පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු පරීක්ෂක කැකිරාවේ රොහාන් තුසිත කුමාරසිංහගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට නිමාලි කරුණාරත්න නම් ධනවත් කතකගෙන් රුපියල් කෝටියකට වැඩි අල්ලස් ගත්තැයි තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා, අපරාධ අංශයේ ස්ථානාධිපති පීකේ කොඩිතුවක්කු, පොලිස් සැරයන් පුෂ්පකුමාර සහ පොලිස් කොස්තාපල් නවරත්න ලබන 05 වැනි දා තෙක් කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියේ 30 දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
මේ සිද්ධියට සම්බන්ධ සටහන් තලංගම පොලිසියෙන් අස්ථාන ගත වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය මහේස්ත්‍රාත්ට දැනුම් දුන්නේය.
පොලිස් සැකකරුවනට ඇප ඉල්ලමින් ඔවුන්ගේ නීතීඥවරු කරුණු දැක්වූහ.
සැකකරුවන් සක්‍රීය සේවයේ යෙදී සිටියදී අපරාධයට සම්බන්ධ වී ඇති බව පෙනෙන හෙයින් ඔවුනට ඇපදුනහොත් මහජන කැළඹීමක් ඇතිවීමට ඉඩ ඇති බවත්, සාක්කිකරුවන්ට ද බලපෑමක් ඇතිවිය හැකි බවත් පැවසූ මහේස්ත්‍රාත් ඇප ප්‍රතික්ෂේප කළේය.
හිටපු පොලිස් පරීක්ෂක පැහැරගෙන ගොස් කිතුල්ගල දී ඝාතනය කළැයි සැකපිට නිමාලි කරුණාරත්න, ඇගේ රියදුරු ඇතුළු හය දෙනා ලබන 29 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
නිමාලි කරුණාරත්න පුවත්පත් වාර්තාකරුවන්ගෙන් සඟවා බන්ධනාගාර රියට රැගෙන ගිය ආකාරයත් ඇගේ ඡායාරූප ගැනීම වැලැක්වීමට ඇතැම් නිලධරයන් ගත් උත්සාහය කැපී පෙනිණි.
නිමාලි වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කියා සිටියේ ඇගේ ව්‍යාපාර බිඳ වැටීමට ඉඩ ඇති බවයි. ඈ වෙනුවෙන් චෙක්පත්වලට ඇගේ මවට අත්සන් කිරීම සඳහා ඇටර්නි බලපත්‍රයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීමට උසාවියේ අවසරය ලැබිණි.
දියවැඩියාවෙන්, තයිරොයිඩ් ග්‍රන්තියේ ආබාධයකින් හා හදවත් ලෙඩකින් පෙළෙන නිමාලි විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙස අවසර ඉල්ලූ අවස්ථාවේ මහේස්ත්‍රාත් බන්ධනාගාර වෛද්‍යවරයා මගින් ඒ කාරිය කර ගැනීමට පියවර ගන්නා ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් ලලිතා. ඔබේ අදසසට මමද එකඟ වෙමි. ඇය හිත හොඳ ගැහැනියක්. සමහරක් නොහොඹිනා පිරිමි (දෙදෙනෙක් ) නිසයි ඇයට මේ ඉරණම අත් උනේ. ඇය පවුලේ එකම දරුවා වීමත් වැඩි ආදරයක් තුල ඇතිදැඩි වීමත් නිසා ඇයට මේ නරුම සමාජය ගැන නිසි අවබෝදයක් නොමැති වෙන්න ඇති .