IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


තලංගම පොලිසියේ හතර දෙනා යළි රිමාන්ඩ්

පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු   පරීක්ෂක කැකිරාවේ රොහාන් තුසිත කුමාරසිංහගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට  නිමාලි කරුණාරත්න නම් ධනවත් කතකගෙන් රුපියල් කෝටියකට වැඩි අල්ලස් ගත්තැයි තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා, අපරාධ අංශයේ ස්ථානාධිපති පීකේ කොඩිතුවක්කු, පොලිස් සැරයන් පුෂ්පකුමාර සහ පොලිස් කොස්තාපල් නවරත්න ලබන 05 වැනි දා  තෙක්  කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියේ 30 දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

මේ සිද්ධියට සම්බන්ධ සටහන් තලංගම පොලිසියෙන් අස්ථාන ගත වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය මහේස්ත්‍රාත්ට දැනුම් දුන්නේය.

පොලිස් සැකකරුවනට ඇප ඉල්ලමින් ඔවුන්ගේ නීතීඥවරු කරුණු දැක්වූහ.

සැකකරුවන් සක්‍රීය සේවයේ යෙදී සිටියදී අපරාධයට සම්බන්ධ වී ඇති බව පෙනෙන හෙයින් ඔවුනට ඇපදුනහොත් මහජන කැළඹීමක් ඇතිවීමට ඉඩ ඇති බවත්, සාක්කිකරුවන්ට ද බලපෑමක් ඇතිවිය හැකි බවත් පැවසූ මහේස්ත්‍රාත් ඇප ප්‍රතික්ෂේප කළේය.

හිටපු පොලිස් පරීක්ෂක පැහැරගෙන ගොස් කිතුල්ගල දී ඝාතනය කළැයි සැකපිට නිමාලි කරුණාරත්න, ඇගේ රියදුරු ඇතුළු හය දෙනා ලබන 29 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

නිමාලි කරුණාරත්න පුවත්පත් වාර්තාකරුවන්ගෙන් සඟවා බන්ධනාගාර රියට රැගෙන ගිය ආකාරයත් ඇගේ ඡායාරූප ගැනීම වැලැක්වීමට ඇතැම් නිලධරයන් ගත් උත්සාහය කැපී පෙනිණි.

නිමාලි වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කියා සිටියේ ඇගේ ව්‍යාපාර බිඳ වැටීමට ඉඩ ඇති බවයි. ඈ වෙනුවෙන්  චෙක්පත්වලට ඇගේ මවට අත්සන් කිරීම සඳහා ඇටර්නි බලපත්‍රයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීමට උසාවියේ අවසරය ලැබිණි.

දියවැඩියාවෙන්, තයිරොයිඩ් ග්‍රන්තියේ ආබාධයකින් හා හදවත් ලෙඩකින් පෙළෙන නිමාලි විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙස අවසර ඉල්ලූ අවස්ථාවේ මහේස්ත්‍රාත් බන්ධනාගාර වෛද්‍යවරයා මගින් ඒ කාරිය කර ගැනීමට පියවර ගන්නා ලෙසයි.

 

 



අදහස් (0)

තලංගම පොලිසියේ හතර දෙනා යළි රිමාන්ඩ්

සිංහ Saturday, 23 November 2013 08:50 AM

මේකේ වරද සම්පුර්ණයෙන්ම නිමාලිම නොවේ .අද සුළු ප්‍රශ්නයක් විසඳ ගන්න පොලිසියට යන කාටත් වෙන්නේ තවත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙන එකයි.(නදී)

:       0       0

දිසානායක Saturday, 23 November 2013 09:01 AM

අනිත් අපරාධකාරයෝ තමයි බන්දනාගාර නිලදාරීන් කියන කොටස (නදී)

:       0       0

රම්ම්‍යා Friday, 22 November 2013 08:26 PM

අයියෝ එතකොට මේ ඉන්නේ නිමාලිද(අ)

:       0       0

තරූ Sunday, 24 November 2013 08:40 AM

මෙතන අදහස් දාලා තියෙන අය හිතන් ඉන්නේ එයාලා අති පිරිසිදු ශීලවන්ත අය කියලා. මෙතන නිමාලි අතින් වරදක් වෙලා තියෙනවා. නමුත් එම වැරැද්දට වක්‍රාකාරව වගකිව යුතු කිහිප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් එයාගේ නීත්‍යානුකූල සැමියා. අනිත් කෙනා මියගිය පොලිස් පරීක්ෂකවරයා. ඒ වගේම නීතියට නිගරු කර අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා. හැම දේටම කාන්තාවට දොස් කිව්වා කියලා වැඩක් නැහැ. එයාගේ සැමියා හරියට හිටියා නම් අද මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

