එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයට කරුණු පත්වීම බාර නොගන්නා බව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී තමා ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය කියන්නීය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයට කරුණු පත්වීම බාර නොගන්නා බව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී තමා ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං හිතන්නේ සජිත් සහ තලතා ගත්තු තීරණය 100%ක්ම හරි.මෙයාලා හිතනවා නම් සජිත් එලවලා දිනන්න පුළුවන් කියල ඒක තමා ලොකුම මෝඩකම. (ස)
බළලාගේ කරේ ගෙජ්ජිය බඳින්න මීයෝ එක රොත්තට දඟලනවා. එහාට මෙහාට පනිනවා. එක එකාව හපනවා, තුවාල කරගන්නවා, දුවනවා, වලිගෙ ඇද හොයනවා, නියපොතු මදි කියනවා. හැබැයි, එකට එකතුවෙලා ඒ වැඩේට මුහුණ දෙන්නේ නැහැ. බළලා දෙකොනින් හිනාවෙනවා ඇති මේවා දැකල. (නදී)
ඔබත් සජිතුත් මණ්ඩලේ වෙඩි වී කරූට සහය දෙන්න. ටික කලක් ඉවසීමෙන් වැඩ කරන්න. ඒක පාරටම මස් රාත්තලම ඉල්ලන්න ඒපා.(නදී)
සජිත් සහ තලතා ඔය කියන නායකත්ව මණ්ඩලයට මැච් වෙන්නෑ .කරු සහ කිරිඇල්ල රුවන් පමණි ජනතා ඡන්දයකට නොබියව මුහුණ දිය හැකි අය ඉන්නේ. අනිත් සියලුම දෙනා ඊලග ඡන්දයෙන් ගෙදර. හිතා ගෙන ඉන්නේ මහා ලොකු ෙද්ශපාලකයෝ කියලා නමුත් ජනතා ප්‍රසාදය නෑ. අලිමංකඩ පාමංකඩ කතා මිස්ටර් බීන් කතා හදල එජාපයත් රනිල්වත් නැති කරලා . දැන් එජාපය ගොඩ දාන්න දගලන අයට ඒය කරන්න බැහැ.(නදී)
මේ ගොල්ලන් බලාපොරොත්තුවෙන්නේ නායකත්වය මිසක් ඔය මණ්ඩල නොවන බව පැහැදිලියි. තලතා මහත්මියට අපි කියන්නේ මියගිය සහෝදරයට අවනම්බුවක් නොකර පක්ෂය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න කියලයි. ඔය ඊයේ පෙරේදා ඉඳලා නායකත්ව උණ හදාගත්තු මිනිස්සුන්ට යන්න අරින්න. එතකොට පක්ෂයේ දෝෂ මග හැරිලා යාවි. පක්ෂය මේ තත්වෙට ගෙනාවේ ඔය කණ්ඩායම බව රටට පැහැදිලියි. රනිල් 20 - 30 වතාවක් පරදින්නේ ආසන සංවිධායකයින්ගේ දුර්වල කම නිසා කියල ඔය ගොල්ලෝ පිළිගන්න ඕනේ . ඔය පොරකන එක නවත්තල පළපුරුදු නායකයාව ඉස්සරහට දාල තමන්ගේ ආසනේ හරියට සංවිධානය කරන්න. එතකොට පක්ෂේත් දිනයි , අපිත් දිනයි . රටත් දිනයි. ඔය කට්ටිය ඔහොම පොර කකා හිටියොත් පක්ෂේත් සුන්. ඔයගොල්ලොත් සුන්. අපිත් සුන්.අපේ රට සුනේ සුන්." මේ වෙලාවේ වත් අර වටු රංචුවේ කතාව"මතක් කර ගන්නකො.(නදී)
මේ මණ්ඩල දෙකේ වෙනසට තියෙන්නේ ගෝලයෝ ගණන තමයි. (නි)
මේ මණ්ඩලේ සමහරු කම්මුලට අත තියාගෙන ඉඳීවි. අනෙක් අය අලිමංකඩ ඉඳලා පාමංකඩ දක්වා කතා කියා කියා තව තවත් පාක්ෂිකයෝ රජය පැත්තට හරි ගිනිසිළුව පැත්තට හරි හරවාවී. රනිල් මහත්තයා නම් තව ටික කාලයක් විපක්ෂ නායකයා වෙලා හිටීවි. (නි)
