ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්ත මැතිවරණ ඇරැඹිණි. තෙලන්ගනා යනු ඉන්දියාවේ, දකුණු දෙසින් පිහිටි ප්‍රාන්තයකි. හයිද්‍රාබාද් යනු තෙලන්ගනා ප්‍රාන්තයේ අගනුවරය.
අවසන් වරට තෙලන්ගනා ප්‍රාන්ත මැතිවරණය පැවැත්වූයේ 2018 වසරේදීය. ප්‍රාන්තයේ බලයේ සිටින්නේ භාරත් රාෂ්ත්‍ර සමිති පක්ෂයයි. තෙලන්ගනා මහ ඇමැති ධුරය හොබවන්නේ පක්ෂ නායක කේ. චන්ද්‍රසේකර් රාඕ ය.
ප්‍රාන්තයේ දෙවැනි බලවේගය ලෙස සැලකෙන්නේ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂයයි. මෙවර මැතිවරණයේ දී ද භාරත් රාෂ්ත්‍ර සමිති පක්ෂයට දැඩි අභියෝගයක් එල්ල කිරීමට කොංග්‍රස් පක්ෂය බලාපොරොත්තු වෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී ‘භාරතීය ජනතා පක්ෂය’ ද මැතිවරණයට තනිවම ඉදිරිපත් වෙයි. ජයග්‍රහණයක් අපේක්ෂා නොකළත් 2018 වසරේ පැවැති මැතිවරණයට වඩා වැඩි ඡන්ද දිනා ගැනීමට අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
තෙලන්ගනා ප්‍රාන්ත සභාව ආසන 119 කින් සමන්විතය. මැතිවරණයේ ප්‍රතිඵල ලබන දෙසැම්බර් 3 වැනිදා නිකුත් කෙරෙනු ඇතැයි පැවැසෙයි. මැතිවරණයෙන් ද ‘භාරත් රාෂ්ත්‍ර සමිති’ පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තෙලන්ගනා ප්‍රාන්ත මැතිවරණය ඇරැඹේ