තරූ Sunday, 24 November 2013 08:41 AM

සදරුවන් අපිටත් දැනගන්නත් එක්ක කියන්නකෝ? (නදී)

:       0       0

ජානු Monday, 25 November 2013 10:41 AM

නිමලිට බැනලා වැඩක් නැහැ. මොකද එයා වැරද්දක් කළා කියමුකෝ අසරණකමට. එහෙත් මේ පොලිසියේ අය මොකක්ද කරලා තියෙන්නේ? (නි)

:       0       0

පෙටී Saturday, 23 November 2013 09:21 AM

555,284 අපරාද කරුවන් රටේ සිටිති. පුවතක් ....කියයි..අපට පුතේ ඉඩක් නැතේ. අපි යන්නේ මොන පාරේ.?(නදී)

:       0       0

ජස්මින් Friday, 22 November 2013 09:02 PM

මේ වැඩේට සම්බන්ධ වූ සියල්ලන්ටම දැඩි දඩුවම් දෙන්න ඕනෑ,නැවත මේ වගේ අපරාධ නොවෙන්න නම් ....මේවා යටපත් කරන්න කවුරුන් හෝ උත්සාහ කරනවා නම් ඔවුන්ටත්, දෙන්න ඕනෑ දඩුවම් (නි)

:       0       0

දිසානායක Sunday, 24 November 2013 09:08 AM

රතු සහෝදරයොත් එක්ක ඉදලා මේ පැත්තට තට්ටු මාරු වෙලා ආපු දැන් ඇමති පට්ටම තියාගෙන ඉන්න දේශප්‍රේමී ලේබලය අලවාගෙන පොලිස් මස්සිනාට මදි නොකියන්න සලකල තියනවා (නදී)

:       0       0

විරාජ් කාලිංග Friday, 22 November 2013 03:40 PM

බන්ධනාගාරේට ගියපු ගමන්ම ඕන ලොක්කෙකුට රටේ නැති ලෙඩ, ඇප හම්බුනගමන් හාස්කමින් වගේ හොදවෙනවා,(ස)

:       0       0

වන්නි .රතුපස්වල Saturday, 23 November 2013 06:01 PM

නිමල් ලලිතා ඔබ හරි . ඔබ හිතුවට බනියි කියලා.හොද අදහස් වලට මෙතන හුගාක් අය ගරු කරනවා (ස)

:       0       0

නිමල් ලලිතා Saturday, 23 November 2013 09:50 AM

පුවත් පත්වල සඳහන් වන විස්තර අනුව නම් මත් පැනටම ගිජුවූ සැමියෙකු ලැබුණු ,නිමාලි වරදක් කර ඇතත් ඇය ගැන කනගාටු විය යුතුයි. හේතුව සැමියාගේ දරුවන් ගැන,හෝ තමන්ට හිමි ධනය පාලනය කිරීම ගැන හෝ තම බිරිඳ ගැන සැලකීමක් නොදැක්වූ සැමියගෙන් නොලද ආරක්ෂාව සෙනෙහස සොයාගෙන නිමාලි ගොස් ඇත්තේ ඊටත් වැඩිය කපටි වූ මිනිහෙක් සොයාගෙන. ඒ මිනිහා නිමාලිගේ සේසතම ගන්න තත්වයට පැමිණ ඇති අතර සියල්ලම මුදලින් වැසිය හැකයි සිතු ඇය ඔහුගෙන් නිදහස් වීමට කල හැකි එකම දෙයයි සිතු දෙයට පෙළඹී තියෙනවා. යමෙකු අසරණ උනහම විශේෂයෙන් ගැහැනුන් ඔය තත්වයට පත්වෙනවා.මම මෙතෙන්දි වැඩියෙන් වරද දකින්නේ මැරුම් කෑ පොලිස් පරිකෂකවරයාගේ. ඇය සතු සියල්ලෙන්ම වැඩිම හරියක් ලබාගත් ඔහු ඇයගේ වෙන් උනානම් මෙම ව්‍යාසනය සිදුවන්නේ නැහැ.දැන් සමහරවිට සමහර (හොර) උපාසක මහත්වරු මට බනින්න පුලුඅවන්.මට කනගාටු අම්ම අහිමිවූ පොඩි දරුවන් ගැන. (නදී)

