හබරාදුව තල්පේ ලංකාදිප අලෙවි නියෝජිත වේරදූවගේ සුමිත් ප්‍රියන්ත (45) මහතා පැරණි සෙක්කුගලක් යොදාගෙන යළි පැරණි ක්‍රමයට පොල්තෙල් සෑදීම ආරම්භ කළේය. කෝන් ගසක කදකින් සාදා ගත් මෝල් ගසක් සෙක්කු ගලට සවිකොට එය හරකෙක් යොදා කැරකැවිය හැකි අයුරින් සැකසූ ප්‍රියන්ත මහතා දැන් කොප්පරා යොදාගෙන පොල් තෙල් සාදා ගනී. ඔහු පවසන්නේ පාසල් ළමුන්ට සහ විදේශිකයන්ට දැකගැනීම සදහා මේ සෙක්කුව සැකසූ බවයි. 20 වැනි සියවසේ මුල් කාලය දක්වාම දකුණේ බොහෝ නිවෙස් වල විවිධ ප්‍රමාණයේ සෙක්කු පැවතිණි. දැන් ඒවා කෞතුක භාණ්ඩ එකතු කරන්නන්ගේ ගබඩාවලට සහ හෝටල් උද්‍යානවලට ගෙනගොස් ඇත. තෙල් මෝල් බිහිවීමත් සමග සෙක්කුවෙන් තෙල් සිදීම නැවතිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාලේ බැදපන් කිරි පුස්සා ..... රාලේ බැදපන් අපේ පැගිරා,,,,,,,මෙච්චර කල් නුබ සෙක්කු මගක කල් ගෙඋවා නොවැ නුබ රාලේ. (නදී)
මේ ක්‍රමයේ සෞඛ්‍යාරක්ෂිත බව වැඩිද? (නි)
අපිත් වස විස නැති ස්වභාවික දෙයට හුරුවෙමු. මෙයත් හොද අවස්ථාවක් (නි)
නැවත මේවා දකිනවිට හරිම සන්තෝෂයි. (නි)
අපි පැරණි දේවල් අගය කළ යුතුයි (නි)
එහෙනම් අපිටත් මෙය දැකගන්න පුළුවන් වෙයි (නි)
ප්‍රමුඛ, ඔයාගේ අදහස හොදයි. (නි)
නියමයිනේ. මමත් අද තමා මේ ක්‍රමය දැක්කේ. (නි)
ප්‍රමුඛ, මේ දෙය අගය කරන්න. (නි)
හරිම හොද වැඩක් (නි)
ගුණරත්න මහත්තයෝ ඔබ ලංකාවේ කොයි පැත්තේද? මම නම් කුලියාපිටිය පැත්තේ. ඔය සෙක්කු ගල මම ගිනියන්නම්.(නදී)
මම හදලා තියෙන මැෂිමත් මල් පහයි. දවසකට කට පුරවලා බැරල් කීපයක්ම පුරවා ගන්නවා. සැපයුම වගේම ඉල්ලුමත් හොදයි. පොලීසියේ මහත්තරුන්ගෙන් තියෙන කරදර නිසා මේක ප්‍රසිද්ද කරන්න බැහැනේ. කොළුවෝ කොහොමත් දැන් කැසිනෝත් ආව නිසා අපට තැනක් දෙයි කියලා හිතනවා.(නදී)
පාඩුයි වැඩේ හරක්කුලිය, මිනිස්කුලිය දවසේ කුලිය අතින් කාල හරක් බලපු කතාව ටිකට් විකුණලා පෙන්වන්න.(නදී)
හරකාට මට ඉන්න ආසයි
ඉස්සර අපේ ගමෙත් හැම ගෙදරකම වගේ තිබුනා (නි)
ප්‍රමුක, ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත. මේකටත් අනිවාර්යෙන් බද්දක් ගහාවි.(නදී)
කාලයත් සමග අභාවයට යන අපේ පැරණි මෙවලම් නව පරපුරට දැක ගන්න සැලැස්වීම අගේ කලයුතු දෙයක් .කලකට පසු සුමිත් මහතාව දැකීමත් සතුටක්......(අ)
ඔන්න අපේ සම හරක් තේරුන් ගත් විදිහ (අ)
මම පොඩිකාලේ අපේ මහගෙදර සෙක්කුවක් තිබුනා.මිනිස්සු තුන් දෙනෙක් ලොකු හරකෙක් අරගෙන මාස හයකට වරක් ඇවිල්ලා තෙල් හිදලා දෙනවා. හරකට හරි කරදරේ. (නි)
