Sunday, 24 November 2013 02:37 PM

බල්ලෝ දෙන්නෙක් එක්ක පින්තුරයක් තියෙන නිසා හිතෙනවා මේ ගොල්ලෝ බල්ලෝ ගානට වැටිලා කියල (අ)

:       0       0

තිලක් ඩුබායි Sunday, 24 November 2013 02:37 PM

යශෝධා ඔබ නිවැරදියි.(අ).

:       0       0

කුමාරසිරි Friday, 22 November 2013 06:55 AM

බය වෙන්න එපා. සාක්කි නැතිවෙන්න බොහෝදුරට ඉඩ ඇති බව මගේ හැගිමයි (නි)

:       0       0

යශෝධා Friday, 22 November 2013 07:01 AM

ප්‍රතිචාර දමන බොහෝ වැදගත් මහත්වරුනුත්, ඇය පසුපස සිටි බොහෝ පුද්ගලයනුත් මෙම කාන්තාවට නිගරු කරන බව මගේ හැගීමයි. ඇයගේ කතාව යනු මේ සමාජයේ අලුත් පැතිකඩක්. බොහෝ සිදුවීම් හමුවේ පීඩා විදින්නේ කාන්තාවයි. එය අප සමාජ රටාවේ එදා සිටම සිදු වූ දෙයක්. එයට හේතුව කාන්තාව සමාජ තලයේ හා පවුල් පසුබිමේදී ධනයෙන්, බලයෙන් මෙන්ම ශක්තියෙන්ද හීනවීමයි. එහෙත් මේ සිදුවීම වෙනස්. මේ කාන්තාව වාසනාව නිසාම ධනවත්. රට පුරා ඇති වතු වලින් ආදායම් ලැබෙන කෙනෙක්. එහෙත් පුවත්පත් වාර්තා වලට අනුව ඇයගේ සැමියා බීමත්ව සිටින කෙනෙක්. ඇය තරුණ ගැහැණියක්. එක්තරා අවස්ථාවකදී ඇය ගන්නා තීරණයක් මත ඇගේ ජීවිතය කණපිට හැරෙනවා. ඇය ඒ මිනිසාව මරණයට පත් කරන්නට තීරණය කරන්නේ බොහෝ ඉවසීමෙන් පසුවයි. මුදල් තිබුනද මේ කාන්තාව මේ මිනිසුන් හේතුවෙන් බොහෝ දුක් විද ඇති බව පැහැදිලියි. නීතිය ඉටු කරනා අයත් ඇගෙන් බොහෝ මුදල් මෙන්ම අවස්ථාවක් ලැබුනානම් වෙනත් ඕනෑම දෙයක් වුවද ලබා ගැනීමට පෙළඹෙන බව ඒකාන්තයි. ඔවුන් පමණක් නොවේ ඇයට ගරහා ප්‍රතිචාර දමන අයත් ඇයව හමුවූවා නම් කරන්නේ ඇගෙන් උපකාර ලබාගෙන ඇයටම ගැරහීමයි. ඇය මාගේ කවුරුන්වත් නොවේ. මා ඇයව දැකලාද නැත. නීතිය ඇය පත්ව සිටි සැබෑ තත්ත්වය පිළිබදව මීට වඩා සාධාරණ කෝණයකින් බලා ඇය පිළිබද නිගමනයකට පැමිණිය යුතු බව මගේ අදහසයි. මුදල් තිබුනද අප සමාජය තුළ කාන්තාව විවිධ ආකාරයෙන් පීඩනයට පත් වීම පිළිබද අලුත් කතාවක් මෙම කාන්තාව පෙන්වා දෙන බව මගේ හැගීමයි. (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Friday, 22 November 2013 07:02 AM

ඒ වුණාට තව ටික කාලෙකින් මේ අය සම්මාන ආචාර මැද නැවතත් පොලිසියේ සිටින්නත් බැරි නැහැ (නි)

:       0       0

දොන්සේතං Friday, 22 November 2013 01:26 PM

ලස්සන ෆොටේ ටික ඊලඟ ප්‍රදර්ශනේට තියන්න පුලුවන්. (ස)