:       0       0

සිරියලතා Friday, 22 November 2013 03:47 PM

විරාජ් හරියට හරි,මෙයාල ගේද ඉන්න කොට මෙලෝ ලෙඩක් නැහැ. හිරේට ගිය ගමන් ඔක්කොම අමාරු. ඔය අමාරු ඇරෙයි ඇතුලට ගියාම. (ස)

:       0       0

සපීක් Saturday, 23 November 2013 10:10 AM

සිංහ නිවැරදියි. සමාජයේ වැරැද්ද.(නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 22 November 2013 10:08 PM

නිමාලිගේ දසුනක් ඡායාරූපයට නැගුවාට ස්තූතියි (නි)

:       0       0

පෙටී Saturday, 23 November 2013 10:23 AM

ලද දෙයින් සතුටු වන්න සිරිතෙහි යෙදෙන්නා ට පසු තැවිලි වන්නට ඉඩක් නැත.(නදී)

:       0       0

බණ්ඩාර Friday, 22 November 2013 10:21 PM

අනේ ඇත්තට, පොලිසියට ගිය කල. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 22 November 2013 10:22 PM

ජස්මින්,ඔබ අපි ප්‍රාර්ථනා කළාට ඔය තත්ත්වය වෙනස් වෙන්නත් පුළුවන් (නි)

:       0       0

දයා අලහකොන් Sunday, 24 November 2013 06:26 PM

නියමට තිබුණ අමාරව කවුරැත් දන්නවා (අ)

:       0       0

අනුර පනාගොඩ මෙල්බර්න් Friday, 22 November 2013 04:21 PM

අයියෝ පව් මෙයා මේ ජිවිතයෙන් වන්දි ගෙවල ලෙඩ ගොඩකටනේ. (ස)

:       0       0

තිලක්-ඩුබායි Friday, 22 November 2013 10:27 PM

අම්මපා! අපිට හමුවෙන්නේ නැහැනේ ඔය නිමාලි වගේ කෝටිපති කාන්තාවක්. (නි)

:       0       0

කමල් Friday, 22 November 2013 04:23 PM

පොලිස් නිලධාරින්ට වගේම බන්ධනාගාර නිලධාරීන්ටත් සලකයිද? සලකලාද? (ස)

:       0       0

නිමල් රණසිංහ Friday, 22 November 2013 10:29 PM

මේ රටේ නීතිය සාමය රකින්න ඉන්න පොලිසිය මේ කාන්තාව ආරක්ෂා කරගෙන අර පොලිසියේ හතරදෙනා සියල්ලන්ටම පෙනෙන්න අරගෙන යන්නේ ඇයි? (නි)

:       0       0

අමිළ කටුනායක Saturday, 23 November 2013 10:45 AM

හිරකාරයෝ කට්ටියව සාධරයෙන් පිළිගන්නවා ඇති.(නදී)

:       0       0

නුවන් Friday, 22 November 2013 04:36 PM

මොනවා කරන්නද නිමාලි දුක තමා.කරපු පව් මේ ආත්මයේදී නැතත් ලබන ආත්මෙදි හරි ලැබෙනවා. (ස)

:       0       0

නිමල් Friday, 22 November 2013 10:58 PM

අනේද කියන්නේ තිලක්, ඔය නිමාලි වගේ කෙනෙක් අපට ඉන්නවා නම් කියලා වැඩක් නැහැ.මේ රටවල් ගානේ මොන එහෙකට දුක් විදිනවද? එයාවත් හොදට බලාගෙන ඉන්න තිබුනා නේද? (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Friday, 22 November 2013 11:09 PM

අපිට කොහෙද ඉතින් බූල් බල්ලෝ? මේවා කියවනකොට ඇගේ මාළු නටනවා (නි)

:       0       0

මාක් Saturday, 23 November 2013 10:56 AM

හැමෝම ඔය නිමාලි ගැන අදහස් දැම්මට නිතිය ගරුකළ යුතුය. (නදී)