අරගොල්ලන්ගේ සමාගමට කොච්චර සතුටු ඇද්ද මේවා දැකලා. (නි)
එළියට පැමිණීම ගැන මගේ ගෞරවනිය ආචාරය! ඇත්තටම කරන්න ඕනෑ පක්ෂ සම්මේලනයක් තියලා නුසුදුස්සන් නෙරපන්න තමා. (නි)
අයියෝ! තලතා ගියා , සජිත් ගියා , දයාසිරි ගියා, අරය ගියා, මෙයා ගියා, මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද? ඔන්න ඔහේ තියෙන දෙයක් කාලා, බීලා පාඩුවේ ඉදිමු. යන අය ගියාවේ. ඉන්න අයත් ගියාවේ (නි)
යමෙකුගේ ආගමනය යළි අවුලකට මුල පුරා ඇත. පක්ෂයට තිබෙන මෙම අවුල ඉවත් කරනතුරු සමගියක ලකුණු නොපෙනේ. (නි)
දැන් කරන්න තියෙන්නේ එක දෙයයි. ලබන මහා මැතිවරනයේදී අරයගේ කණ්ඩායම පරද්දවමු (නි)
සජිත්ව එලියට දාගන්න ක්‍රියාත්මක කරපු මෙහෙයුමක් විදිහට තමයි පේන්න තියෙන්නේ. (ස)
මේ පාරත් කරු මහත්තයා වැඩේ අනාගත්ත වගේ? එක පාරක් ආණ්ඩුවට ගිහින් එහාට ගිය කට්ටිය ඇදගෙන එන්න බැරිව හිස් අතින් ආවා. මේ පාර සජිත්ව ඇදගෙන ඇවිත් ගැට ගහගන්න ලොකු ප්ලැන් එකක් ගැහැව්වත් ඒකත් බකල් උනා. ඔහොම ගියොත් ඔබතුමා ඉබේම කොන්ත්‍රාත් කාරයෙක් ගානට වැටෙනවානේ? (ස)
කොහොමත් මේ කට්ටිය වැඩක් පටන් ගත්තොත් ඒක මගදී අනා ගන්නවා... (ස)
ඉන්න බැරි අය යන එක හොඳයි.රනිල් නායකතුමාගේ කකුලෙන් අදින කිසිවෙක් පක්ෂයේ තබා ගැනීම සුදුසු නැහැ. (ස)
අන්තිමට මායි මගේ බිංකුන්ඩෝ ටිකයි ........ මම දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම් (නි)
වහෙන් ඔරෝ නොකියා මම තමයි සුදුස්ස කියලා කෙලින් කියන්නකෝ. (නි)
සිල්වත් පොළේ ගිහිල්ලා වගේ. අනේ මගේ කට? (නි)
පක්ෂය දිනන්න නායකත්ව මණ්ඩලයක් අවශ්‍ය නම් මේ විදිය සුදුසුයි කියලා මට හිතුනා. කරු ජයසුරිය, රවි කරුණානායක, රෝසි සේනානයක, සජිත් ප්‍රේමදාස , කබිර් හෂීම් (පක්ශයේ සභාපති ) , තලතා අතුකෝරල , රුවන් විජේවර්ධන , සුජීව සේනසිංහ , ලක්ෂ්මන් කිරිඇල්ල... ජාතික සංවිධායක විය යුත්තේ ජනප්‍රිය චතුර චරිතයක්. බුද්ධික පතිරන වගේ කෙනෙක් එතැනට සුදුසුයි. පක්ෂයේ මහලේකම් තනතුරට ඉම්ටියාස් බකීර් මාකර් වගේ පුද්ගලයෙකු සුදුසු වේවි. මේ මට හිතෙන හැටි. (නි)
පුදනකොටම කාපි යකා කිවුවලු (නි)
මැතිණියනි, ඔබට මගේ ප්‍රණාමය! (නි)
පැරණි යූඇන්පී කාරයෝ විදියට පක්‍ෂය ගැන අපි හරිම දුකක් ඇති වෙනවා. අපට දුක ඔය පක්‍ෂයට දේශපාලනය කරන්න ගිහින් තමන්ගේ ජීවන වෘත්තිය, කඩ කාමර, දේපොල නැති කර ගත් මිනිස්‌සු ගැනයි. ෆොන්සේකා මහත්තයට ජය වේවා. ෆොන්සේකා මහත්තයගේ පක්‍ෂයට හඩක් නැගීමට හැකි වෙන තෙක් ජනතාවට දුක් විදින්න සිදු වේවි. (නි)
