බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට හොරෙන් ඇතුළු වු ශ්‍රී ලාංකිකයෝ ඇතුළු වු 79 දෙනෙක් ආපසු හරවා යැවීය.
පසුගිය වසරේ අගෝස්තුවේ සිට හරවා යැවු සංඛ්‍යාව 1400 කි. ඔස්ට්‍රේලියාවට යන අය වහා යළි ඔවුන් රටට නොගතොත් ඔවුන්ගේ ඉල්ලීම් සොයා බැලීම සදහා පැපුවා නිව්ගිනියාවට හෝ නාවුරු රාජ්‍යයේ කඳවුරුවලට යැවේ.
ශ්‍රී ලාංකිකයන් ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් යැම වැළැක්වීම සදහා දැඩි නිති රීතී පනවා ඇතැත් එහි යන අයගේ ප්‍රමාණය අඩු වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අතින් ඉතාලිය කොයි තරම් මානුෂිකද? (අ)
ඒ මානුෂිකත්වයේ රග පේනවා නේද අපේ කට්ටිය ඉතාලියේ කරන වැඩ වලින්ම. (නි)
ලංකාවේ මිනිස්සුන්ට යන එන මං නැහැ (නදී)
මට මුණ ගැසුණු ඔස්ට්‍රලියාවේ වැඩ කරන ලංකාවේ කෙනෙක් කිව්වා එයා වැඩකරන සමාගමේ ලංකාවෙන් හොරෙන් බෝට්ටුවෙන් ගියපු 5 දෙනෙක් වැඩකරනවලු, කණගාටුවට කාරණය තමයි එයාල ගියපු බෝට්ටුව ලංකාවේ මුහුදු සීමාව පනිනකම් ආරක්ෂාව ඇතුව ගිනිහින් දාල තියෙන්නේ. නාවක හදුවට ගාන ගෙවපුවම සේරම හරිලු.(නදී)
ප්‍රසන්න, ඔයා බොරු කියන්න එපා. නව්ස් වලට එහෙම පගා ගහන්න බැ. (නදී)
ප්‍රසන්න කරුණාකරලා රටේ කීර්තිමත්ම ආරක්ෂක අංශයට මෙහෙම මඩ ගහන්න එපා..ඔයා වගකීමෙන්ද ඔය කතාව කියන්නේ? (නදී)
ඕස්ට්‍රේලියාවට එන ලාංකිකයන්ට මෙරට රැකියා ලබා දෙනවා කියා මුලා කරන මිනිස්සුන්ට දැඩි දඬුවම් දිය යුතුයි.ඒ වගේම එන අය වංචාකාරයන්ට අහු නොවී හරි පාරෙන් එන්න බලන්න. හරිපාරෙන් එනවා නම් මේ රට ඔබලාට හොඳට සළකනවා .අපිටත් සතුටුයි (නි)
පවු! එක අතකින් මරණයත්. අනෙක් අතින් සුබ සිහිනත් අරගෙන ගිය ගමන. හැබැයි අත්දෙක වන වනා එන්න වෙන්නේ නැහැ. ලක්ෂ හයක් දෙනවාලු නේද? ඒ අතින් හරිම මානුෂිකයි නේද ? (නි)
ප්‍රසන්න ,අපේ නාවික හමුදාව ඒ වගේ වංචනික වැඩ කරන අය නොවේ. ඔය මඩ ගහන්නේ යුද්ධයෙන් පරාද වීම ඉවසාගෙන ඉන්න බැරි අය (නි)
ජීවක , මගේ නම කැත කරන්න එපා. හරි ජීවක මම (නි)
රවී ජීවක, අපිත් කැමති නැහැ ඔය වගේ අපකීර්තිමත් දේවල් වලට ආරක්ෂක අංශය සම්බන්ධ බවට ආරංචි වෙනවට. හැබැයි එහෙම දේවල් වෙලා තිබෙනවා. මට දැනගන්න ලැබුණු තොරතුරු තමයි මම කිව්වේ. හැබැයි ඔයාට මට බොරු කියන්න එපා කියන්න කලින් පරණ ප්‍රවෘත්ති ටිකක් බැලුවා නම් හොදයි. (නි)
කොහොම වුණත් බෝට්ටු වලින් එන අය නිසා නීතියට අනුව වීසා අරගෙන ගිය ලංකාවේ සංක්‍රමිකයන්ට ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා. සමහරුන්ගේ ස්ථිර පුරවැසි ඉල්ලුම් පත්‍ර අනුමැතිය ප්‍රමාද වෙලා. ඒ මදිවාට රස්සා වලට ඉල්ලනකොට ලංකාවේ කියලා දැන ගත්විට කෙලින්ම ප්‍රතික්ෂේප කරනවාලු. රටේ නම අන්තිමටම පහත් වෙලා. (නි)
ප්‍රසන්න , ඔබ හරි, මේකේ පිටිපස්සේ ඉන්නේ නෙවි එක තමා. හැබයි ඇත්ත තිත්තයි. දන්නෝ දනිති. (අ)
අකමැත්තෙන් වුණත් ප්‍රසන්නගේ කතාවට මට එකග වෙන්න වෙනවා. දැනට මාසයකට පමණ පෙර ප්‍රවෘත්ති වලට කිව්වා ඔය කතාව.දැනට සිද්ධියට සම්බන්ධ වූ කට්ටිය සිරභාරයට අරගෙන ඉන්නේ.... (නි)
විජේසුන්දර, ඔබ හරි. හරි පාරෙන් ඕස්ට්‍රේලියාවට එන්න. මල්මාලා දමා අපි ඔබ සියලු දෙනා පිළිගනිමු. ඇත්තම කියනවා නම් බෝට්ටුකාරයින්ට නිත්‍යානුකුලව මෙහි පැමිණ සිටිනා ශ්‍රී ලාංකකිකයින් කැමති නැත. ඒකයි ඇත්ත කතාව. ඉතාලියේ සිදුවූ දේවල්, වැනි දේවල් මෙහි සිදු වෙනවා දැකීමට මෙහි සිටිනා ශ්‍රී ලාංකිකයට අවශ්‍ය නැත. (නි)
හොරට රට ගිහින් හරි සල්ලි එවන්නේ ලංකාවටනේ ඉතින් යන්න අරින්නකෝ .එයාලත් ගොඩ ආණ්ඩුවටත් වසිනේ .(දිල්)