:       0       0

ප්‍රියා Friday, 22 November 2013 11:18 PM

සල්ලි වලට හැමදේම කරන්න නොහැකි බව දැන් තේරෙනවද? දරුවන් සමග හොදින් සිටියා නම් අද දරුවන් හෝ ඉන්නවා. ආදරය කළ කෙනෙක්ව මරන්න පුළුවන්ද? (නි)

:       0       0

රෝසා Friday, 22 November 2013 11:31 PM

පොලිසියේ හොරු ඔහොම නෙමෙයි ගෙනියන්න තිබුනේ. (නි)

:       0       0

සනත් Saturday, 23 November 2013 11:38 AM

නිමල් ලලිතා. ඔබේ අදසසට මමද එකඟ වෙමි. ඇය හිත හොඳ ගැහැනියක්. සමහරක් නොහොඹිනා පිරිමි (දෙදෙනෙක් ) නිසයි ඇයට මේ ඉරණම අත් උනේ. ඇය පවුලේ එකම දරුවා වීමත් වැඩි ආදරයක් තුල ඇතිදැඩි වීමත් නිසා ඇයට මේ නරුම සමාජය ගැන නිසි අවබෝදයක් නොමැති වෙන්න ඇති .මුල් තොරතුරු වලට අනුව ඇගේ සේවකයන්ට හා අන් අයට ඇය සලකා ඇති අයුරු ඉතා හොඳයි . අද සමාජයේ වැඩි දෙනෙක් කෙනෙකුගේ බොටුව මිරිකලා හරි සල්ලි තමන් පොදිගහගන්න කාලෙක ඇය තමන්ට ලැබෙන මුදල් අන් අය වෙනුවෙන් වියදම් කරලා. ඇගේ ව්‍යාපාර උවත් නීති විරෝදී නොවෙයි නේද. අවසානේ නම් ඇයකලේ වරද තමයි. (නදී)

:       0       0

අපිං Saturday, 23 November 2013 12:02 PM

කරන්ට් කැපුවත්...., බඩු මිල ඉහලට නැග්ගත්...., පඩිය සත10කින් නැග්ගත් ..., 4න් බිල අහස උසට ආවත්... වතුර බිල උහුලගන්න බැරි උනත් ..., මොන දූෂණ උනත් රටේ..., මිනීමැරුම් උනත්...., මන්කොල්ලකෑම් උනත්...., ඕන දේකට ආසියාවේ ආශ්චර්ය පුතා.... කට ඇරන් බිම බලන් ඉන්න තමයි තියෙන්නේ.(නදී)

:       0       0

ජනක Saturday, 23 November 2013 12:02 PM

නිමල් ලලිතා අදහස් දැක්වීම ඉතා හොදයි. සමහර විට නිමාලි ඔය පොලිස්කරයට සෙට් වෙන්ඩ ඇත්තේ බේබදු සැමියා ගැන පැමිණිල්ලක් දාන්න ගිය නිසාද?  ගෑනිගේ සල්ලි හින්දා පොලිසියන් අයින් වෙලා නිකන් කකා ඉඳන් ගෑනිගෙන් කප්පම් ඉල්ලන්ඩ ඇති ඇති. මටත් පෙන්නේ වැරැද්ද මැරුන පොලිස් කාරයාගේ කියලා.(නදී)

:       0       0

මධු Friday, 22 November 2013 05:26 PM

මට නම් හරි දුකයි නිමාලි ගැන. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 23 November 2013 09:53 PM

නිමල් ලලිතා,ඔබගේ අදහසට එක වරක් නෙමෙයි දෙවරක්ම මම එකගයි. නිමාලිගේ වරදක් මමත් දකින්නේ නැහැ.මටත් පෙනෙන්නේ වැරැද්ද අැයව සුරාගෙනම කන්න ගිය මැරුණ පොලිස් කාරයාගේ කියලා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 23 November 2013 09:55 PM

සනත්,මුල් තොරතුරු වලට අනුව ඇගේ සේවකයන්ට හා අන් අයට ඇය සළකා ඇති අයුරු ඉතා හොඳයි. අද සමාජයේ වැඩි දෙනෙක් කෙනෙකුගේ බොටුව මිරිකලා හරි සල්ලි තමන් පොදිගහගන්න කාලෙක ඇය තමන්ට ලැබෙන මුදල් අන් අය වෙනුවෙන් වියදම් කරලා. ඇගේ ව්‍යාපාර වුවත් නීතිවිරෝධී නොවෙයි නේද. (නි)