මුල් තොරතුරු වලට අනුව ඇගේ සේවකයන්ට හා අන් අයට ඇය සලකා ඇති අයුරු ඉතා හොඳයි . අද සමාජයේ වැඩි දෙනෙක් කෙනෙකුගේ බොටුව මිරිකලා හරි සල්ලි තමන් පොදිගහගන්න කාලෙක ඇය තමන්ට ලැබෙන මුදල් අන් අය වෙනුවෙන් වියදම් කරලා. ඇගේ ව්‍යාපාර උවත් නීති විරෝදී නොවෙයි නේද. අවසානේ නම් ඇයකලේ වරද තමයි. (නදී)
ගොඩක් දෙනෙක් හිතන්නේ සල්ලි දුන්නහම ඔක්කොම වසන් කර ගන්න පුළුවන් වෙයි කියා.මෙවැනි වැඩවලට මුදල් දුන් හෝ මුදල් ලබාගෙන මෙවැනි ඝාතන සිදුකරන අයටත්,මුදලට තමාගේ රාජකාරිය හා රටේ පවතින නිතියට පටහැනිව ක්‍රියා කරනා මේ පොලිසියේ අයටත්, කෝටිපතිනිනියටත් උපරිම නිතිය ක්‍රියාත්මක වෙනවා නම් අනාගත පරපුරටත් උදාහරණයක් ලෙස හොදයි (නි)
බුදුදහමට අනුව මෙවැනි මනුෂ්‍ය ඝාතන කර සැගවී සිටීමට නොහැක. (නි)
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළා නම් මෙවැනි අපරාධ වෙන්නේ නැහැ. (නි)
නිමල්, එයාවත් හොදට බලාගෙන ඉන්න තිබුනා නේද? පිස්සුද හලෝ මම කිව්වේ "පාර්ට්‘‘ ටයිම් එකට මිසක් කර ගහ ගන්නම නෙමෙයි. කර ගහ ගෙන මැරුම් කනවට වැඩිය මෙහෙ දුක් වින්දත් සැපයි.(නදී)
චන්දන, බුදු දහමට පින් සිද වෙන්න මොන තරම් මිනීමරුවෝ ගොඩක්, ස්ත්‍රී දුෂකයෝ ගොඩක්,ළමා අපචාරකයන් ගොඩක්,කප්පන් කරුවන් ගොඩක් සගවෙලා පිරිත් නුල් ගැට ගසමින්,පන්සල් වටේ කැරකෙමින්,දාතු කරඩුව ඔලුවේ තියන් සෙත් පිරිත් අසමින් අපිව ගොනාට අන්දනවද? (නදී)
මේ පින්තූරය ගත්ත කෙනාගේ නම මාධ්‍යට දෙන්න එපා. හොදි නැතිවම පරිප්පු කන්න සිද්ද වේවි. හරියට මන්දනා නෝනට වුනා වගේ. (නදී)
වැඩි විස්තර පසුව. (නි)
මේකේ වරද සම්පුර්ණයෙන්ම නිමාලිම නොවේ .අද සුළු ප්‍රශ්නයක් විසඳ ගන්න පොලිසියට යන කාටත් වෙන්නේ තවත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙන එකයි.(නදී)
අනිත් අපරාධකාරයෝ තමයි බන්දනාගාර නිලදාරීන් කියන කොටස (නදී)
555,284 අපරාද කරුවන් රටේ සිටිති. පුවතක් ....කියයි..අපට පුතේ ඉඩක් නැතේ. අපි යන්නේ මොන පාරේ.?(නදී)
පුවත් පත්වල සඳහන් වන විස්තර අනුව නම් මත් පැනටම ගිජුවූ සැමියෙකු ලැබුණු ,නිමාලි වරදක් කර ඇතත් ඇය ගැන කනගාටු විය යුතුයි. හේතුව සැමියාගේ දරුවන් ගැන,හෝ තමන්ට හිමි ධනය පාලනය කිරීම ගැන හෝ තම බිරිඳ ගැන සැලකීමක් නොදැක්වූ සැමියගෙන් නොලද ආරක්ෂාව සෙනෙහස සොයාගෙන නිමාලි ගොස් ඇත්තේ ඊටත් වැඩිය කපටි වූ මිනිහෙක් සොයාගෙන. ඒ මිනිහා නිමාලිගේ සේසතම ගන්න තත්වයට පැමිණ ඇති අතර සියල්ලම මුදලින් වැසිය හැකයි සිතු ඇය ඔහුගෙන් නිදහස් වීමට කල හැකි එකම දෙයයි සිතු දෙයට පෙළඹී තියෙනවා. යමෙකු අසරණ උනහම විශේෂයෙන් ගැහැනුන් ඔය තත්වයට පත්වෙනවා.