කොහොමත් එකයි අපිට නම් (නි)
මැතිනියනි, අපගේ ගෞරවනීය ප්‍රණාමය ඔබට පුද කිරීමට කැමැත්තෙමු.නිර්භීතව සත්‍ය වෙනුවෙන් පෙනීසිටීම සහ කූට සහ තුච්ඡ උපක්‍රම වලට හසු නොවීම අගය කරමු. (නි)
බුද්ධිමත් තීරණයක්. (නි)
තලතා මැඩම්, කරුණාකරලා කමිටුවට එන්න. රටට ඕනෑ ජනප්‍රිය නායකයෙක් නෙමෙයි.නියම පළපුරුදු රාජතාන්ත්‍රික නායකයෙක්.කරූ මහත්තයා සහ රනිල් මහත්තයාට ඒ සදහා සුදුසුකම් තිබෙනවා. එ.ජා.ප. රජයක් නෙමෙයි අද රට ඉල්ලන්නේ රටේ ආර්ථික හා සමාජ ගැටළු වලට විසදුම් දියහැකි රජයක අවශ්‍යතාවයි තියෙන්නේ.අමතක කරන්න එපා පසුගිය උතුරු පළාත් සභාව. දෙමළ දේශපාලකයන් සියලුදෙනාම එකට එකාවගේ මැතිවරණයට මුහුණ දුන්නා. දැන් ඔවුන්ගේ නොගැළපීම් වෙනුවෙන් සටන් කරනවා.නමුත් මැතිවරණය ජයග්‍රහණය කරනතුරු එක මතයක සිටියා. (නි)
නායකත්ව මණ්ඩලයට මංගලට වඩා සුදුසු අය හිටියේ නැද්ද? (නි)
තලතා මැතිනියනි ,ඔබ ගැන අපි කාන්තාවක් විදිහටත් ,කොන්දක් තීබීම ගැනත් ආඩම්බරයි. පක්ෂයෙන් යන්න එපා. මේ අවස්ථාවේ අපේ බල්පොරොත්තුව සරත් ෆොන්සේකා මැතිතුමායි. තව ටිකක් අපි පක්ෂයේ ඉඳිමු. ඡන්දෙ දෙන්නේ ප්‍රගතිශීලින්ට පමණයි. (නි)
අහවලා ඔය කමිටුවේ නැත්නම් සජිතුත් ඉන්නවා,තලතත් ඉන්නවා.එයා ඉවත් කළොත් ඔය කමිටුවෙන් අනිවාර්යයෙන් පක්ෂය එකමුතු වෙනවා. (නි)
අපේ ප්‍රණාමය තලතා අතුකෝරල මැතිනියට. මෙන්න නියම පාක්ෂිකයෝ. ගාමිණී හිටියා නම් අද අපි දිනුම්. පුලුවන් නම් කොළඹට හාරිස්පත්තුවෙන් පටන්ගෙන සෙනග 10000 ක් අරගෙන පා ගමනක් එන්න. අපේ සහයෝගය. රනිල්ට හැබැයි පක්ෂය කරගෙන යන්න ඉඩ දෙමු. (නි)
මංගල නැත්නම් ඔය කමිටුව 100% ක් සාර්ථක වෙනවා. එසේ වූවානම් සජිත් ඔතන ඉදීවි. ඔක ඔය පරණ කචල් මණ්ඩලේම තමයි.(ස)
ලබන සැරේ මැතිවරණයෙන් ඔය කුහක කට්ටිය තොරෝන්චි වෙලා යනවා , අපි කඩුවෙලින් අයියට දෙන්නම් , හම්බන්තොටින් අහවල මාතරින් අහවල, කෝට්ටෙන් අහවල කුරුණෑගලින් අහවල මතක තියාගෙන ඉන්නේ (ස)
මොනදේ කලත් ඔයාල හැමදාම විපක්ෂයේ තමා හැමදාම දකුණේ අපි ආණ්ඩු කරනකම් හරිද (ස)
සජිත් .. රාජපක්ෂ මහත්තයාගේ පැත්තට ගියා (ස)
මාර වැඩේ නේ දැන්, දැන් මොකද කරන්නේ. දැන් යු එන් පි , එක ඉවරයි, දෙවියනේ දැන් කට කියන්නද? (ස)
ඔබටුමියත් කරුත් අරගෙන ,සජිත් එක්ක යන්න.එතකොට පක්ෂය දිනාවි. . සුබ අනාගතයක් ,,,, (ස)
රනිල් මේ උත්සාහ කරන්නේ කුමකටද කියලා හිතාගන්න පුළුවන් (නි)
සජිත් ගත් තීරණය නරකයි කියලා ගොඩ දෙනෙක් විවේචනය කළා.දැන් තලතා ඒ තීරණය ගත්තම ගොඩ දෙනෙකුට පෙනෙන්නේ ඒක හොද දෙයක් හැටියට. ඇයි මේ දෙවිදියක්? සජිත් ගත්තෙත් කොන්ද පණ ඇති තීරණයක් කියන්න මැළි වෙන්න එපා. (නි)