:       0       0

පද්මිණි Saturday, 23 November 2013 12:50 AM

මේ අයට ඔබ රැවටුනේ අැයි නිමාලි? ඔබ සමාජය ඕනෑවට වඩා විශ්වාශ කළාද? සමාජය ගැන අත්දැකීම් නැතුව අසරණ වුණාද? (නි)

:       0       0

ධම්ම Saturday, 23 November 2013 12:52 AM

මොන දේ වුණත් තලංගම ඕ අයි සී ගේ හොඳ පැත්තකුත් තියෙනවා. එයා අපේ සමහර විදුහල්පතිවරු වගේ අර අහවල් අල්ලස් ඉල්ලලා නැහැ. (නි)

:       0       0

වර්ණ Friday, 22 November 2013 05:37 PM

සල්ලි වලින් හැමදේම කරන්න පුළුවන් කියලා හිතන අයට හොඳ පාඩම් මේවා. (නි)

:       0       0

චානක. Saturday, 23 November 2013 01:05 AM

කියලා වැඩක් නැහැ (නි)

:       0       0

රෙමා Friday, 22 November 2013 05:39 PM

සල්ලිත් එක්ක දුන්නත් මට නම් එපා, ඒ වගේ කාන්තාවන් (නි)

:       0       0

සදරුවන් තලංගම Saturday, 23 November 2013 10:11 PM

මේ පොලිස් ලොක්කා ගැන හරිම අප්‍රසන්න අදහස් ටිකක් මට තිබෙනවා. පින්සිද්ධ වෙයි මහත්තයෝ, එයාව එවන්න නම් එපා එළියට (නි)

:       0       0

ශාන්ත ලාල් Saturday, 23 November 2013 02:10 AM

ලංකාදීප ඡායාරූප ශිල්පීන්ට කළ නොහැක්කක් නොමැත (නි)

:       0       0

රන්ජි Saturday, 23 November 2013 02:25 AM

මුලදී නම් ඔහොම සද්දේ ඇහෙනවා, ටිකක් කල් යනකොට මුකුත් නැහැ. එහෙම නොවී අවසානය දක්වාම නිසි පරිදි කටයුතු කරාවී කියා විශ්වාස කරනවා. (නි)

:       0       0

ශාන්ති Friday, 22 November 2013 06:10 PM

අනේ බොරු නොකිය ඉන්ඩ රෙමා හම්බ උනොත් එහෙම කෙනෙක් නිකන් ඉදිනේද ඔයා (ස)

:       0       0

කින් බෙනට් Friday, 22 November 2013 06:35 PM

ඔය නෝනව පිරිමි බන්ධනාගාරයේ දැම්මොත් තමයි ඉතා හොඳ ...(ස)

:       0       0

චමත් ඉතාලිය Friday, 22 November 2013 06:38 PM

මෙච්චර ලෙඩ තියාගෙනනේ මේ ළමයා තවත් ලෙඩක් දාගෙන තියෙන්නේ. පව් අහිංසක කෙල්ල (නි)

:       0       0

උපාලි Saturday, 23 November 2013 04:15 AM

කමල් ඔබ හිතුදේමයි මටත් හිතුනේ. බන්ධනාගාරේ කට්ටියටත් හොඳට සළකලා බව පේනවා, නේද? ජයමාල් චන්ද්‍රසිරි මල්ලි, ඔයාගේ කැමරාව දිහාමයි එයා බොහොම "කරුණාවෙන්" බලාගෙන ඉන්නේ. පරිස්සමෙන්. (නි)

:       0       0

ජයා Saturday, 23 November 2013 11:59 PM

අර අහවල් ඇමති තමයි මේකට වග කියන්න ඕනෑ (නි)

:       0       0

චන්දන Saturday, 23 November 2013 04:26 AM

ගොඩක් දෙනෙක් හිතන්නේ සල්ලි දුන්නහම ඔක්කොම වසන් කර ගන්න පුළුවන් වෙයි කියා.මෙවැනි වැඩවලට මුදල් දුන් හෝ මුදල් ලබාගෙන මෙවැනි ඝාතන සිදුකරන අයටත්,මුදලට තමාගේ රාජකාරිය හා රටේ පවතින නිතියට පටහැනිව ක්‍රියා කරනා මේ පොලිසියේ අයටත්, කෝටිපතිනිනියටත් උපරිම නිතිය ක්‍රියාත්මක වෙනවා නම් අනාගත පරපුරටත් උදාහරණයක් ලෙස හොදයි (නි)