මම මෙතෙන්දි වැඩියෙන් වරද දකින්නේ මැරුම් කෑ පොලිස් පරිකෂකවරයාගේ. ඇය සතු සියල්ලෙන්ම වැඩිම හරියක් ලබාගත් ඔහු ඇයගේ වෙන් උනානම් මෙම ව්‍යාසනය සිදුවන්නේ නැහැ.දැන් සමහරවිට සමහර (හොර) උපාසක මහත්වරු මට බනින්න පුලුඅවන්.මට කනගාටු අම්ම අහිමිවූ පොඩි දරුවන් ගැන. (නදී)
සිංහ නිවැරදියි. සමාජයේ වැරැද්ද.(නදී)
ලද දෙයින් සතුටු වන්න සිරිතෙහි යෙදෙන්නා ට පසු තැවිලි වන්නට ඉඩක් නැත.(නදී)
හිරකාරයෝ කට්ටියව සාධරයෙන් පිළිගන්නවා ඇති.(නදී)
හැමෝම ඔය නිමාලි ගැන අදහස් දැම්මට නිතිය ගරුකළ යුතුය. (නදී)
කමල් ඔබ හිතුදේමයි මටත් හිතුනේ. බන්ධනාගාරේ කට්ටියටත් හොඳට සළකලා බව පේනවා, නේද? ජයමාල් චන්ද්‍රසිරි මල්ලි, ඔයාගේ කැමරාව දිහාමයි එයා බොහොම "කරුණාවෙන්" බලාගෙන ඉන්නේ. පරිස්සමෙන්. (නි)
කරන්ට් කැපුවත්...., බඩු මිල ඉහලට නැග්ගත්...., පඩිය සත10කින් නැග්ගත් ..., 4න් බිල අහස උසට ආවත්... වතුර බිල උහුලගන්න බැරි උනත් ..., මොන දූෂණ උනත් රටේ..., මිනීමැරුම් උනත්...., මන්කොල්ලකෑම් උනත්...., ඕන දේකට ආසියාවේ ආශ්චර්ය පුතා.... කට ඇරන් බිම බලන් ඉන්න තමයි තියෙන්නේ.(නදී)
නිමල් ලලිතා අදහස් දැක්වීම ඉතා හොදයි. සමහර විට නිමාලි ඔය පොලිස්කරයට සෙට් වෙන්ඩ ඇත්තේ බේබදු සැමියා ගැන පැමිණිල්ලක් දාන්න ගිය නිසාද? ගෑනිගේ සල්ලි හින්දා පොලිසියන් අයින් වෙලා නිකන් කකා ඉඳන් ගෑනිගෙන් කප්පම් ඉල්ලන්ඩ ඇති ඇති. මටත් පෙන්නේ වැරැද්ද මැරුන පොලිස් කාරයාගේ කියලා.(නදී)
මිනිසුනේ නුබලාගේ අසරණ දරුවන් ගැන සිතාපල්ලා මිනිසුන්ගේ දුක් කදුළු දාඩිය මුදල් අසාදාරන ලෙස කොපමන් හම්බ කරත් ඒවා පල දෙන්නේ නෑ ඒ නිසා මේවගේ වැඩ වලට සම්බන්ද වෙන්නට පෙර ඔබලාගේ දරු පවුල් වල අතම ගරුත්වය ගැන සිතපල්ලා. (අ)
නිමල් ලලිතා ඔබ හරි . ඔබ හිතුවට බනියි කියලා.හොද අදහස් වලට මෙතන හුගාක් අය ගරු කරනවා (ස)
නිමල් ලලිතා,ඔබගේ අදහසට එක වරක් නෙමෙයි දෙවරක්ම මම එකගයි. නිමාලිගේ වරදක් මමත් දකින්නේ නැහැ.මටත් පෙනෙන්නේ වැරැද්ද අැයව සුරාගෙනම කන්න ගිය මැරුණ පොලිස් කාරයාගේ කියලා. (නි)