:       0       0

අමිළ කටුනායක Saturday, 23 November 2013 02:14 PM

බල්ලෝ නඩු දාන්න පුලුවන් මේ ගොල්ලොත් එක්ක බැහැ කියලා.(නදී)

:       0       0

අශාන් Friday, 22 November 2013 07:32 AM

යශෝද, ඔයාගේ අදහස හරි. නමුත් මිනිහෙක්ව මරනවා කියන්නේ ලොකු අපරාදයක් නේද? අපි සංස්කෘතිය කරේ එල්ලගෙන මොන දුක වින්දත් එකට ඉන්න හදන එක තමයි මෙවැනි අවසානයකට හේතුව. බටහිර රටවල වගේ ඉන්න බැරි නම් සමාදානයෙන් වෙන් වෙනවා නම් මරාගන්න ඕන නැහැ නේද? (නදී)

:       0       0

තිලක් ඩුබායි Sunday, 24 November 2013 03:11 PM

අපේ හිටපු රතු නායකයාගේ රෙදි ගැලවෙන කතාවක් තියෙනවා (අ)

:       0       0

ගමගේ Thursday, 21 November 2013 07:35 PM

බහුතරය දැන් ඔය වගේ තමයි. (නි)

:       0       0

බණ්ඩා Thursday, 21 November 2013 07:50 PM

අනේ සිරියලතා ,එතකොට ඔයා කියන්නේ ඒ කාන්තාව වැරදියි, මේ පොලිස් නිලධාරීන් නිවැරදියි කියලද? (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 21 November 2013 08:18 PM

දැනට සතුටුයි. එහෙත් අපි බලාගෙන ඉන්නේ පසුවට ඇප සෙල්ලම ගැන. (නි)

:       0       0

වරුණ Friday, 22 November 2013 08:20 AM

යශෝධා, අපිට ඔලුවක් දීලා තියෙන්නේ පාවිච්චි කරන්න. ඒක නිසා හැඳිමිටේ මොළේ ලෝකෙට පෙන්නන්න වෙර දරන්න එපා. (නි)

:       0       0

වන්නි තිලක් Friday, 22 November 2013 08:35 AM

මේ කාන්තාව පොලිසියට වැඩක් කරගන්න ගිය වෙලාවක, මියගිය හිටපු පොලිස් නිලධාරියා එක්ක අනියම් සම්බන්ධයක් ඇතිවෙලා. ඊට පස්සේ මේ පුද්ගලයා සල්ලි ඉල්ලලා කරදර කරලා. ඒත් පොලිස් මේත් පොලිස්. පොලිසිය මේ තරම් දූෂිත වුණාම ජනතාව තමන්ගේ ප්‍රශ්න කියන්නේ කාටද. (නි)

:       0       0

තරු Friday, 22 November 2013 08:36 AM

යශෝධා හරියටම හරි (නි)

:       0       0

සිංහ Friday, 22 November 2013 08:40 AM

බහුතරය දැන් ඔය වගේ තමයි (නි)

:       0       0

අල්විස් Friday, 22 November 2013 08:50 AM

යශෝධා නමින් ලියූ කෙනාටයි මේ ලියන්නේ. ඔබ අපිට පෙන්නන්ට හදන්නේ අහිංසකාවියකගේ පින්තූරයක් නම් ඔබ වැරදි බව කියන්නම්. මොකද දන්නවද? සිද්ධියට සම්බන්ධ කාන්තාව තම සැමියා සිටියදී වෙනත් කෙනෙක් සමග අනියම් හාදකමක පැටලිලා නේද? ඇගේ කතාව තුලින් ඔබ " අලුත් පැතිකඩක් " පෙන්නන්ට හැදුවාට ඉතිහාසය පුරාම අපි අහපු ගඳගහන කතාවක් තමයි ඒකත්. සල්ලි වැඩිවෙනකොට ඔහොම දේවල් වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 64 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 155 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 497 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1071 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 796 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1496 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14561 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site