:       0       0

චන්දන Saturday, 23 November 2013 04:41 AM

බුදුදහමට අනුව මෙවැනි මනුෂ්‍ය ඝාතන කර සැගවී සිටීමට නොහැක. (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Sunday, 24 November 2013 12:47 AM

පොලිස් පරික්ෂකගේ මරණය ගැන කණගාටුයි.නමුත් මම නිමාලිගේ පැත්තේ. ඒ වගේම අර හොර පොලිස් නිලධාරින්ට නම් ගැළවීමක් දෙන්න එපා (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 25 November 2013 09:18 AM

දැන් කාලේ මිනිස්සුන්ට අසාධාරණයක් වුණහම පැමිණිලි කරන්න ඕනෑ කොහෙටද ? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 22 November 2013 07:12 PM

නිමාලිගේ දසුනක් ඡායාරූපයට නගා ජයගත් සිංහයින්ට ස්තූතියි (නි)

:       0       0

ලෙස්ලි ජයවර්දන Saturday, 23 November 2013 07:22 AM

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළා නම් මෙවැනි අපරාධ වෙන්නේ නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 23 November 2013 07:46 AM

නිමල්, එයාවත් හොදට බලාගෙන ඉන්න තිබුනා නේද? පිස්සුද හලෝ මම කිව්වේ "පාර්ට්‘‘ ටයිම් එකට මිසක් කර ගහ ගන්නම නෙමෙයි. කර ගහ ගෙන මැරුම් කනවට වැඩිය මෙහෙ දුක් වින්දත් සැපයි.(නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 23 November 2013 07:52 AM

චන්දන, බුදු දහමට පින් සිද වෙන්න මොන තරම් මිනීමරුවෝ ගොඩක්, ස්ත්‍රී දුෂකයෝ ගොඩක්,ළමා අපචාරකයන් ගොඩක්,කප්පන් කරුවන් ගොඩක් සගවෙලා පිරිත් නුල් ගැට ගසමින්,පන්සල් වටේ කැරකෙමින්,දාතු කරඩුව ඔලුවේ තියන් සෙත් පිරිත් අසමින් අපිව ගොනාට අන්දනවද? (නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 23 November 2013 07:53 AM

මේ පින්තූරය ගත්ත කෙනාගේ නම මාධ්‍යට දෙන්න එපා. හොදි නැතිවම පරිප්පු කන්න සිද්ද වේවි. හරියට මන්දනා නෝනට වුනා වගේ. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 23 November 2013 07:56 AM

වැඩි විස්තර පසුව. (නි)

:       0       0

ගාමිණි Saturday, 23 November 2013 03:01 PM

මිනිසුනේ නුබලාගේ අසරණ දරුවන් ගැන සිතාපල්ලා මිනිසුන්ගේ දුක් කදුළු දාඩිය මුදල් අසාදාරන ලෙස කොපමන් හම්බ කරත් ඒවා පල දෙන්නේ නෑ ඒ නිසා මේවගේ වැඩ වලට සම්බන්ද වෙන්නට පෙර ඔබලාගේ දරු පවුල් වල අතම ගරුත්වය ගැන සිතපල්ලා. (අ)

:       0       0

හේරත් Friday, 22 November 2013 07:37 PM

“4 දෙනාම සුරයෝ“ (නි)

:       0       0

ජේම්ස් Friday, 22 November 2013 07:38 PM

ඔය නිමාලිට සල්ලි ඉල්ලලා බේරෙන්න බැරිවෙන්න ඇති.කව්ද කැමති තමන්ගේ මුළු සේසතම විනාශ වෙනවට? නිමාලි වරදේ වරදේ බැදුනට හිතන්න නැතුව ඇති පොලිස්කාරයා මේ වගේ කෙනෙක් කියලා (නි)

:       0       0

චන්දි Friday, 22 November 2013 08:06 PM

අනේ අර රෙද්දෙන් වහගෙන යන අයට මොනවා වේවිද මන්දා? මතකනේ කලින් රෙද්දෙන් වහගෙන ගිහින් කෙනෙකුට වුණ දේ, සුවද උහුලාගන්න නොහැකිව. මේ ඡායාරූපයේ ඉන්නේ නිමාලිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 69 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 171 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 553 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1101 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 816 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1515 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site