සනත්,මුල් තොරතුරු වලට අනුව ඇගේ සේවකයන්ට හා අන් අයට ඇය සළකා ඇති අයුරු ඉතා හොඳයි. අද සමාජයේ වැඩි දෙනෙක් කෙනෙකුගේ බොටුව මිරිකලා හරි සල්ලි තමන් පොදිගහගන්න කාලෙක ඇය තමන්ට ලැබෙන මුදල් අන් අය වෙනුවෙන් වියදම් කරලා. ඇගේ ව්‍යාපාර වුවත් නීතිවිරෝධී නොවෙයි නේද. (නි)
මේ පොලිස් ලොක්කා ගැන හරිම අප්‍රසන්න අදහස් ටිකක් මට තිබෙනවා. පින්සිද්ධ වෙයි මහත්තයෝ, එයාව එවන්න නම් එපා එළියට (නි)
අර අහවල් ඇමති තමයි මේකට වග කියන්න ඕනෑ (නි)
පොලිස් පරික්ෂකගේ මරණය ගැන කණගාටුයි.නමුත් මම නිමාලිගේ පැත්තේ. ඒ වගේම අර හොර පොලිස් නිලධාරින්ට නම් ගැළවීමක් දෙන්න එපා (නි)
මෙතන අදහස් දාලා තියෙන අය හිතන් ඉන්නේ එයාලා අති පිරිසිදු ශීලවන්ත අය කියලා. මෙතන නිමාලි අතින් වරදක් වෙලා තියෙනවා. නමුත් එම වැරැද්දට වක්‍රාකාරව වගකිව යුතු කිහිප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් එයාගේ නීත්‍යානුකූල සැමියා. අනිත් කෙනා මියගිය පොලිස් පරීක්ෂකවරයා. ඒ වගේම නීතියට නිගරු කර අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා. හැම දේටම කාන්තාවට දොස් කිව්වා කියලා වැඩක් නැහැ. එයාගේ සැමියා හරියට හිටියා නම් අද මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.(නදී)
සදරුවන් අපිටත් දැනගන්නත් එක්ක කියන්නකෝ? (නදී)
රතු සහෝදරයොත් එක්ක ඉදලා මේ පැත්තට තට්ටු මාරු වෙලා ආපු දැන් ඇමති පට්ටම තියාගෙන ඉන්න දේශප්‍රේමී ලේබලය අලවාගෙන පොලිස් මස්සිනාට මදි නොකියන්න සලකල තියනවා (නදී)
නියමට තිබුණ අමාරව කවුරැත් දන්නවා (අ)
දැන් කාලේ මිනිස්සුන්ට අසාධාරණයක් වුණහම පැමිණිලි කරන්න ඕනෑ කොහෙටද ? (නි)
නිමලිට බැනලා වැඩක් නැහැ. මොකද එයා වැරද්දක් කළා කියමුකෝ අසරණකමට. එහෙත් මේ පොලිසියේ අය මොකක්ද කරලා තියෙන්නේ? (නි)
මේ වැඩේට සම්බන්ධ වූ සියල්ලන්ටම දැඩි දඩුවම් දෙන්න ඕනෑ,නැවත මේ වගේ අපරාධ නොවෙන්න නම් ....මේවා යටපත් කරන්න කවුරුන් හෝ උත්සාහ කරනවා නම් ඔවුන්ටත්, දෙන්න ඕනෑ දඩුවම් (නි)
විරාජ් හරියට හරි,මෙයාල ගේද ඉන්න කොට මෙලෝ ලෙඩක් නැහැ. හිරේට ගිය ගමන් ඔක්කොම අමාරු. ඔය අමාරු ඇරෙයි ඇතුලට ගියාම. (ස)
අයියෝ පව් මෙයා මේ ජිවිතයෙන් වන්දි ගෙවල ලෙඩ ගොඩකටනේ. (ස)
පොලිස් නිලධාරින්ට වගේම බන්ධනාගාර නිලධාරීන්ටත් සලකයිද? සලකලාද? (ස)
මොනවා කරන්නද නිමාලි දුක තමා.කරපු පව් මේ ආත්මයේදී නැතත් ලබන ආත්මෙදි හරි ලැබෙනවා. (ස)
මට නම් හරි දුකයි නිමාලි ගැන. (නි)
සල්ලි වලින් හැමදේම කරන්න පුළුවන් කියලා හිතන අයට හොඳ පාඩම් මේවා. (නි)