පැරණි අපේ උරුමය නැවත ලොවට පෙන්නු ඔබට මගේ ස්තුතිය.(නදී)
හරක ඉවත් කර ඒ වෙනුවට විකල්පයක් යොදා ගන්න උත්සහ කරන්න. මම හිතන විදියට මෙම තෙල් වල ගුණාත්මක බව ඉතා ඉහලයි. එයට හේතුව, කොප්පර වල තිබෙන අනවශ්‍ය සයිල බිදී යාමෙන් එකතු වෙන අහිතකර සංගටක මෙහි නැහැ. යාන්ත්‍රික ක්‍රමයේදී සියලුම සංගටක එකතු වෙනවා..!!(නදී)
අපේ ගමෙත් ඉස්සර සෙක්කුවක් තිබුණා මට මතකයි (නි)
අපේ ගෙදරත් තියෙනවා අවුරුදු 200 විතර පරණ සෙක්කුවක්.මට ඒක ඉවත් කරගන්ට ඕනේ. කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්ට සත පහක් වත් එපා මට. (අ)
ප්‍රමුක, පිස්සුද නැත්තම් හැටිද? (අ)
හොඳ වැඩක්. හරක් හොයාගන්නත් අමාරුවක් නැහැනේ දැන් කාලේ. (අ)
ඇත්තටම අගය කලයුතුයි , සෙක්කු තෙල් වල කොලොස්ටරෝල් නැහැ කියල දවසක කරපු පර්ක්සනයකින් ඔප්පු වෙලත් තිබුන , හොඳ ආදායම් මාර්ගයක් මේක ඔබගේ උත්සාහය ගැන ආඩමබර්යි (අ)
සෙක්කුවේ බැනපු ගොනා වගේ කියන්නේ ඇයි?කල්පනා කර බලා මීට වෙන පිළියමක් යොදන්න. (නි)
අහලා තිබුණාට දුටුවේ අදයි. ස්තූතියි (නි)
මම නම් මේ වැඩේට අකමැතියි. (නි)
මුන් අපිව අයෙමත් ගොනාට අන්දන්න යන්නේ (නදී)
මේ ජීවන වියදම ඔරොත්තු නොදෙන නිසා අප ඉබේම ආපස්සට තල්ලු වෙනවා.කෙසේ හෝ නොමැරී ජීවත් වෙන්න ඕනෙනේ.කොහොම උනත් මෙවැනි දේ පින්තුර සහිතව ප්‍රචාරය කිරීම මේ පිරිසට බලවත් පාඩුවකි.මොකද මොකාගෙ බෙල්ලද මිරිකා ලේ බොන්නේ කියා බල සිටින මුදල් පිපාසිත අයට මේ තොරතුරු වැදගත්ය.සමහරවිට හෙට උදේ වෙන විට සෙක්කු බද්දක් පනවා තිබේවි.(ස)
ඉතාම හොඳ වැඩක්.ශරීරයට හිතකර නිෂ්පාදනයක්. පිරිසිදු පොල්තෙල් කොපමණ රසද? අර පීවීසී බටය වෙනුවට දේශීය උණ බටයක් යොදාගනිමු නේද? (නි)
මම ගාල්ලේ වුනාට හරියටම දැක්කේ අද තමයි. සුම්ත් මහතාට ගොඩක් ස්තුතියි.(නදී)
දැන් ඕකටත් බද්දක් ගෙනෙයිද දන්නෙ නැහැ (නි)
කවුරු කොහොම හිතුවත් ගොඩක් හොද වැඩක්. අපේ ගොඩක් අයට අමතකයි අපිට මෙහෙමයි පටන් ගත්තේ කියලා. දැන් අය බලන්නේ නැගිටපු ගමන් කෝටිපතියෝ වෙන්න. සමාජයට හොද ආදර්ශයක්. නිර්මාණකරුගේ අපේක්ෂාව ඉටු වේවා! (නදී)
සදුනි - ඒ ප්‍රමුකගේ පිස්සුවෙ හැටි.(නදී)
ඔක්කොම හොඳයි, අර පීවීසී බටෙත් පොඩ්ඩක් වෙනස් වුණා නම් (නි)
කාලෝචිත ක්‍රියාවක් (නි)
මාධවී ට දුක හරක ගැන වෙන්න ඇති. අනේ නෝනේ හරක් වගේ දුක්විඳින මනුස්සයෝ ගැන ඔහොම දුක්වෙන්න කව්රුත් නැහැනේ ගල්කොරි වල පාර හදන තැන්වල වගේ මාධවී ගිහින් බලන්නකෝ මේ උත්සාහයට සුභ පැතුම්.(නදී)