රුපියල් විසි හතර ලක්ෂ හතලිස් පන්දහසක් වටිනා රත්තරන් කම්බි තුනක් නීති විරෝධී ලෙස මෙරටින් පිටකිරීමට උත්සහ කළ ශ‍්‍රී ලාංකික කාන්තාවකට රුපියල් එක් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කළ රේගුව එම රන් කම්බි තුන රාජසන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එ.කේ.ජී.එල්.එස් පෙරේරා මහතා විසින් සිදු කළේය.
රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ සැකකාරිය හතලිස් හත් හැවිරිදි වියේ පසුවන පෑලියගොඩ ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි.
ඇය මෙම රන් කම්බි තම ගමන්මල්ලේ දාරයේ සගවාගෙන යාමට උත්සහ දරා ඇත. රන් කම්බි වල බර ග‍්‍රෑම් හාරසිය අසූ අටකි.
ඇය ඉන්දියාවේ කොචින් නුවර බලා යාමට ඊයේ සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් ඇයව රේගුවට බාර දී ඇත.
ඇය රේගුවට පවසා අදාල ගමන් මල්ල බඩු ගෙන ඒම සඳහා වෙනත් අයෙකු විසින් තමාට ලබා දුන් බවයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්සක සරත් නෝනිස් මහතාගේගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එ.කේ.ජී.එල්.එස් පෙරේරා මහතාගේ මෙහෙයවිමෙන් රේගු අදිකාරී එස්.යූ.කේ කරුණාසේකර, සහකාර රේගු අධිකාරීවරුන් වන ජනිත විමලදාස, ඉන්දු සිරිසේන, බුද්ධි සිල්වා, රවිඳු විජේවර්ධන, සුසන්ත අබේවර්ධන යන නිලධාරීහු සිදු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දේවල් දැන් හැමදාම වෙනවා.අපේ රටේ කවුද ඕවට උදව් කරන්නේ කියලා එයාලටත් දඩුවම් කරන්න ඕනේ.එත කොටවත් ටිකක්වත් ඕව අඩු වෙයි නේද.රටේ තියෙන සම්පත් නේද මේ හොර රහසේ මොවුන් එලියට යවන්නේ. (ස)
මේ කම්බි රෝල් කරන්න අමාරු ඇති. නැත්නම් බැග්වල දාර අස්සේ ඔබන්න යන්නේ නැහැනේ. (නදී)
හංගන්නේ නැතිව නම් ගම් ඇතිවම පල කරන්න. කවුරු කෙරුවත් නීති විරෝධියිනේ. (ස)
හැමදාම ලංකාවෙන් දැන් රත්රන් පිට කිරීම ජාවාරමක් කරගෙන. ඉන්දියානුවන් පකිස්ථානුවන් සහ අපේම ලාංකිකයන් මේවා පිටුපස සිට මෙහෙයවන අයව සොයා දඬුවම් කල යුතුය. රේගු නිලධාරීන්ගේ කාර්යක්ෂම සේවය අගය කල යුතුය. (ස)
රේගූ නිලධාරී මහත්වරුන්ගේ කාර්යක්ෂම සේවාව ඉතාමත් ඉහලින් අගය කරමු. (ස)