සල්ලිත් එක්ක දුන්නත් මට නම් එපා, ඒ වගේ කාන්තාවන් (නි)
අනේ බොරු නොකිය ඉන්ඩ රෙමා හම්බ උනොත් එහෙම කෙනෙක් නිකන් ඉදිනේද ඔයා (ස)
ඔය නෝනව පිරිමි බන්ධනාගාරයේ දැම්මොත් තමයි ඉතා හොඳ ...(ස)
මෙච්චර ලෙඩ තියාගෙනනේ මේ ළමයා තවත් ලෙඩක් දාගෙන තියෙන්නේ. පව් අහිංසක කෙල්ල (නි)
නිමාලිගේ දසුනක් ඡායාරූපයට නගා ජයගත් සිංහයින්ට ස්තූතියි (නි)
“4 දෙනාම සුරයෝ“ (නි)
ඔය නිමාලිට සල්ලි ඉල්ලලා බේරෙන්න බැරිවෙන්න ඇති.කව්ද කැමති තමන්ගේ මුළු සේසතම විනාශ වෙනවට? නිමාලි වරදේ වරදේ බැදුනට හිතන්න නැතුව ඇති පොලිස්කාරයා මේ වගේ කෙනෙක් කියලා (නි)
අනේ අර රෙද්දෙන් වහගෙන යන අයට මොනවා වේවිද මන්දා? මතකනේ කලින් රෙද්දෙන් වහගෙන ගිහින් කෙනෙකුට වුණ දේ, සුවද උහුලාගන්න නොහැකිව. මේ ඡායාරූපයේ ඉන්නේ නිමාලිද? (නි)
අයියෝ එතකොට මේ ඉන්නේ නිමාලිද(අ)
බන්ධනාගාරේට ගියපු ගමන්ම ඕන ලොක්කෙකුට රටේ නැති ලෙඩ, ඇප හම්බුනගමන් හාස්කමින් වගේ හොදවෙනවා,(ස)
නිමාලිගේ දසුනක් ඡායාරූපයට නැගුවාට ස්තූතියි (නි)
අනේ ඇත්තට, පොලිසියට ගිය කල. (නි)
ජස්මින්,ඔබ අපි ප්‍රාර්ථනා කළාට ඔය තත්ත්වය වෙනස් වෙන්නත් පුළුවන් (නි)
අම්මපා! අපිට හමුවෙන්නේ නැහැනේ ඔය නිමාලි වගේ කෝටිපති කාන්තාවක්. (නි)
මේ රටේ නීතිය සාමය රකින්න ඉන්න පොලිසිය මේ කාන්තාව ආරක්ෂා කරගෙන අර පොලිසියේ හතරදෙනා සියල්ලන්ටම පෙනෙන්න අරගෙන යන්නේ ඇයි? (නි)
අනේද කියන්නේ තිලක්, ඔය නිමාලි වගේ කෙනෙක් අපට ඉන්නවා නම් කියලා වැඩක් නැහැ.මේ රටවල් ගානේ මොන එහෙකට දුක් විදිනවද? එයාවත් හොදට බලාගෙන ඉන්න තිබුනා නේද? (නි)
අපිට කොහෙද ඉතින් බූල් බල්ලෝ? මේවා කියවනකොට ඇගේ මාළු නටනවා (නි)
සල්ලි වලට හැමදේම කරන්න නොහැකි බව දැන් තේරෙනවද? දරුවන් සමග හොදින් සිටියා නම් අද දරුවන් හෝ ඉන්නවා. ආදරය කළ කෙනෙක්ව මරන්න පුළුවන්ද? (නි)
පොලිසියේ හොරු ඔහොම නෙමෙයි ගෙනියන්න තිබුනේ. (නි)
මේ අයට ඔබ රැවටුනේ අැයි නිමාලි? ඔබ සමාජය ඕනෑවට වඩා විශ්වාශ කළාද? සමාජය ගැන අත්දැකීම් නැතුව අසරණ වුණාද? (නි)
මොන දේ වුණත් තලංගම ඕ අයි සී ගේ හොඳ පැත්තකුත් තියෙනවා. එයා අපේ සමහර විදුහල්පතිවරු වගේ අර අහවල් අල්ලස් ඉල්ලලා නැහැ. (නි)
කියලා වැඩක් නැහැ (නි)
ලංකාදීප ඡායාරූප ශිල්පීන්ට කළ නොහැක්කක් නොමැත (නි)
මුලදී නම් ඔහොම සද්දේ ඇහෙනවා, ටිකක් කල් යනකොට මුකුත් නැහැ. එහෙම නොවී අවසානය දක්වාම නිසි පරිදි කටයුතු කරාවී කියා විශ්වාස කරනවා. (නි)